භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම බන්ධනාගාර අභිමතයට කළ නොහැකියි.. - ඥානසාර හිමි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
බන්ධනාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් මාංචු සහිතව අධිකරණයට රැගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු වන බී. ඒ. රත්නපාල මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම බන්ධනාගාර පරිපාලනයේ අභිමතයට පමණක් කළ නොහැකි බව එමගින් පෙන්වා දී ඇත.
එසේම බන්ධනාගාර පනතේ 156 (2) අනුව සිරකරුවන් ගේ ජායාරූප ගැනීම, ඒවා ප්‍රසිද්ධ කළ නොහැකි බවත් පෙත්සමෙහි සඳහන්.
එම කරුණුවලට පටහැනිව යමින් ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.
එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12 සහ 14 (1) යන වගන්ති මගින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.
එම හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් නීතියට අනුකූලව කටයුතු කරාද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසත් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවකදී සහ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී එම හිමියන්ට චීවරය දැරීමට අවසර ලබා දෙන ලෙස බල බන්ධනාගාර නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා ඇත.
මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මගිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..
පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?
නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..
නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්රටික් පක්ෂයට සැර අවවාදයක්