2025 වසරේ ඉහළම ආයෝජන ලැබුණු බවට අගමැතිනිය කළ ප්‍රකාශයට ඩී.වී. චානකගෙන් පිළිතුරු..

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු නව ව්‍යාපෘති ලෙස තහවුරු කරගත් විශාලතම සෘජු විදේශ ආයෝජනය (FDI) කුමක්දැයි පැහැදිලි කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට සෘජුවම අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ප්‍රකාශ කළේය.
ස්වර්ණවාහිනී 'රතු ඉර' දේශපාලන වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. පසුගිය දස වසර තුළ (2016 – 2025) මෙරටට ලැබුණු ඉහළම සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 2025 වසරේදී වාර්තා වූ බවත්, එය අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් බවත් අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම සංවාදය ඇති විය.
එහිදී අදහස් දැක්වූ ඩී.වී. චානක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, වාර්ෂික විදේශ ආයෝජන ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව එම මුදල්වලින් 98%කටත් වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය රජයන් සමයේ ආරම්භ කළ ව්‍යාපෘතිවල ඉදිරි කොටස් (Portions) හෝ දීර්ඝ කිරීම් (Extensions) මිස වත්මන් රජය අලුතින් ගෙන ආ ආයෝජන නොවන බවයි.
"සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 500ක හෝටල් ව්‍යාපෘතියක් වසර පහක් පුරා ඉදිවන විට, ඒ සඳහා වසරකට ලැබෙන ඩොලර් මිලියන 100 බැගින් වූ කොටස් ඒ ඒ වසරේ ආයෝජන ලෙස ගණනය වෙනවා. උදාහරණයක් ලෙස මේ වසරේ පෝට් සිටි (Port City) ව්‍යාපෘතියේ ඩොලර් මිලියන 50ක කොටසක් සහ වරායේ බටහිර පර්යන්තයේ (West Terminal) ඩොලර් මිලියන 100ක කොටසක් තිබෙනවා. මේ සියල්ල කලින් ආණ්ඩු ආරම්භ කළ ව්‍යාපෘතිවල කොටස්."
2016 වසරේදී හම්බන්තොට වරාය විදේශ සමාගමකට පැවරීම හරහා එකවර ඩොලර් බිලියනයක මුදලක් රට තුළට ලැබුණු බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පළමු අයදුම්පතේ සිට සියලු අනුමැතීන් ලබා දී අලුතින්ම ආරම්භ කළ ව්‍යාපෘති මොනවාදැයි ප්‍රශ්න කළේය.
ඒ අනුව, අන් කිසිවෙකුගෙන් නොව අග්රාමාත්යතුමියගෙන්ම තමන් සෘජුවම ප්‍රශ්න කරන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු තහවුරු කරගත් විශාලතම ආයෝජනය කුමක්ද යන්න රටට හෙළි කරන ලෙස බව ඩී.වී. චානක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් ඩී.වී. චානක මහතා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..