News Category
From Date
To Date
Maximum Number of Result

අවුරුදු 74ක් විනාශ කළ රටේ වෛද්‍ය අධ්‍යාපනයත් වික්කහම රටේ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි

Apr 20, 2024 at 09:23 PM
|

අවුරුදු 74ක් රට විනාශ කළා. ඉතුරු වෙලා තිබුණේ  වෛද්‍ය අධ්‍යාපනය විතරයි. ඒකත් පුද්ගලීකරණය කරන්න විකුණන්න  ගිහිල්ලා ඒකත් නැති උනාම රටේ ජනතාවට දෙවියන්ගේ පිහිටයි කියලා මට හිතුනේ පසුගියදාක දැකපු දැන්වීම් දෙකක් දැකලා. 

ඒ විතරක්ම නෙමෙයි ආචාර්ය රෝහන් සමරජීව කරපු විග්‍රහයකුත් දැකලා. 

එක දැන්වීමක් NSBM  අනිත් දැන්වීම කොතලාවල විශ්ව විද්‍යාලයෙන්. 

NSBM  දැන්වීම අනුව සාමාන්‍ය පෙළ විතරක්  ඇති උසස් පෙළ ඕනම නෑ මුදල් තිබුණාම ඇති. 

කොතලාවල දැන්වීම අනුව ලක්ෂ 125ක් ඕන කොතලාවල ඉගෙන ගන්න  වෛද්‍ය උපාධියට.

වයස අවුරුදු 17 සිට 22 දක්වා.  

උසස් පෙළ සී දෙකයි එස් එකක් තිබුනාම ඇති. 

එතකොට ආචාර්ය රොහාන් සමරජීව කියන විදියට අධ්‍යාපනය විකුණන්නම වෙනවා මොකද කොතලාවල සහ NSBM  රජයේ බැංකු වලින් අරගෙන තියෙන ණය ප්‍රමාණය දැක්කහම  කියලා. ඒකේ කියවෙනවා රත්තරන් වලින් හදපු රෝහල් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. 

මේ රටේ ජනතාව කිව්වද එච්චර වියදමක් දරලා මේ රටේ බැංකුවලට ණය වෙලා එච්චර විශාල ප්‍රමාණයකින් අධ්‍යාපනය විකුණන්න පටන් ගන්න කියලා. 

ඒ යටිතල පහසුකම් හදන්න කියලා රටේ මිනිස්සු කිව්වේ නෑ ඒකත් හරියට මේ රට වසර හැත්ත හතරක් පාලනය කරපු රට විනාශ කරපු කණ්ඩායමේ උපදෙස් මත කරපු දෙයක් තමයි. 

ඒ වගේම මේ රටේ මිනිස්සු වසර 74ක් රට පාලනය කරපු අයට කිව්වේ නෑ මේ රට බංකොලොත් කරන්න කියලා.

අපේ රටේ රත්තරන් බිජු දාන කිකිළියක් වන හම්බන්තොට හාබර්  එක විකුණේ ඩොලර් බිලියන 1.1ට. ඒක වසර 99න් බෙදුවොත් මාසෙකට රුපියල් මිලියන 176 ක් පමණ ( විකුණපු දවසේ වටිනාකම අනුව).

හැබැයි ඒ කාලෙත් පුවත්පත්වල ගියා මාසෙකට මිලියන 250ක් අදටත් රජයට පවරා නොගත් මුදලාලි කෙනෙක් සතු නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට වැය කරා කියලා. 

එතකොට හම්බන්තොට හාබර් එකද වටින්නේ නෙවිල් ප්‍රනාන්දු මුදලාලිගේ රෝහලද?  

විකිණීම කොමිස් ගැසීම හැර වෙන දෙයක් නැති බව ඒ අනුව පේනවා නේද? 

