ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට... ඒත් උග්‍ර ආචාර්යවරු හිඟයක්
නවතම Times Higher Education ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රීලංකාවේ වෛද්‍ය පීඨ ජාත්‍යන්තරව පිලිගත් ඉහළ ස්ථානයක රැදී පවතී.
මෙහි කොලඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල 501-600 කාණ්ඩයේද කැලණිය විශ්ව විද්‍යාලය 801-1000 කාණ්ඩයේ ද රැඳී සිටී.
ලෝකය පුරා මේ වන විට වෛද්‍ය විද්‍යාල 4000කට ආසන්න ගණනක් පවතින අතර මෙහිදී University of East London , Massey University of New Zealand , University of Northumbria , University of Plymouth , Cardiff Metropolitan University , Aichi Medical University (Japan) ,University of Johannesburg ආදී කීර්තිමත් විශ්ව විද්‍යාල ගණනාවක් පවා කොලඹ විශ්ව විද්‍යාලයට පහලින් ශ්‍රේණිගත කිරීම් වල රැඳී සිටීම විශේශත්වයකි.
මේ මොහොත වන විට වෛද්‍ය පීඨ වලට රජයෙන් ලබා දෙන අරමුදල් සහ නව පර්යේෂණ වලට ලබා දෙන පහසුකම් විශාල වශයෙන් කප්පාදු කර ඇති අතර ආචාර්යවරුන්ගේ හිඟය ඇතුලු නොවිසඳුණු ගැටලු ගණනාවක් මධ්‍යයේ වුවත් මෙවැනි ශ්‍රේණිගත කිරීම් වල සැලකිය යුතු ස්ථානයක රැඳී සිටීම සතුටු විය යුතු කරුණකි.
නමුත් පාලකයන් තවදුරටත් රජයේ වෛද්‍ය පීඨ කඩා වැටෙන ආකාරයේ අරමුදල් කප්පාදු කිරීම් , රජයේ වෛද්‍ය පීඨ වලට අදාල රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ලබා දීම ආදිය ඉදිරියටත් සිදු වුවහොත් ලංකාවේ සමස්ත වෛද්‍ය අධ්‍යාපනයම දරුණු අගාධයකට යාමේ පෙර නිමිති පහළ වෙමින් තිබීම කණගාටුවට කරුණක්.
(NO PMC - For Free Education පිටුවෙන් උපුටා ගන්නා ලදී)
මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන යුතුකම් කේන්ද්‍රය පවසන්නේ මෙරට තක්කඩි දේශපාලකයන්ගේ උදව්වෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දා ගැනීමට ඇතැමුන් ක්‍රියාකරමින් සිටින බවත්, රජයේ වෛද්‍ය පීඨවල උග්‍ර ආචාර්යවරු හිඟයක් මතුවී තිබීම බරපතළ තත්ත්වයක් බවත් ය.
පහතින් දැක්වෙන්නේ මහජන යුතුකම් කේන්ද්‍රය විසින් මේ පිළිබඳව දක්වා ඇති අදහසයි.
"හැත්තෑව පැන්න වයසක මහාචාර්යවරු ආචාර්යවරු කීපදෙනෙක් මේ රට නැත්තටම නැති කරපු රටේ මිනිස්සු හිඟන්නෝ කරපු තක්කඩි දේශපාලනඥයොත් එක්ක එකතු වෙලා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාගන්න ඕන උනාට රජයේ වෛද්‍ය පීඨවල උග්‍ර ආචාර්යවරු හිඟයක් තියෙනවා.
කොළඹ වෛද්‍ය පීඨයට වගේ පහසුකම් නැති හෝමාගම හොරණ හෝ පානදුර රෝහල්වලට පෞද්ගලික වෛද්‍ය සිසුන් 500 ක් පුහුණු කරන්න ආචාර්යවරු හා පහසුකම් කෝ.......
අනික හෝමාගම කියන්නේ රජයේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨ සිසුන් ඉගෙන ගන්න තැනක්.
පානදුර හොරණ කියන්නේත් මොරටුව වෛද්‍ය පීඨයේ සිසුන් ඉගෙන ගන්න තැනක්.
සියලු අංග සම්පූර්ණ පහසුකම් තියෙන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රෝහලට පවා රෝගීන් එන්න මැලිකමක් දක්වනවා උපකරණ තිබුනට වැඩක් නෑ ප්‍රමිතිය තියෙන්න ඕන.
පන්සියයක් පුහුණු කරන්න කොළඹ වගේ දෙගුණයක් රෝගීන් ඉන්න ඕන ඒ පහසුකම් තියෙන්න ඕන.
එතකොට ඒ පහසුකම් දෙන්න රජයේ අනෙකුත් රෝහල් වට්ටල වහන්න කටයුතු කරලද කරන්න වෙන්නේ. කෝ පුහුණු වෛද්‍යවරුආචාර්‍යවරු?.
ඒවට ඉන්දියාවෙන් ගෙන්වනවද ......රජයේ වෛද්‍ය පිඨ ටික වට්ටලා ඒකෙ ඉන්න අය ගන්නවද?
තමන්ගේ කල්ල මරේ ගොඩදාගන්න රටේ මහජනතාවට බෙහෙත් කියල වතුර දුන්න සෞඛ්‍ය ඇමතිල සෞඛ්‍ය බලධාරීන් *ඉන්න රටේ ප්‍රමිති ගත පෞද්ගලික වෛද්‍ය පීඨ දාන්න පුළුවන් කියලා කවුරු හරි කියනවනම් ...ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුයි.
ඒකෙන්ම හිතාගන්න පුළුවන් ජාවාරම්කාරයන්ගේ වෙන්දේසිකාරයන්ගේ රට විකුණන ආකාරය උන්ට ප්‍රමිතිය වැඩක් නෑ.
මතකනේ මෑතකදී ගැසට් එකක් ගැහුවා අපේ රටේ කුළුබඩු වෙනුවට විදේශයන් වලින් බාල ඒවා ගෙනල්ලා අපේ තේ වලට කලා වගේ ප්‍රථි අපනයනය කරන්න.
බාල බෙහෙත් මදිවට බාල දොස්තරලා ආවහම අප රටේ මිනිස්සුන්ට හරි සැපයි .....
ඒ විතරක් නෙමෙයි කෝටි ගානක් වියදම් කරලා සුළු වැටුපකට දොස්තර කම ගන්න මිනිස්සුන්ට පිස්සුවක් නෑ.
ඊට වඩා හොඳයි මහ බැංකුවේ රැකියාවකට යනවා පොඩි ගානක් වියදම් කරලා.
හරි හරි එට්කා අත්සන් කරයින් පස්සේ ඉන්දියාවෙන් පේමන්ට් තුළ ඉන්න සහතිකේ විතරක් තියෙන නමට පමණක් බාල දොස්තරලා ගෙන්න ගන්න පුළුවන්.
අපේ ප්‍රමිති ගත වෛද්‍ය අධ්‍යාපනය නිසා අපි ඉන්නේ ඉන්දියාවට වඩා ඉහල තැනක අපි 46 ඉන්දියාව 112.
ගොඩක් වෙලාවට රටේ පාලකයන් හිතාගෙන ඉන්නේ අපි ඉන්දියාවේ විසිනම වැනි ප්‍රාන්තය වුණාට කමක් නෑ කියලනේ.
හරි හරි කලබල වෙන්න එපා 2048 දී දියුණු රටක්."
- මහජන යුතුකම් කේන්ද්‍රය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..