වාහන සිද්ධියට ජොනී වරද පිළිගනී..
කොළඹ හිල්ටන් හෝටල් පරිශ්රයේ රථගාලක නවතා දමා තිබියදී සොයාගන්නා ලද, ලියාපදිංචි නොකළ සහ ව්යාජ අංක තහඩු සවිකළ සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම හා රජයට බදු පැහැර හැරීම සම්බන්ධයෙන් තමන් වරදකරු බව හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අද (28) අධිකරණය හමුවේ පිළිගත්තේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී, හිටපු අමාත්යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අදාළ චෝදනාවන්ට වරද පිළිගන්නා බවයි.
මෝටර් රථ ප්රවාහන පනත උල්ලංඝනය කිරීම, නිසි ලියාපදිංචියකින් තොරව මෝටර් රථයක් පරිහරණය කිරීම, කූට ලෙස සැකසූ ව්යාජ අංක තහඩු භාවිතය සහ රේගු බදු ගෙවීම පැහැර හරිමින් නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීම හෝ ගෙන්වීම යන චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහුට එරෙහිව මෙම අධිචෝදනා ඉදිරිපත් කර තිබිණි.
විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව, ඔහුට එරෙහිව නියම කෙරෙන දඬුවම ප්රකාශයට පත් කිරීම සඳහා නඩුව ලබන නොවැම්බර් මස 11 වන දින දක්වා කල් තැබීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..