අනුරාධපුර පූජා නගරයේ සත්‍යග්‍රහය: බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් පස්නමකට ලබන 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි..
අනුරාධපුර පූජා නගර නව සැළැස්මට විරෝධය පළ කරමින් සහ එම නව පූජා නගර නව සැළැස්ම ඉවත් කර ගන්නා ලෙසට රජයට බල කරමින් අනුරාධපුර පුද බිමේ රුන්වැලි මහසෑ චෛත්‍ය පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුඑ භික්ෂූන්වහන්සේ පස් නමකට ලබන 20 වැනිදා අධිකරණය හමුවෙි පෙනී සිටින ලෙසට නියෝග කරමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (09) සිතාසි නිකුත් කළේය.
මෙසේ සිතාසි නිකුත් කළේ බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිලිමතලාවෙි රේවත සහ දෙණියායේ සෝරත යන සත්‍යගහ්‍රයේ නිරත භික්සූන්වහන්සේ පස් නමටයි.
මෙම කරුණු ඉදිරිපත් වුයේ, බලංගොඩ කස්සප හිමියන් ඇතුඑ භික්ෂූන්වහන්සේ පස් නමට සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණය මීට පෙර ලබාදී ඇති තහනම් ආඥාව ඉවත් කර ගැනීම සඳහා අදාල හිමිවරුන් වෙනුවෙන් නීතිඥයින් මෝසමක් මගින් අද (09) දින මෙම සිද්ධිය යළි කැඳවූ අවස්ථාවෙිදීය.
සත්‍යග්‍රහයේ නිරත භිකෂූන්වහන්සේ වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරුන් වන සමන් ගලප්පත්ති සහ කාලිංග රවින්ද්‍ර කාලිංග දැනුම් දුන්නේ, සිය සේවාදායක භික්ෂුන්වහන්සේට එරෙහිව ඉකුක් (07) දින අනුරාධපුර පොලිසිය අධිකරණයෙන් තහනම් ආඥාවක් ලබා ගෙන ඇත්තේ අධිකරණය නොමඟ යවමින් බවයි.
සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ රුවන්වැලිසෑ මළුවේ නොව දන්සැල් භූමියේ බවට අවධාරණය කළ නීතිඥවරුන් එමගින් මහජනතාවට කිසිදු බාධාවක් අැති නොවන බවද පැවසුවේය.
රුවන්වැලි මහසෑ භූමියෙන් සහ ජය ශ්‍රි මහ බෝධි භූමියයෙන් සහ අනුරාධපුර පුද බිමෙන්ම භික්ෂූන්වහන්ස්ට ඉවත් වන ලෙසට අධිකරණයෙන් තහනම් ආඥාවක් ලබා ගත්තේ නිරාගමික පොලිසියකින් දැයි ප්‍රශ්න කළ නීතිඥවරුන් අධිකරණය නොමග යවමින් ලබා ගෙන ඇති තහනම් ආඥාව තුළින් පොලිසිය මෙරට මෙරට ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇති බවට චෝදනා කළේය.
තම සේවාදායක භික්ෂූන්වහන්සේට එරෙහිව පනවා ඇති තහනම් ආඥාව විසුරුවා හරින ලෙසද නීතිඥවරුන් ඉල්ලා සිටියේය.
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රුක්මල් රත්නායක සදඟන් කළේ ප්‍රශ්නගත සත්‍යග්‍රහය තුළින් පැහැදිලිවම මහජනාවට පීඩාවක් ඇති වන බවට විමර්ශනවලදී නිර්ක්ෂණය වූ බවයි.
සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයෙන් ඉවත් වන ලෙසට ඉකුත් (07) දින අධිකරණය ලබා දුන් ආඥාවට සත්‍යග්‍රහයේ නිතර බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන්වහන්සේ අවනත නොවු බව පවසා සිටි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂවරයා, ඒ අනුව සත්‍යග්‍රහයේ නිතර භික්ෂූන්වහන්සේට අධිකරණය හමුවෙි පෙනී සිටින ලෙසට නියෝග කරන්නැයිද ඉල්ලා සිටියේය.
බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන්වහන්සේ සමඟ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේ සිටිමින් කලහකාරි ලෙස හැසිරී පොලිසියේ රාජකාරියට බාධා කිරීමමේ චෝදනාවට අත් අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය පානයට හුරු වූ සහ අත්අඩංගුව ගන්නා අවස්ථාවවේද එම මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයේදී තහවුරු කර ඇති බවද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අධිකරණයට දැනුම් දෙන ලදී.
දෙපාර්ශවයේ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය, සත්‍යග්‍රහයේ නිරත බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන්වහන්සේ පස් නමට මමේ මස 20 දින අධිකරණය හමුවෙි පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..
පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්‍ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?
නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..
නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්‍රටික් පක්ෂයට සැර අවවාදයක්