News Category
From Date
To Date
Maximum Number of Result

ඔටිසම් ගැන දැනුවත් වෙමු

Apr 1, 2024 at 08:20 PM
|

(සත්‍ය කතාවක් ඇසුරෙන්. සියලුම නම් ගම් මනංකල්පිත වෙයි.)

මගේ නම චතුරිකා, මට ඉන්නේ පුංචි පුතාලා දෙන්නෙක්. මගේ මහත්තයා වෘත්තීයෙන් ව්‍යාපාරිකයෙක් . ලොකු පුතා සෙහස් එයා දැන් තුන වසරේ ඉගෙන ගන්නවා. 

මගේ කතාවේ කතා නායකයා වෙන්නේ මගේ චූටි පුතා ,එයාගේ නම දහම්. එයාගේ වයස  තවම අවුරුදු හතරයි. මගේ ලොකු පුතත් එක්ක බලද්දි එයාගේ ක්‍රියාකාරකම් පුංචි කාලෙ ඉඳන් ම පොඩ්ඩක් අඩුයි. ඒවගේම එයා ලොකු පුතා වගේ නෙමෙයි අපිත් එක්කවත් වැඩිය කතා කරන්නේ නැහැ. එයා පැත්තකට වෙලා තනියම තමයි සෙල්ලම් කරන්න හදන්නේ. මම අපේ අම්මටත්, මගේ මහත්තයටත් මේ ගැන නිතරම කිව්වම දෙන්නම කිව්වෙ කාලයත් එක්ක ඕක හරියයි කියලා. අවුරුද්දකට කලින් පුතාව අපි පෙරපාසලට දැම්මා. එක දවසක් පෙර පාසලේ දෙමාපිය රැස්වීම තිබ්බා. එතනදි පන්තිය භාර ගුරුතුමිය පැත්තකට කතා කරලා පුතා ගැන මෙන්න මේ විදිහට තමයි කිව්වේ “පුතා චුට්ටක් වැඩ කරන්න හොරයි. අනිත් අය වගේ නෙමෙයි පැත්තකට වෙලා ඉන්න තමයි හදන්නේ. කතා කරන එකත් අඩුයි නේද? මුහුණ බලල උත්තර දෙන්නෙත් නැහැ . ගෙදර මොනවා හරි ප්‍රශ්න තියෙනවද?  ඇයි දරුව මේ විදිහට හැසිරෙන්නෙ?” එතකොට මම කිව්වේ” ඇත්තටම ගෙදර මුකුත් ප්‍රශ්නයක් නෑ ටීචර් ,අපි එයාට ගොඩක් ආදරෙන් සලකනවා පුංචි කාලෙ ඉඳන්ම ඔය විදිහ තමයි ඉතින්”, මුකුත් ප්‍රශ්නයක් නැත්නම් වෛද්‍යවරයෙක් ළඟටවත් ගිහිල්ල හම්බ වුනොත් හොඳ නැද්ද කියල ටීචර් මට යෝජනා කළා. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා මහත්තයාටත් මගේ අම්මටත් මේ ගැන කිව්වහම ,දෙන්නම ආපහු කිව්වේ ඕක කාලයත් එක්ක හරියයි ඔයා බයවෙන්න එපා කියලා . ඔය විදිහට මාස තුනක් විතර කාලය ගතවෙලා ගියා.පුතාගෙ ගති ලක්ෂණ වෙනස් වුණේ නැහැ. එයා තාමත් පැත්තකට වෙලා එයා තනියම සෙල්ලම් කරන්න හදන්නේ. අයියත් එක්ක එකතුත් නැහැ. ගෙදරට ළමයි ආවට පස්සේ ඒගොල්ලොත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්නෙත් නැහැ. වැඩි කතාවකුත් නැහැ. ක්‍රියාකාරකම් එහෙමත් ගොඩක් අඩුයි. තාමත් වචන 10-15කට වඩා කතා කරන්නෙ නැහැ. 

