News Category
From Date
To Date
Maximum Number of Result

ලෝකයට ම ගිනි තියයි ද?.. - ටකර් කාල්සන් (Tucker Carlson) තමන්ගේ X ගිණුමේ ලියපු ලිපියක්

Nov 5, 2026 at 06:36 AM
|

ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු එල්ල කරන දැඩි පීඩනය හින්දා ට්‍රම්ප් ආණ්ඩුව දවස් කීපයක් ඇතුළත ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න ඉඩ තියෙනවා. මේ ප්‍රහාරයේ ඉලක්කය වෙන්නේ ඉරානයේ පිකැක්ස් (Pickax) කන්ද කියලයි කියන්නේ. ඉරාන ආණ්ඩුව ආයෙත් යුරේනියම් සරුකිරීමේ කාර්යය කරන්නේ මේ කන්දේ කියලා ඊශ්‍රායෙල් ඔත්තු සේවා කියනවා. අඩි 300 ක් ඝනකම තියෙන ගල් තට්ටුවක් පසාරු කරගෙන ගිහින් මේ න්‍යෂ්ටික සරුකිරීම කරනවා කියන බිම්ගෙය විනාශ කරන්න පුළුවන් වෙනත් ආයුධයක් ඇමරිකාට නෑ. තියෙන එකම හමුදා විකල්පය තමයි න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකිරීම. ඒ ප්‍රහාරය ඉක්මනින් ම එල්ල කරන්න කියලා නෙතන්යාහු ලොකු බලපෑමක් කරනවා. “බීබී හැම දා ම ට්‍රම්ප්ට කෝල් කරලා මේ ගැන කියනවා” කියලා තොරතුරු දන්න කෙනෙක් කිව්වා.

දැන් නෙතන්යාහු හිරවෙලයි ඉන්නේ. උන්නැහේ හොඳට ම අසරණ වෙලයි ඉන්නේ. පහුගිය සතියේ මැතිවරණයෙන් පස්සේ, ට්‍රම්ප් ඊශ්‍රායෙල දේශපාලනයට කෙළින් ම අත දාලා, අනිත් පක්‍ෂවලට බලපෑම් කරලා නෙසෙට් (Knesset) එකේ - ඒ කියන්නේ, ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුවේ, ආසන 61 ක් නෙතන්යාහුට ඇරැගෙන දෙන්නේ නැතිනම් මනුස්සයාට ආණ්ඩුවක් හදන්න බෑ. ඒ වැඩේ කෙරෙන්නේ නැතිනම්, නෙතන්යාහුට අගමැතිකමෙන් අයින්වෙලා නින්දාවට ලක්වෙන්න සිද්දවෙනවා. විමර්ශනවලට මූණදීලා බොහෝ දුරට හිරේ යන්නත් සිද්දවෙනවා. ඒක හින්දා නෙතන්යාහුට ට්‍රම්ප් ළඟ කරක්ගහන්න සිද්දවෙනවා. එයාට මේ යුද්ධය ඕන.

මේ වැඩේ කරගැනීම වෙනුවෙන්, නෙතන්යාහු ට්‍රම්ප් ආණ්ඩුවේ ඉන්න තමන්ගේ ළඟ ම යාළුවන්ටත් උපරිම විදිහට බලපෑම් කරනවා. ආරක්‍ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සහ මධ්‍යම හමුදා විධානයේ (CENTCOM) අණදෙන නිලධාරී බ්‍රැඩ් කූපර් (Brad Cooper) ඒ අතරින් දෙන්නෙක්. ඒ දෙන්නා ම, මේ අවුල් කරගත්ත යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් අවසන් කරනවාට විරුද්ධයි. ඒ දෙන්නා ම, මහා පරිමාණ හමුදා මෙහෙයුමක් ආයෙත් පටන්ගැනීම වෙනුවෙන් උනන්දුයි. රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) සහ CIA අධ්‍යක්‍ෂ ජෝන් රැට්ක්ලිෆ් (John Ratcliffe) දෙන්නත් නෙතන්යාහුගේ පාරේ ම යනවා. ඩිමොක්‍රටික් පක්‍ෂයේ නායකයොත් එහෙම ම තමයි. දෝහාවල දැන් හදාගෙන යන ඉරාන සාම ගිවිසුමට තමන් විරුද්ධයි කියලා ළඟ දී තිබ්බ රැස්වීමක දී, හිටපු ජනාධිපති බැරැක් ඔබාමාත් කිව්වා.

