News Category
From Date
To Date
Maximum Number of Result

ස්තුතියි අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීතුමා... එදා බුද්ධි අංශ දඩයම සහ ආරක්ෂාව බිඳ වැටීම..

Apr 26, 2024 at 06:39 PM
|

අප එදා සිට කියන දේ අද ඔබ පාර්ලිමේන්තුවේදී පැවසුවා...

කාලයක් ඔබත් සමග සිටි  රජයක සිදුවූ අතපසුවීම් පිළිබඳව ඔබ ඉතාමත් හොඳ කරුණු පැහැදිලි කිරීමක් කරා...

සැබවින්ම එක්තරා ආකාරයක ස්වයං විවේචනයක් එය....

පාස්කු ප්‍රහාරය වන විට මේ රටේ බුද්ධිසේවා වැටී තිබුණු මට්ටම සහ එයට හේතුව ඔහු නිවැරදිව පැහැදිලි කරා...

විශේෂයෙන්ම අපි බොහෝ දෙනාට මතක ඇති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය  පැවති යුගයේ අවසාන වසර වන තෙක් රට පුරා දරුණු බෝම්බ පිපිරවීම් සිදුවුණ බව....

නමුත් අවසාන කාලය වන විට එම බෝම්බ පිපිරවීම් බොහෝදුරට පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වුණා...

කොළඹ දුම්රිය පොලේ ඩී.එස්.සේනානායක සිසුන් පිරිසක් මියගිය බෝම්බය සහ සීනිගම බස් රථයක තිබූ බෝම්බය හැර යුද්ධයේ අවසාන කාලයේ සිය කුරිරූ ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමට එල්.ටී.ටි. ඊ.යට දකුණේදී බොහෝ විට නොහැකි වුණා...

නොඑසේ නම් යුද්ධයේ තීරණාත්මක කාලය වන විට,

 කිලිනොච්චිය පසුකර ඉදිරියට යන විට ,

අගනුවර සහ දකුණේ අනිත් ස්ථානවල දරුණු අන්දමේ බෝම්බ පිපිරවීමේ ප්‍රහාර සිදු වූවානම් යුද්ධය ඉදිරියට යාම ප්‍රශ්නයක් වීමට බොහෝ දුරට ඉඩ තිබුණා...

බෝම්බ පිපිරිවීම වැළැක්වීම සඳහා වූ ඒ සමත්කම  පිටිපස ගෞරවයෙන් වැඩි කොටස හිමි විය යුත්තේ යුද හමුදා සහ නාවික හමුදා බුද්ධි අංශ වලටයි..

එල්.ටී.ටී.ඊ. මතවාදයට කැමති ,

 හිත යටින් ඔවුන් අගය කරන.

ඔවුනට ආශිර්වාද කරන දස දහස් ගණනක පිරිසක් අගනුවර සහ අවට ප්‍රදේශවල සිටියදීත්, 2008, 2009 වසර  වන විට බෝම්බ පිපිරවීම් බොහෝ දුරට පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත්ව තිබුණා...

යුද්ධයේ අවසාන කාලයේ අගනුවරදි පිපිරවීමට සූදානම් කර තිබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසකට වැඩි ප්‍රමාණයක් බදේ සවි කර තිබූ ශීත ලොරියක්   freezer truck ත්‍රිකුණාමනයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා බුද්ධි නිලධාරීන් සමත් වුණා...

අවසාන කාලය වන විට මරාගෙන මැරෙන   ප්‍රහාරකයන්ට කොළඹ නවාතැන් ගැනීමට තැනක් නැති මට්ටමට පත් කිරීමට හැකිවූයේ බුද්ධි අංශ ඉතා සූක්ෂම මෙහෙයුම් නිසයි...

