දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ, ඩී.වී චානක මහතා
"අද විශේෂයෙන්ම අපේ ජාතික සංවිධායකතුමා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අත්අඩංගුවට පත්වීමට හේතුව, ඒ වගේම අරමුණ, ඒ වගේම මේ කොහොමද බලපෑම් කරලා මේ නඩුව නිර්මාණය කිරීම පිළිබඳව තමයි අපි අදහස් දක්වන්නේ.
පළවෙනි කාරණය තමයි සාක්ෂිය වගේම සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වය කියන එක ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා ඕනෑම නඩුවකදී. දැන් පළමුව බලුවොත් කාගේ සාක්ෂියක් පදනම් කරගෙනද මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගන්න. මං හිතන්නේ මේක 2016. මේක 2016 ඇතිවෙච්ච මුලින්ම නඩු කටයුත්තක් ඇති වෙලා තියෙනවා එකම සාක්ෂිකරු මේ නිමල් පෙරේරා කියන දූෂිත ව්‍යාපාරිකයා.
ඔහුට මේ එකක් නෙවෙයි නඩු 100ක් විතර තියෙන ඒ දූෂිත ව්‍යාපාරිකයාගේ කටඋත්තරය සැරින් සැරේ සැරින් සැරේ වෙනස් කරලා.
මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ ආණ්ඩුවේ ඉන්න අනුර කුමාර දිසානායක මහත්තයාගේ දකුණු අත වගේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයා. මේ නිමල් පෙරේරා මහත්තයා එක්ක එකට බිස්නස් කරන්නේ මේ ආණ්ඩුවේ අමාත්‍යවරයා. ඒ අමාත්‍යවරයාත් මේ නිමල් පෙරේරාත් එකතු වෙලා තුන් වතාවක සාක්ෂි තුනක් දෙනවා.
පළවෙනි වතාවේ කියනවා නාමල් රාජපක්ෂ මැතිතුමාට මිලියන 50ක් දුන්නා කියලා. දීපු තැනක් නැහැ, දීපු දවසක් නැහැ, දීපු විදියක් නැහැ.
ඊට පස්සේ දෙවෙනි වතාවට කියනවා නැහැ මම රුපියලක්වත් දුන්නේ නැහැ.
ඊට පස්සේ තුන්වෙනි වතාවට දැන් කියනවා මිලියන 100ක් දුන්නා. හැබැයි කවද්ද දුන්නේ කියලා ඇහුවම දවසක් නැහැ. ලංකාවට සල්ලි ආපු විදිය ඇහුවම ආපු විදියක් නැහැ. ඊට පස්සේ මොන කාලෙද කිව්වම ඒ පිළිබඳවත් දන්නෙ නැහැ.
ඊට පස්සේ CID එකේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ පක්ෂයේ, මාලිමාවේ ශානි අබේසේකර මහත්තයා 2019 කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට 195/16 කියන මේ නඩුවට ගිහිල්ලා කියනවා මේ නිමල් පෙරේරා කියන්නේ බොරුකාරයෙක්, ඔහුගේ සාක්ෂිය ඔහු සැරින් සැරේ වෙනස් කරන බොරුකාරයෙක් කියලා.
එතකොට ඒ බොරුකාරයා කියපු, ශානි අබේසේකර කියපු බොරුකාරයා, ඒ වගේම මේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක්ගේ බිස්නස් පාට්නර්, ව්‍යාපාරික සගයාගේ සාක්ෂිය පාවිච්චි කරලා නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගන්නේ.
දැන් මේ විදියට ගියොත් මොකක් හරි දූෂණයකට කෙනෙක් අහුවුනාම ඔහුව අරන් ගිහින් සිරගත කරලා, එහෙමත් නැත්නම් ඔහුව වෙන රටකට යවලා, ඒ සියලුම පහසුකම් දීලා කවුරුහරි දේශපාලනකයෙක්ගේ නම කියන්න කියනවා.
දැන් මේ විදියටම හෙට 22 වෙනි සංශෝධනයට හරිනි අමරසූරිය මැතිනිය තීරණය කරොත්, යම්කිසි ආකාරයකින් තමන්ගේ හෘද සාක්ෂියට අනුව 22 වෙනි සංශෝධනයට විරුද්ධ වෙනවා කියලා, හෙට නිමල් පෙරේරා කියයි සල්ලි දුන්නේ නාමල් රාජපක්ෂට නෙවෙයි හරිනි අමරසූරියට කියලා. අද කියනවා නාමල් රාජපක්ෂ, හෙට කියනවා නැහැ දුන්නේ නැහැ, ඊට පස්සේ ගාන වෙනස් කරනවා, අනිද්දා කියයි හරිනි අමරසූරිය කියලා.
