ශ්‍රී ලංකාවේ ඉන්න හෙළයෝ තීරණය කරන්නේ ඉතිහාසය තුළින් මිස බංකොලොත් දේශපාලන මතිමතාන්තර ඔස්සේ නොවේ..
ශ්‍රී ලංකාවේ ඉන්න එකම ජාතිය හෙළයෝ. එය තීරණය කරන්නේ ඉතිහාසය තුළින් මිස බංකොලොත් දේශපාලන මතිමතාන්තර ඔස්සේ නොවෙයි.
රටක ජාතිය තීරණය කිරීමේ යම් අපහසුතාවයක් ඇත්නම් එය විද්‍යානුකූලව තෝරා බේරා ගැනීමට පහසු ක්‍රමයක් යෝජනා කරනු කැමැත්තෙමි.
1. භූගෝලීය සීමාව තුළ වාසය කරන ජනතාවකගේ ඉතිහාසය වසර වලින් නම් කොපමණ කාලයක් වේද?
2. සටහන් කිරීම ආරම්භ කළ කාලයේ සිට මේ දක්වා මේ භූමිය තුළ වාසය කරන ප්‍රධාන ජන වර්ග වල සංඛ්‍යාවත්, වෙනත් ජන වර්ග වල සංඛ්‍යාවත් වෙන වෙනම සටහන් කර පරිමාව හඳුනා ගැනීම
3. ප්‍රධාන ජන කොටසේ මව් භාෂාව කොපමණ පැරණිද?
4. එම රටේ ජීවත්වෙන සංඛ්‍යාවෙන් අඩු ජන වර්ග වල භාෂාවන් කොතරම් දුරට ප්‍රධාන ජනකොටසේ මව් භාෂාව සමග සමානකම් හෝ සම්බන්ධකම් ඇද්ද නැත්නම් ඉඳුරාම වෙනස්ද යන්න අධ්‍යායනය කිරීම
5. ඉතිහාසය තුළ ජාතිය නිර්මාණය වීමේදී බහුතරයේ භාෂාව, සිරිත් විරිත්, හැසිරීම් රටාවල් කොතරම් දුරට සැලකිල්ලට ගෙන තිබේද, නැතිනම් සුළු ජන කොටසකගේ යුදමය හෝ දේශපාලන බලය ජාතිය තීරණය කිරීමේදී බලපා ඇද්ද යන්න ශාස්ත්‍රිය අධ්‍යානයකට යොමු කිරීම
6. ප්‍රධාන ජන කොටස වෙනත් ජන වර්ග සමග අවා විවාහ කර ගැනීම් තුළින් ජාන වෙනස්කම්වලට ගොදුරු වීම කලාතුරකින් සිදු වී ඇත්ද නැත්නම් සුලභව සිදුවී ඇත්ද යන්න සොයා බැලීම
7. එකම භූමි ප්‍රදේශයක ජීවත් වුවත්, වරින් වර වර්ගවාදී ගැටුම් හෝ සිවිල් යුද්ධ තුළින් සංහිඳියාවට බාධා පැමිණ වී ඇත්ද යන්න සොයා බැලීම
8. කුඩා ජනකොටස් ගැටුමකින් තොරව බහුතරය සමඟ සාමයෙන් සමාදානයෙන් හා සහජීවනයෙන් වසර කොපමණ කාලයක් එකට ජීවත් වී ඇත්ද යන්න විමසා බැලීම.
9. ඉතිහාසයේ වැඩිම කාලයක් එම භූමිය පාලනය කර ඇත්තේ ප්‍රධාන ජනකොටසද නැතිනම් සුළු ජන කොටස් වළින් බිහි වූ නායකත්වය විසින් වරින් වර රට පාලනය කරනු ලැබුවේද ?
වැනි ප්‍රශ්න වලට ලබා ගන්නා සත්‍යය තොරතුරු ආශ්‍රයෙන් දර්ශකයක් (Index) නිපදවා ඊට ලකුණු එකතු කරන ක්‍රමයක් හඳුන්වාදිය යුතුයි.
එම ලකුණු ක්‍රමය ඔස්සේ වැඩිම ප්‍රමාණාත්මක අගයක් පමණක් නොව ගුණාත්මක අගයක්ද දිනාගන්නා ජන කොට්ඨාසයේ නමින් ඒ රටත් ජාතියත් හැඳින්විය යුතුයි.
එය මනෝමූලික තත්ත්වයන් යට තේ නොව විෂය බද්ධ තත්ත්වයන් යටතේ අධ්‍යායනය කර සකස් කර ඇති නිසා "මහ ජාතිය" හෝ "සුළු ජාතිය" කියා හඳුන්වා ගන්නා කොටස් එම භූමිය තුළ නොසිටිය යුතුයි.
මන්ද ලෝකයේ වෙනත් රටවල මෙන්ම සංඛ්‍යාවෙන් බහුතරය හා ඉපැරණි ඉතිහාසයක් ඇති භාෂාවක් ,මෙන්ම සංස්කෘතියක් භුක්ති විඳින ජන කොටසේ සමාජ ව්‍යුහය රටේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික ගුණ වගාවේත් තිරසාර පදනම විය යුතුයි.
මේ තත්ත්වය ව්‍යවස්ථාව මගින් තහවුරුකර බලගන්වා සියලුම ජන කොටස් ඒකචත්‍ර කර රටේ නම එම ජාතියේ නමින් හැඳින්විය යුතුයි.
- මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා
08.09.2026
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..