News Category
From Date
To Date
Maximum Number of Result

ලාල් කාන්ත හිරු නාලිකාවට යැවූ බිලියන 10ක එන්තරවාසියට මාස 7ක්.. මෙතෙක් ගෙන ඇති නීතිමය පියවරක් නැහැ..

Nov 18, 2026 at 05:09 PM
|

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් හිරු ටීවී නාලිකාවට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා පසුගිය අප්‍රේල් 18 වැනිදා එන්තරවාසියක් යොමු කර තිබුණි.

අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් අසත්‍ය සහ ද්වේශ සහගත පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බව එම එන්තරවාසියේ සදහන් විය.

2026 අප්‍රේල් 16 වන දින හිරු ටීවී ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් අමාත්‍යවරයාගේ වත්කම් පිළිබඳව පළ කළ පුවතකදී ලාල්කාන්ත අමාත්‍යවරයා සතුව රුපියල් කෝටි 46 ඉක්මවන වත්කම් පවතින බවත්, පෞද්ගලික ආයතන 10ක රුපියල් තිස් අටකෝටි තිස්නම ලක්ෂයකට අධික සුරකුම්පත් පවතින බවත් ප්‍රකාශ කළේය.

එන්තරවාසියෙහි සඳහන් වන්නේ, අමාත්‍යවරයාගේ දියණිය සතු, වර්තමාන වටිනාකම රුපියල් 143,000කට ආසන්න කොටස් ප්‍රමාණයක අගය, සාවද්‍ය ලෙස රුපියල් තිස් අටකෝටි තිස්නම් ලක්ෂයක් ලෙස හුවා දක්වා ඇති බවයි.

වත්කම්වල මුළු වටිනාකම රුපියල් කෝටි 46 ඉක්මවන බවට හිරු නාලිකාව ගණනය කර ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද එහි සඳහන් විය.

අදළ එන්තරවාසියට පිළිතුරු සපයමින් හිරු නාලිකාව සිය නීතිඥයින් මාර්ගයෙන් අමාත්‍ය ලාල් කාන්ත මහතා දැනුම්දී තිබුණේ අදාළ එන්තරවාසිය මගින් ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම අමත්‍ය ලාල් කාන්ත යනු කැළලක් ඇතිවීමට තරම් කීර්තිනාමයක් නොමැති පුද්ගලයෙක් බවටද පිළිතුරු ලිපිය මගින් හිරු නාලිකාව පෙන්වා දී තිබුණි.

“ඔබගේ සේවාදායකයා ප්‍රසිද්ධ වේදිකාවලදී පිලිගෙන ඇති පරිදි, ඔහු පොදු දේපළවලට හානි කිරීම සහ පුරවැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම වැනි කරුණුවලට සම්බන්ධ වී ඇති බැවින්, කිසියම් හෝ නීතිමය කටයුත්තක් ආරම්භ කළහොත් ඔබගේ සේවාදායකයා යනු කැළලක් ඇතිවීමට තරම් කීර්තිනාමයක් නොමැති පුද්ගලයෙකු යන ස්ථාවරය අධිකරණය ඉදිරියේ සිය සේවාදායකයා විසින් ගෙනහැර දක්වනු ඇති බව ” නීතිඥවරු වැඩිදුරටත් ලාල් කාන්ත මහතාගේ නීතිඥාවත කරුණු දක්වමින් සඳහන් කර ඇත.

කෙසේවෙතත් නොවැම්බර් 18 වැනිදාට අදාළ එන්තරවාසිය යොමුකර මාස 07 ක කාලයක් ගතව ඇතත් තමන් කීර්ති නාමය වෙනුවෙන් කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා තවමත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි වාර්තා වන්නේ.


සම්බන්ධිත පුවත් | Related News

බ්‍රිතාන්‍යයේ උද්ධමන අනුපාතය පසුගිය ඔක්තෝබර් මාසයේදී 3.6% දක්වා ඉහළ ගොස් තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.
ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයවන නඩුවෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාළමින් කොළඹ මහාධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කළේය
කිසිදු විවෘත අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් තොරව, රුපියල් බිලියන 4.26කට අධික මහජන බදු මුදලක් වැය කරමින් ඊශ්‍රායලයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා 04ක් හදිසියේ මිලදී ගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු වී තිබේ.
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කළේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා ‘එයාර්බස්’ ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අද (18) දිනෙන් අවසන් කිරීමට අධිකරණය නියෝග කළේය.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමේ සිද්ධිය සම්බන්ධයෙන් චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට ගෙන තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන නායකයන් තිදෙනා නොවැම්බර් 19 වැනිදා චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී පළමු වරට එකම සාකච්ඡා මේසයකට එක්වීමට නියමිතය.

