News Category
From Date
To Date
Maximum Number of Result

ගෝඨාගේ නව ව්‍යවස්ථාව සමඟ බෙදුම්වාදී 13 සංශෝධනය ඉදිරියට

Oct 2, 2023 at 09:48 AM
|

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට (ඒකීය තත්ත්වය අහිමි කිරීමට) ජාත්‍යන්තරය කිසිදු අධිකරණ ක්‍රියාවලියක් තුළ ඔප්පු නොවූ යුද අපරාධ චෝදනා සහ රට බංකොළොත් වීම පාවිච්චි කරයි. චීන සාධකය ද මෙම තත්ත්වයට තදින්ම බලපා තිබේ. 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය විමසා බැලිය යුතු වන්නේ ඉහත සඳහන් කරුණු දෙකටද අවධානය යොමු කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස 2022 ජූලි මාසයේ පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කර ගැනීමෙන් පසුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නැවතත් සාකච්ඡාවක් ඇතිවී තිබේ.

ඊට පසුව පිහිටුවා ගනු ලැබූ ‘ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සන්ධානය’ (Coalition Against Partition of Sri Lanka) විසින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් මෑතකදී දියත් කළේය. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ නායකත්වයෙන් ක්‍රියාත්මක එම ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස විශ්‍රාමික ලුතිනල් ජෙනරාල් ජගත් ඩයස් ඊට සම්බන්ධ වීම විශේෂ තත්ත්වයකි.

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ හතරවන ඊළාම් යුද්ධයේ වන්නි පෙරමුණේ සටන් කළ 57 වන සේනාංකයට අණදුන් ගජබා රෙජිමේන්තුවේ ජගත් ඩයස් කොළඹදී සහ මාතරදී සංවිධානය කර තිබූ රැස්වීම්වලදී අවධාරණය කළේ යම් හෙයකින් ඉන්දියාවේ මැදිහත් වීම මත 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළහොත් රට දෙකඩ වන බවයි. ‘රුහුණු රට භික්ෂු පෙරමුණ’ සහ ‘තුන්හෙල ජාතික ව්‍යාපාරය’ ද ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී ඇත. එම සන්ධානයේ ප්‍රකාශකයකු වන ආචාර්ය දුලිප් පලිහවඩන ප්‍රකාශ කළේ ජනතාව දැනුවත් කිරීමේ විදිමත් ක්‍රියාමාර්ගයකට ‘ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සන්ධානය’ අවතීර්ණවී ඇති බවයි. එහිදී සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කිරීම උපරිම ආකාරයෙන් කරන බවද ඔහු සඳහන් කළේය.

ලුතිනල් ජෙනරාල්වරයා කොළඹදී සහ මාතරදී පැවැත්වූ රැස්වීම්වලදී වර්ධනය වෙමින් පවතින රට දෙකඩ වීමේ තර්ජනය අවධාරණය කළේ කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුදාව අතට පත්වීමට ඉතාමත් ආසන්න මොහොතකදී ඉන්දියාව මැදිහත්වී එම ත්‍රස්තවාදියාව බේරා ගත් ආකාරය ද මතක්කර දීමෙනි. ඉන්දියා හමුදා යාපනයට 1987 ජුලි 29 වන දින ගුවනින් පැමිණෙන විට තරුණ හමුදා නිලධාරියකු ලෙස තමන් පලාලි කඳවුරට ඉන්දු – ලංකා ගිවිසුම හරහා කොටු කළ ආකාරය එතුමා මතක් කළේය.

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත් ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ව්‍යායාමයට එරෙහි ක්‍රියාමාර්ගයට එකතු වී ඇත. යාපනයේ සිවිල් සංවිධාන නියෝජනය කරමින් අරුන් සිද්ධාර්ත් මෙම ව්‍යායාමයට සම්බන්ධ වීම ඉතාමත්ම වැදගත්ය. ඔහු මාතරදී සිංහල භාෂාවෙන් චතුරව කළ කථාව රට මුහුණ දෙන තර්ජනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සෑම දෙනකුම ඇසිය යුතු කතාවකි. ඊට අමතරව නීතිඥ කල්‍යානන්ද තිරාණගම, නීතිඥ කනිෂ්ක විතාරණ සහ සමාජ ක්‍රියාකාරිනි ජෙහාන් හමීඩ් ද වර්තමාන අර්බුදකාරී තත්ත්වය අවධාරණය කළේය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවට කළ ප්‍රකාශය යථාර්ථයක්ද? පාර්ලිමේන්තුවේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් තිබෙන එජාපයට හීනයකින්වත් හිතන්නට පුළුවන් දෙයක් ද? භූමියේ සැබෑ තත්ත්වය කුමක්ද?

