මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
ජාතික ජනබලවේගය එදා විපක්ෂයේ සිටිය දී පැවසූ කතා අද වන විට විහිළුවක් බවට පත්ව ඇති බවත්, එය දැන් රටම දන්නා කාරණයක් වී ඇති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.
විශේෂයෙන්ම වෙළඳපොලේ මතු වී තිබෙන ගෑස් හිඟය සහ පෝලිම් යුගය හමුවේ ලිට්රෝ සහ ලාෆ්ස් යන ප්‍රධාන සමාගම් දෙකේ සැපයුම් ජාලය කඩා වැටීම හේතුවෙන් දස දහස් සංඛ්‍යාත ජනතාවක් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ලෝකයේ කුමන අර්බුදයක් ඇති වුවද රට තුළ ස්ථාවර සැපයුම් පද්ධතියක් පවත්වා ගැනීමට පාලකයන්ට හැකියාව තිබිය යුතු බවට වත්මන් ආණ්ඩුවේ නායකයින් එදා විපක්ෂයේ සිටියදී දැඩි ප්‍රකාශ කළ බව සිහිපත් කළ ඔහු, අද එම අර්බුද හමුවේම වත්මන් රජයටද එම ගැටලුම විසඳා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එදා කළ ප්‍රකාශ අද වන විට විහිළුවක් වී ඇති බව සඳහන් කළේය.
මීට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේ බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය හඳුන්වා දෙන අවස්ථාවේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් එය දැඩි ලෙස විවේචනය කළද, අද වන විට වත්මන් රජයද එම ක්රමවේදයම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බැවින් එදා කළ විරෝධතා සහ අද ගෙන යන ප්‍රතිපත්ති අතර පවතින පරස්පර ස්වභාවය ඔහු දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
මීට අමතරව පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව මඟින් ආණ්ඩුව බලයෙන් පහ කිරීමට නොහැකි වුවද, නීතිමය හා නිල නිවාස භාවිතය ඇතුළු බරපතල චෝදනා හමුවේ වත්මන් පාලකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ඔහු පැවසීය.
එපමණක් නොව, 2002 වසරේ සිට මේ දක්වා ජනාධිපතිවරුන් හය දෙනෙක් යටතේත් ජල සේවා සහ ඛනිජ තෙල් වෙළඳපොළ නියාමනය කිරීමේ බලතල මහජන උපයෝගිතා කොමිෂන් පනතට ඇතුළත් කිරීමට මෙතෙක් කිසිදු පාර්ලිමේන්තුවක් කටයුතු නොකිරීම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අසාධාරණයකට මුහුණ දී සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..
මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..
LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...
ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..