ඊළඟ කරුණ තමයි අපේ රටේ ළමයි 17 වසරෙදි උසස් පෙළ ලියන්නේ නැහැ. ලියන්නේ  අවුරුදු 19දී.  සාමාන්‍යයෙන් ප්‍රතිඵලය ඇවිල්ලා විශ්ව විද්‍යාලට බඳවා ගන්නකොට අවුරුදු 21 ත් ඉවරයි. සල්ලි තිබුනත් කාලය ගිහිල්ලා. 16 දි උසස් පෙළ ලියන අන්තර්ජාතික පාසල් වලට යන සිසුන් කොතලාවලට බැඳිලා වසර  හතරකට පස්සේ තමයි  ජාතික පාසල් පද්ධතියේ ළමයි කොතලාවලට යන්නේ.  

එකම වයසේ ඉපදුනත් අධ්‍යාපන රටාවන් දෙකක් නිසා එක කොටසකගේ මානව අයිතිවාසිකම් කඩවන බව මේ පාලකයෝ දන්නේ නැද්ද? 

ඒ එක කාරණයක් අනික් කාරණය තමයි මේ විදියට ගියොත් NSBM  කියන විදිහට උසස් පෙළ ඕනම නෑ.  

එතනදිත් රටේ විශාල පිරිසකට මුදල් නැති නිසා විශාල සමාජ අසාධාරණයක් වෙනවා. 

අනාගතයේ රට විශාල අර්බුදයකට යන්න මෙවැනි කාරණා ඉස්මතු වේවි ඇත නැති පරතරය වැඩිවේවි. 

රජයේ පාසලකින් හෝ විශ්ව විද්‍යාලයකින් විශ්‍රාම ගියාම හෝ වැඩි වැටුප් සඳහා මේ රටේ ඇතැම් උගත්තු පෞද්ගලික ඒවට යනවා ඒක ඔවුන්ගේ කැමැත්ත. 

ගිහිල්ල පළවෙනියෙන්ම කරන්නේ තමන් ඉගෙන ගත්තු සහ රැකියාව කරපු ආයතනය විනාශ වෙන ආකාරයට වැඩ කිරීම සහ විවේචනය ඒකට ඉතින් කියන්නේ ආත්මාර්ථකාමීකම කියලා. 

ගිහිල්ල කරන්නෙත් පත්තරවලට ඇතැම් නාලිකා වලට පට්ට පල් කෙබර කියන එක. ඒවායේ ඉන්න  අයත් ඇතැම් පක්ෂවල කරුණු උලුප්පලා ඒවා හොඳයි කියන තැනට පත්වෙලා. ඒකට ඉතින් කියන්න තියෙන්නෙත් මෝඩකම තමයි ඊනියා උගතෙක් මොනවා හරි දෙයක් කිව්වම ඒක හොඳයි කියන තැනට පත්වෙන්නේ නැතුව විචාර බුද්ධියෙන් විමසන්න ඕන කෙනෙකුට නුවණක් තියෙන්න ඕන. 

මෑතක දෙරණට ආපු ඔය ඊනියා උගතෙක් කියනවා ඇහුන අපි සිංගප්පූරුව වෙන්න දඟලනවා නමුත් සිංගප්පූරුව වගේ වෙන්න ඉඩ දෙන්නෑ වගේ කතාවක්. 

මේ කතාව අහල මට කොහෙන්ද මේ හිනාවෙන්නේ කියලා හිතුණා. 

ඇත්තටම මේ උගතා සිංගප්පූරුව ගැන දන්නේ නැද්ද නැත්නම් රටේ මිනිස්සු මෝඩයා කරන්න කියපු කතාවක්ද? 

ලෝකෙ දියුණු යැයි සම්මත රටවල් අතරින් සිංගප්පූරුවේ තමයි කිසිම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නැති රට ඒක ප්‍රසිද්ධ කරුණක් අපේ රටේ කට්ටියත් ඔය සිංගප්පූරුවේ එක්තරා රෝහලකට යනවනේ ප්‍රතිකාර ගන්න  ඒ කතාව අහලා මට හිතුනේ ලැජ්ජ නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියලා. 

