කොටින්ට යළි පණ දෙන්න ගිය ලංකාවේ මුහම්මද් අස්මින්ට කේරළයේදී ඇප ලැබෙයි..
තහනම් LTTE සංවිධානය ප්‍රචණ්ඩ සහ නීතිවිරෝධී ක්‍රම මඟින් නැවත පණ ගැන්වීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින මුහම්මද් අස්මින් නමැති ශ්‍රී ලාංකිකයාට, කේරළ මහාධිකරණය මඟින් කොන්දේසිවලට යටත්ව ඇප හිමිව තිබේ.
'ඉන්දියා ටුඩේ' වාර්තා කරන පරිදි, ඉන්දියාව තුළ අනවසරයෙන් රැඳී සිටීමේ චෝදනාව ද ඔහුට එරෙහිව පවතින අතර, නඩුවේ පැමිණිල්ලට සහාය වීම සඳහා රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වීමට ඔහු කැමැත්ත පළ කර ඇත.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය මුල් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා LTTE ප්‍රධාන සාමාජිකයන් සමඟ එක්ව අස්මින් මෙම කුමන්ත්‍රණය සැලසුම් කර ක්‍රියාත්මක කළ බවට වාර්තා වේ.
චෙන්නායි වෙරළ තීරයේ සහ තවත් රඳවුම් මධ්‍යස්ථාන කිහිපයක ඔහු රහසිගත සාකච්ඡා පැවැත්වූ බවට ද චෝදනා එල්ල වී තිබේ. හෙරොයින් කිලෝග්‍රෑම් 300කට වැඩි ප්‍රමාණයක්, AK-56 ගිනිඅවි සහ ජීව උණ්ඩ 1,000ක් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ජාලයේ තොරතුරු අනාවරණය වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මුදල් යෙදවීම, හවාලා ක්‍රමය ඔස්සේ නීතිවිරෝධී ලෙස මුදල් හුවමාරු කිරීම සහ ත්‍රස්ත ක්‍රියා සඳහා එම මුදල් ක්‍රිප්ටෝ මුදල් බවට හැරවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
අස්මින්ගේ ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින්, ඔහුට කේරළ සාක්ෂිකරු ආරක්ෂණ වැඩසටහන යටතේ කඩිනම් ආරක්ෂාව ලබා දෙන ලෙස කේරළ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු ලේකම්වරයාට අධිකරණය නියෝග කර තිබේ.
එසේම, ඔහු දැනටමත් රිමාන්ඩ් භාරයේ ගත කළ කාලය සහ අනෙකුත් සැකකරුවන් කිහිපදෙනකුට ඇප ලැබී තිබීම සැලකිල්ලට ගනිමින්, ඉන්දියානු රුපියල් ලක්ෂයක ඇපයක් සහ ඇපකරුවන් දෙදෙනකුගේ ඇප මත ඔහු නිදහස් කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.
නඩුවේ සෙසු විත්තිකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම හෝ තර්ජනය කිරීම සහ මාධ්‍ය හමු පැවැත්වීම හෝ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම ඔහුට සපුරා තහනම් කර ඇත.
තවද, මෙම ඇප නියෝගය මඟින් ඔහුට ඉන්දියාවේ රැඳී සිටීමට කිසිදු නීතිමය අයිතියක් හිමි නොවන බවත්, විදේශීය නීති යටතේ ආගමන විගමන බලධාරීන්ට ගත හැකි ක්‍රියාමාර්ගවලට මෙය බාධාවක් නොවන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..
මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?
බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක‍්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..