මේ සිදුවෙමින් පවතින්නේ ඓතිහාසික පාවාදීමක් ද? - ජිහාන් හමීඩ්
ශ්‍රී ලංකාව භයානක සන්ධිස්ථානයකට පැමිණ සිටී. ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමඟ ආරක්ෂක සහ ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙමින් තිබේ.
ශ්‍රී ලාංකේය ජාතිය විදේශ අවශ්‍යතාවලට ස්ථිරවම බැඳ තබන මෙවැනි ගිවිසුම් එළඹෙනවායැයි පැවසෙන තොරතුරු සත්‍ය නම්, මෙය අපගේ ඉතිහාසයේ දරුණුතම පාවාදීම්වලින් එකක් වනු ඇත. එම පාවාදීම මගින් අපට උරුම උපායමාර්ගික ස්වාධීනත්වය අඩපණ කර අප ජාතියේ ඉරණම විනාශයෙන් අවසන් කරනු ඇත.
ආචාර්ය දයාන් ජයතිලක වරක් නිවැරදිව පෙන්වා දුන් පරිදි, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයගේ ධුරයෙහි නීත්‍යානුකූලභාවය ලබා ගන්නේ පාර්ලිමේන්තුවේ සුපිරි බහුතරයකින් නොව ජනතාවගේ ජනවරමෙන් ය.ජනාධිපතිවරන්යේදී ඡන්දවලින් 42% ක් පමණක් ලබා ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපේ රටේ අනාගතය පිළිබඳව ආපසු හැරවිය නොහැකි තීරණ ගැනීමට සදාචාරාත්මක හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කිසිසේත් නැත.

අත්සන් කරනවායැයි පැවසෙන මෙම සැක සහිත ගිවිසුම් 2023 අගෝස්තු මාසයේදී ඔහු විසින්ම ප්ළිකෙව් කළ ගිවිසුම් වලට වඩා වැඩි බරක් තිබෙන ගිවිසුම් වන්නේ නම්, ඔහු කුහකයෙකු පමණක් නොව ඓතිහාසික ද්‍රෝහියෙකු බවටද පත් වනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු බ්ලහත්කාරයට එරෙහිව සන්නද්ධ කැරැල්ලකට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණෙහි සභාපතිවර්යය. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතා සමඟ ඔහු අනුගමනය කළ තරුණයින් 60,000 කට වැඩි පිරිසක් ඝාතනයට ලක්විය. ඔවුන් තම ජීවිත පරිත්‍යාගයෙන් 1987 ගෙන ආ ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ විය. එහෙත් පැතිර යමින් පවතින වාර්තා සත්‍ය නම්, ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නියමුවෝ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අත්හැරීමට සූදානමින් පසුවෙයි.
දෙමළ බෙදුම්වාදි කොටි ත්‍රස්තයන් සමඟ සටන් වැදී මිය ගිය අපේ සොල්දාදුවන් සහ 87-89 වකවානුවේ මියගිය අපගේ තරුණයින් ජීවිත කැප කළේ මෙවැනී ජාති ද්‍රෝහී පාවාදීමක් සඳහාද? වරක් ඉන්දියානු බලපෑමට ප්‍රචණ්ඩ ලෙස විරුද්ධ වූ පක්ෂයක වත්මන් නායකයා වූ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශ්‍රී ලංකාව දාස රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන් තම ජීවිත පරිත්‍යාග කළාද? ඔහු මෙම ද්‍රෝහී ගිවිසුම් වලට එකඟ වුවහොත් , යුද්ධයෙන් නොව, බලහත්කාරයෙන් නොව, දේශපාලන බියගුලුකමෙන් 1815 උඩරට ගිවිසුම මගින් අපගේ ජාතිය පාවා දීමට මැදිහත් වූවන් සමඟ ඔහුද ඉතිහාසයේ කුණු කූඩයට එකතු වනු ඇත.
ජිහාන් හමීඩ්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..