ප්‍රධාන පුවත්

ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..

කිසිදු විවෘත අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් තොරව, රුපියල් බිලියන 4.26කට අධික මහජන බදු මුදලක් වැය කරමින් ඊශ්‍රායලයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා 04ක් හදිසියේ මිලදී ගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු වී තිබේ.

චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමේ සිද්ධිය සම්බන්ධයෙන් චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන නායකයන් තිදෙනා නොවැම්බර් 19 වැනිදා චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී පළමු වරට එකම සාකච්ඡා මේසයකට එක්වීමට නියමිතය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම්වලට අදාළ වැඩිදුර කරුණු දැක්වීම අද (18) පස්වරු 1.30 ට අභියාචනාධිකරණයේ 110 වන අධිකරණ ශාලාවේදී සිදු කිරීමට නියමිතය.

රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

රාජ්‍ය බිඳ වැට්ටවීමට නම් සමාජය බිඳවැට්ටවිය යුතු බවත්, මේ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා බලවේග රාශියක් අතීතයේ සිටම විවිධ අයුරින් ක්‍රියාත්මක වුවත් එසේ බිඳ දැමීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට මෙම බලවේග ඉතා සූක්ෂම ලෙස ක්‍රියාන්විතයන් දියත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..

භූ දේශපාලනික ආතතීන් උත්සන්න වෙමින්, ආරක්ෂණවාදය ඉහළ යමින් සහ ගෝලීය ආර්ථික සහයෝගීතාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමක, ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වැනි APEC ආර්ථික නායක සමුළුව කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් වනු ඇත.

ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නොවැම්බර් 15 වැනිදා රුසියානු සමූහාණ්ඩුවේ මොස්කව් නුවරදී පැවැති නව යටත්විජිතවාදයේ නූතන භාවිතයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ (For the Freedom of Nations) මහා සභා රැස්වීමට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී විය.

අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන උපදේශක සභාවේ සම සභාපති ලෙස ක්‍රියාකරන වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤානතිලක හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අන්තර්ජාලයේ යම් ආන්දෝලනයක් ඇතිවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..

චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං (Alice Huang) සමඟ පැවැති සබඳතාවක් හෙළිදරව් වීමත් සමඟ ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන Nvidia හි නිර්මාතෘ ජෙන්සන් හුවාං (Jensen Huang) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම (පළමු වසරට) වාර්ෂිකව හතළිස් දහසකින් පමණ අඩු වී ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.

අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, 2027 වර්ෂයේ අයවැය ඉදිරිපත් කිරීම සජීවීව නැරඹීම සඳහා අදාළ දෙපාර්තමේන්තු සහ ආයතනවල සියලුම මණ්ඩල නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස දැන්වූ ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා යමින් සැකකරුවන් වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ නීතිවිරෝධී මූලික පරීක්ෂණයක් පැවැත්වීම අභියෝගයට ලක්කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික සම්බාධක සහ නාවික අවහිර කිරීම් හරහා ඉරාන ජනතාව සාගින්නට ඇද දැමීමට තර්ජනය කරමින් සිටින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි චෝදනා කරයි.

NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන NVIDIA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ ජෙන්සන් හුවාන් (Jensen Huang) සිය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස ඇත්තේ ඔහුට එල්ල වී ඇති චීන කාන්තාවක් හා සම්බන්ධ ඔත්තු බැලීමේ චෝදනාවක් නොව, කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ ඒකාධිකාරය පවත්වා ගැනීමට උත්සාහ කරන පාර්ශ්වයන්ගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විවෘත කළ දඹුල්ලේ එළවළු හා පලතුරු ගබඩා කිරීමේ උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලිත ගබඩා සංකීර්ණයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ බට සොරාගෙන ගොස් ඇති බවට දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.