මේ විදිහට කාලයක් ගත වෙද්දී මගේ මහත්තයගෙ නංගී ඔස්ට්‍රේලියාවෙ ඉඳන්  ලංකාවට ආවා. ඒ ආපු වෙලාවේ අපේ ගෙදරත් ආවා දවස් කීපයකට නතර වෙන්න. මගේ චූටි පුතාව පුංචි කාලේ දැකලා තිබ්බට ලොකු කාලෙ නංගි දැකල තිබුණේ නැහැ .මොකද ඒ ගොල්ලෝ ලංකාවට ආවේ අවුරුදු තුනකට පස්සේ. නංගී ඔස්ට්‍රේලියාවෙදි වෘත්තියෙන් ගුරුවරියක් විදිහට වැඩ කරනවා. නංගි මට කිව්වා චූටි පුතාගේ පොඩි පොඩි වෙනස්කම් වගයක් තියෙනවා අපි ඩොක්ටර් කෙනෙකුට පෙන්න ගමු නේද කියලා. නංගිට මේ  වගේම දරුවෝ හම්බවෙලා තියනවා කියලා කිව්වා ඕස්ට්‍රේලියාවේදී. මම කිව්වා නංගිට මහත්තයට චුට්ටක් තේරුම් කරල දෙන්න කියලා. නංගි මහත්තයට කතා කළාට පස්සේ එයත් කැමති වුණා ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න. ඉතිං අපි ළඟම තිබුණු ළමා රෝග සායනයට ගියා අපේ පුංචි පුතත් එක්කම.

ඒ වෙලාවේ අපිව විශේෂඥ ළමා රෝග වෛද්‍යතුමිය වෙත යොමු කළා. විශේෂඥ වෛද්‍යතුමිය අපේ පුංචි පුතාව පරික්ෂා කරනු ලැබුවා.

ඊට පස්සේ විශේෂඥ වෛද්‍යතුමිය අපිට ගොඩක් දේවල් පැහැදිලි කරල දුන්නා මගේ පුංචි පුතාට ඇත්තටම තියෙන්නේ ඔටිසම් කියන තත්ත්වය. මේක ලෙඩක් නෙවෙයිලු. දරුවන්ගේ ස්නායු සංවර්ධනයේ ඇතිවන වෙනස්කම් නිසාවෙන් ඇතිවෙන තත්වයක් කියලා තමයි කිව්වෙ. ගොඩක් වෙලාවට මේ වගේ දරුවෝ සමාජ සම්බන්ධතා සහ සමාජ සන්නිවේදනයේ ගැටලු තියෙනවා කියලා කිව්වා. විශේෂයෙන් ඒගොල්ලන්ගේ ඇස් දෙක දිහා බැලීමේ අඩුවක් තියෙනවා කියලා  කිව්වා. හරියට මගේ පුංචි පුතාගේ තිබ්බා වගේ තමයි. සාමූහික ක්‍රියාවන් කිරීමේ හැකියාව අඩුවක් තියෙනවා කියලත් කිව්වා. පුංචි පුතාටත් ඒ දේ එහෙමම තිබ්බා. සාමාන්‍යයෙන් දරුවන්ට මුහුණෙ හැඟීම්වලින් අදහසක් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා, එයාල සතුටු වුණහම එයාල දුක් උනහම ඒ දෙකම අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒත් අපේ පුංචි පුතාට එහෙම හැකියාව තිබුණේ නැහැ තිබ්බත් ගොඩක් අඩුයි වගේ තමයි මට හිතුණේ. .වෛද්‍යතුමිය කිව්වා ගොඩක් දරුවන්ට භාෂාව කතා කිරීමේ ප්‍රමාදයක් තියෙන්න පුළුවන් කියලා. එතුමිය කියපු විදිහට සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර යනකොට දරුවෙක් වචන තුනක් විතර කතා කරනවලු. 

