පාසල් සිසුනට ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය උගන්වනව ද නැත්නම් කෙබර උගන්වනව ද?
වසංගතය නිසා ඔන්ලයින් ඉගැන්නිල්ල ප්‍රචලිත වී තිබේ. ඊට සමගාමීව විවිධ විෂයන් හා විෂය කොටස් අළලා යුටියුබ් විඩියෝ ද විවිධ තරාතිරමේ පුද්ගලයින් විසින් නිකුත් කරනු දක්නට ලැබේ.
මා, පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය අරඹයා යු ටියුබ් විපරමක් කරන ලද්දේ අධ්‍යාපන අරමුණක් වෙනුවෙනි. අමුවෙන්ම කිවුවොත් මේ දිනවල මා විසින් සරසවියේ තෙ වැනි වසර පුරාවිද්‍යා විශේෂ උපාධි අපේක්ෂකයින් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන ‘ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය’ නම් පාඨමාලාවේ අතිරේක දැනුමක් ලබාගැනීම සඳහා උපාධි අපේක්ෂකයින්ට රෙකමදාරු කිරීමට ඇති විඩියෝ ගැන සොයා දැනගැනීමයි.
වාසනාවට තත් විෂය අරඹයා විඩියෝ/ විඩියෝ කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් හොයාගත හැකි විය. ඒ පාසල් ගුරුවරුන් හා ටියුෂන් ගුරුවරුන් යැයි සිතිය හැකි ගැහැණුපිරිමි දෙපසේම අයවළුන් විසින් පටිගත කර, උඩුගත කර ඇති විඩියෝ වශයෙනි. පාසල් විෂය මාලාවේ 10 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය හා ජනාවාසකරණය යනුවෙන් පාඩම් කොටසක් ඇති බැවින් මේ සුලභතාව ඇති වි ඇත. ඛේදයක මහත. මේ විඩියෝවල අන්තර්ගතයන් බැලීමේ දි එයින් බොහෝමයක ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය යනුවෙන් කියැවෙන්නේ අමු කෙප්පය, නැතහොත් බෙහෙවින් පැටලිලි සහගත කරුණුය. මේ ජාතියේ අනාගතය යැයි කියන පාසල් සිසුනට පොම්ප කරන දැනුමය.
මෙය ඒ විඩියෝ ඉදිරිපත් කරන්නන්ගේ වරදක් පමණක් ම නොව අදාළ දැනුම ඔවුනට ලබාදුන් පුද්ගලයින්ගේ වරද ය. නැතහොත් ඔවුන් විසින් පරිශිලනය කර ඇති මූලාශ්‍රයයන්ගේ දුර්වලතාවකි. තවත් විටෙක එකී විඩියෝ ඉදිරිපත් කරන්නන්ගේ තකතීරුකමය (අවස්ථා කීපයක දී එවැනි ජනප්‍රිය විඩියෝවල ඇති තදබල සාවද්‍යතා පිළිබඳ සමහර ඉදිරිපත් කරන්නන්ට 'පෞද්ගලික මැසේජ්' ආකාරයට දැනුම් දුන්න ද ඒවා නිවැරදි වන බවක් ද නොපෙනේ).
යම් සිසුවෙකු හෝ සිසුවියක මෙම සාවද්‍යය හා පැටළිලි සහගත කරුණු හැර නිරවද්‍ය කරුණු මීට අදාළ ප්‍රශ්න සඳහා පිළිතුරු වශයෙන් සපයනු ලැබුවහොත් ඒවාට අදාළ නියමිත ලකුණු ලැබේ ද? එයයි ඛේදය.
වල්මත් වී හසරක් නොදකිමි.
- චන්දිම අඹන්වල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..