එවැනි මිනිමරු ත්‍රස්තයන්ට නවාතැන් දීමට පෙර, එම ප්‍රහාරවලට සම්බන්ධ වීමට පැමිණ සිටින අය, 

නිවෙස් හිමියන්ගේ කෙතරම් හිතවත්තුන් වූවත්,

ප්‍රහාරයට සූදානම් වන තෙක් ඔවුන් නවත්වා ගැනීම සඳහා කෙතරම් බලපෑම් ඔවුන්ට පැමිණියත්,

ඔවුනට නවාතැන් දීමට පෙර වරක් දෙවරක් තුන්වරක් නොව දස වරක් හිතන්නට පදනම බුද්ධි අංශ වලින් දමා  තිබෙන්නට ඇති...

විශේෂයෙන්ම බුද්ධි අංශයකට රටේ පවතින නීතියට අනුවම,

සියයට සීයක් එකඟව, 

 සිය මෙහෙයුම් කළ නොහැකි බව මොළය කළඳක් තිබෙන ඕනෑම මිනිහෙකුට තේරුම් ගන්නට වෙනවා...

මන්ද එම නීති රීති අනුගමනය කරමින් මරාගෙන මැරෙන කොටියන් , මිනිස් බෝම්බ හොයාගැනීමට බැහැ...

එම ක්‍රියාදාමයන් අනුගමනය කරන විට බොහෝ විට එම තොරතුරු අදාළ ත්‍රස්තයන් අතට යාම වැළැක්වීමට බැහැ...

නීතියක් නොමැති ම්ලේචර් ත්‍රස්තයන් මර්ධනය කිරීමේදී සම්මත රටාවෙන් පිට තොරතුරු සෙවීමට සිදුවීම සහ යම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අනිවාර්යෙන්ම සිදුවෙනවා...

දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත ආරක්ෂා කරනවාද එසේ නොමැති නම් ම්ලේච්ඡ මිනීමරු ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේදී රටේ පවතින සියලු නීති රීතිවලට අණුව ක්‍රියා කරනවාද යන්න දෙකෙන් එකක් තෝරාගත යුතුයි..

සරල වශයෙන් කිව්වොත් වෙනත් අයෙකුගේ දුරකථන සංවාදයකට සවන් දීමද නීති විරෝධී දෙයක්...

අනික බුද්ධි නිලධාරී න් කටයුතු කරන්නේ ජීවිතය පරදුවට තබමින් බොහෝ විටත් ත්‍රස්ත ප්‍රදේශවලට රිංගා යමින්...

සමහර විට ඔවුනටත් ප්‍රස්තාවාදීන් සමඟ සම්බන්ධකම් පවත්වන්නට සිදුවෙනවා...

ත්‍රස්තයන් නිලධාරීන් සමග සම්බන්ධ වන්නේ ඔවුන් බුද්ධි නිලධාරීන් බව දැනගෙන නෙවෙයි..

එසේත් නම් නැත්නම් සිය පෞද්ගලික ඔත්තු කරුවන් ත්‍රස්තයන් හා සම්බන්ධ කරවීමට සිදුවෙනවා...

පසුකාලීනව රහස් පොලිස් නිලධාරීන් විසින් සන්නද්ධ බුද්ධි නිලධාරීන් තොරතුරු ලබාගැනීමට ත්‍රස්තයන් හා සම්බන්ධ වීමද වරදක් ලෙස තීරණය කර තිබූ බව සඳහන්..

යුද්ධ සමයේ යුධ හමුදා නාවික හමුදා  බුද්ධි නිලධාරීන් ,

යුද්ධයෙන් පසුව,

විශේෂයෙන්ම 2015 පසුව ,

ෂර්ලොක් හෝම්ස්ලා ලෙස රහස් පොලිසිය තුළ රංගනයන් කළ ,

සමහර නිලධාරින් විශ්වාස කරන ආකාරයට,

ඔවුන් කියන ආකාරයට,

 සිය බුද්ධි මෙහෙයුම් කරගෙන ගියා නම්,

 කොළඹක් ඉදිරි වන්නේත් නැත. 

