News Category
From Date
To Date
Maximum Number of Result

මහාචාර්ය නලින්ද සිල්වා තමන් ගැන හා තම මරණය ගැන තැබූ අනුවේදනීය සටහන

May 3, 2024 at 02:28 PM
|

ඊයේ දිනයේ ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වූ මහාචාර්ය නලින්ද සිල්වා මහතා රචනා කරන ලද ලිපියක තමන් ගැන හා තමන්ගේ මරණය ගැන එක්තරා සටහනක් තබා තිබේ. 

එම ලිපිය ලියා ඇත්තේ  2019 වසරේදීය.

ලිපිය දිගහැරෙන්නේ මෙසේය...

නික්ම යෑමට පෙර –

අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා.ඒ මම.

බොහෝ දෙනා මගේ නරක ගතිගුණ දන්නවා. ඒත් ඔවුන් දන්නේ ටිකයි. මගේ නරක ගතිගුණවලට දෙම්ව්පියන් වග කිවයුතු නැහැ. ඔවුන් අප හදා වඩා ගන්න බොහෝම දුක් වින්දා. සිංහල ගුරුවරුන් වූ ඔවුන්ට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. දරුවන් අට දෙනකු ලොකු මහත් කරන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. මගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණේ මා විශේෂඥ වෛද්‍යවරයකු කරන්න. මා එයට අකමැති වූ විට ඔවුන්ට මා ඉංජිනේරුවකු කිරීමට අවශ්‍ය වුණා. මා එයටත් කැමති වුණේ නැහැ. එවිට ඔවුන් මා පරිපාලන සේවයට (එකල සිවිල් සේවය) බැඳේවි යැයි සිතුවා. එහෙත් මට එයත් අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු හා විද්‍යාඥයකු වීමට. ඒ අවුරුදු පහළොවේ සිට මගේ කැමැත්ත. එහෙත් එය ඉටු කර ගන්න මට බෑරි වුණා. කථිකාචාර්යවරයකු නම් වුණා. ඒත් එක් වතාවක අවුරුදු දෙකකුත් දෙවැනි වතාවේ අවුරුදු දහයකුත් මට ඒ රැකියාව අහිමි වුණා. විද්‍යාඥයකු වීමට මට බැරි බව තේරුම් ගත්තා. ඒක ලොකු දෙයක්.

දෙමව්පියන් මා වෙනුවෙන් දුක් වින්දත් මා ඔවුන් වෙනුවෙන් කළ දෙයක් නැහැ. බොහෝ විට මා කෙළේ ඔවුන් කැමැත්තක් නොදැක් වූ දේ. මගේ භාර්යාවටත් මා යහපත් සැමියකු වී නැහැ. අප අවුරුදු හතළිස්අටක් දීග කන්නේ ඇගේ ඉවසීම නිසා ම පමණයි. මගේ දරුවන්ටත් මගෙන් යුතුකම් ඉටු වී නැහැ. පළමු වරට මා රැකියාව නැති කර ගත්තේ ලොකු පුතාට අවුරුදු තුනක් පමණ වන විට. දෙවැනි වර රැකියාව අහිමි වන විට චූටි දුවට වයස අවුරුදු තුනයි. දරුවන් තිදෙනාම හදා වඩා ගත්තේ ඔවුන්ගේ මවයි. මේ සියල්ල ගැන මා කණගාටු වෙනවා.

මා මෙය ලියන්නේ උපන් දිනයක් කියන එක වැදගත් නිසා නො වෙයි. මා මරණයට කිට්ටු නිසා. මට කිව යුතු බොහොමයක් තියෙනවා. ඒත් ඒ සියල්ල ලියන්න මෙහි ලියන්න බැහැ. මේ ලිපිය දැක කිසිවකු මට සුබ පතන්න ඕනත් නැහැ. දීර්ඝායු පැතුවත් වැඩක් නැහැ. ගෙනා ආයුෂ ඉවර වුණාම මා යන්න යනවා. එදාටත් මා ගැන කිසිවක් කිසිවකු කියන්න ඕන නැහැ. මා නරක තැනක ඉපදෙන්න පුළුවන්. මගේ දරුවන් මට පින් පමුණුවාවි.

