News Category
From Date
To Date
Maximum Number of Result

Air India ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ග 8ක් අත්හිටුවයි..

Nov 13, 2026 at 07:00 AM
|

2026 වසරේ ආරම්භයේ සිට ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන Air India සමාගම තම ජාත්‍යන්තර ගුවන් ජාලයේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර, එහිදී නව ගුවන් ගමන් මංපෙත් කිහිපයක් එකතු කර ඇති මුත් ඉහළ ගියාස් මිල සහ වෙනත් හේතූන් මත චිකාගෝ වැනි දුර ගමන් මාර්ග කිහිපයකින්ම ඉවත් වීමට පියවර ගෙන තිබේ. 

මීට අමතරව, ස්ටාර් ඇලියන්ස් (Star Alliance) සාමාජිකයෙකු වන මෙම ගුවන් සේවය, ප්‍රධාන මධ්‍යස්ථාන හැර අනෙකුත් ගුවන් තොටුපළවලින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක්ම එහි අඩු වියදම් අනුබද්ධිත සමාගමක් වන Air India Express වෙත පවරමින් පවතී.

අත්හිටුවන ලද ගුවන් ගමන් අතරින් යුරෝපය වෙත ක්‍රියාත්මක වූ සේවාවන් තුනක් විශේෂ වේ. මෙයින් වඩාත්ම කැපී පෙනෙනුයේ Indira Gandhi International Airport (DEL) සහ Birmingham Airport (BHX) අතර පවත්වාගෙන ගිය ගුවන් ගමන් සේවය මේ මස මුලදී අවසන් වීමයි. 

ඊට අමතරව ඔස්ට්‍රියානු අගනුවර වන වියානා වෙත සහ ඩෙන්මාර්කයේ කෝපන්හෙන් (Copenhagen) නුවර වෙත පැවති සේවාවන්ද ඔක්තෝබර් මාසයේදී නවතා දමා ඇත. 

මේ අතර, දිල්ලි සහ රියාද් අතර ගුවන් ගමන් ද ඔක්තෝබර් මාසයේදී නතර කර ඇති අතර, දෙසැම්බර් මාසයේ සිට එය සතියකට වාර 4ක් ලෙස Air India Express මගින් ආදේශ කිරීමට නියමිතය.

චෙන්නායි සහ මධ්‍යම ප්‍රමාණයේ අනෙකුත් ගුවන් තොටුපළ සම්බන්ධයෙන්ද මෙහිදී දැඩි වෙනස්කම් සිදු කර තිබේ. චෙන්නායි සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් මැයි මාසයේදී නවතා දැමූ නමුත්, එය මේ වන විට දිනකට වාර 2ක් ලෙස Air India Express මගින් ආදේශ කර ඇත. 

එසේම චෙන්නායි සහ දුබායි අතර ගුවන් ගමන් මාර්තු මාසයේදී නතර කර ඇති අතර, හයිද්‍රාබාද් සහ දුබායි අතර ගුවමන් මාර්ගයද මාර්තු මාසයේදී අත්හිටුවා පසුව සතියකට වාර 5ක් ලෙස Air India Express මගින් ආදේශ කර තිබේ. මීට අමතරව චෙන්නායි සහ දුබායි අතර ගුවන් ගමන්ද මාර්තු මාසයේදී නවතා දැමූ අතර, එය දිනකට වාර 2ක් දක්වා Air India Express හරහා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

Air India සමාගම චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (MAA) සිදු කළ සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන තිබේ. පසුගිය වසරේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැවති ගුවන් ගමන් නැවැත්වූ අතර, මාර්තු මාසයේදී Dubai International Airport වෙත සහ මැයි මාසයේදී Singapore Changi Airport වෙත සිදු කළ ගමන් වාරද නවතා දමන ලදී.

මැදපෙරදිග භූ දේශපාලනික අර්බුද, ඉන්ධන මිල ඉහළ යාම සහ පාකිස්තානය විසින් ඉන්දීය ගුවන් යානා සඳහා ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් 2026 වසර ගුවන් සේවාවලට අභියෝගාත්මක වී ඇත. 

මෙම තත්ත්වයන් මත දිල්ලියේ සිට යුරෝපයට සහ උතුරු ඇමරිකාවට යන ගුවන් ගමන්වල කාලය පැය හතරකින් පමණ වැඩි වී ඇති අතර, මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සහ මූල්‍ය අලාභයන් හේතුවෙන් Air India සමාගම දැන් සිය දිගු දුර ගුවන් ගමන් ජාලය ප්‍රතිසංවිධානය කරමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස, දිල්ලියේ සිට ක්‍රියාත්මක වන ඇතැම් දිගු දුර ගුවන් ගමන් මුම්බායි සහ බැංගලෝර් වෙත මාරු කිරීමට නියමිතය.