යුද්ධ කරන්නට රටක් ඉතිරි වන්නේත් නැත. 

එසේ නම් ප්‍රභාකරනවා උතුර විතරක් නෙවෙයි දකුණත් අල්ලගෙන අවසන්ය...

සමහර විට එකල රහස් පොලිසියේ සිටි ෂර්ලොක් හෝම්ස්ලා යයි හිතා සිටි සමාන නිලධාරීන්ට ඒවා අවබෝධ කරගැනීමට තරම් ඥානයක් නොතිබුණා විය හැකියි..

නොයන සේනම් සිය පුද්ගලික වාසි උසස්වීම් හෝ වෙනත් වරදාන සඳහා  යම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ඔවුන් වැඩ කළා විය හැකියි

අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා පවසන ආකාරයටම යුද්ධය අවසන් කිරීමේ කාලය එළඹෙන විට මෙරට යුද හමුදා නාවික හමුදා බුද්ධි අංශ ලෝකයේ ප්‍රබලම ඔත්තු සේවාවන් හා කරට කර සිටින තත්ත්වයක හිටියා ...

මොසාඩ්,රෝ,සී.අයි.ඒ. එම්.අයි. 05 , කේ.ජි.බී.වැනි ඕනෑම ඔත්තු සේවාවකට නොදෙවෙනි තත්ත්වයකින් අපේ නිලධාරීන් කළේ සූක්ෂම වීර වික්‍රමාන්විත බුද්ධිමෙහෙයුම් නිසා ගැලවුණ ජීවිත සංඛ්‍යාව සමහර විට ලක්ෂ ගණනක් විය හැකියි...

පිපුරුණු බෝම්බ සංඛ්‍යාවට වඩා පිපිරෙන්නට නොදී වැළැක්වූ බෝම්බ සංඛ්‍යාව කිහිප ගුණයකට වඩා වැඩි බව නොදන්නවා ඇති...

සමහර විට පුපුරවන්නට ආපු එකාට සිදු වූ දේ පුපුරවන්නට එවපු එවුනුත් නොදන්නවා ඇති..

රහස් පොලීසිය බොහෝවිට කරන්නේ බෝම්බයක් පිපුරුණු පසු බෝම්බය පිපුරවූ අපරාධකරුවන් සොයා ගැනීමට ප්‍රයත්න දැරීමයි..

පසුකාලයක විශිෂ්ට මෙහෙයුම්වල යෙදුණු යුද හමුදා සහ නාවික හමුදා බුද්ධි නිලධාරීන් ස් පොලිසියේ කුප්‍රකට නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරන අවස්ථාවලදීද මෙම බුද්ධ නිලධාරීන්ට තිබුණු එක චෝදනාවක් වූයේ සම්මත ක්‍රියාදාමයන්ගෙන් පිට ඔවුන් කරනු ලැබූ මෙහෙයුම් පිළිබඳවයි..

වනාතවිල්ලුවේදී පුපුරු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අසූවූ පසු,

 එයට වගකිය යුතු සහරාන් බව තොරතුරු ලැබුණට පසු ,

ඔහු සොයා ඔහුගේ නිවසට රහස් පොලිස් නිලධාරීන් එන විට සහරාන් නිවසේ සිට නැහැ..

නිලධාරීන් ආපසු හැරී ගොස්  දින කිහිපයකට  පසු කිහිපයකට නැවත නිවසට පැමිණි සහරාන් නිවසට පැමිණි සහරාන් බිරිඳ ද කැටුව ගොස්  ඇති බව පැවසෙනවා..

කසිප්පු බිස්නස් කාරයෙක් අල්ලා ගැනීමට වුවද පොලිසිය ඊට වඩා දැලක් ඉල්ලන නමුත්,

 අද සමහර දේශපාලන පක්ෂ වලට එක්වී,

 පාස්කු ප්‍රහාරය වැළැක්වූර්යේ නැතැයි වෙනත් අයට චෝදනා කරන,

  රහස් පොලීසියේ එදා සිටි,

නළු දේශපාලනඥයන්ගේ ගෙදර වලං පිඟන් වත් සීඩීමට කැමතියි ඇයි කියූ සමහර උසස් යැයි කියන පොලිස් නිලධාරීන් එදා කටයුතු කළේ ඒ ආකාරයටයි...