මා උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මට වඩා උගතුන් බුද්ධිමතුන් රාශියක් මෙරට ඉන්නවා. මා උගතුන්ට හා බුද්ධිමතුන්ට අකමැතියි. ඔවුනුත් මට අකමැතියි. මගෙන් රටටවත් දැනුමටවත් කිසි සේවයක් කෙරී නැහැ. උගතුන් බුද්ධිමතුන් දැනුමට යමක් එකතු කරනවා. මා එසේ එකතු කර නැහැ. මා දැනුම නිර්මාණය කරන්න උත්සාහ ගත්තත් මා අසාර්ථක වෙලා.

මට නිවන කියන්නේ දැනුමෙන් ඉවත් වීමයි. නැති මනස නැති මනසක් බව නැති මනසෙන් සම්මාබෝධ කර ගැනීමයි. එහෙම කිව්ව ම බෞද්ධයන් ය කියන අය විරුද්ධ වෙනවා. මා කන්න හදනවා. ඒත් පුනබ්භවයක් නැහැ කියන අයට කිසිවක් කියන්නේ නැහැ. එසේ කියන අය ප්‍රාඥයන් නිසා වෙන්න ඇති.

මා ආ ගමනක් නැහැ. නිවේදක නිවේදිකාවන් ඇතැමුන්ගෙන් අහනවා ඔබ ආ ගමන ගැන කියන්න පුළුවන් මොනවා ද කියා. ඔවුන් මගෙන් නම් එහෙම අහන එකක් නැහැ. ඒ ඔවුන්ට අනුව මා ගමනක් ඇවිත් නැති නිසා වෙන්න පුළුවන්. මට බලාපොරොත්තුවක් තිබුණා. ඒ විද්‍යාඥයකු වීමට. එහෙත් එසේ වීමට නොහැකි බව මට තේරුණා. මා ආ ගමනක් හෝ ගිය ගමනක් හෝ නැහැ. මා සසර ගමනේ නම් යෙදී ඉන්නවා. එහි අවුරුදු හැත්තෑපහක් කියන එක නොගිණිය හැකි කාලයක්

කොහොමටත් මා ජනමාධ්‍යවේදීන්ට කැමති නැහැ. ඔවුනුත් මට කැමති නැහැ. ඒ ඔවුන් උගතුන් බුද්ධිමතුන් ප්‍රබුද්ධයන් වීමත් මා එසේ නොවීමත් නිසා වෙන්න ඕන. එඩ්මන්ඩ් රණසිංහ මහතා උපාලි පුවත්පත්වල ප්‍රධාන සංස්කාරක ධුරය දරද්දී නම් මට ඒ පුවත්පත්වල ඉඩක් දුන්නා. ගාමිණී සුමනසේකර හා ගාමිණී වීරකෝන් ද මට ඉඩ ලබා දුන්නා. එහෙත් දැන් ඉන්න ප්‍රබුද්ධයන්ට මගේ ලිපි අප්‍රබුද්ධයි. අනෙක් පුවත්පත් ගැන කියා වැඩක් නැහැ. විද්‍යුත් මාධ්‍යත් එසේමයි. දෙරණ මාධ්‍ය නම් මට ඉඳහිට උපකාර කරනවා. ඒ දිලිත් නිසා වෙන්න ඇති.

මෙරට උගතුන්ට හා බුද්ධිමතුන්ට අනුව මා අන්තවාදියෙක්, මිථ්‍යා මත පතුරවන්නෙක්, දෙවියන් ඉන්න බව කියන්නෙක්, මාහැඟි විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරන මුග්ධයෙක්, විද්‍යාත්මක ක්‍රමය යනු හිතළු ගෙතීමක් පමණක් බවත් විද්‍යාව පට්ටපල් බොරු පමණක් බවත් කියමින් දරුවන් මුළා කරන්නෙක්, විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරමින් හදවත් සැත්කමක් කර ගත් බොරු කාරයෙක්, දේශප්‍රේමය හිසින් ගත් තක්කඩියෙක්, ගණිතය, විද්‍යාව, දර්ශනය, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, බුදුදහම ගැන කිසිවක් නොදැන, මූලාශ්‍ර නොදී විකාර කියවන්නෙක්. මා උගතකු හෝ බුද්ධිමතකු හෝ නොවීම ගැන මා කුමක් කරන්න ද?

