ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
1934 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 1936 වසරේ ඔක්තෝබර් මාසය දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ රතු හමුදාව විසින් චීනයේ පළාත් 10කට වැඩි ප්රදේශ හරහා කිලෝමීටර් 12,500ක පමණ දිගු පා ගමනක් සිදු කරමින් සතුරු හමුදා වැටලීම් බිඳ දමා අවසාන ජයග්රහණය ලබා ගන්නා ලදී.
එම රතු හමුදාවේ 90 වන ජයග්රාහී සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්රධානත්වයෙන් බෙයිජිං අගනුවරදී විශේෂ සමුළුවක් පවත්වන ලදී.
චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධියක් වන මෙම දිගු පා ගමනින් එදා විදහා දැක්වූ පෙර නොවූ විරූ අධිෂ්ඨානශීලීත්වය, අවිනිශ්චිතතාව ඇතුළු විවිධ ගෝලීය අභියෝග පවතින වත්මන් යුගයට අගනා ආධ්යාත්මික සම්පතක් බව ජගත් ප්රජාවේ පොදු පිළිගැනීම වී තිබේ.
එම සැමරුම් සමුළුවේදී දේශනයක් පවත්වමින් ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේ ඉතිහාසය මතකයෙහි රඳවා ගැනීමෙන් පමණක් අනාගතය වෙනුවෙන් මග පෑදීමට හැකි වන බවයි.
චීනය නව යුගයකට පිවිසෙමින් සිටින වත්මන් කාලසීමාවේදී චීන කොමියුනිස්ට් පක්ෂයට සහ චීන ජනතාවට ඉදිරියේ යා යුතු නව දිගු පා ගමනක් ඇති බවත්, ඒ සඳහා පාලක කොමියුනිස්ට් පක්ෂයට පැවරී ඇති ඓතිහාසික යුතුකම් සහ පක්ෂයේ අභිලාෂයන් කිසිවිටෙකත් අමතක නොකළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
එසේම, ලස්සන ජීවිතයක් අත්විඳීම පිළිබඳ ජනතාවගේ අභිලාෂය සපුරාලීම සඳහා ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත්, චීන මහජන හමුදා සංවර්ධනය තවත් ඉහළ තලයකට ගනිමින් ලොව ඉහළම මට්ටමේ හමුදා බිහි කළ යුතු බවත්, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සහ සංවර්ධනය තහවුරු කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..
විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්ය කතාව මෙන්න..
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..