සමහරු හිතන් ඉන්නේ ඔහු ෂර්ලොක් හෝම්ස් කෙනෙක් හැටියට වුවත් ඔහුට ගැටළුව තිබී තිබෙන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරකයන් සමඟද එසේ නොගැති නම් යුද හා නාවික හමුදාව බුද්ධි නිලධාරීන් සමගද යන්නද ගැටලුවක්...

විශේෂයෙන්ම 2015 පසුව එල්ටීටීර හිතවාදී සමහර රාජ්‍ය නොවන සංවිධාන වල බලපෑම් මත මෙරට යුද හමුදාවේ හා නාවික හමුදාවේ නැගෙනහිර පළාත තුළ සහ අගනුවර තුළ  අති විශිෂ්ට බුද්ධි මෙහෙයුම් කළ ත්‍රස්තවාදීන් විසින් කිරීමට සූදානම් වූ දැවැන්ත විනාශයන් රැසක් වැළක්වූ යුද හමුදා සහ නාවික හමුද සහ බුද්ධි නිලධාරීන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා...

අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසූ පරිදි සත්‍ය ලෙසම ඒ වන විට අපේ බුද්ධි අංශ ලෝකයේ ඕනෑම ප්‍රබල බුද්ධි අංශයක සම මට්ටමේ කටයුතු කළ බව කියන්නට පුළුවන්...

ඇමෙරිකාවේ සී අයි ඒ. සංවිධානය ,

මහා බ්‍රිතාන්‍යයේ ඒම්.අයි.05  සංවිධානය, ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය,

 රුසියාවේ කේජීබී ඔත්තු සේවය,

 ඉන්දියාවේ රෝ ඔත්තු සේවය,

 වැනි ඔත්තු සේවාවන් හා සම හෝ ඊටත් එහා ගිය විශිෂ්ටත්වයකින් ක්‍රියා නොකළා නම් අපට එදා අවසාන සටනේදී අගනුවර සහ දකුණ බේරා ගැනීමට නොහැකි බව අනුර ප්‍රිය දර්ශන මන්ත්‍රීවරයාගේ කතාව අසන විට සැබවින්ම සැකයකින් තොරව හිතෙනවා...

හමුදාපති ධුරට පවා පත්වීමට නියමිතව  සිටි යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි එවකට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා පවා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබුවා...

සමහරු වසර එකහමාරකට අධික කාලයක් රිමාන්ඩ්  බන්ධනාගාර ගත කර තබනු ලැබුවා..

එක් උසස් නාවික බුද්ධි නිලධාරියකුගේ නැන්දනිය ඔහු නැති සොවින්  දිවි නසාගෙන තිබූ අතර  එම අවමගුලටවත් පැමිණීමට එම නිලධාරියාට ඉඩක් ලැබුණේ නැහැ...

ඔහු නැගෙනහිර බුද්ධි මෙහෙයුම්වල යෙදෙද්දී එල්.ටී.ටී.ඊ.  ත්‍රස්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් ඔහු සමග ගිය 16  දෙනෙක් මව්බිම වෙනුවෙන් දිවි පිදූ අතර දිවි ගලවා ගත්තේ ඉතා බරපතල තුවාල ලැබූ ඔහු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුත් පමණයි...

අගනුවරට එවීමට සූදානම් කර තිබූ පුපුරණ ද්‍රව්‍යය කිලෝ ග්‍රෑම් දහසකට අඩු ලොරිය අත්අඩංගුවට ගනු ලැබුවේද ඔහුගේ බුද්ධි ජාලය මගින්...