මට මූලාශ්‍ර දෙන්න බැහැ. මගේ මතකය ඉතා දුර්වලයි. මට කුඩා කළ කවි ගාථා කට පාඩම් කරන්න බැහැ. දැන් කොහොමටවත් බැහැ. මේ කට පාඩම් අධ්‍යාපනයේ විභාග සමත් වුණේ කොහොමද කියන එකත් තරමක ප්‍රශ්නයක්. මට විස්තර මතක නැහැ. මා දන්නේ සාරය හා සංකල්පය පමණයි.

මා ඇත්ත කියා දෙයක් ඇති බව පිළිගන්නේ නැහැ. සියල්ල බොරු. සමහර ඒවා පට්ටපල් බොරු. මෙහි බොරු යන්න යොදන්නේ ඇත්ත කියන එකේ විරුද්ධාර්ථය ලෙස නො වෙයි. එහි ශූන්‍ය කියන අදහසක් තියෙනවා. සියල්ල අපේ නිර්මාණ, අපේ ගෙතීම්. අප ඇති ලෝකයක් තේරුම් ගන්නවා නො වෙයි. නැති ලෝකයක් නිර්මාණය කරනවා. අප සංගත ලෝකයක් නිර්මාණය කරන්න හදනවා. එහෙත් අපට එය කරන්න බැහැ. අප අසංගත ලෝක නිර්මාණය කර ගෙන එහි ජීවත් වෙනවා. අප ජීවත්වන්නේ පරස්පරවල. දේශපාලනඥයන්ට මෙතරම් ඉඩකඩක් ලැබෙන්නේ ඒ නිසයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන් මේ කිසිවක් තේරුම් ගන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට තේරෙන්නෙත් නැහැ.

මට කැමති අය ඉන්නේ ඉතා ටික දෙනයි. මගේ විැද්ධවාදීන් මට කොහොමටවත් කැමති නැහැ. ජාතික ව්‍යාපාරයේ ඉන්න අයගෙනුත් බහුතරය මට කැමති නැහැ. ඒ මගේ වරදක් නිසා වෙන්න ඕන. අනෙක් උගතුන් බුද්ධිමතුන් පමණක් නොවෙයි ජාතික ව්‍යාපාරයේ උගතුන් හා බුද්ධිමතුනුත් මා වැඩක් කර ඇතැයි පිළිගන්නේ නැහැ. ඒ කිසිවකු මා කර ඇති කිසි දෙයක් අගයා නැහැ. ගුණදාස අමරසේකර කිසි දිනෙක ප්‍රසිද්ධියේවත් පෞද්ගලිකවවත් මා කළ හොඳක් ගැන කියා නැහැ. ජාතික ව්‍යාපාරයේ බෙංගමුවේ නාලක, ඕමාරේ කස්සප අනුනාහිමියන් හැරෙන්න මා ගැන ඇගයීමක් ප්‍රසිද්ධියේ කරන භික්‍ෂූන් වහන්සේ නමක නැහැ. ජාතික ව්‍යාපාරයේ කිසිම ගිහියකු ප්‍රසිද්ධියේ කිසිම ඇගයීමක් කර නැහැ. ඇගයීමට තරම් දෙයක් මා කර නැතිවා වෙන්න පුළුවන්

