නූතන අර්ථශාස්ත්‍රයේ අසාර්ථකත්වය
තමලු මලින්ත පියදිගම විසින් “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය - දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” කියලා පොතක් ලියලා. තවමත් ඒක කියවපු නැති හින්දා මට ඒ ගැන අදහසක් කියන්න අමාරුයි. ඒත් නූතන අර්ථශාස්ත්‍රය ගැන නම් වචනයක් දෙකක් කියන්න බැරිකමක් මට නෑ.
ඇත්තෙන් ම “අර්ථශාස්ත්‍රය”, “අර්ථශාස්ත්‍රය” (එහෙමත් නැතිනම් “ආර්ථික විද්‍යාව”, “ආර්ථික විද්‍යාව”) කියලා අපි කිව්වාට තියෙන්නේ එක අර්ථශාස්ත්‍රයක් නෙවෙයි. අර්ථශාස්ත්‍ර ගොඩක් තියෙනවා. මේ විෂයයට අදාළ නොබෙල් තෑග්ග දෙන්නෙත් Nobel Memorial Prize in Economic Sciences කියලා. මෙතැන Economic Sciences කියන යෙදුමෙනුත් ඒ බහුවිධ බව පැහැදිළි වෙනවා. ඒකට කමක් නෑ. අපි පහසුව සඳහා “අර්ථශාස්ත්‍රය” කියලා මේ සෙල්ලමට කියමු.
පහුගිය අවුරුදු සීය, එකසිය පනහ ඇතුළත ඉස්සරහට ආපු අර්ථශාස්ත්‍ර සාර්ථක ද? බහුතරයක් දුප්පත් කරලා, සුළුතරයක් පොහොසතුන් පත් කරන එක විතරයි මේ අර්ථශාස්ත්‍රවලින් කරලා තියෙන්නේ. මෙහෙම බහුතරයක් පීඩාවට පත් කිරීම සාර්ථකත්වයේ ලක්‍ෂණයක් කියලා සළකන්න බෑ.
අපි උදාහරණයක් විදිහට දැන් රජ කරන නව ලිබරල්වාදී මගෝඩිය සළකමු.
මිල්ටන් ෆ්‍රීඩ්මාන් ප්‍රමුඛ චිකාගෝ කල්ලිය විසිනුත් තවත් ආර්ථික උස්තාද්ලා විසිනුත් ඉස්සරහට දාපු මේ නව ලිබරල්වාදී මගඩිය රොනල්ඩ් රීගන්, මාර්ගට් තැචර් වගේ දේශපාලන නායකයෝ එකතුවෙලා මහ බලවත් අධිපතිවාදී ආර්ථික මතවාදයක් බවට පත් කළා. ඇත්තෙන්ම, චිකාගෝ කල්ලිය විසින් මේ මතවාදය කරළියට ගෙනාවේ ම බටහිර ආධිපත්‍යයේ අවශ්‍යතාව වෙනුවෙන්.
කාර්මික විප්ලවයත් එක්ක මහා පරිමාණයෙන් නිෂ්පාදනයක් වෙද්දි ඒ බඩු මුට්ටු විකුණගන්න ලොකු වෙළෙඳපොළක් ඕන. අපිට ඕන කියලා අපි හීනෙන්වත් හිතපු නැති දේවල් අපේ ඇඟේ ගහන්න ඕන. ඉතින් වෙළෙඳ ප්‍රචාරණය, අධ්‍යාපනය, මාධ්‍ය හරහා අපේ ජීවන රටා වෙනස් කරලා පරිභෝජනවාදය ඇතුළේ අපිව ගිල්ලවන එක නව ලිබරල්වාදයේ උදව්වෙන් කළා. 1977 දී ජේ. ආර්. මහත්තයා අපේ රටේ දොරවල් ඇරියෙත් මේ සෙල්ලමට පිනුම් ගහන්න ඉඩදීමේ අරමුණින්. ඉතින් අපි පරිභෝජනවාදයේ ගොදුරු බවට පත්වුණා.
