අපි කරන්නේ කාටවත් කරන්න බැරි දේවල්.. IMF එක්ක කතා කරලා පොත්පත්වල, යෝගට්වල බදු අයින් කළා.. - ජනපති
පසුගිය රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එක්ව සිදුකිරීමට නොහැකි වූ බොහෝ දේ වත්මන් රජය ඔවුන් එකඟකර ගනිමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එහිදී පොත්පත්, යෝගට් වැනි භාණ්ඩවල වැට් බදු ඉවත්කර ගැනීමට වත්මන් රජයට හැකිවූ බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
ඊයේ (26) පැවති වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය,
"උපයනවිට බද්ද අයින් කරන්න කියලා වෛද්‍යවරු ගිහින් හිටපු ජනපති එක්ක සාකච්ඡා කරනකොට ඔහු නිලධාරීන්ට කිව්වේ IMF එක්ක සාකච්ඡාවක් අරන් දෙන්නම්, ඒගොල්ලන්ගෙන් ඉල්ලගන්න කියලා. අපි මේ රටේ කිසිම රාජ්‍ය සේවකයෙක් IMF එක ළඟට යැව්වේ නෑ. අපි එයාලා එක්ක කතා කරලා තමයි කාටවත් කරන්න බැරි දේවල් කරලා තියෙන්නේ.
ඒගොල්ලෝ කවදාවත් Paye Tax එක අඩු කරන තැනක හිටියේ නෑ. සමහර භාණ්ඩවල වැට් එක අයින් කරන තැනක හිටියේ නෑ. පොත්පත්වල හිටියේ නෑ. යෝගට්වල හිටියේ නෑ. අපි අයින් කරගත්තා. අපි ඉතාමත් සුහදව අපේ තත්ත්වය කියලා මේවා අරන් තියෙනවා. ඒ සඳහා ජාත්‍යතර මූල්‍ය අරමුදලත් අපට සහාය දීලා තියෙනවා. අනිත් අය වගේ IMF එකට හැංගිලා අපි බේරිලා නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..
මංගල දැන්වීම්වල කුලය දැමීම, වශී ගුරුකම්, තෙල් වර්ග දැන්වීම් නියාමනය කරන්න සැලසුම්..
ඉන්දියාවට ශ්‍රී ලංකාවේ හින්දු ආගම, රාමායණ මාර්ගය සහ බුදුදහම එකවර ප්‍රවර්ධනය කළ හැකිද? ඒ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාර අනන්‍යතාව වෙනස් කිරීමේ අවදානමක් තිබේද?
බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 2000ක් වරායේ සිරවෙයි.. - ත්‍රිපෝෂ නිෂ්පාදනය කොටඋඩ..
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..