News Category
From Date
To Date
Maximum Number of Result

සිංහල අවුරුද්ද සහ පුදුමාකාර සිංහලයෝ

Apr 15, 2024 at 10:48 AM
|

👉 අපේ රටේ ජීවත් වන බොහෝ උගත් යැයි කියාගන්නා සිංහල බෞද්ධයන්ට එක්තරා අසනීපයක් තිබේ. ඒ සෑම දෙයකම විද්‍යාත්මක බව සෙවීමේ පුදුමාකාර අසනීපයයි. 

👉 මේ යටතේ ඔවුන් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ආගම, ආගමික සාහිත්‍යය, ඇදහිලි විශ්වාස, සංස්කෘතික අංග ආදී සියල්ලේ විද්‍යාත්මක භාවය ගැන ප්‍රශ්න කරති. ඊට සමච්චල් කරමින් තමන් සාඩම්බර විද්වතුන් බව පෙන්වීමට උත්සාහ දරති. 

👉 එහෙත් පාස්කුව සමරන විට ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම විද්‍යාත්මක දැයි මෙරට කිතුනු බැතිමත්හු කිසිදා ප්‍රශ්න නොකරති. 

👉 දීපවාලිය සමරන ලංකාවේ හින්දු ආගමිකයෝ ශ්‍රියා කාන්තාව කිරි මුහුදෙන් මතු වීම හෝ කෘෂ්ණ දෙවියන් නරක අසුරයා පරාජය කළ කතාවේ විද්‍යාත්මක බව ගැන ප්‍රශ්න නොකරති. 

👉 ලංකාවේ හජ්ජි උත්සවය සමරන ඉස්ලාම් භක්තිකයෝ නබිතුමාගේ පුත්‍රයා වූ ඉස්මයිල්ව දෙවියන් වෙනුවෙන් කැපකිරීම විද්‍යාත්මක දැයි ප්‍රශ්න නොකරති. 

👉 මෙවැනි ප්‍රකට උත්සවවලට අමතරව යුරෝපය, අමෙරිකාව, ජපානය ඇතුළු විද්‍යාව දන්නා බව කියන රටවල පැවැත්වෙන විවිධාකාර ආගමික හා ආගමික නොවන උත්සව කන්දරාවක් තිබේ. 

👉 ඒ බොහොමයක් විද්‍යාත්මක හෝ තර්කානුකූල දේ නොවුණද විද්‍යාවේ දියුණුවෙන් ඉහළටම ගිය ලෝකයේ මිනිස්සු තවමත් පැරණි ආගම් හෝ ඇදහිලි මත පදනම් වූ කාරණා වෙනුවෙන් නානා මාදිලියේ උත්සව පවත්වති. 

👉 විද්‍යාව දන්නා ජපානය තවමත් පැරණි අත්භූත කතාවක් මත පදනම් වූ ශිෂ්ණ උත්සවයක් සමරන අතර, ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයේ පුරුෂ ලිංගවල ආකෘති ඉදිකරමින් විනෝද වීම මේ පිළිබඳ අපූරු උදාහරණයකි. 

👉 ලංකාවේ සිංහල අවුරුද්ද යනු මේ ආකාරයේ දෙවියන් භූතයන් හා බැඳුණු උත්සවයක් නොව පෙර කී සියල්ලට වඩා ස්වභාව ධර්මයේ නියාමයන් සමඟ බැඳුණු උත්සවයකි. (ඒ ගැන අවශ්‍ය නම් වෙනම කතා කළ හැකිය.) එසේ වුවද අන් කිසිදු දේවවාදී ආගමක පවා නැති ආකාරයට සිංහල අවුරුද්දේ විද්‍යාත්මක බව ගැන පමණක් ප්‍රශ්න අසන සිංහල උගතුන් මෙරට බොහෝය. 

