විරෝධතා සහ දේශපාලන ගැටුම් කළමනාකරණය කර ගන්න බැරි වුණොත් ආණ්ඩුව අනිවාර්යයෙන් පරදිනවා.. - නිර්මාල්
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මතුවන විරෝධතා සහ දේශපාලන ගැටුම් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වුවහොත්, වත්මන් ආණ්ඩුවට අනිවාර්යයෙන්ම පරාජයට මුහුණ දීමට සිදුවන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ අයවැයත් සමඟ විවිධ වෘත්තීය සමිති සහ විපක්ෂ කණ්ඩායම් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාර කළමනාකරණය කිරීමේදී ආණ්ඩුව දැඩි දුර්වලතාවක් පෙන්නුම් කරන බවයි.
ආණ්ඩුව වෘත්තීය සමිති සමඟ අනවශ්‍ය ලෙස පැටලෙමින්, පැවති රාජපක්ෂ ආණ්ඩුවේ නරකම කාලයේ එස්.බී. දිසානායක වැනි අමාත්‍යවරුන් අනුගමනය කළ ආකාරයේ උද්දච්ච සහ සතුරු ප්‍රවේශයක් අනුගමනය කරන බවට චෝදනා කළ ඒ මහතා, මහින්ද ජයසිංහ වැනි අයගේ ප්‍රකාශ තුළින්ද එය පෙනී යන බව සඳහන් කළේය. එවැනි ප්‍රවේශයකින් ආණ්ඩුවකට කිසිසේත් ජයග්‍රහණය කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.
2011 වසරේදී තමන්ද ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු ලෙස කටයුතු කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති අරගලය සිහිපත් කළ ආචාර්ය දේවසිරි මහතා, එම අරගලය ආරම්භයේදී ඉතා දුර්වල මට්ටමක පැවතියද එවකට පැවති ජනප්‍රිය ආණ්ඩුව දැක්වූ සතුරු ආකල්පය හේතුවෙන් එය දැවැන්ත මහජන ව්‍යාපාරයක් බවට පත්වී ඉල්ලීම් දිනා ගැනීමට හැකි වූ බව පැවසීය.
වත්මන් අග්‍රාමාත්‍යවරිය ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එම වෘත්තීය සමිති ව්‍යාපාරවල ඉදිරියෙන්ම සිටි පිරිස් බැවින් ඔවුන් මෙම තත්ත්වය හොඳින් අවබෝධ කර ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ රට ගමන් කරන 'වැල් පාලම' ඉතා දිගු එකක් වන අතර, රට තුළ පවතින්නේ ව්‍යුහාත්මක ආර්ථික අර්බුදයක් බවයි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ණය ගැනීම ගැටලුවක් නොවන බවට කළ ප්‍රකාශය ගැනද අදහස් දැක්වූ ඒ මහතා, ඩොලර් උපයන නිෂ්පාදන කටයුතු සඳහා ණය යොදා ගැනීම ආර්ථිකයට ඵලදායී වුවත්, ලංකාවේ පවතින පරිභෝජනවාදී ණය සංස්කෘතිය තුළින් ආර්ථිකයට දීර්ඝකාලීන සාධනීය බලපෑමක් සිදු නොවන බව සඳහන් කළේය.
එමෙන්ම බදු අඩු කිරීම, වැටුප් වැඩි කිරීම සහ ඉන්ධන මිල අඩු කිරීම වැනි ඉල්ලීම් හරහා විදේශ සංචිත මත පීඩනය වැඩි වී අර්බුදය තවත් තීව්‍ර වන බවද ඔහු පැහැදිලි කළේය.
ආණ්ඩුවට සහයෝගය දෙන අයෙකු ලෙස තමන්ද මෙම ආණ්ඩුව ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර දීර්ඝ කාලයක් බලයේ සිටිනු දැකීමට කැමති බව පැවසූ ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා, බලහත්කාරයෙන්, මැතිවරණ කල් දැමීමෙන් හෝ අතීතයේ මෙන් හොර ඡන්ද දැමීමෙන් අද බලයේ රැඳී සිටිය නොහැකි බව අවධාරණය කළේය.
එබැවින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පාර්ශ්වයන් සමඟ පවතින ඉතිහාසගත දේශපාලන ගැටුම් මත පදනම්ව කටයුතු කිරීමෙන් වැළකී, මහජන ප්‍රසාදය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දුෂ්කර තත්ත්වයන් යටතේ දේශපාලන හා ගැටුම් කළමනාකරණය සිදු කරන ආකාරය පිළිබඳ පාඩම ආණ්ඩුව වහාම ඉගෙන ගත යුතු බවත්, එසේ නොවුණහොත් ආණ්ඩුව ඉතා අර්බුදකාරී තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..