නූතන අර්ථශාස්ත්‍රයේ අසාර්ථකත්වය
තමලු මලින්ත පියදිගම විසින් “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය - දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” කියලා පොතක් ලියලා. තවමත් ඒක කියවපු නැති හින්දා මට ඒ ගැන අදහසක් කියන්න අමාරුයි. ඒත් නූතන අර්ථශාස්ත්‍රය ගැන නම් වචනයක් දෙකක් කියන්න බැරිකමක් මට නෑ.
ඇත්තෙන් ම “අර්ථශාස්ත්‍රය”, “අර්ථශාස්ත්‍රය” (එහෙමත් නැතිනම් “ආර්ථික විද්‍යාව”, “ආර්ථික විද්‍යාව”) කියලා අපි කිව්වාට තියෙන්නේ එක අර්ථශාස්ත්‍රයක් නෙවෙයි. අර්ථශාස්ත්‍ර ගොඩක් තියෙනවා. මේ විෂයයට අදාළ නොබෙල් තෑග්ග දෙන්නෙත් Nobel Memorial Prize in Economic Sciences කියලා. මෙතැන Economic Sciences කියන යෙදුමෙනුත් ඒ බහුවිධ බව පැහැදිළි වෙනවා. ඒකට කමක් නෑ. අපි පහසුව සඳහා “අර්ථශාස්ත්‍රය” කියලා මේ සෙල්ලමට කියමු.
පහුගිය අවුරුදු සීය, එකසිය පනහ ඇතුළත ඉස්සරහට ආපු අර්ථශාස්ත්‍ර සාර්ථක ද? බහුතරයක් දුප්පත් කරලා, සුළුතරයක් පොහොසතුන් පත් කරන එක විතරයි මේ අර්ථශාස්ත්‍රවලින් කරලා තියෙන්නේ. මෙහෙම බහුතරයක් පීඩාවට පත් කිරීම සාර්ථකත්වයේ ලක්‍ෂණයක් කියලා සළකන්න බෑ.
අපි උදාහරණයක් විදිහට දැන් රජ කරන නව ලිබරල්වාදී මගෝඩිය සළකමු.
මිල්ටන් ෆ්‍රීඩ්මාන් ප්‍රමුඛ චිකාගෝ කල්ලිය විසිනුත් තවත් ආර්ථික උස්තාද්ලා විසිනුත් ඉස්සරහට දාපු මේ නව ලිබරල්වාදී මගඩිය රොනල්ඩ් රීගන්, මාර්ගට් තැචර් වගේ දේශපාලන නායකයෝ එකතුවෙලා මහ බලවත් අධිපතිවාදී ආර්ථික මතවාදයක් බවට පත් කළා. ඇත්තෙන්ම, චිකාගෝ කල්ලිය විසින් මේ මතවාදය කරළියට ගෙනාවේ ම බටහිර ආධිපත්‍යයේ අවශ්‍යතාව වෙනුවෙන්.
කාර්මික විප්ලවයත් එක්ක මහා පරිමාණයෙන් නිෂ්පාදනයක් වෙද්දි ඒ බඩු මුට්ටු විකුණගන්න ලොකු වෙළෙඳපොළක් ඕන. අපිට ඕන කියලා අපි හීනෙන්වත් හිතපු නැති දේවල් අපේ ඇඟේ ගහන්න ඕන. ඉතින් වෙළෙඳ ප්‍රචාරණය, අධ්‍යාපනය, මාධ්‍ය හරහා අපේ ජීවන රටා වෙනස් කරලා පරිභෝජනවාදය ඇතුළේ අපිව ගිල්ලවන එක නව ලිබරල්වාදයේ උදව්වෙන් කළා. 1977 දී ජේ. ආර්. මහත්තයා අපේ රටේ දොරවල් ඇරියෙත් මේ සෙල්ලමට පිනුම් ගහන්න ඉඩදීමේ අරමුණින්. ඉතින් අපි පරිභෝජනවාදයේ ගොදුරු බවට පත්වුණා.