මැද පෙරදිග කලාපයේ ඇමරිකාවේ අනිත් මිත්‍ර රටවල් ඔක්කොම තවත් යුද්ධයක් ඇවිලෙන එක ගැන බයෙනුයි ඉන්නේ. සැප්තැම්බර් 27 වැනි දා, නෙතන්යාහු රහසෙන් ම අබුඩාබිවලට ගිහිල්ලා තියෙනවා. ඉරානයට අවසාන ප්‍රහාරයක් එල්ලකිරීම වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) පොළොඹවා ගන්නයි ඔහු ඒ ගමන ගියේ. ඒ ඉල්ලීමට UAE එකඟවුණේ නෑ.

මාස අටක් තිස්සේ ඇදෙන මේ යුද්ධයෙන් ගල්ෆ් කලාපයේ හැම ආර්ථිකයක් ම අර්බුදයට ලක්වෙලා. ලෝක ඉන්ධන සහ පොහොර වෙළෙඳපොළත් එහෙමයි. ඒවා ඉක්මනට යථා තත්ත්වයට පත්වෙන්නේ නෑ. ලෝකය පුරා ම නිෂ්පාදකයෝ සෙසු රටවල්වලට ඉන්ධන ප්‍රවාහනය කරන මහා නැව් 850 ක් විතර තියෙනවා. ඔක්තෝබර් මාසයේ දී විතරක්, ඒවායින් 11 ක් හෝමුස් සමුද්‍ර සන්ධියේ දී ඉතාමත් බරපතල විදිහට හානියට ලක්වුණා.

මේ වේගයෙන් තවත් ඉස්සරහට ගියොත් ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවෙන දවස වැඩි ඈතක නෑ. න්‍යෂ්ටික ප්‍රහාරයකින් මේ විනාශය තවත් ඉක්මන්වෙනවා. පිකැක්ස් කන්ද ආශ්‍රිතව සිද්දවෙන න්‍යෂ්ටික පිපිරීමකින් පිටවෙන විකිරණශීලි දූවිලිවලින් පර්සියන් මුහුදු ම දූෂණය වේවි. ඒ හේතුවෙන් කෝටි 10 ක ජනතාවක් බොන වතුරත් විෂවෙනවා.

මේ මැද පෙරදිග කලාපයට සිද්දවෙන බලපෑම්වලින් කීපයක් විතරයි.

සෙසු ලෝකයත් ඒ වගේ ම අවදානමකයි ඉන්නේ. ඇමෙරිකාව හැර වෙන කිසිම රටක් මේ වෙන කල් යුද්ධයක දී න්‍යෂ්ටික ආයුධයක් පාවිච්චි කරලා නෑ. ඇමෙරිකාව ඉරානයට විරුද්ධව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළොත් ඒක අලුත් පූර්වාදර්ශයක් බවට පත්වෙනවා. ඇමෙරිකාව ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළොත්, තමන්ට යුක්රේනයට විරුද්ධව න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරන්න අවසරයක් ලැබෙනවා කියලා රුසියාව දැනටමත් කියලා තියෙනවා. පකිස්තානය සහ ඉන්දියාව වුනත් එකිනෙකාට විරුද්ධව ඒක ම කරන්න පෙළැඹෙයි. උතුරු කොරියාව සියොල්වලට (දකුණු කොරියාවට) ඒ විදිහට ම පහරදෙයි. ඉතින් මුල් ම න්‍යෂ්ටික ප්‍රහාරයෙන් පස්සේ තුන්වැනි ලෝක යුද්ධය ඇතිවීම වළක්වන්න බෑ. ඒ යුද්ධය ඉක්මනින් ම අවසන් වෙයි.

අපි මාස ගානක් තිස්සේ මේ මොහොත දක්වා නින්දෙන් ඇවිදගෙන ආවා. පෙබරවාරි මාසයේ ඉඳලා ට්‍රම්ප් ආණ්ඩුව සද්දේ නැතුව ම ඇමෙරිකාවේ න්‍යෂ්ටික පිළිවෙත වෙනස් කරලා. “සටන් බිමේ න්‍යෂ්ටික ආයුධ” කියන ඒවා මුලින් ම පාවිච්චි කිරීම ලේසි කරලා සහ ඒ සඳහා තියෙන ඉඩ පුළුල් කරලා. වොෂින්ටනයේ කිසිම පක්‍ෂයකට සම්බන්ධ කෙනෙක් මේ ගැන වදවෙනවා කියලා පේන්න නෑ. දැන් අපි ඒ අනතුරේ අද්දරට ම ඇවිල්ලා.