විශේෂයෙන්ම ඉන්දියාව තම දේශපාලනික සහ ආරක්ෂක උපායමාර්ගය යටතේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ත්‍රස්තවාදය 2009 මැයි මාසයේ 19 වැනි දින පරාජය කළ පසුව 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් උද්ගතවූ තත්ත්වය කුමක්ද?

සැප්තැම්බර් 17 වැනි දින මාතර පැවැත්වූ රැස්වීමේදී අදහස් ප්‍රකාශ කිරීමට මෙම ලියුම්කරුට ද අවස්ථාවක් ලැබිණි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම සහ ඉන්දියාව එම සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට කරන බලකිරීම සම්බන්ධයෙන් පූර්ණ විමසීමක් කළ යුතුය. කිසිදු සිද්ධියක් යටපත් නොකර සමස්ත තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතුය.

ඇමෙරිකා එක්සත් ජනපදය 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඉන්දියාවේ මතයේම සිටින බව අමතක කර කටයුතු කිරීමට වර්තමාන ආණ්ඩුවට හෝ කෙසේ හෝ බලයට ඒමට තටමණ විපක්ෂයට නොහැක. ලෝක බලවතා සහ මෑතකදී තම රටේ බෙදුම්වාදය වෙනුවෙන් කැනඩාවේ සිට හඬනැඟූ ඉන්දීය සම්භවයක් ඇති කැනේඩියානු ජාතිකයකු මරා දැමූ බවට චෝදනාවට ලක්වී ඇති කලාපීය ප්‍රබලයා ශ්‍රී ලංකාවේ ෆෙඩරල් පන්නයේ ‘ආණ්ඩුවක්’ ද්‍රවිඩ කතා කරන ප්‍රදේශවල පිහිටුවීමට කටයුතු කරන බව රහසක් නොවේ.

● 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට

ශ්‍රී ලංකා 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට නැතහොත් 13 ‘ප්ලස්’ සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කළේ 2012 ජනවාරි මාසයේදීය. නැවතත් එම අදහස ශ්‍රී ලංකාව 2012 අප්‍රේල් මාසයේදී ඉදිරිපත් කළේය. ඒ එවකට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. එම්. ක්‍රිෂ්ණා (ජනවාරි 2012 කොළඹදී) සහ ඉන්දීය විපක්ෂ නායක සුෂ්මා සිවරාජ් (අප්‍රේල් 2012 කොළඹදී) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවලින් පසුවය. ඉන්දීය අමාත්‍යවරයා එම ප්‍රකාශය ජනවාරි 17, 2012 වැනි දින කළ අතර විපක්ෂ නායකවරිය අප්‍රේල් 21, 2012 වැනි දින එම අදහස ඉදිරිපත් කළේය.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් වසර තුනකට පසුව මෙවැනි ප්‍රකාශයක් කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයා පෙළඹුණේ ඇයි ? ඉන්දියාවේ බලපෑම නිසාද? තමන් පෝෂණය කළ ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දුන්නේ යුද්ධයෙන් පසුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ශ්‍රී ලංකාව වෙනුවෙන් එවකට රජය දුන් පොරොන්දුවක් මතද?

ශ්‍රී ලංකාවේ දශකයකට වැඩි කාලයක් ඉන්දියාව පෝෂණය කළ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සටන් කළ අප රටට කොන්දේසි පැනවීම කෙතරම් සාධාරණද? එය ඉතාමත් අසාධාරණ බලපෑමක් බව රාජ්‍යතාන්ත්‍රිකව ලෝකයට කීමට ශ්‍රී ලංකාවට ශක්තියක් නොමැතිද? අපිට රටේ කතාව කීමට අවශ්‍යතාවයක් නොමැතිද?

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරිය කළ ප්‍රකාශ කිසිසේත් අභියෝගයට ලක් කිරීමට නොහැකිය. ජාතික ප්‍රශ්නය කියා යම් පිරිසක් හඳුන්වන අර්බුදකාරී තත්ත්වය විසඳීමට ත්‍රස්තවාදය පරාජය කර රැකගත් රටේ ඒකීය අහිමි කර ගැනීමට නොහැකිය. ජිනීවාහිදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම්වලදී සෑම වසරකම 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව කරන බලපෑම සුළුපටු නොවේ. ඉන්දියාවේ අවශ්‍යතාවය 13 වැනි සංශෝධනය යටතේ පිහිටුවනු ලැබූ පළාත් සභා පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමයි. වසර 5 කට ආසන්න කාලයක් පළාත් සභා ඡන්දය පැවැත්වීම ප්‍රමාද කර ඇති බව රහසක් නොවේ.

