පාසල් සිසුනට ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය උගන්වනව ද නැත්නම් කෙබර උගන්වනව ද?
වසංගතය නිසා ඔන්ලයින් ඉගැන්නිල්ල ප්‍රචලිත වී තිබේ. ඊට සමගාමීව විවිධ විෂයන් හා විෂය කොටස් අළලා යුටියුබ් විඩියෝ ද විවිධ තරාතිරමේ පුද්ගලයින් විසින් නිකුත් කරනු දක්නට ලැබේ.
මා, පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය අරඹයා යු ටියුබ් විපරමක් කරන ලද්දේ අධ්‍යාපන අරමුණක් වෙනුවෙනි. අමුවෙන්ම කිවුවොත් මේ දිනවල මා විසින් සරසවියේ තෙ වැනි වසර පුරාවිද්‍යා විශේෂ උපාධි අපේක්ෂකයින් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන ‘ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය’ නම් පාඨමාලාවේ අතිරේක දැනුමක් ලබාගැනීම සඳහා උපාධි අපේක්ෂකයින්ට රෙකමදාරු කිරීමට ඇති විඩියෝ ගැන සොයා දැනගැනීමයි.
වාසනාවට තත් විෂය අරඹයා විඩියෝ/ විඩියෝ කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් හොයාගත හැකි විය. ඒ පාසල් ගුරුවරුන් හා ටියුෂන් ගුරුවරුන් යැයි සිතිය හැකි ගැහැණුපිරිමි දෙපසේම අයවළුන් විසින් පටිගත කර, උඩුගත කර ඇති විඩියෝ වශයෙනි. පාසල් විෂය මාලාවේ 10 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය හා ජනාවාසකරණය යනුවෙන් පාඩම් කොටසක් ඇති බැවින් මේ සුලභතාව ඇති වි ඇත. ඛේදයක මහත. මේ විඩියෝවල අන්තර්ගතයන් බැලීමේ දි එයින් බොහෝමයක ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය යනුවෙන් කියැවෙන්නේ අමු කෙප්පය, නැතහොත් බෙහෙවින් පැටලිලි සහගත කරුණුය. මේ ජාතියේ අනාගතය යැයි කියන පාසල් සිසුනට පොම්ප කරන දැනුමය.
මෙය ඒ විඩියෝ ඉදිරිපත් කරන්නන්ගේ වරදක් පමණක් ම නොව අදාළ දැනුම ඔවුනට ලබාදුන් පුද්ගලයින්ගේ වරද ය. නැතහොත් ඔවුන් විසින් පරිශිලනය කර ඇති මූලාශ්‍රයයන්ගේ දුර්වලතාවකි. තවත් විටෙක එකී විඩියෝ ඉදිරිපත් කරන්නන්ගේ තකතීරුකමය (අවස්ථා කීපයක දී එවැනි ජනප්‍රිය විඩියෝවල ඇති තදබල සාවද්‍යතා පිළිබඳ සමහර ඉදිරිපත් කරන්නන්ට 'පෞද්ගලික මැසේජ්' ආකාරයට දැනුම් දුන්න ද ඒවා නිවැරදි වන බවක් ද නොපෙනේ).
යම් සිසුවෙකු හෝ සිසුවියක මෙම සාවද්‍යය හා පැටළිලි සහගත කරුණු හැර නිරවද්‍ය කරුණු මීට අදාළ ප්‍රශ්න සඳහා පිළිතුරු වශයෙන් සපයනු ලැබුවහොත් ඒවාට අදාළ නියමිත ලකුණු ලැබේ ද? එයයි ඛේදය.
වල්මත් වී හසරක් නොදකිමි.
- චන්දිම අඹන්වල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..