ට්‍රම්ප් න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරනවා ද නැද්ද කියන එක ඊ ළඟ සති අන්තය වෙද්දී තීරණය කරන්න ඉඩ තියෙනවා කියලයි හොඳින් බලාගෙන ඉන්න අය කියන්නේ. ඒ කියන්නේ නොවැම්බර් 7 වැනි දා. ඒ කියන්නේ, අද ඉඳලා දවස් හයකින්. තාමත් පැකිලෙන එක තමයි ට්‍රම්ප්ට ඉතුරුවෙලා තියෙන එක ම නම්බුව. දැන් ට්‍රම්ප් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ටත් තමන්ගේ නියෝජිතයා සහ යාළුවා වෙන ස්ටීව් විට්කොෆ්ටත් ඇහුම්කන් දෙනවා. ඒ දෙන්නා ම කියන්නේ ඉරානය එක්ක ගිවිසුමකට එන්න පුළුවන් කියලයි.

ඒ දෙන්නා හරි. ඒත් ඒක ලේසි නෑ. මොන වාතාවරණයක් යටතේ වුනත් ඉරානය එක්ක සාකච්ඡා කරන එක ලේසි නෑ. පෙබරවාරි මාසයේ දී, අයතුල්ලා අලි කුමේනි සහ එයාගේ පවුලේ අය ඝාතනය කළාට පස්සේ ඉරාන ආණ්ඩුවේ සමහර අය තදින් ම රැඩිකල් වෙලා. දශක ගණනාවක හුදකලාවීමකින් පස්සේ, සාපේක්‍ෂව මධ්‍යස්ථ ඉරාන නායකයන්ටත් බටහිර රටවල් තීරණගන්නේ කොහොම ද කියලා හිතාගන්න අමාරුයි. (උදාහරණයක් විදිහට, ඇමෙරිකානු ආණ්ඩුව විසින් ඊශ්‍රායෙලය මෙහෙයවනවා කියලා ටෙහෙරාන්වල නායකයෝ අතර පුළුල් පිළිගැනීමක් තියෙනවා). ඒත් සමස්තයක් විදිහට, ඉරානයේ තීරණ ගන්නෝ එක්ක කතා කරපු අය කියන්නේ, “යුද්ධය දිග්ගැසීම හැමෝට ම නරකයි, ගිවිසුමක් ඇති කරගැනීම ගොඩක් වටිනවා” කියන අදහසට ඒ අයගේ එකඟතාවක් තියෙනවා කියලයි.

මේ දක්වා, කවුරුවත් ලෝක ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා නෑ. නෙතන්යාහු ට්‍රම්ප්ව තල්ලු කරලා ලබන සතියේ න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කළොත් කෝටි ගානක් මිනිස්සුන්ට තමන්ගේ දරුවොත් එක්ක මැරෙන්න සිද්දවෙනවා. ඒ අයගේ හඬට තාමත් කන්දීලා නෑ. දැන් තමයි ඒ අයට හඬ නගන්න තියෙන වෙලාව.