ශ්‍රී ලංකා දේශපාලන සහ ආරක්ෂක හමුදා නායකත්වය සහ ජනතාව හොඳින් මතක තබාගත යුතු කාරණාවක් ඇත. එනම් ඉන්දියාව 80 දශකයේදී ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ස්ථාපිත කරන්නෙම 13 වැනි සංශෝධනය ඇති කිරීමට බව කවුරු කවුරුත් තේරුම්ගත යුතුය. ශ්‍රී ලංකාවේ හුස්ම හිරකර 1987 ජුලි 29 කොළඹදී අත්සන් කළ ගිවිසුම් අනුව ඉන්දියානු හමුදා මැදිහත් වීම අහඹු සිදුවීමක් නොවේ. වේලුපිල්ලේ ප්‍රභාකරන් එම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාව දෙකඩ නොවූ බව ද තේරුම්ගත යුතුය. ඔහුට අවශ්‍ය වූයේ ඉන්දියාවේ බලයට යට නොවූ තමන්ගේම පාලන ප්‍රදේශයකි.

තිලීපන් නමැති එවකට 26 හැවිරිදි කොටි ත්‍රස්තවාදියාව සැමරීමට කටයුතු කළ පිරිස් උත්සහා කළේ ඔහු නිරාහාරව 1987 සැප්තැම්බර් 26 වන දින නල්ලූර් කන්දසාමි කෝවිලේ මරණයට පත්වූයේ එවකට ශ්‍රී ලංකා රජයට එරෙහිව කියාය. නමුත් කොටි සංවිධානය එදා තිලීපන්ව එම මෙහෙයුමට පාවිච්චි කළේ ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් වහාම ඉවත් විය යුතු බවට බල කරමිනි.

ඉන්දීය හමුදා 1987 ජුලි මාසයේ ශ්‍රී ලංකාවේ මැදිහත් වීම කරන අවස්ථාවේ 17 හැවිරිදි ළමා ත්‍රස්තවාදියකු වූ නියෝමි දී සොයිසා ලෙස (ඇයගේ සැබෑ නම නොවේ) 2011 දී එළිදැක්වූ ද්‍රවිඩ කොටිදේනුව (Tamil Tigress) නමැති ග්‍රන්ථයේ තිලීපන්ගේ කතාව කිසිවකුට අභියෝග කළ නොහැකි ආකාරයට අවධාරණය කර ඇත. කතුවරිය පෙන්වා දුන්නේ තම නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තිලීපන් වැනි ශාරීරිකව දුර්වල නමුත් සංවිධානයට වටිනා පුද්ගලයෙක්ව නිරාහාරව මියයෑමට සැලැස්වීම තමන්ට තේරුම්ගත නොහැකි බවයි. තිලීපන් සියදිවි නසාගැනීම මගින් බල කළේ විදේශ හමුදා ශ්‍රී ලංකාවෙන් පිටවිය යුතු බවට මිසක් වෙන කිසිදු හේතුවකට නොවේ. ඒ ත්‍රස්තවාදී සංවිධානය තමන්ට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පරාජය කිරීමට ශක්තිය ඇති බවට විශ්වාස කළ නිසාය.

උපාලි පුවත්පත් සමාගමේ ‘The Island’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයට නවකයකු ලෙස 1987 ජුනි 1 දින සම්බන්ධවූ මෙම ලියුම්කරුට ආරක්ෂක සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීමට අවස්ථාව ලැබිණි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉන්දීය හමුදා ඉවත් කිරීම 1988 පැවති ජනාධිපතිවරණයේදී තම ප්‍රධාන පොරොන්දුව නොකළේ නම් ශ්‍රී ලංකාවේ ඉරණම මීට හාත්පසින්ම වෙනස් විය හැකිව තිබිණි. ඉන්දීය හමුදා 1990 මාර්තු මාසයේ ඉවත් වී වසරකට පසුව ද්‍රවිඩ ත්‍රස්තවාදීන් රජීව් ගාන්ධි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විනාශ නොකළේ නම් අද ඉන්දියානු නායකයා නරේන්ද්‍ර මෝඩි නොවීමට බොහෝ ඉඩකඩ තිබූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් සෑම තත්ත්වයක් යටතේම 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා ක්‍රමය ඉදිරියට මෙහෙයවීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කටයුතු කර ඇත. පළාත් සභා පැවැත්වීම දින නියමයක් නොමැතිව ප්‍රමාද කර ඇති නමුත් ඉන්දියාව ඇති කළ ක්‍රමය ක්‍රියාත්මක බව අවධාරණය කළ යුතුය. ඇත්ත වශයෙන් ඡන්දය නොමැතිව පවා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකාව ඔප්පු කර ඇත.

