දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය හෙටට කල්තැබේ..
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය හෙට (13) දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු හය දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද දෙවන දිනටත් අභියාචනාධිකරණයේදී සලකා බැලුණි.
ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
එහිදී වගඋත්තරකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා විසින් කරුණු ඉදිරිපත් කිරීම සිදු කළේය.
" ස්වාමිනි, 2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ 10 (1) (අ) වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදි වීඩියෝ දර්ශන පදනම් කරගෙනයි මගේ සේවාදායකයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. එම වීඩියෝ දර්ශනවල අන්තර්ගත කරුණු වැරදි ලෙස අර්ථකථනය කරමින් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වා තිබෙන්නේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ රඳවා ගැනීම සදහා නිකුත් කළ රැඳවුම් නියෝගය පිළිබඳවයි මගේ සේවාදායකයා කරුණු දක්වා තිබෙන්නේ. අධිකරණය ගැන ඔහු වචනයක් වත් සඳහන් කර නැහැ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමග යවා අධිකරණ බලය අවභාවිතයට ලක්කර තිබෙනවා. ඒ තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අපහාස කර තිබෙනවා."
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙසේ පැවසීය.
" අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා සිදුකළ බවට මෙම පැමිණිල්ල තුළින් මගේ සේවාදායකයාට චෝදනා එල්ලකර තිබෙනවා. අත්අඩංගුවේ දී තමා වධ හිංසාවලට භාජනය වූ බව පවසමින් සුරේෂ් සලේ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඉන්පසුව මහේස්ත්‍රාත්වරයා විසින් ඒ පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් කැඳවීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබුවා. ඒ පිළිබඳව විවිධ අදහස් පළ කිරීම් ඇතිවුණා. සමාජ මාධ්‍යවලත් ඒ පිළිබඳව විශාල කතාබහක් ඇතිවුණා. පොලිස් දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක ආයතන. 2024 අංක 8 දරණ අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයක් ලෙස අර්ථකථනය කර නැහැ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැරදි ලෙස එම පනත අර්ථකථනය කරමින් තමයි මේ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළේ. මේ කරුණු සලකා බැලූ විට මගේ සේවාදායකයා බැලූ බැල්මටම අධිකරණයට කිසිඳු අපහාසය සිදුකර නැහැ. වධකාගාරය යනුවෙන් සඳහන් කිරීම අධිකරණයට අපහාසය වන්නේ කොහොමද? මෙවැනි අනීතික උත්සාහයන් ඉඩ නොදෙන ලෙස මා ඉල්ලා සිටිනවා." යැයි ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..
ජනතා හඬ යටපත් කිරීමට ගෙනෙන මර්දනකාරී නීතිවලට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි.. – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..
සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්රි හෙළිකරන කතාව..
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..