කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සැකකරුවන්ට බලහත්කාරයෙන් වරද පිළිගන්න බලපෑම් කළ බවට චෝදනා..
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනාට වරද පිළිගන්නා ලෙස වනජීවී නිලධාරීන් බලපෑම් කළ බවට ගල්ගමුව, හුනුගල්ලෑව ප්රදේශවාසීන් චෝදනා කරයි.
ඔවුන් මේ බව පවසා සිටියේ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
එහිදී ගම්වාසින් මෙලෙස අදහස් දැක්වීය,
''මේ වනවිට කාවන්තිස්ස හාස්තියාගේ මරණය සම්බන්ධව චෝදනාවට ලක්වෙලා සිරගත කර, රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්න අවුරුදු විසිහයක් පුරාවට අපි ඉතාමත් හොඳින් දන්නා හඳුනන පිරිසක්. මේ කාල පරිච්ඡේදය තුළ මේ ඇත්තෝ සත්ව ඝාතනයන්ට සම්බන්ධ වෙලා තියෙනව, අවම වශයෙන් වැවක මාළුවෙක් අල්ලන්න හරි සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට කිසිම ආරංචියක් නෑ. මේ චෝදනාවොත් ඔප්පු කරන්න බැරිවීම හේතු කොටගෙන විවිධ අය අල්ලස් ලබාදීලා, මේ ඇත්තන්ට විරුද්ධව විවිධ ප්රකාශ ඇතුමුන්ගෙන් ලබාගන්න උත්සාහ කරන බව අපිට ආරංචි වෙනවා. මේ ඇත්තන්ට නීතිය හමුවේ සාධාරණත්වයක් ඉටුවෙන්න ඕනේ. ඒ වගේම සාධාරණ පරීක්ෂණයක් මේ වෙනුවෙන් ඉටුවෙන්න ඕනේ''
''පසුගිය සතියේ අපේ ගමේ බලපත්ර සහිත තුවක්කු තියෙන සියලු දෙනාම ඇවිල්ලා, නන්නාඳුන පිරිසක් විසි අරගෙන ගිහිල්ලා තියෙනවා. අරගෙන යන ගමන් තමයි පහර දීලා තියෙන්නේ. ඊටපස්සේ අපි මේ පුද්ගලයෝ කොහෙද අරන් ගියේ කියලා හොයනකොට, රෑ නවයට විතර ගල්ගමුව වනජීවී එකේ ඉන්නව කියලා ආරංචියට අපි ගමේ කට්ටිය ගියා. ගියාට පස්සේ කතා කරා. මොකද එතන හිටපු ප්රධාන නිලධාරියත් එක්ක මේ පුද්ගලයා ඇයි රැගෙන ආවේ? එතකොට කිව්වා මෙයාලා තමයි කාවන්තිස්සට වෙඩි තියලා තියෙන්නේ. මේක ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා මේ කට්ටිය අරන් ආවා. ඊටපස්සෙ අපි ඇහුවා ගම්වාසීන් විදිහට, මේක ඇයි එයාලා කරා කියන්නේ මොනවද තියෙන සාක්ෂි? ඔහොම ටික වෙලාවක් ඉන්නකොට එම පුද්ගලයා මට කිව්වා, මේක මල්ලි ඔයා་ ගිහින් කියන්න ඔයාලගේ කට්ටියට මේක බාරගන්න කියලා. මේක මම විසඳන්නේ, බාරගත්තා කියලා කිව්වොත් රුපියල් ලක්ෂයක විතර වගේ දඩයක් උසාවියෙන් නියෝග කරයි . ඒක ගෙවලා මේක ගොඩින් ඉවර කරන්න පුළුවන් කියලා . දැන් අපි ගමක් වශයෙන් මාර විදිහට අසරණ වෙලා ඉන්නේ. දැන් මේ ගම බය වෙලා ඉන්නේ. මොකද නන්නාඳුන පිරිසක් තමා ඇවිල්ලා, සමහර කට්ටිය බලෙන් සල්ලි දීලා බලෙන් කට උත්තර දෙන්න කියලා යනවා.''
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..
විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්ය කතාව මෙන්න..
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..
කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin
ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්