වනාතවිල්ලුව ලැක්ටෝවත්ත පුපුරණ ද්රව්ය සිද්ධිය: ගෆූර් මාමාට වසර 12ක බරපතළ වැඩසහිත සිරදඬුවම්..
වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්රදේශයේ ඉඩමක පුපුරණ ද්රව්ය ඇතුළු තහනම් ද්රව්ය රැස් කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවේ තුන්වන විත්තිකරු වන මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ‘ගෆූර් මාමා’ නමැත්තාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
අද (28) කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ විත්තිකරු තමන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පහකට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කර ඇත.
ඒ අනුව, ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්රමසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එක් එක් චෝදනාවට වසර 12 බැගින් සිරදඬුවම් නියම කර තිබේ. එම දඬුවම් එකවර ගෙවී යන ලෙස ක්රියාත්මක කිරීමට නියෝග කිරීම හේතුවෙන් ඔහුට ගෙවීමට සිදුවන සමස්ත සිරදඬුවම් කාලය වසර 12කි.
කෙසේ වෙතත්, විත්තිකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සහ රැඳවුම් නියෝග යටතේ ගත කර ඇති වසර හතහමාරක කාලය එම සිරදඬුවම් කාලයෙන් අඩු කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ. ඒ අනුව, තවත් වසර හතරහමාරක පමණ කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇතැයි අධිකරණයේදී සඳහන් විය.
විත්තිකරු වරද පිළිගෙන නඩු විභාගය තවදුරටත් දීර්ඝ නොකිරීම, ඔහු 63 හැවිරිදි වියේ පසුවීම සහ අනෙකුත් සුවිශේෂී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම දඬුවම නියම කළ බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
මේ අතර, නඩුවේ හයවන විත්තිකරු වන මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිත් හෙවත් ‘සාජිත් මවුලවී’ නමැත්තා ද තමන්ට එරෙහි චෝදනාවලට වරද පිළිගැනීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනුම් දීමට කාලය ඉල්ලා තිබේ.
ඒ අනුව, ඔහුගේ ස්ථාවරය දැනගැනීම සඳහා නඩුව හෙට (29) පෙරවරු 8ට යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල, එදින පෙරවරු 7.45 වන විට ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
තවද, ගෆූර් මාමා නමැති විත්තිකරුට එරෙහිව කෑගල්ල සහ මඩකළපුව මහාධිකරණවල ද තවත් නඩු දෙකක් පවතින බැවින්, එම අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී ඔහුට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..