අනිත් කාරණය තමයි අපිට වෛද්‍ය විද්‍යාව උගන්නපු එංගලන්තය දැනටමත් අපේ රටේ වෛද්‍ය සභාව  හා ලොකු බැඳීමක් තියෙනවා ඒ තියෙන්නේ ප්‍රමිතිය ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙළක්. 

ඒ වගේම අපේ රටේ  වෛද්‍යවරු විශේෂඥ වෛද්‍ය සේවාවේ  අවසන් උපාධි කටයුතු සිදු කරන්නේ එංගලන්තේ.  

ඒ වගේම අපේ රටේ වෛද්‍යවරුන්ට එංගලන්තයෙන් විශේෂ ඉල්ලුමකුත් තියෙනවා. 

එංගලන්තයේ උසස් පෙළ ලියන ළමයි 16 දෙනකුගෙන් එක්කෙනෙකුට පමණයි වෛද්‍ය විද්‍යාව හදාරන්න පුළුවන් වන්නේ දක්ෂයාටම තමයි තැන තියෙන්නෙ. 

එහෙත් තියෙනවා ලාභ නොලබන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉතාම අතලොස්සක් ඒ හැබැයි ඒවට උසස් පෙළ C02 යි S 01 යි  ගන්නේ නෑ ප්‍රතිඵල මදි නම් මුදල් දීලා යන්නත් බෑ. 

අර උසස් පෙළ සමත් 16 දෙනාගෙන් එක්කෙනෙකුට තමයි ඒවටත් යන්න පුළුවන්. 

මුදල් නිසා ප්‍රමිතිය බිඳින්න දෙන්නේ නෑ ඒ රටේ මිනිස්සු. 

මෙච්චර කල් ශ්‍රී ලංකාවත් එහෙම තමයි ආසියානු කලාපයේ ලොක්කා ඉන්දියාව හැබැයි සෞඛ්‍ය දර්ශක අතින් ඉන්නේ 112 දුප්පත් ශ්‍රී ලංකාව 41 ඔන්න ඕක තමයි අපි ආරක්ෂා කරපු ප්‍රමිතිය. 

1950 දී ඉන්දියාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස අවසර දුන්නා.

වසර  70  කට පසුව ප්‍රතිඵලය පහත  ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

කුසලතාවය මත නොව මුදල් මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පෞද්ගලික අංශ විසින් වෛද්‍ය  උපාධිය  විකුණන රටක් බවට පත්වීම නිදහස් ඉන්දියාව තුළ සිදුවූ විශාලම වරදයි. 

ඉන්දියාවේ හිටපු සෞඛ්‍ය ලේකම් එස්  රාවෝ. 

ඉන්දියාවේ වෛද්‍ය  පීඨ වලින් වසරකට වෛද්‍ය උපාධිධාරින්  50,000 ක පමණ සංඛ්‍යාවක් බිහිවේ. 

ඉන්දියාවේ වෛද්‍යවරුන්ගෙන් 45 % කටම වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීම සඳහා නිසි පුහුණුවක් නොමැති බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ. 

රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අසමත්භාවය සහ වෘත්තීය අවභාවිතය (Medical Negligence) නිසා එක්සත් රාජධානියේ  වෛද්‍ය සභාව (GMC UK) විසින් ප්‍රතික්ෂේප කරන ලද වෛද්‍යවරුන් වැඩිම සංඛ්‍යාවක් බිහිව ඇත්තේ ඉන්දියාවෙනි. 

රැකියා විරහිත ඉන්දීය වෛද්‍ය උපාධිධාරීන් තම වෘත්තීය සුදුසුකම්වල නොගැලපෙන රැකියා වෙළෙඳ ව්‍යාපාර සහ නීති විරෝධී ජාවාරම් ( අවයව විකිණීම,නීති විරෝධී ගබ්සා ආදී )යෙදී තවදුරටත් තම ජීවිතය ගැටගසා ගන්නා බව වාර්තා පළවී ඇත. 

ඉන්දියාවේ බොහෝ පෞද්ගලික වෛද්‍ය  පීඨවල නිසි පූර්ව සායනික හෝ සායනික පුහුණුවක් නොලැබේ.

