ඉම්රාන් කාන් නිදහස් කරගන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්..
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නිදහස් කර ගැනීම සඳහා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා මැදිහත් විය යුතු බව සමගි ජන බලවේගයේ (SJB) කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය.
ඉම්රාන් ඛාන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉම්රාන් ඛාන් යනු පාකිස්ථානයේ හිටපු අගමැතිවරයා පමණක් නොව, මුළු ලෝකයම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත්, ඔහු ශ්‍රී ලංකාවට පිහිට වූ අයෙකු බවත්ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කටයුතුවලදී සහ ලෝක කුසලානය දිනා ගැනීමේ අවස්ථාවේදී ඔහු විශාල උපකාරයක් කළ බවද ඔහු පැවසීය.
මෙය රටවල් දෙකක් අතර පවතින ප්‍රශ්නයක් නොවන බව පෙන්වා දුන් අජිත් පී. පෙරේරා මහතා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා භාවිත කර මානුෂීය හේතු මත ඉම්රාන් ඛාන් මහතා නිදහස් කර ගැනීමට සියලු දෙනා එක්විය යුතු බව අවධාරණය කළේය.
එමෙන්ම ඉම්රාන් ඛාන් රඳවා තබා ගැනීම පිටුපස මානව හිමිකම් පිළිබඳ ගැටලුවක් පවතින බවත්, මානව හිමිකම් එක් රටකට පමණක් සීමා වූවක් නොව යම් තැනක මානව හිමිකම් කඩවන්නේ නම් එය මුළු ලෝකයටම බලපාන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මූලාශ්‍රය - ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..