මේ වගේ දූෂිත ව්‍යාපාරිකයෝ අල්ලගෙන, මේ ආණ්ඩුවේ ගනුදෙනු, ආණ්ඩුවත් එක්ක ව්‍යාපාර කරපු මේ කණ්ඩායමක් එකතු කරගෙන තමයි මේ උත්සාහය. හැබැයි පැහැදිලිවම අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ, අනුර කුමාර දිසානායක මහත්තයාට, ඔබතුමාගේ අදහස ලංකාව තුළ, විශේෂයෙන්ම වී මිලට ඔබතුමන්ලා පොරොන්දු වෙච්ච රුපියල් 150 ලබා දීපු නැති එකේ ප්‍රතිඵලය අද රටේම ගොවි මහත්තුරු ටික එක තැනකට එකතු වෙමින් ඉන්නේ.
ඒ එකතුවෙන ගොවි මහත්තුරුන්ට නායකත්වය දෙන්න නාමල් රාජපක්ෂ මැතිතුමා 12 වෙනිදා රටේම ඉන්න ඒ ගොවි මහත්තුරුන්ගේ ප්‍රශ්නය එකතු කරලා ඒ විරෝධතා රැලිය ආරම්භ කරනවා. ඒක කඩාකප්පල් කරන්න සූදානම් වෙනවා නම් ඔබතුමාට කියන්න කැමතියි, කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒ වගේම රටේ ජනතාව සූදානම් නැහැ අඩියක් නෙවෙයි කිසිම දෙයක් පිටිපස්සට ගන්න අපි සූදානම් නැහැ.
ඒ වගේම තමයි 12 වෙනිදා අපි අනිවාර්යයෙන්ම මේ රැලිය සූදානම් කරනවා, මං හිතන්නේ ඊයේ දිනේ ඉඳන්. අපි හිතුවා නාමල් රාජපක්ෂ මැතිතුමා අත්අඩංගුවට අරගෙන බය වෙයි කියලා තමයි කට්ටිය බලාපොරොත්තු වුණේ. හැබැයි ඊයේ දිනේ ඉඳන් වෙනදටත් වැඩිය, වෙනදටත් වැඩිය සහභාගීත්වය දැන් වැඩි වෙනවා මිසක් අඩු කරන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ.
ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි රටේ ජනතාවට, මේ ආණ්ඩුවේ පච වලට රැවටිච්ච, මේ ආණ්ඩුවේ දූෂණයට විරුද්ධ කණ්ඩායමට මේ තනිකර එක පැත්තකින් 12 වෙනිදා රැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණ, ඒ වගේම ගොවි ජනතාවට ඇතුළු මේ කණ්ඩායමට නායකත්වය දෙන නාමල් රාජපක්ෂ මැතිතුමාව මර්දනය කිරීම, විපක්ෂය මර්දනය කිරීම, අනෙක් එකෙන් ගල්අඟුරු වංචාව, ඒ වගේම කන්ටේනර් වංචාව ඇතුළු මේ හොරකම් ටික වහගන්න, තමන්ගේ දූෂිතයන් ආරක්ෂා කරන්න මාධ්‍ය සංදර්ශන වලට තවදුරටත් ජනතාව රවට්ටන්න බැහැ කියන එක අනුර කුමාර දිසානායක මහත්තයාට පැහැදිලිව කියන්න කැමතියි.
දැන් ඔබතුමා පොඩ්ඩක්, වැඩිය ඕනේ නැහැ, ඔය මාධ්‍ය වලින් දාන වීඩියෝ ටික බලන්න. එදා එනකොටම ආපු ඒ වීඩියෝ වලට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා අනුර කුමාර දිසානායක මහත්තයා බැලුවනම් ඔබතුමාට දැනගන්න පුළුවන් ඔබතුමාගේ තත්වය. ඒක හින්දා පැහැදිලිවම අපි කියන්න කැමතියි, ඔය මර්දනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණවත්, රාජපක්ෂවරුන්වත්, නාමල් රාජපක්ෂ මැතිතුමාවත් බය නැහැ කියන පණිවිඩය අපි දෙන්න කැමතියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..