එම නිසා හදිසි රෝග තත්ත්ව සඳහා පවා (    Emergency Management ) මුහුණ දිය නොහැකි වෛද්‍යවරුන් පිරිසක් බිහිවෙමින් පවතී.

මීට දශක ගණනාවකට පෙර මුදල් මත පදනම්ව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හඳුන්වාදීම නිසා ඉන්දියාව ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක වලට අද මුහුණ දීමට සිදුවීම් පිළිබඳව එරට කණගාටු වෙන බව මේ තොරතුරුවලින් හෙළිවේ.

කිහිප දෙනෙකුගේ උවමනාව මත මේ සිදු කරන්න යන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් කල් ආරක්ෂා කරපු ආරක්ෂක දැල විනාශ කරලා මුදල් උපයන එක. 

එහෙම වුනොත් බාල බෙහෙත් මදිවට බාල දොස්තරලත් ලංකාවේ වැහි වහිවි.

රෝහලට ගිහිල්ලා මරණ සහතිකේ ලියාගන්න ඉස්සෙල්ලා දොස්තර ඉගෙන ගත්ත තැන අහන්න වේවි. 

අනික් කරුණ තමයි මෙච්චර මුදල් ප්‍රමාණයක් ලක්ෂ 125 ක් වියදම් කරලා මාසෙට රුපියල් 54000/=  වැටුපක් ගන්න කවුද කැමති.  

වසර විස්සක් විතර ගියත් මාසෙකට රුපියල් ලක්ෂයක විතර මූලික වැටුපක් ගන්න ඔබ කැමතිද?

අපරාධයක්  කෝටි ගානක් වියදම් කරන්නේ  ඊට වඩා හොඳයි ලක්ෂ විසි පහක් විතර වියදම් කරා software ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්.

කළු සල්ලි සුදු කරන අයගේ දරුවන්ට නම් මේ ලක්ෂ 125 ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. 

කොහොම වෙතත් වසර හැත්තෑ හතරක් මේ රට පාලනය කරලා මේ රට අන්ත දුප්පත් තත්ත්වයට ඇදලා දාපු තක්කඩි දේශපාලනඥයොත් එක්ක එකතු වෙලා මේ රටේ ඊනියා උගත්තු තමන්ගේ විශ්‍රාම කාලය මුදල් උපයන්න ආත්මාර්ථ කාමි විදිහට මේ රටේ අධ්‍යාපන ක්‍රමය බිඳ දමමින් සිටිනවා. 

හැබැයි ඒවට මේ රටේ ජාතික පාසල් පද්ධතිය තුළ ඉන්න තක්කඩි ගුරු පිරිසකුත් (හැමෝම නෙමෙයි හොඳ ගුරුවරුන්ට මෙය අදාල නොවෙයි) එයට අනුබල දෙමින් පාසලේ දරුවන්ට උගන්වන්නෙ නැහැ. 

දෙමාපියනුත් දරුවනුත් අනාත කරමින් ඔවුන් ජීවත් වෙන්න උත්සාහ කරනවා.

ඔවුන්ගේ ටියුෂන් පන්තියට ආවොත් විතරයි දරුවට සැලකිලි පාසලේ උගන්වන්නෙම නෑ. 

මේ නිසාම ඇතැම් දෙමාපියන් සල්ලි බොහොම අමාරුවෙන් හොයාගෙන අන්තර්ජාතික පාසල් වලට සිසුන් දාන්න පටන් අරගෙන ජාතික පාසල් පද්ධතිය වැහිලා යනවා ජාත්‍යන්තර පාසල් පද්ධතිය විශාල වෙනවා. 

හැබැයි මේවායේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට ලක්ෂ ගණනින් විභාග ගාස්තු වෙනුවෙන් විදේශයන්ට විදේශ විනිමය ඇදී යන බව මේ රටේ කිසිවෙක් පවසන්නේ නෑ ඒක බලවත් ඛේදවාචකයක්.

