සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව නීතිපති අධිකරණයට කියයි..
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
එමෙන්ම බුද්ධිමය දේපළ වැරදිවලට අදාළව තිබෙන ප්‍රකාශන අයිතිය (copy. Right )අයිතිය පිළිබඳ වැරදි පමණක් එම පනත් කෙටුම්පතෙන් ඉවත් කිරීමට යෝජනා කර තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ප්‍රකාශ කළේය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විසි හයක් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි... මෙම පනත් කෙටුම්පතට අදාළව පෙත්සංකරුවන් විසින් ඉදිරිපත් කළ සංශෝධන සලකාබැලීම සිදුවුණා. ඒවා අදාළ අමාත්‍යංශ වෙත යොමු කර කරුණු සාකච්ඡා කළා. එහිදී සංශෝධන කීපයක් මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට එකඟතාවය ඇතිවුණා. ඒ යටතේ අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ වගේම අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත ප්‍රකාශන හිමිකම් සම්බන්ධ වැරදි ඉවත් කිරීමටත් එකඟතාවය පළ වුණා. ඊට අමතරව මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම රඳවා ගැනීම සහ රැඳවුම් නියෝග ලබා ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සිදුකළ හැකි සංශෝධන ඉදිරිපත් කිරිමට කටයුතු කරනවා." යනුවෙන් කියා සිටියේය.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත්දා ජනාධිපතිවරයා පවා මෙම පනත් කෙටුම්පතට සංශෝධන සිදුකළ යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බව පෙන්වා දුනි.
තවත් පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ යෝජිත සංශෝධන පිළිබඳව පෙත්සම්කාර පාර්ශවය දැනුවත් කිරීමෙන් පසුව වැඩිදුර කරුණු සලකාබැලීම සුදුසු බවය.
ඒ අවස්ථාවේදී සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පතට ඉදිරිපත් වී ඇති සංශෝධන සම්බන්ධයෙන් තමාගේ ද අවධානය යොමු ව ඇති බවය.
ඒ පිළිබඳව තමන් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව මෙම පෙත්සම් විභාග කිරීම අධිකරණය විසින් පැයක් කාලයක් කල් තබා තිබෙන අතර ඉන් පසුව නීතිපතිවරයාගේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..
පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?
නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..
නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්රටික් පක්ෂයට සැර අවවාදයක්