ක්‍රිප්ටෝ ලංකාවේ තහනම්.. කිසිවෙකුට වත්කමක් ලෙස නම් කරන්න බෑ..- මහ බැංකු අධිපති
ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් වත්කමක් හෝ ගෙවීම් සේවාවක් ලෙස පිළිගැනීමට මෙරට නීති පද්ධතිය තුළ කිසිදු ප්රතිපාදනයක් නොමැති අතර, මෙරට තුළ සිදුකරන කිසිදු ගෙවීමක් සඳහා ක්‍රිප්ටෝ මුදල් භාවිත කිරීම නීත්‍යානුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය.
මෑතකදී ඉදිරිපත් වූ අයවැය යෝජනා මඟින් ක්‍රිප්ටෝ වත්කමක් ලෙස හඳුනා ගැනීමට රජය උත්සාහ කර ඇති පසුබිමක, මෙරට ඩිජිටල් මූල්‍ය පරිසරය තුළ ක්‍රිප්ටෝ මුදල්වල තත්ත්වය වෙනස් වන්නේදැයි නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැහැදිලි කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් මෙරට නීතිය තුළ විශේෂිත නියාමන ක්‍රමවේදයක් නොමැති බැවින් එය වත්කමක් ලෙස නිල වශයෙන් නම් කිරීමට කිසිදු ඉඩක් නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙරට තුළ සිදුකෙරෙන ගෙවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු නීතිය ඉතා පැහැදිලි බව සිහිපත් කළ ඒ මහතා, ශ්‍රී ලංකාව තුළ ඕනෑම ගනුදෙනුවක් හෝ ගෙවීමක් සඳහා නීත්‍යානුකූල අවසරය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් සඳහා පමණක් බව අවධාරණය කළේය.
මහ බැංකුවේ විශේෂ අවසරයකින් තොරව ක්‍රිප්ටෝ මුදල් හෝ වෙනත් කිසිදු විකල්ප මාධ්‍යයක් හරහා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් සිදුකිරීම නීත්‍යානුකූල නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙරද අවස්ථා ගණනාවකදීම මහජනතාව වෙත විශේෂ නිවේදන නිකුත් කරමින් දැනුම් දී තිබුණේ බිට්කොයින් (Bitcoin), එතීරියම් (Ethereum) ඇතුළු කිසිදු අතථ්‍ය මුදල් ඒකකයක් ශ්‍රී ලංකාව තුළ නියාමනය කර නොමැති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