නාමල්ගේ ඇප අවලංගු කරන්නැයි අල්ලස් කොමිසමෙන් පෙත්සමක්..
ක්‍රිෂ් සමාගම සමග සිදුවූ බව කියන මූල්‍ය ගනුදෙනුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් 13 කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඉදිරියේ නොවැම්බර් 12 කැඳවනු ලැබීය.
නීතිඥ රම්සි බාචා මහතාගේ උපදෙස් මත වගඋත්තරකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයට දන්වා සිටියේ, තමන්ට පෞද්ගලික කටයුත්තක් යෙදී ඇති හෙයින් කරුණු දැක්වීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසයි.
එසේම, අදාළ නඩුවෙන් අධිකරණය මඟින් ඇප නියම කර තිබුණ ද තම සේවාදායකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර භාරයේම පසුවන බව ද ජනාධිපති නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දිනයේම කැඳවන ලෙසයි. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ පෙත්සම 13 දින කැඳවීමට තීරණය කළේය. මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ තවත් ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීම ද 13 දිනටම නියම කෙරිණි.
මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකාර නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමට ගත් තීරණය නීතියට පටහැණි හෙයින්, එම ඇප නියෝගය ප්‍රතිශෝධනය කර අවලංගු කරන ලෙස අල්ලස් කොමිසම සිය පෙත්සම මඟින් මහාධිකරණයෙන් ඉල්ලා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..
ජනතා හඬ යටපත් කිරීමට ගෙනෙන මර්දනකාරී නීතිවලට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි.. – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..
සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්‍රි හෙළිකරන කතාව..
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..