2015  පාලනය විසින් පත් කරනු ලැබූ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවා අවසානයේ පවසනු ලැබුවා බුද්ධි අංශ පසුපස යමින් කරනු ලැබූ රහස් පොලිසියේ දඩයම් කිරීම නිසා බුද්ධි අංශ නිලධාරීන්ගේ මානසිකත්වය කඩාවැටීම බුද්ධි සේවාවන් අඩපණ කිරීමට ප්‍රබල හේතුවක් වූ බව...

විශේෂයෙන්ම අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තු කතාවේදී පැවසුවා ලෝකයේ කිසිම රටක් සිය බුද්ධි අංශය මෙලෙස දඩයම් නොකරන බව...

එම  අඩපණ වීම, බිඳවැටීම නොවන්නට යුධ නාවික බුද්ධි අංශ වක් පෙර පරිදි නිදහසේ ක්‍රියා කිරීමට ඉඩ දී තිබුණා නම් රහස් පොලිසිය මෙන් පිපුරුවාට පසුව පුපුරපු එකා හොයන්නට යන්නේ නැතුව පුපුරන්නට පෙරම ුණු මෙම මහා විනාශයන් නතර කිරීම ඔවුනට එතරම් අපහසු නොවනු ඇති බව ඔවුන්ගේ අතීත විශිෂ්ට වාර්තාවන් දෙස බලන විට පැහැදිලිවම කිව හැකියි...

නමුත් කණගාටුවට කරුණ අද වන විට අග රදගුරු තුමාත්, 

කතෝලික සභාවේ මාධ්‍ය ඒකකයත්, 

පාස්කු ප්‍රහාරයට,

චෝදනා එල්ල කරන්නේ ,

චෝදනා නගන්නේ,

 එවකට බලයේ සිටි පාලකයන්ටවත්,

 එවකට රහස් පොලිසිය යම් ඉහළ තනතුරු දැරූ පුද්ගලයන්ටවත්,

අදාල  අනිත් ආරක්ෂක වල ප්‍රධාන තනතුර දැරූ පුද්ගලයන්ටත් , 

නොව,

 එම කාලය වන විට විපක්ෂයේ සිටි දේශපාලනඥයන්ටත්, 

ඒ වෙන විට මෙරට බුද්ධි අංශවල  පාලන බලයක් නොතිබුණු,

අඩු ගන්නේ රටේවත් සිටියේ නැති සමහර නිලධාරීන්ටත් වීම,

 සැබැවින්ම කණගාටුදාය ...

සහරාන්ලාටත් වඩා ඔවුන් චෝදනා එල්ල කරන්නේ එම පිරිසටය...

අනික් පැත්තෙන්  අද අගරතදගුරු තුමා සහ අනික් පිරිසගේ ගැලවුම් කාරයන් වී සි ටියේ පාස්කු ප්‍රහාරය එල්ල වෙන සමයේ රටේ තනතුරුවල සිටි දේශපාලනඥයන් විශාල පිරිසක් සහ එම පාලනය ගෙන ඒමට දායක වූ තවත් කණ්ඩායමක් වීම සැබැවින්ම විහිළු සහගතය..

අප එදා සිටම සිතන්නේ මේ රටේ හමුදා බුද්ධි අංශ බිඳවැට්ට වීමට කටයුතු කළ දේශපාලනඥයන් සහ රහස් පොලිස් නිලධාරීන් මෙන්ම ,

තොරතුරු ලැබා සිටිය තිබියදී,

 ප්‍රහාරයට පෙර ත්‍රස්තයත් අත්අඩංගුවට නොගෙන,

 ප්‍රහාරය වීමට පෙර එය වළක්වා ගැනීමට කටයුතු නොකළ රහස් පොලිස් නිලධාරීන් ද , පාස්කු ප්‍රහාරයට වැළැක්වීමට නොහැකි වීම පිළිබඳව සැබෑ වග උත්තරකරුවන් බවයි..

- ලාල් ද අල්විස් -

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.