මහා බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර 50,000කට ආසන්න ප්‍රමාණයක් බිඳවැටීමේ මුව විටටම ඇවිත් - නවතම සමීක්ෂණ වාර්තාවක් පවසයි
මහා බ්‍රිතාන්‍යයේ පොලී අනුපාත ඉහල දැමීම් මාලාවක් මගින් අවුලුවාලූ “ණය කුණාටුවක්” හේතුවෙන් බංකොලොත් භාවයේ අද්දර සිටින එක්සත් රාජධානියේ ව්‍යාපාර සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වූ එවැනි ව්‍යාපාර සංඛ්‍යාව මෙන් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිය බව පසුගිය 15 වනදා ඉදිරිපත් වූ වාර්තාවකින් හෙළිදරව් විය.
ඹෙග්බීස් ඨ්‍රය්නොර් සමූහය විසින් නිකුත් කරන ලද නවතම 'ර්‍එඩ් Fලග් ඇලෙර්ට්' වාර්තාව පවසන්නේ පසුගිය වසරේ අවසාන කාර්තුවේදී බ්‍රිතාන්‍යයේ සමාගම් 47,477ක් "දරුණු" මූල්‍ය අර්බුදයක සිටි බවත්, තවත් සමාගම් විශාල ප්‍රමානයක් උද්ධමනය සහ ණය ගැනීමේ පිරිවැය සමඟ පොරබදමින් සිටි බවයි. පසුගිය මාස තුන තුළ "දරුණු" මට්ටමේ පීඩාවක් වාර්තා කළ සමාගම් 37,772 හා සසඳන විට මෙම අගය 26% ක වැඩිවීමකි.
තීරනාත්මක මූල්‍ය පීඩාව කාර්තුවෙන් කාර්තුවට ඉදිරිපත් කරන වාර්තාව අඛණ්ඩව දෙවන කාලපරිච්ඡේදයේදීද මෙම වැඩිවීම 25% කින් ඉහළ යාම සනිටුහන් කරන බව සඳහන් කරයි. මෙම තත්ත්වයන්ට මුහුණ දෙන ව්‍යාපාරවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉදිරි වසර තුළ බංකොලොත් භාවයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඹෙග්බීස් ඨ්‍රය්නොර් හි හවුල්කරුවෙකු වන Jඋලී ඵල්මෙර් ට අනුව, ඉහල යන පොලී අනුපාත, "ඉහළ" උද්ධමනය සහ "අනපේක්ෂිත" යෙදවුම් පිරිවැය මධ්‍යයේ දුර්වල පාරිභෝගික විශ්වාසය බ්‍රිතාන්‍ය ව්‍යාපාර සඳහා "පරිපූර්ණ කුණාටුවක්" නිර්මාණය කර ඇත.
උද්ධමනය මෙල්ල කිරීමේ උත්සාහයක් ලෙස එංගලන්ත බැංකුව 2021 වර්ෂය අවසානයේ තිබූ 0.1% බැංකු පොලී අනුපාතයේ සිට වර්තමාන 5.25% දක්වා පොලී අනුපාතය දක්වා ක්‍රමානුකූලව ඉහළ නංවා ඇත.
"එම නිෂ්චල දිනයන් තුළ දැරිය හැකි ණය මත පැටවූ එක්සත් රාජධානියේ සිය දහස් ගණනක් ව්‍යාපාර දැන් ඔවුන්ගේ මූල්‍යය තත්වයට ඇති අමතර බර සමඟ එක් වෙමින් සිටිති." Jඋලී ඵල්මෙර් තවදුරටත් පැවසීය. "යම් දුරකට ශුභවාදීව බලා සිටිය යුතු දස දහස් ගණනක් බ්‍රිතාන්‍ය ව්‍යාපාර වලට නව වසර තුළ පැවැත්ම සඳහා සටනක් කිරීමට සිදු වනු ඇත."
සාර්ව ආර්ථික කැලඹීම එක්සත් රාජධානියේ ආර්ථිකයේ “සෑම අස්සක් මුල්ලක් නෑරම” බලපාන බව පාමර් පැවසුවේ, වඩාත් බරපතල තත්වයන් නිර්මාණය වන්නේ ඉදිකිරීම් සහ දේපළ වෙළඳාම් අංශවල බවයි. ඹෙග්බීස් ට අනුව එක්සත් රාජධානියේ තීරනාත්මක මූල්‍ය අර්බුදයක සිටින සියලුම ව්‍යාපාරවලින් 30% කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරයි. පර්යේෂකයන් පෙන්වා දුන්නේ තක්සේරු කරන ලද අංශ 22ම පසුගිය වසරේ “තීරණාත්මක” මූල්‍ය අර්බුදයේ වැඩිවීමක් දක්නට ලැබුණු බවයි.
පසුගිය වසරේ අවසන් කාර්තුවේදී බ්‍රිතාන්‍ය සමාගම් 540,000කට ආසන්න සංඛ්‍යාවක් “සැලකිය යුතු” විපතකට පත්ව ඇති බව වාර්තාව පෙන්වා දෙන අතර එය තුන්වන කාර්තුවට වඩා 12.9% කින් වැඩි වීමකි. ඹෙග්බීස් ඨ්‍රය්නොර් එක්සත් රාජධානියේ ව්‍යාපාර බංකොලොත් අනුපාතය 2024 දී තවත් වේගවත් විය හැකි බවට අනතුරු ඇඟවූයේය .
https://www.rt.com/business/591098-uk-business-critical-financial-distress/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..