අපි ශ්‍රී ලාංකික ජාතියක් වුණාට රට ඇතුලේ අධ්‍යාපනම ක්‍රම කිහිපයක් තියෙනවා කොටසක් අන්තර්ජාතික කොටසක් මද්‍රශා සහ අරාබි පාසල් සහ ජාතික පාසල් වශයෙන්. 

මේවායේ ඉගෙන ගන්න කාලරාමුවත් එකිනෙකට වෙනස්. 

බෙදුම් වාදය ආගම් වාදය ඇති නැති පරතරය සියල්ල මේ අධ්‍යාපන ක්‍රමය නිසා ඇතිවෙනවා. 

එක ජාතියක් වශයෙන් ලෝකය ඉදිරියට යාමට මේ රටේ මේ සියලු තත්ත්වයන් වෙනස් විය යුතුයි. 

වෛද්‍ය අධ්‍යාපනය විකිණීම නතර කළ යුතුයි. 

අපි කාරුණිකව මේ රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය හොඳයි කියන හැමෝටම කියන්නේ ඔබතුමන්ලා තුමියන්ලා ගේ පෞද්ගලික අභිමතාර්ථ කෝණයෙන් ඉවත්ව මේ රට දිහා ආදරයෙන් බලන්න ඔබේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් මේ රට විනාශ කරන්න දෙන්න එපා. 

අපි කියන කරුණු සනාථ කරාගන්න හොඳින් ඉන්දියාව ගැන අධ්‍යයනය කරන්න. 

සිංගප්පූරුව ගැන අධ්‍යයනය කරන්න. 

එංගලන්තය ගැන අධ්‍යයනය කරන්න. 

ඕස්ට්‍රේලියාව ගැන අධ්‍යයනය කරන්න. 

රූපවාහිනී  නාලිකා ඉස්සරහට ඇවිල්ලා බොරු කියන්න එපා ඒක ඔබේ තත්වෙට හොඳ මදි. 

ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනයේ යෙදී ඉඳලා විශ්‍රාම ගිය සහ දැනට එයට අනුබල දෙන වෛද්‍ය අධ්‍යාපනයේ නිරත මහාචාර්යවරු මහාචාර්යවරියන් ආචාර්ය ආචාර්යවරියන්ගේ අපි කාරුණිකව ඉල්ලීමක් කරනවා. 

ඔබ ඉගෙන ගත්තේ කොහොමද කියලා හිතන්න. 

ඉන්දියාව ලෝක සෞඛ්‍ය දර්ශකවල ඉන්නෙ කොහොමද කියලා හිතන්න. 

ලංකාව හා සසඳන්න. 

ඉන්දියාවෙ හිටපු සෞඛ්‍යය ලේකම්වරිය සෞඛ්‍ය පුද්ගලීකරණය සම්බන්ධයෙන් කියපු දේවල් විමසන්න. 

දේශපාලනඥයන් හැත්තෑ හතර වසරක් විනාශ කරපු මේ රට යන්තම් ආරක්ෂා වෙලා ආපු වෛද්‍ය අධ්‍යාපනය ඔබේ උවමනාකම් මත විනාශ වීමට ඉඩ නොතබන්න. 

එය මේ රටට ඔබ කරන ද්‍රෝහිකමක් බව ඔබට අනාගතයේ වැටහෙනු ඇත.

එයට ඔබේ උගත්කම ඔබ කෙරෙහි මේ රටේ දක්වන මිනිසුන්ගේ සැලකිලිමත්කම විනාශ වීමට ඉඩ නොතබන ලෙස කාරුණිකව ඉල්ලනවා. 

මේ රට ගැන සිතා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි වන්න ඔබට වගකීමක් සහ යුතුකමක් තියෙනවා  එවැනි ආදර්ශමත් කෙනෙකු වන්න රටට ද්‍රෝහි නොවන්න. 

වසන්ත අල්විස් 
කැඳවුම්කරු 
මහජන යුතුකම් කේන්ද්‍රය



සම්බන්ධිත පුවත් | Related News

මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.