බිට්කොයින් මිල ඩොලර් 60,000න් පහළට.. ක්‍රිප්ටෝ වෙළෙඳපොළ කැළඹෙයි..
ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් ඒකකය වන බිට්කොයින් (Bitcoin) හි වටිනාකම පසුගිය ජූලි මාසයෙන් පසු පළමු වරට අමෙරිකානු ඩොලර් 60,000 සීමාවෙන් පහළට ඇද වැටී තිබේ.
ඊයේ (20) දිනයේදී එහි අගය 3.45% කින් පහත වැටී ඩොලර් 59,381 ක් ලෙස සටහන් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඒ සමඟම දෙවැනි විශාලතම ක්‍රිප්ටෝ මුදල් ඒකකය වන ඊතර් (Ether) හි වටිනාකම ද 5.23% කින් අඩු වී ඩොලර් 1,648.91 ක් දක්වා පහළ ගොස් ඇත.
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වෙනුවෙන් සිදු කරන දැවැන්ත යටිතල පහසුකම් ආයෝජනවලින් අපේක්ෂිත ලාභදායීත්වය ලැබේද යන්න පිළිබඳ ආයෝජකයන් තුළ මතුව ඇති සැකසංකා මෙම පසුබෑමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
ඊට අමතරව ණය ගැනීමේ පිරිවැය ඉහළ යාම සහ නව නියාමන අවදානම් ද ක්‍රිප්ටෝ වෙළෙඳපොළේ මෙම පහළ යාම කෙරෙහි සෘජුවම බලපා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මතු වූ නියාමන අවිනිශ්චිතතාව මෙන්ම Nvidia ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං (Jensen Huang) සිය ධුරයෙන් ඉවත්වීම ද ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීමට හේතු වී ඇත.
මේ අතර, අමෙරිකාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ දර්ශක ද 2025 අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ දැවැන්තම සතිපතා පහළ යාම කරා ගමන් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.
(මූලාශ්‍රය: රොයිටර්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..