මට මේ රට ගැන කණගාටුයි. සිංහල බෞද්ධයන් ගැන කණගාටුයි. ඔවුන් තම සංස්කෘතියේ අගය දන්නේ නැහැ. පුහු දේශපාලනඥයන් පසුපස යනවා. බුදුහාමුදුරුවන් නොදැනුමක් දැනුමක් ලෙස දේශනා කිරීමෙන් කෙළේ අපට නොදැනුම සඳහා මග පෙන්වීමක්. ඒ නොදැනුම අති ශ්‍රෙෂ්ඨයි. ඒ නෙදැනුම ඇසුරෙන් ජීවත්වීම සඳහා දැනුම නිර්මාණය කර ගන්නත් පුළුවන්. පස්වැනි සියවසට පෙර අප එසේ කර තිබෙනවා. ශූන්‍යය සඳහා හල් කිරීම සංකේතය නිර්මාණය කිරීම අපේ අති විශිෂ්ඨ කාර්යයක්. ඒ ගැන මා කොතෙක් කිව්වත් මෙරට උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ අවධානය එයට යොමු කරවන්න බැහැ.

මිහිඳු හිමියන් කෙළේ මෙරට බුදුසසුන පිහිටුවීම. බුදුදහම එයට පෙරත් මෙරට තිබුණා. බෞද්ධයනුත් හිටියා. භික්‍ෂූන් වහන්සෙත් භික්‍ෂූණින් වහන්සේත් වැඩ වාසය කළා. එහෙත් බුදුසසුනක් තිබුණේ නැහැ. ගැමුණු රජුගෙන් පසු බුද්ධශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අප වැඩ කළා. එහෙත් බුදුසසුනට බමුණන් ඇතුල් වෙලා තියෙනවා. මෙරට බ්‍රාහ්මණයන් බලවත් පිරිසක් ව ඉඳ තියෙනවා. බුදුසසුනේ බමුණන් අප නොහිතන්නන් බවට පත් කළා. පස්වැනි සියවසෙන් පසු අපට හිතන්න බැහැ.

බුදුසසුනේ තරම් ස්ත්‍රීන්ට පුරුෂයන්ට මෙන් සමාන තැනක් දෙන වෙන තැනක් ලෝකයේ කිසිම රටක නැහැ. අප කියන්නේ භික්‍ෂු භික්‍ෂුණි උපාසක උපාසිකා කියලයි. එහෙත් අද ඒ තත්වය තරමක් වෙනස් වෙලා. ඒ බමුණන් සසුනට රිංගීමේ ප්‍රතිඵලයක්. අප ඊනියා කාන්තා විමුක්තිවාදිනියන් වෙන්න ඕන නැහැ. බටහිර රටවල කාන්තාවන්ට ඇති නිදහසක් නැහැ.

අපට නොදැනුම අවශ්‍ය නිවනට. එතෙක් දැනුම අවශ්‍යයයි. සිංහල බුද්ධාගම බමුණන් අතට පත්වන තුරු අප දැනුම නිර්මාණය කළා. දැන් එය නැවතිලා. අප දේශපාලනඥයන්ට රැවටෙනවා. ඒ අපේ දැනුමේ අඩුපඩුවක් නිසා සිදුවෙන්නක්. සිංහලයන් අද යමක් දැන ගන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් පමණයි. බෝම්බ පිපිරෙන්න කලින් ඒ ගැන අපට කියන්න බැහැ. මා කියන්නේ බුද්ධි අංශ ගැන නොවෙයි.

මා දැනුම නිර්මාණය කරන්න උත්සාහ ගත්තා. ඒ සාර්ථක වී නැහැ. උගතුන් හා බුද්ධිමතුන් මා ප්‍රතික්‍ෂෙප කළා. මා සෑම අතින් ම පාහේ අසාර්ථක පුද්ගලයෙක්. මා තව අවුරුදු කිහිපයක් ජීවත් වේවි. මා මිය ගිය පසු මා අමතක කරන්න. මා පිටරටක මිය යනවා නම් හොඳයි. එවිට ඇතැම් උගතුන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නන් බොරුවට මුහුණ පෙන්නීමට මගේ මළගමට එන එකක් නැහැ.

ඒත් නැවතත් මෙරට ඉපදීම මගේ පැතුමයි.

ඒ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම සඳහා උත්සාහ කිරීමටය.

නලින් ද සිල්වා
2019 /10/20

සම්බන්ධිත පුවත් | Related News

මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.