සම්බන්ධිත පුවත් | Related News

පාසල් සිසුන්ගේ මූල්‍ය දැනුම හා ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්, 2027 වසරේ සිට 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබේ.
මාරාන්තික උපවාසයේ යෙදී සිටියදී පොලිස් භාරයට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ක්‍රිෂ් සමාගම සමග සිදුවූ බව කියන මූල්‍ය ගනුදෙනුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් 13 කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
මෙවර අයවැයෙන් රටේ සිරගෙවල් ප්‍රමාණය වැඩි කිරීම, ඒවායේ ධාරිතාවන් වැඩි කිරීම ඇතුළු ව්‍යාපෘති ගණනාවකට මුදල් වෙන්කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
රාජාංගනේ නමැති පුද්ගලයාගේ පසුගිය ක්‍රියාකාරීත්වය දෙස බැලීමේ දී ඔහු ආණ්ඩුව වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන බවත්, මෙම පුද්ගලයාව නඩත්තු කරන්නේ ආණ්ඩුව බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
අයවැයක් යනු ආදායම බෙදාහැරීම නොවන බවත් සහන ලැබියයුතු අයට මෙවර අයවැයෙන් සහන ලැබී ඇති බවත් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.
ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන 2027 මාර්තු මසදී අවසන් වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යළි වැඩසටහනකට යාම පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක පවසයි.

ප්‍රධාන පුවත්

අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්

1991 සෝවියට් සංගමයේ බිඳවැටීම සුවිශේෂී ඓතිහාසික සිදුවීමක් මිස, වර්තමාන රුසියාව සමඟ කටයුතු කිරීමේදී යළි යළිත් භාවිත කළ හැකි උපායමාර්ගික ආදර්ශයක් නොවන බව රුසියානු ජාත්‍යන්තර සබඳතා සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ක්ෂේත්‍රයේ සිටින ප්‍රමුඛතම විශේෂඥයකු වන ෆියෝදෝර් ලුක්යානොව් පෙන්වා දෙයි.

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සිදුකළ ප්‍රකාශය දැඩිව හෙළා දකින බවත්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

2027 අයවැය අද පාර්ලිමේන්තුවට..

ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..

1929 නොවැම්බර් 12 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප්‍රදේශයේදී උපත ලද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය මෙන්ම දේශීය චින්තනය සහ ජාතිකත්වය පෝෂණය කිරීමෙහිලා අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ විද්වතෙකි.

ජනතා හඬ යටපත් කිරීමට ගෙනෙන මර්දනකාරී නීතිවලට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි.. – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පෙන්වා දුන්නේ, ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ජනතාවගේ විරෝධතා සහ හඬ යටපත් කරමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට බවයි.

අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ක්‍රියාවලිය සඳහා නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය හරහා රටට සහ බුද්ධ ශාසනයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී බරපතළ අනාවරණයක් සිදු කළේය.

9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා ⁣අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..

බුද්ධ ශාසනයට සහ උතුම් බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ අභියෝග හා කෙනෙහිලිකම් හමුවේ තවදුරටත් නිහඬව බලා නොසිටින බව අවධාරණය කරමින්, සංඝරත්නයේ සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක් අද දින සංවිධානය කර තිබේ.

සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්‍රි හෙළිකරන කතාව..

ආසියානු විකාශන සංගමයේ 63 වැනි මහා සමුළුවේ සත්කාරකත්වය වෙනුවෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන සිරස නාලිකාවට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන 104.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් විශේෂ අදහස් දක්වා තිබේ.

කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?

පසුගිය දා ඇතිවූ දැඩි වර්ෂාවත් සමග කොළඹ නගරය පුරා හටගත් හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අගනුවර ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය. වාර්ෂාව ඇද හැලුනු ඉතා කෙටි කාලයක් ඇතුළත ඇති වූ මෙම ආපදා තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය සහ වාට්ටු කිහිපයක් ද ජලයෙන් යටවීම හේතුවෙන් රෝගී ප්‍රතිකාර සේවාවන්ට ද බරපතළ බාධා එල්ල විය.

අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..

2022 වසරේ මෙරට ඇති වූ ‘අරගලය’ යනු උපායමාර්ගික පාලන තන්ත්‍ර වෙනසකට (Regime Change) එහා ගිය, විදේශීය බලපෑම් සහිත මෙහෙයුමක් බවත්, එම තත්ත්වය හමුවේ බටහිර හා ඉන්දීය සැලසුම් වෙනස් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ බවත් ප්‍රවීණ මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතාගේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියක සඳහන් කරයි.

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයෙන් ඩෙමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණ ලබා ගත්තද, එම පක්ෂය අභ්‍යන්තරයේ මෙන්ම ඉදිරි පාලන සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිබ්ලිකන් පාලනය හමුවේ සංකීර්ණ දේශපාලන හා ආර්ථික අභියෝග රැසක් නිර්මාණය වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..

බුද්ධ ශාසනයට සහ අපේ උතුම් බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ අභියෝග හා කෙනෙහිලිකම් හමුවේ තවදුරටත් නිහඬව බලා නොසිටින බව අවධාරණය කරමින්, සංඝරත්නයේ සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක් සංවිධානය කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.