 අවුරුදු දෙකක් යද්දි වචන 25ක් විතර ඒගොල්ලෝ දැනගන්නවලු. ඒ වගේම තමයි අවුරුදු තුනක් විතර ගියාට පස්සේ  වචන දෙසිය පනහක් විතර වචන ප්‍රමාණයක් ඒගොල්ලෝ දන්නවලු. සමහර වෙලාවට මගේ පුංචි පුතා එයාගෙ භාෂාවකින් කතා කරන්න හැදුවට ඒක අපිට තේරුනෙත් නෑ. ඔටිසම් තියෙන දරුවෝ තුනෙන් දෙකකටම ඉතාමත් හොඳ බුද්ධිමටමක් තියෙනවා කිව්වා. ඇත්තටම  පුංචි පුතාටත් හොඳ බුද්ධිමට්ටමක් තිබුණා. ඒ නිසාමයි අපි මේ ගැන ගොඩක් හිතුවේ නැත්තෙත්. ඉතින් මේ හැම දේ ගැනම විශේෂඥ වෛද්‍යතුමිය ඉතා පැහැදිලිවම අපිට කියලා දුන්නා. ඇත්තටම දරුවාට බොන්න මුකුත් බෙහෙත් දුන්නේ නැහැ. ප්‍රතිකාර ක්‍රම විදිහට විශේෂඥ වෛද්‍යතුමිය අපට පැවසුවේ චිකිත්සක සහ චර්යාමය ප්‍රතිකර්ම තියෙනවා කියලා. ඒ දේවල් කරන්න ඕන අපි ඔක්කොම එකතුවෙලා ගෙදර කරන එදිනෙදා ක්‍රියාකාරකම් වලදී සෙල්ලම් විදියට තමයි. ඒ දේ කරන හැටි ඉගෙන ගන්න අපිව චිකිත්සක සහ චර්යාමය ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු කළා. දැන් අපි මාසෙකට දවස් දෙකක් ඒ සඳහා දරුවාව එක්කගෙන යනවා. අපි හැමෝම එකතුවෙලා ගෙදරදිත් පුතා එක්ක සෙල්ලම් විදියට ඒ ක්‍රියාකාරකම් කරනවා. සායනයේ ඉන්න වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ගොඩක් ආදරෙන්  දරුවට සලකනවා. අපිට සායනයේ දී කියලා දුන්න ක්‍රියාකාරකම් ටික අපි පෙර පාසැල් ගුරුතුමියටත් කියලා දුන්නා.ගුරුතුමියත් දැන් දරුවාට පෙර පාසලේ දී ඒ ක්‍රියාකාරකම් ටික කරවනවා. දැන් ප්‍රතිකාර වලට ගිහිල්ලා මාස හයක් විතර වෙනවා ඇත්තටම හිටියට වඩා දැන් දරුව ගොඩක් හොඳයි.

 ටික ටික දැන් දරුවාගේ ක්‍රියාකාරකම්වල ලොකු වෙනසක් තියෙනවා. මම තාමත් දුක් වෙනවා මුලදීම මේ තත්ත්වය හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු නොවීම ගැන.විශේෂඥ වෛද්‍යතුමියත් කිව්වේ පුළුවන් තරම් අඩු වයසින් මේ තත්ත්වය හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කළහොත් දරුවාගේ ප්‍රතිකාරවලින් ලොකු වෙනස්කමක් කරන්න ඒගොල්ලන්ට පුළුවන් කියලා.

ඉතින් ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය හැම අවුරුද්දෙම අප්‍රේල් දෙවෙනිදාට යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් මම ඔයාලට මගේ කතාව කිව්වේ තවත් දරුවෙකුට මේක උපකාරී වෙයි කියලා හිතලා. මට හිතෙන විදිහට අපි හැමෝම ඔටිසම් ගැන දැනුවත් වෙමු ,ඉක්මනින්ම හඳුනා ගනිමු, ඉක්මනින්ම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත අපේ දරුවාව යොමු කරමු.



සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.