22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඒ මහතා නීතිඥ සංගමයේ නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරිය හමුවීමට කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබී නොමැත.
එම වාර්තාව මගින් ප්‍රධාන ගැටලු කිහිපයක්ම පෙන්වා දෙයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති බැවින්, එහි සෘජු ප්‍රතිලාභියා වන අගවිනිසුරුවරයා නඩුවෙන් ඉවත් විය යුතු බවට වූ ඉල්ලීම නිසි හේතු දක්වන්නේ නැතුව ප්‍රතික්ෂේප කිරීම අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ සැක පහළ වීමට හේතුවක් වන බව එහි සඳහන් වේ.
එමෙන්ම සමස්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 17 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් වෙනුවට පස්දෙනෙකුගෙන් යුත් මඩුල්ලක් පත් කිරීම සහ එහිදී අගවිනිසුරුවරයා හැර ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් සිව්දෙනාම ඇතුළත් නොකිරීම ද දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත.
මීට අමතරව, වගඋත්තරකරුවන්ගේ කරුණු දැක්වීමෙන් පසු පෙත්සම්කරුවන්ට වාචිකව පිළිතුරු දීමට අවස්ථාව නොදී ලිඛිත දේශනවලට පමණක් සීමා වීමට නියෝග කිරීම පටිපාටිමය සාධාරණත්වය උල්ලංඝනය කිරීමක් ලෙස පෙන්වා දෙන ස්ටීවන් තිරූ මහතා, ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය සුරැකීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..