● පාර්ලිමේන්තුවට 13 ඕනෑ

ඉන්දියාව බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට පැටවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට අවශ්‍යද? ඒ පක්ෂ මොනවාද? එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල ස්ථාවරය නිසියාකාරව නොදැන පළාත් සභා ක්‍රමයට එරෙහිව ජනතාව දැනුවත් කළ නොහැක. විධායකය (වික්‍රමසිංහ ජනාධිපතිවරයා) සහ ව්‍යවස්ථාදායකය (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැතහොත් අති බහුතරය හිමි පොහොට්ටු පක්ෂයට) මෙම සංශෝධනය සම්බන්ධයෙන් එක ස්ථාවරයක බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියමයෙන් රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කළ කමිටුව හෙළිදරව් කර ඇත. ඒ වාර්තාව 69 ලක්ෂයකගේ ජනවරමකින් ජනාධිපතිවූ ගෝඨාභය රාජපක්ෂ සිය තනතුර අතහැරීමට සතියකට පමණ පෙර එම වාර්තාව භාරගත බව රහසක් නොවේ. ඔහු සිය ධුරයෙන් ඉවත් වූයේ 2022 ජුලි 13 වැනි දිනය.

එම වාර්තාව අනුව නව ව්‍යවස්ථා යෝජනා සැකසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නායකත්වය දුන් 9 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ අති බහුතරය 13 වැනි සංශෝධනය රටට සෑම ආකාරයකින්ම අහිතකර බව අවධාරණය කළත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ එම සංශෝධනය තව දුරටත් අවශ්‍ය බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. එලෙසෙම පාර්ලිමේන්තුවෙන් පිටත සිටින කණ්ඩායම් ද රොමේෂ් ද සිල්වාගේ විශේෂඥ පිරිසට පවසා ඇත්තේ පවතින ක්‍රමයම අවශ්‍ය බවයි. සමහරුන් පළාත් සභා ක්‍රමය දිස්ත්‍රික්ක කවුන්සිල බවට පත් කිරීමට ඉල්ලා ඇත.

විශේෂඥ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් වන්නේ ජනාධිපති නීතිඥයන් වන ගාමිණී මාරපන, මනෝහර ද සිල්වා (ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සංවිධානය කොළඹදී කැඳවා තිබූ රැස්වීම ඇමතුවේය), සංජීව ජයවර්ධන, නසීමා කමුරුදීන්, සමන්ත රත්වත්තේ, ආචාර්ය ඒ. සර්වෙශ්වරන්, මහාචාර්ය ජී. එල්. පීරිස් සහ මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න යි.

එම වාර්තාවේ සඳහන් ආකාරයට විශේෂඥ කණ්ඩායමට තම පක්ෂවල ස්ථාවරය පහත සඳහන් මැති ඇමැතිවරුන් සහ අනෙකුත් පුද්ගලයන් ඉදිරිපත් කර ඇත. බැසිල් රාජපක්ෂ (පොහොට්ටුව), ආර්. සම්පන්තන් (කොටි ත්‍රස්තවාදීන්ගේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජාතික සන්ධානය), දිනේෂ් ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ නායක වර්තමාන අග්‍රාමාත්‍ය), උදය ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමය), විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), ටිරාන් අලස් (එක්සත් ජනතා පක්ෂය), වාසුදේව නානායක්කාර (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ), අනුර දිසානායක (ජාතික ජන බලවේගය), රාජා කොල්ලුරේ (සමාජවාදී සන්ධානය) සහ ඩිව් ගුණසේකර (කොමියුනිස්ට් පක්ෂය), නිමල් සිරිපාල ද සිල්වා (ශ්‍රීලනිප), රුෂ්ඩි හබිබ් (සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය), ඩග්ලස් දේවානන්දා (ඊ.පී.ඩී.පී. හිටපු ත්‍රස්තවාදී නායකයෙකි), බන්දුල චන්ද්‍රසේකර (ජාතික හෙළ උරුමය), මනෝ ගනේෂන් (Tamil Progressive Alliance), සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (ටී. එම්. වී. පී. හිටපු ප්‍රාදේශීය කොටි ත්‍රස්තවාදී නායකයෙකි. වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයෙකි), සෙන්තිල් තොන්ඩමන් (ලංකා කම්කරු කොංග්‍රසය), මහාචාර්ය තිස්ස විතාරණ (එල්. එස්. එස්.පී.), වී. රාජක්‍රිෂ්ණන් (කඳුරට ජනතා පෙරමුණ), සී. විග්නේස්වරන් (තමිල් මක්කල් තේශීය කුටානි) සහ අසංක නවරත්න (ශ්‍රී ලංකා මහජන පක්ෂය).

