1950 දී අමෙරිකාව සහ 2024 දී අමෙරිකාව
👉 මේ රූපය ගැන ඔබට හිතෙන්නේ මොනවාද?
👉 මේ උඩ රූපයේ ඇත්තටම තියෙන්නේ 1950 දශකයේ අමෙරිකාවේ නගරයක පින්තූරයක්. පහළ රූපයේ ඇත්තටම තියෙන්නේ 2024 අමෙරිකාවේ නගරයක පින්තූරයක්.
👉 මේ පින්තූර දෙකම වියුක්තව ඇත්ත වුණත් 1950 ඉතා සශ්‍රීක රටක්ව තිබූ අමෙරිකාව 2024 වන විට නන්නත්තාර වී ඇති බවක් මෙයින් කිසිසේත්ම අදහස් වෙන්නේ නෑ.
👉 යමෙක් මෙයින් එවැනි අදහසක් හැඟවීමට උත්සාහ කළොත් එය බරපතළ විහිළුවක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි.
👉 එහෙත් ලංකාව හා ලෝකය පිළිබඳ එවැනි අදහස් ප්‍රකාශ කිරීමට මේ වර්ගයේ අතිශය නොමඟ යවන සුළු පින්තූර, මීම්ස් සමාජ මාධ්‍ය තුළ ඉතා බහුලව භාවිත කෙරෙනවා.
👉 භාවිත කෙරනවා විතරක් නෙමෙයි බොහෝ දෙනා කිසිදු විචාරයකින් තොරව ඒ අදහස් සාදරයෙන් පිළිගන්නවා. ඒවා ඇත්ත යැයි සිතාගෙන ඒවාට ආවේගශීලීව ප්‍රතිචාර දක්වනවා.
👉 ඊට පස්සේ මුහුණු පොතෙන් ලෝකය දකින ප්‍රජාව ලෝකය ගැන නිගමනවලට එළැඹෙන්නේ කරුණු කාරණා හෝ හැදෑරීම් මත නොවෙයි මෙවැනි අතිසරල රූපමය උසි ගැන්වීම් මත.
👉 කාටූන් හෝ ඡායාරූප කියන්නේ යමක් පිළිබිඹු කළ හැකි ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් බව ඇත්ත.
👉 නමුත් රටක සංවර්ධනය, සමාජ ආර්ථික තත්ත්වය, සංස්කෘතික පසුබිම වගේ අතිශය සංකීර්ණ කාරණා ගැන සම්පූර්ණ අදහසක් ලබාගැනීමට මේ සරල පින්තූර එකකින් දෙකකින් කිසිදු හැකියාවක් නෑ.
👉 දත්ත සංඛ්‍යා ලේඛනවලින් පවා රටක් ගැන නිගමනවලට ඒමේදී මතු වන ගැටලු පරස්පරතා අප්‍රමාණයි. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි සරල පින්තූර ඔස්සේ නිගමනවලට ඒම කෙතරම් මුළාවක්ද යන්න අමුතුවෙන් කිව යුතු නෑ.
👉 අන්තර්ජාලය, සමාජ මාධ්‍ය භාවිතය කෙතරම් ඉහළ ගියත් සමාජ දේශපාලන සාක්ෂරතාව අතින් අපේ තරුණ පරපුර සහ ඊනියා උගත් ප්‍රජාව පහළ මට්ටමක ඉඳීමට එක් ප්‍රබල හේතුවක් මේක.
👉 ඒ කියන්නේ කරුණු සොයා බැලීමකින් හෝ හැදෑරීමකින් තොරව හුදු පින්තූර, කාටූන්, සරල වාක්‍ය කෑලි, ව්‍යාජ කාව්‍ය අලංකාර ආදිය ඔස්සේ ලෝකය ගැන කඩිනම් නිගමනවලට එළැඹීම.
👉 මේවා ගැන කරුණු කාරණා සහිතව ලියන කියන කතා කරන අය සමාජ මාධ්‍ය තුළ සිටියත් ඒ අදහස් ගැන විමසා බලන්න බොහෝ දෙනා කාලය වැය කරන්නේ නෑ.
👉 බොහෝ දෙනා සංකීර්ණ ඇත්තට පයින් ගසා සරල බොරු පසුපස දුවනවා.
👉 රටේ ප්‍රධාන මාධ්‍යවල පළවන කුණු කන්දල් ගැන ගල් පැලෙන විවේචන කරන මිනිස්සුම සමාජ මාධ්‍ය තුළ බොහෝ විට කරන්නේ බාල කුණු කන්දල් හඹායාම පමණයි.
👉 මේ නිසා කිසිදු මහන්සියකින් තොරව හුදු පින්තූර කෑලි, වාක්‍ය කෑලි, කවි කතන්දර ඔස්සේ අපේ රටේ මිනිස්සුන්ව රවට්ටමින් ජන මතය වෙනස් කිරීම ඕනෑම අයෙකුට පහසුවෙන් කළ හැකි දෙයක්.
👉 නූතන යටත්විජිතවාදයේ ඒජන්තයන් බොහෝ විට ඔවුන්ට අවැසි ලෙස තරුණ පරපුරේ මතවාද සැකසීම සඳහා භාවිතා කරන ප්‍රධානතම උපක්‍රමය වන්නේ ඒක.
👉 ඒ කියන්නේ කරුණු කාරණා, දත්ත, සංඛ්‍යාලේඛන ඔස්සේ කිසිසේත්ම ඔප්පු කළ නොහැකි පට්ටපල් බොරු සමාජ මාධ්‍යවල අතිසරල මීම්ස් ඔස්සේ සමාජගත කිරීම.
👉 ඒ දේවල් දිගින් දිගට දකින කොට ඒවා අතිශය සාමාන්‍යකරණය වෙලා ක්‍රමයෙන් සාමාන්‍ය ජනමතය බවට පත්වෙනවා. එවැනි දේවල් ගැන අවශ්‍ය නම් උදාහරණ සහිතව කතා කරන්න පුළුවන්.
👉 අපි මේ විදිහට අමෙරිකාවේ ඡායාරූප දෙකක් ඉදිරිපත් කළෙත් මීම්ස්වලින් ලෝකය දැකීමේ විකෘතිය ගැන පැහැදිලි කරන්න මිසක් ලංකාවේ කිසිදු ප්‍රශ්නයක් නෑ කියන්න නෙමෙයි.
👉 අපි කියන්නේ ලංකාවේ හා ලෝකයේ සැබෑ තත්ත්වය ගැන හරියට දැනගන්න අවශ්‍ය නම් මීම්ස්වලින් ලෝකය කියවීමට සීමා නොවී චුට්ටක් හරි ඒ ගැන කරුණු කාරණා හොයාබලන්න කියන එක විතරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..