කාර්මික විප්ලවයක් ගැන හීනයක්වත් දැකලා නැති හින්දා “කාර්මික ධනපතියෝ” කියලා ජාතියක් අපේ සිරිලංකාව වගේ රටවල්වල ඇතිවුණේ නෑ. අපේ රටේ නම් මුලින් ඇතිවුණේ වැවිලි, පතල්, සහ රේන්ද (අරක්කු) ධනපතියෝ කීප දෙනෙක්. ඊට අමතරව, වෙළෙඳ ධනපති පිරිසකුත් ඇතිවුණා. මුලින් වැඩි සරුවක් නැතුව ගානක් හොයාගත්තත් 1977 විවෘත ආර්ථික සෙප්පඩ විජ්ජාවෙන් පස්සේ මේ වෙළෙඳ ධනපති පිරිසගේ කරල පැහුණා. ඒ එක්කම හෙමින් හෙමින් මූල්‍ය ධනපතියෝ කීප දෙනෙකුත් ඉස්සරහට ආවා.
ඉතින් මේ වෙද්දි අපේ රටේ අතපය දිග ඇරලා ඉන්නේ වෙළෙඳ ධනපතියෝ කීප දෙනෙක් සහ මූල්‍ය ධනපතියෝ කීප දෙනෙක් විතරයි. මේ අය BlackRock වගේ ලෝකයෝ (ජාත්‍යන්තර ගිනි පොලීකාරයෝ) එක්ක ඩීල් දාගෙන තමන්ගේ ජාවාරම් කරගෙන යනවා. කොහොමත් අපේ රටවල්වල අපනයන කියලා මහ දෙයක් කරන්නේ නෑ. අපි අපනයනය කරනවා වගේ දෙගුණයක් විතර ආනයනය කරනවා. මේ ජාවාරමේ වාසිය තව තවත් මූල්‍ය වත්කම් බවට පත් කරනවා. රනිල් මහත්තයාගේ යහපාලන ආණ්ඩුවෙන් විනිමය පාලන දොරවල් කැඩුවාට පස්සේ අපනයන කරලා උපයන සල්ලි රට ඇතුළට ගේන්න ඕනත් නෑ. ඉතින් දැන් අපිට වැලේ වැල් නෑ.
නූතන අර්ථශාස්ත්‍රවල මේ හපන්කම්වලින් “සැප” ලැබිලා තියෙන්නේ මේ සිරිලංකාවේ අපිට විතරක් නෙවෙයි. ලෝකයේ හුඟක් රටවල් මේ සෙල්ලම ඇතුළේ වවුල් හප බවට පත්වෙලා ඉවරයි. ඒත් මේ අර්ථශාස්ත්‍රවල හපන්කම් වර්ණනා කරන සැළැකිය යුතු පිරිසක් අපි අතරත් ඉන්නවා. යටත්විජිතවල මිනිස්සු එහෙම තමයි.
අද අපි හිතන්න ඕන අපේ මිනිස්සු බිම ඉඳලා ශක්තිමත් කරන්න පුළුවන් අර්ථශාස්ත්‍රයක් ගැන. මම “බෞද්ධ ජනරජ ප්‍රවාදය” පොතෙන් ඒ ගැන මූලික අදහස් ටිකක් ඉදිරිපත් කළා. ඒවා තවත් වර්ධනය කරලා ජනගත කරන්න පුළුවන් නම් හොඳයි. කොහොම වුනත් ආර්ථික ක්‍රමයක් දේශපාලනයෙන් වෙන් කරන්න බෑ. ඒ කාරණයත් අපි තේරුම්ගන්න ඕන. ඉතින් මේ ශුද්ධ අර්ථශාස්ත්‍ර මගෝඩියට වඩා දේශපාලන අර්ථශාස්ත්‍ර ගැන කතා කරන්න මම නම් කැමැතියි. “බෞද්ධ ජනරජ ප්‍රවාදය” පොතෙන් කියලා තියෙන්නෙත් එහෙම ක්‍රමයක් ගැන තමයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..