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆාමන් කාසිම් සහ තිසත් විජේගුණවර්ධන විශේෂඥ කණ්ඩායමේ සභාපතිවරයා වූ රොමේෂ් ද සිල්වා ව යෝජිත සාකච්ඡාව සම්බන්ධයෙන් මුනගැසුනත් පක්ෂයක් ලෙස අදාළ කොමිටිය ඉදිරියේ අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය. ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගය මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලජ්ජා විය යුතුය. ප්‍රධාන විපක්ෂය දැන්වත් ස්ථිර අදහසක් ඉන්දීය සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යුතුය.

මීට අමතරව මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයන් සහ සිවිල් සංවිධානවල අදහස් ගැනීමෙන් පසුව විශේෂඥ කණ්ඩායමේ යෝජනාව වූයේ 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා ක්‍රමය ඡන්ද නොපවත්වා අවශ්‍ය මහජන නියෝජිතයන් පළාත් පාලන ඡන්දය හරහා තෝරා ගැනීමටයි. වෙනසක් නැත. පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මකය.

වික්‍රමසිංහ – රාජපක්ෂ රජයටද රොමේෂ් ද සිල්වා ගේ ලියවිල්ල නිල වශයෙන් භාර දීම සිදුවිය. අදටත් මෙම වාර්තාව සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් ඇතිවී නැත. බලය බෙදීමේ යෝජනා සෑම තලයකම ඡන්දවලදී ජනතාව තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීමට යොදා ගැනීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ අඩු වැඩි වශයෙන් කරයි.

ජේ. ආර්. ‘ශ්‍රීමතාණන්ගේ’ අත් අඹරවා ඉන්දියාව නීතිගත කළ 13 වැනි සංශෝධනය ඉන්දු – ලංකා ගිවිසුමටත් පටහැනිය. රටේ අවාසනාවට එම තත්ත්වයවත් නිසියාකාරව තේරුම්ගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවයක්වත් ශ්‍රී ලංකාවට නැත. ඇත්ත වශයෙන්ම එම ගිවිසුම ක්‍රියාත්මකවීම සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ සටන් ගිවිසුම අත්සන් කර පැය 72 තුළ ඉන්දියාව සන්නද්ධ කළ සියලුම ත්‍රස්තවාදීන් ස්ව කැමැත්තෙන් නිරායුධ වීම මතයි. එම මූලික කරුණ සිදුනොවුනත් ශ්‍රී ලංකාව ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක තුනෙන් සමන්විත නැගෙනහිර පළාත උතුරු පළාත සමඟ එකතු කළේය. එකතු කළ එම පළාතට ඉන්දියාවේ අවශ්‍යතාවය මත ඡන්දයක් පවත්වා ඉන්දියානු හමුදාවේ අතකොළුවක් වූ ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයට එම පළාත භාර දුන්නේය. ඉන්දියානු හමුදාව ඡන්දය පැවැත්වූ ආකාරය රහසක් නොවේ. කෙසේ වෙතත් ප්‍රේමදාස ජනාධිපතිවරයා 1990 ඉන්දීය හමුදාව පිටත්කර හැරීමට නොබියව කටයුතු කිරීම තුළ 2006 ඔක්තෝම්බර් මාසයේදී නැගෙනහිර පළාත උතුරු පළාතෙන් ඉහළ උසාවියේ නඩු තීන්දුවකින් වෙන්කිරීමේ අවස්ථාව උදාවිය. 2009 මැයි මාසයේදී ද්‍රවිඩ ත්‍රස්තවාදී ශක්තිය නන්දිකඩාල් කලපුවේදී අවසන් කළ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන අභියෝගය අවියෙන් ලබා ගැනීමට නොහැකි වූ වෙනම රාජ්‍ය බටහිර සහ ඉන්දියානු මැදිහත්වීමෙන් සාකච්ඡා මේසයේදී ලබා ගැනීමයි.

- ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු -

(දිවයින)


සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.