කාර්මික විප්ලවයක් ගැන හීනයක්වත් දැකලා නැති හින්දා “කාර්මික ධනපතියෝ” කියලා ජාතියක් අපේ සිරිලංකාව වගේ රටවල්වල ඇතිවුණේ නෑ. අපේ රටේ නම් මුලින් ඇතිවුණේ වැවිලි, පතල්, සහ රේන්ද (අරක්කු) ධනපතියෝ කීප දෙනෙක්. ඊට අමතරව, වෙළෙඳ ධනපති පිරිසකුත් ඇතිවුණා. මුලින් වැඩි සරුවක් නැතුව ගානක් හොයාගත්තත් 1977 විවෘත ආර්ථික සෙප්පඩ විජ්ජාවෙන් පස්සේ මේ වෙළෙඳ ධනපති පිරිසගේ කරල පැහුණා. ඒ එක්කම හෙමින් හෙමින් මූල්‍ය ධනපතියෝ කීප දෙනෙකුත් ඉස්සරහට ආවා.
ඉතින් මේ වෙද්දි අපේ රටේ අතපය දිග ඇරලා ඉන්නේ වෙළෙඳ ධනපතියෝ කීප දෙනෙක් සහ මූල්‍ය ධනපතියෝ කීප දෙනෙක් විතරයි. මේ අය BlackRock වගේ ලෝකයෝ (ජාත්‍යන්තර ගිනි පොලීකාරයෝ) එක්ක ඩීල් දාගෙන තමන්ගේ ජාවාරම් කරගෙන යනවා. කොහොමත් අපේ රටවල්වල අපනයන කියලා මහ දෙයක් කරන්නේ නෑ. අපි අපනයනය කරනවා වගේ දෙගුණයක් විතර ආනයනය කරනවා. මේ ජාවාරමේ වාසිය තව තවත් මූල්‍ය වත්කම් බවට පත් කරනවා. රනිල් මහත්තයාගේ යහපාලන ආණ්ඩුවෙන් විනිමය පාලන දොරවල් කැඩුවාට පස්සේ අපනයන කරලා උපයන සල්ලි රට ඇතුළට ගේන්න ඕනත් නෑ. ඉතින් දැන් අපිට වැලේ වැල් නෑ.
නූතන අර්ථශාස්ත්‍රවල මේ හපන්කම්වලින් “සැප” ලැබිලා තියෙන්නේ මේ සිරිලංකාවේ අපිට විතරක් නෙවෙයි. ලෝකයේ හුඟක් රටවල් මේ සෙල්ලම ඇතුළේ වවුල් හප බවට පත්වෙලා ඉවරයි. ඒත් මේ අර්ථශාස්ත්‍රවල හපන්කම් වර්ණනා කරන සැළැකිය යුතු පිරිසක් අපි අතරත් ඉන්නවා. යටත්විජිතවල මිනිස්සු එහෙම තමයි.
අද අපි හිතන්න ඕන අපේ මිනිස්සු බිම ඉඳලා ශක්තිමත් කරන්න පුළුවන් අර්ථශාස්ත්‍රයක් ගැන. මම “බෞද්ධ ජනරජ ප්‍රවාදය” පොතෙන් ඒ ගැන මූලික අදහස් ටිකක් ඉදිරිපත් කළා. ඒවා තවත් වර්ධනය කරලා ජනගත කරන්න පුළුවන් නම් හොඳයි. කොහොම වුනත් ආර්ථික ක්‍රමයක් දේශපාලනයෙන් වෙන් කරන්න බෑ. ඒ කාරණයත් අපි තේරුම්ගන්න ඕන. ඉතින් මේ ශුද්ධ අර්ථශාස්ත්‍ර මගෝඩියට වඩා දේශපාලන අර්ථශාස්ත්‍ර ගැන කතා කරන්න මම නම් කැමැතියි. “බෞද්ධ ජනරජ ප්‍රවාදය” පොතෙන් කියලා තියෙන්නෙත් එහෙම ක්‍රමයක් ගැන තමයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..