===

පරිවර්තනය: ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

ඇමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණය ලොව පුරා විශාල අවධානයක් දිනාගෙන තිබීම පුදුමයට කරුණක් නොවේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අරමුදලට මුදල් ලැබෙනා ආකාර දෙකක් තියෙනවා.
පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් 44 දෙනෙකු අත්සන් තබා, ලේකම් ජනරාල්වරයා වෙත නිල වශයෙන් භාරදී, ඔක්තෝබර් 12 වැනිදා නිල වශයෙන් "න්‍යාය පුස්තකයට" (Order Book) පවා ඇතුළත් කළ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එක රැයකින් න්‍යාය පත්‍රයෙන් අතුගා දැමීමට ආණ්ඩුව ක්‍රියා කරා..
“රාමායනය” කියන්නේ බ්‍රාහ්මණ ආගමේ ප්‍රබන්ධ කතාවක්. පුරාණ කාලයේ හිටිය අපේ මුතුන් මිත්තෝ රාමායනය වගේ බමුණු කතන්දර ගැන වදවුණේ නෑ. ඒ අයට තමන්ගේ ලෝක අවබෝධය වෙනුවෙන් සහ අධ්‍යාත්මික අවශ්‍යතා වෙනුවෙන් ත්‍රිපිටකය සහ අටුවා ආශ්‍රිත ධර්මයත් බෞද්ධ සාහිත්‍යයත් ප්‍රමාණවත් වුණා. ඉතින් අපේ කිසිම පැරැණි බෞද්ධ සිද්ධස්ථානයක රාමායන කතන්දරයට අදාළ කැටයමක්, රූපයක්, වෙනත් නිරූපණයක් හොයාගන්න නෑ. අපේ කිසිම පැරැණි සෙල්ලිපියක රාම - රාවණා කතාවක් සඳහන් කරලා නෑ.
වාල්මිකී ඍෂිවරයා විසින් රචිත රාමායණ මහා කාව්‍යය යනු භාරතීය සංස්කෘතියේ හා සාහිත්‍යයේ ප්‍රධාන ස්තම්භයකි. එහෙත්, එම කාව්‍යය පාදක කරගනිමින් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට යෝජිත යම් යම් ආගමික හා සංස්කෘතික පියවරයන්, විශේෂයෙන්ම රාම කෝවිල් 21 ක් ඉදිකිරීමේ සහ අනුරාධපුර පූජනීය නගරය තුළ රාම කෝවිලක් ස්ථාපනය කිරීමේ යෝජනාව, ජාතික, සංස්කෘතික හා ඓතිහාසික කෝණයෙන් දැඩි විවේචනයට ලක්විය යුතු කරුණකි.
චෙම්මනි සිතුපති හින්දු සුසාන භූමියෙන් මතු වූ මිනිස් ඇටසැකිලි කොටස් පදනම් කරගෙන ගොඩනැගුණු ප්‍රවාදය මේ වන විට ගෝලීය දෙමළ බෙදුම්වාදීන්ගේ සේම ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ගේ ප්‍රධාන තුරුම්පුව වී තිබේ. මේ අතර ඒ පිළිබඳ අපූරු කතාවක් පැවසුවේ දෙමළ ප්‍රභූ දේශපාලන කුලකයට අභියෝග කරන අරුන් සිද්ධාර්ථන් ය. යාපනයේ අඩු කුලයේ දෙමළ මිනිසුන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම දෙමළ කුලීනයන් තහනම් කර තිබෙන බවත් එනිසා චෙම්මනි ප්‍රදේශයෙන් හමු වූ මෘත කලේබර තමන් නියෝජනය කරන හීන කුලයේ මිනිසුන්ගේ ඒවා විය හැකියි බවත් ඔහු පැවසීය. එහෙත් හීන කුලයේ මිනිසුන්ගේ විය හැකි මේ ඇටසැකිලි කොටස් ඔසවාගෙන ලෝකය වටේ යන්නේ දෙමළ ප්‍රභූ කුලීනයන් විසිනි. උතුරේ ප්‍රභූ සමාජයේ දේශපාලනඥයකු වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුත්‍රයා වූ කැනඩා පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ප්‍රබලයකු වන ගැරී සංගරී ඇතුළු පිරිසක් අවධාරණය කළේ චෙම්මනි ඇටසැකිලි පිළිබඳ පිළිගත හැකි ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි.
අප රටේ දැඩි කතාබහට ලක්ව තිබෙන, රාවණා රජු සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන මත සහ පුරාවෘත්තයන්හි සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න පිළිබඳව දිවයිනේ ප්‍රධාන පෙළේ පුරාවිද්‍යා ගවේෂකයෙකු වන පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් යූටියුබ් නාලිකාවකට අදහස් දැක්වීමක් සිදුකර තිබේ.
දිට්වා වලින් අනාථ වුන මිනිස්සු කැඩිච්ච පාළම් ජන ජීවිතය තවම පණ ගහද්දී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ඉල්ලා අස්වෙද්දී අනුර දිසානායක සංචාරක විෂය හෝ, ජනමාධ්‍ය විෂය තමන්ගේ අමාත්‍යාංශ විෂයේ නැතිව තිබියදීත් ඉහළින් කැබිනට් පේපර් දමා මුදල් අනුමත කරන්නේ ඕඩරය ඉන්දිය උවමනාව නිසාය.
උගන්ඩාව නම් රාජ්‍යය මෑත ඉතිහාසයේදී බොහෝ දෙනා අතර කතාබහට ලක් වූයේ එරට ජීවත් වූ ඉඩි අමීන් නම් ආන්දෝලනාත්මක පාලකයා නිසාය.

ප්‍රධාන පුවත්

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන ලෙස උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ ප්‍රසාදය පළ කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැනනැගී ඇති ගැටලු සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..

ඇමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණය කෙරෙහි ලොව පුරා දැඩි අවධානයක් යොමුව ඇති අතර, එරට අභ්‍යන්තර දේශපාලන අරගල හුදෙක් එක් රටකට සීමා නොවී මුළු මහත් ගෝලීය පද්ධතියටම සෘජු බලපෑම් එල්ල කරමින් තිබේ.

මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ජාතික ජනබලවේගය එදා විපක්ෂයේ සිටිය දී පැවසූ කතා අද වන විට විහිළුවක් බවට පත්ව ඇති බවත්, එය දැන් රටම දන්නා කාරණයක් වී ඇති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල සහ එහි පසුබිම පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා Lanka Voice යූටියුබ් නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..

"රටම එකට" ජාතික මෙහෙයුමේ පළමු සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන සර්ව ආගමික වැඩසටහන සහ පසුගිය වසරක කාලය තුළ රටක් වශයෙන් අත්කරගත් ජයග්‍රහණ හා ඉදිරි ගමන්මඟ පිළිබඳ සාකච්ඡාව 2026 නොවැම්බර් 05 වන දින එනම් අද දින පස්වරු 2.00 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..

ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) හා සයිනොපෙක් සමාගම් විසින් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.

මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..

ලබන වසරේ සිට ඊශ්‍රායලයට ලබාදෙන වාර්ෂික ඇමෙරිකානු හමුදා ආධාර ඩොලර් බිලියන 4 නතර කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඊශ්‍රායලයට තවදුරටත් එම මුදල් අවශ්‍ය නොවන බවත්, ඇමෙරිකානු රජයට එරෙහිව අයහපත් ප්‍රචාරයක් ගෙන යාම සඳහා එම ආධාර ප්‍රශ්නය වාමාංශික කණ්ඩායම් විසින් ප්‍රයෝජනයට ගන්නා බවත් ඔහු පවසා තිබේ.

ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63 වන මහා සමුළුව ඉකුත් ඉරිදා කොළඹදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද සහභාගීත්වයෙනි.

අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂය දිනා ගනී..

අමෙරිකාවේ මැතිවරණයේදී සෙනෙට් සභාවේ බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇති බව Associated Press (AP) මාධ්‍ය ජාලයේ නිල පූර්ව නිගමන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ සහ ‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ හේතුවෙන්, ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය හරහා ලැබී ඇති ‘ජී.එස්.පී. ප්ලස්’ (GSP+) තීරුබදු සහනය අහිමිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

සංචාරක ප්‍රවර්ධනයට බව පවසමින් රුපියල් කෝටි 10ක රජයේ මුදල් මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සත්කාරකත්වය දරන සමුළුවකට ලබාදීම පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා මහරාජා සමූහයට අයත් MTV පෞද්ගලික සමාගමට මහජන මුදල්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් ලබාදීමට රජය කටයුතු කිරීම වර්තමාන ආණ්ඩුවේ සහචර ධනවාදී ප්‍රතිපත්තිය මනාව හෙළි කරන සිදුවීමක් බවයි.

ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති නවතම වක්‍ර සාකච්ඡා වටය කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. මේ හේතුවෙන් ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා පුළුල් යුද්ධයක් ඇතිවිය හැකි බවට බියක් මතුව තිබේ.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..

චෙම්මනි සිතුපති හින්දු සුසාන භූමියෙන් මතු වූ මිනිස් ඇටසැකිලි කොටස් පදනම් කරගෙන ගොඩනැගුණු ප්‍රවාදය මේ වන විට ගෝලීය දෙමළ බෙදුම්වාදීන්ගේ සේම ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ගේ ප්‍රධාන තුරුම්පුව වී තිබේ. මේ අතර ඒ පිළිබඳ අපූරු කතාවක් පැවසුවේ දෙමළ ප්‍රභූ දේශපාලන කුලකයට අභියෝග කරන අරුන් සිද්ධාර්ථන් ය. යාපනයේ අඩු කුලයේ දෙමළ මිනිසුන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම දෙමළ කුලීනයන් තහනම් කර තිබෙන බවත් එනිසා චෙම්මනි ප්‍රදේශයෙන් හමු වූ මෘත කලේබර තමන් නියෝජනය කරන හීන කුලයේ මිනිසුන්ගේ ඒවා විය හැකියි බවත් ඔහු පැවසීය. එහෙත් හීන කුලයේ මිනිසුන්ගේ විය හැකි මේ ඇටසැකිලි කොටස් ඔසවාගෙන ලෝකය වටේ යන්නේ දෙමළ ප්‍රභූ කුලීනයන් විසිනි. උතුරේ ප්‍රභූ සමාජයේ දේශපාලනඥයකු වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුත්‍රයා වූ කැනඩා පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ප්‍රබලයකු වන ගැරී සංගරී ඇතුළු පිරිසක් අවධාරණය කළේ චෙම්මනි ඇටසැකිලි පිළිබඳ පිළිගත හැකි ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.