News Category
From Date
To Date
Maximum Number of Result

රුහුණු කුමාරි , සමුද්‍රදේවී , යාල්දේවි , උත්තර දේවි යන දුම්ර්ය සේවාවන් ඇරඹූ ඊ.එල්.බී.හුරුල්ලේ මහතාගේ 105 වන උපන් දිනය අදයි

Jan 19, 2024 at 06:28 PM
|

( මෙම ලිපිය බුද්ධිමතුන්ට හා කෘතගුණ දන්නා අයට මෙන්ම දන ගැනීමට කැමති අයට පමණි.) 

1956 මහ මැතිවරණයේදී හොරොව්පතාන ජන්ද කොට්ඨාසයේ මහජන රැස්වීමක් ඇමතු එවකට සිටි විපක්ෂ නායක එස්.ඩබ්ලිව් .ආර්.ඩී.බණ්ඩාරනායක මහතා මෙසේ පැවසුහ."තමුන්නාන්සේලාගේ හුරුල්ලේ මැතිතුමා හොද මහත්තයෙකු බව මම පිලිගන්නවා . මම එතුමාට අපේ පැත්තට එන්න යෝජනා කළා .ආවොත් ඇමති කමක් දෙන බවත් කිව්වා.එත් මේ මනුස්සයා කබල් යු.ඇන්.පිය අත ඇරලා අපේ පැත්තට ආවේ නැහැ." එවිට ජනතාව ප්‍රතිචාර දැක්වුයේ අත්පොලසන්දිමෙනි. මෙම 56 මහ මැතිවරණයේදී යු . එන්. පිය ට දිනාගත හැකි වුයේ මන්ත්‍රී ආසන 8 ක් පමණි.එයින් එක අයෙක් වුයේ ඊ.එල්.බී.හුරුල්ලේ  මහතා දිනු හොරොව්පතානය.හුරුල්ලේ මහතා උපත ලද්දේ මිට වසර 105 කට පෙර අද වැනි දිනකය.එනම් 1919 ජනවාරී 19 දාය.ඔහු උපත ලද නිවස හැදින්වුයේ " මොරකැ වලව්ව " ලෙසය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් උගෙන ගෙන ලන්ඩන් මැට්‍රකිසුලේෂන් විභාගයෙන් සමත් වී වයස අවුරුදු 24 දී රජය සේවයට එක වුයේ 1943 වසරේදී ආදායම් පාලක නිලදරියෙකු ලෙසිනි. ( වර්තමානයේ ප්‍රදේශීය ලේකම් ) වසර 13 ක් රාජ්‍ය සේවයේ යෙදුන හුරුල්ල මහතා පසුව දේශපාලනයට එක්විය. වසර 33 ක් දේශපාලනයේ යෙදුන මෙතුමා වයස අවුරුදු 70 දී දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම ජිවිතයට හුරු විය.

මෙතුමාගේ සම්පුර්ණ නම වුයේ ඉලංගසිංහ කළුකුමාර රාජකරුණා එඩ්වින් ලොකු බණ්ඩාර හුරුල්ලය.ඔහු විවාහ වුයේ මහනුවර මැදදුම්බර උඩිස්පත්තුවේ ගලගොඩ වලව්වේ මාලනී ගලගොඩ කුමාරිහාමි මෙනවිය සමගය.මෙම විවාහයෙන් දරුවන් පස් දෙනෙක් ලැබුණි.දෙදෙනෙක් දියණියන් වූ අතර තිදෙනෙක් පුතණුවෝ විය.මෙම පුතුන් තිදෙනාගෙන් පළමුවැන්නා වූ තේමිය හුරුල්ලේ මහතා කාලයක් මන්ත්‍රීවරයෙකු ලෙස මැති සබය නියෝජනය කළහ.

මෙතුමා ජිවත් වූ  මොරකැව වලව්ව වසර 300ක් පමණ පැරණි නිවසකි.මෙම නිවාස 1988 - 89 භීෂණ යුගයේදී ජ.වී.පෙ මිනීමරු ත්‍රස්තවාදීන් විසින් ගිනිතබා විනාශ කරන ලදී.1971 වසරේදී ජේ.වී.පෙ. ත්‍රස්තයන් මෙම වලව්ව බිද වලව්වේ තිබුණු වී හා සහල්ද වෙනත් වටිනා දේවල්ද පැහැර ගෙන ගියේ ට්‍රැක්ටර් සහ ලොරිවල පටවගෙනය.