👉 සැබවින්ම ඔවුන්ගේ හැසිරීම තුළ ඇත්තේ විද්‍යාව, ආගම, සංස්කෘතිය, මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය ගැන කිසිදු අවබෝධයකින් තොර ළාමක මුග්ධ බවක් මිස කිසිදු ආකාරයක විද්වත් බවක් නොවේ. 

👉 ලෝකයේ සැබවින්ම විද්‍යාව දන්නා මිනිසුන් විද්‍යාව විද්‍යාව ලෙසත්, ආගම ආගම ලෙසත්, සංස්කෘතිය සංස්කෘතිය ලෙසත් පවත්වා ගත්තද, විද්‍යාත්මක දියුණුව අතින් ඉතා පහළ තැනක සිටින ලංකාවේ හීනමාන උගතුන් පමණක් සිය අනුකාරක විද්‍යාවේ පොල් කටුවෙන් ලෝකය වැසීමට උත්සාහ කරති.

👉 සංස්කෘතිය යනු විද්‍යාවේ අඩි කෝදුවෙන් පමණක් මැන බැලිය නොහැක්කක් බව ඔවුහු නොදනිති. 

👉 විද්‍යාවේ දියුණුව සමඟ ආගමික හෝ සංස්කෘතික විශ්වාසයන් සපුරා අහෝසි වී යනු ඇතැයි සිතීම යල් පැන ගිය ගල් යුගයේ මතවාදයක් බව ඔවුහු නොදනිති.

👉 ආගම් හා විද්‍යාව අතර පැරණි ලෝකයේ පැවති මාරාන්තික ගැටුම වෙනුවට අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආගමික අයිතීන්ට ගරු කිරීම නූතන ලෝකයේ පිළිගත් මානව ආචාර ධර්මයක් බව ඔවුහු නොදනිති. 

👉 ආගම් පමණක් නොව බොහෝ ආගමික නොවන සංස්කෘතික ක්‍රියාකාරකම්ද ඊනියා තර්ක බුද්ධියට අදාළ නොවන දේ බව ඔවුහු නොදනිති. 

👉 මිනිසා යනු තර්කයෙන් බුද්ධියෙන් සියල්ල මැන බලනා මහදැනමුත්තෙකු නොව සිය තර්කයේ බුද්ධියේ සියලු බලය අතාර්කික ආශාවන් වෙනුවෙන් නාස්ති කර මිය ඇදෙන ජාගර ජීවියෙකු බව ඔවුහු නොදනිති. 

👉 යමෙකු අහස ජය ගැනීමට පෙර තම මවු ඇකයෙන් පෝෂණය වී දෙපයින් සිට ගැනීමට සමත් විය යුතුය.  

👉 තමන්ගේ සම්ප්‍රදාය සංස්කෘතිය වනාහී රටක් වශයෙන් අප පෝෂණය ලබන මවු ඇකයයි. එයට පහර දී බෝම්බ ගසා දෙපයින් සිට ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැත.

👉 විද්‍යාව, තාක්ෂණය ඔස්සේ අහස ජය ගැනීමට හැකි වන්නේ සම්ප්‍රදායෙන් සංස්කෘතියෙන් නිසි පෝෂණය ලැබූ මානසිකව සවිමත් ජාතියකට මිස විද්‍යාවේ සැතින් අධ්‍යාත්මය සිඳ ගත් හිස් බුද්ධිවාදීන්ට නොවේ. 

👉 විද්‍යාත්මක දැනුම ගැන වහසි දොඩන්නන් මිස, විද්‍යාවේ, තාක්ෂණයේ, ආර්ථිකයේ මහා ජයග්‍රහණ ලැබීමට අපට හැකි වී නැත්තේ කුමක් නිසාද? 

👉 ඊට හේතු බොහෝ තිබිය හැකි වුවද තමන්ගේ පදනම මත පා තබා ගත නොහැකි වීමද එහි  එක් හේතුවක් බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුමය. 

- ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.