මෙතුමා 1965  70 ඩඩ්ලි දෙනනයක රජයේ ප්‍රවාහන අමාත්‍ය වරයාවිය.ඒ තුලින් එතුමා රටට විශාල සේවයක් සිදු කළහ.එම සේවාවන් කුමක්  දැයි වර්තමානයේ ජිවත් වෙන බොහෝ දෙනා නොදනී.එයින් කිහිපයක් මෙහි සදහන් කිරීම වැදගත් යැයි මා සිතමි.ඔහු ලංකාවට දුම්රිය බලවේග කට්ටල් හදුන්වා දුන්නේය.ගාලු , මාතර  දුම්රිඅ මාර්ගයට රුහුණු කුමාරි, සමුද්‍රදේවි දුම්රිය සේවාව ආරම්භ කළහ. 

උතුරට යාල්දේවි සහ උත්තර දෙවි හදුන්වාදුන්හ.ජෙට් ගුවන් යානාද ඔහු ලංකාවට ගෙන ආවේය.ලංකාවේ ගම්බද ප්‍රදේශවල අතුරු මාර්ගවලට ලංගම බස් රථ හදුන්වාදී ගමනා ගමනය පහසු කළහ.මෙලෙස සුවිශේෂී සේවාවන් සිදු කළ මෙතුමා 1970 මහා මැතිවරණයේදී හොරොව්පතාන ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයාට පැරදුනේ වැඩි ජන්ද 2572 කින් 1977 දී යලිත් හොරොව්පතාන මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වුයේ ජන්ද 13982 ක ලබා වැඩි ජන්ද 4182 කිනි.

එසේ ජයගෙන මැතිසබයට පිවිසි හුරුල්ලේ මහතාට ජේ.ආර්. ජයවර්ධන රජයේ සංස්කෘතික ඇමති පදවිය යටතේ එතුමා සිදු කල මෙහෙවරද බොහෝ අයට අමතක වී ඇත. යලි මතකයට මෙසේ නංවමි.

01.දහම්පාසල් ළමුන්ට එතෙක් මුදලට ලබා දුන් සියලුම දහම් පාසල් පොත් නොමිලේ බෙදා දීම.

02.දහම් පාසල් විභාග දෙපාර්තුමේන්තුව සහ බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව යටතේ පැවැත්වීම.

03.බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව ඇරබීම.

04.සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කිරීම.

05.ත්‍රිපිටකය සිංහල බසට නගා අවසන් කිරීම.

06.සිංහල ශබ්ධ කෝෂය ලියා අවසන් කිරීම.

07.කපිලවස්තු ශ්‍රී සර්වඥ  ධාතුන් වහන්සේලා ලංකාවට වැඩමවා රට පුරා ප්‍රදර්ශනය කොට ජනතාවගේ වන්දනාවට ලක් කිරීම.

08.බෝවතැන්න මහවැලි ජලාශය ඉදි කිරීම සදහා  කෑලිවලට ගලවා ඉවත දමා තිබු නාලන්දා ගෙඩිගේ වර්තමානයේ තිබෙන ස්ථානයේ යලි ප්‍රතිස්ථාපනය කිරීම.

මේ සියල්ල යලිගොඩ නැගුවද ජේ.වී.පෙ. ත්‍රසතවාදීන් ගිනිතබා විනාශ කල වසර 300ක් පමණ පැරණි  මොරකැ වලව්ව වන තම නිවහන යලි පිලිසකර කර ගැනීමට ඔහු නොහැකි  විය.ඒ සදහා අවශ්‍ය ධනය ද හුරුල්ලේ මහතාට නොතිබුණි.උතුරු මැද පළාත් ආණ්ඩුකාර පදවියෙන් පිදුම් ලද හුරුල්ලේ මහතා මිට වසර 15 කට පෙර එනම් 2009 අප්‍රේල් මස 06 වැනි දින අභාවප්ප්‍රප්ත විය.රජ  රටින් බිහි වූ යෝධයෙකු ලෙස රට දැය සමයට අති විශිෂ්ට සේවයක් කල මෙතුමා සදා සැමරිය යුතුය. 

මැතිදුණි ඔබට නිවන් සුව !!

- අහුන්ගල්ලේ දේ.සු.ද සොයිසා -






සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.