News Category
From Date
To Date
Maximum Number of Result

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

Sep 8, 2026 at 09:44 AM
|

ඇමරිකා එක්සත් ජනපදය කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය හඳුන්වන්නේ, "මිනිස් ජාවාරම" ලෙසිනි.  නමුත් එය සැබවින්ම ගෝලීය දකුණ සඳහා වන ජාත්‍යන්තරවාදී ජීවනාලියකි. මෙම ලිපිය, ඒ ගැනය.

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු  සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

ඇමරිකාව මේ වන විට විප්ලවවාදී කියුබාවට එරෙහිව ආර්ථික යුද්ධයක් භාවිත කරමින් සිටින්නේ “කුසගින්න, බලාපොරොත්තු සුන්වීම සහ රජය පෙරලා දැමීම” යන උපායමාර්ගික න්‍යාය පත්‍රය ඔස්සේය.

මෙහිදී, ඇමරිකානු රජය කියුබාවට මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන අතර, විදේශ කියුබානු වෛද්‍ය නිලධාරීන් වහලුන්ට සමාන කරයි. මෙහි, සැබෑ අරමුණ වන්නේ කියුබාවේ ජාත්‍යන්තර කීර්තිය සහ වෛද්‍ය සේවා අපනයනයෙන් ලැබෙන ආදායම යන දෙකම අඩපණ කිරීමයි. 2004 සිට, කියුබානු වෛද්‍ය සහ වෘත්තීය සේවා අපනයනවලින් ලැබෙන ආදායම කියුබාවේ විශාලතම ආදායම් මාර්ගය වී ඇත. කියුබාවේ "සාමාන්‍ය" ජාත්‍යන්තර වෙළෙඳාම පවත්වාගෙන යාමේ හැකියාවට ඇමරිකාවේ දීර්ඝ අවහිරය වර්තමානයේ බාධා එල්ල කර ඇත. නමුත් කියුබානු සමාජවාදී රාජ්‍යය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා වන එහි ආයෝජන, ජාතික ඉපැයීම් බවට පරිවර්තනය කිරීමට සමත් වී ඇත. එහිදී ජාත්‍යන්තරවාදී මූලධර්ම මත පදනම්ව ගෝලීය දකුණට නොමිලේ වෛද්‍ය ආධාර ලබාදීම පවත්වා ගෙන යයි.

කියුබානු වෛද්‍ය ජාත්‍යන්තරවාදය: කියුබානු විදේශ ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණයක්

කියුබානු වෛද්‍ය ජාත්‍යන්තරවාදයේ ප්‍රවේශ හතර 1960 ගණන්වල මුල් භාගයේදී ආරම්භ කරන ලදී.  ඒ සියල්ල, මේ හේතුවෙන් ඒ වන විට කියුබාවේ සිටි වෛද්‍යවරුන්ගෙන් අඩක් 1959 න් පසු ඉවත්ව ගියද, එය නොතකමිනි. කියුබානු වෛද්‍ය ජාත්‍යන්තරවාදයේ ප්‍රවේශ හතර මෙබඳුය.

1. හදිසි ප්‍රතිචාර වෛද්‍ය බලකායන් -  1960 මැයි මාසයේදී, චිලී රාජ්‍යය වාර්තාගත ප්‍රබලම භූමිකම්පාවකට ගොදුරු වූ අතර ඉන් දහස් ගණනක් මිය ගියහ. නව කියුබානු රජය ග්‍රාමීය ක්ෂේත්‍ර රෝහල් හයක් සහිත හදිසි වෛද්‍ය බලකායක් එහි යැවීය. මෙය, ගෝලීය දකුණ පුරා "ආපදා සහ රෝග" හදිසි අවස්ථා සඳහා කියුබානු වෛද්‍යවරුන් වේගවත් ප්‍රතිචාර බලමුලු ගැන්වීමේ ක්‍රියා පටිපාටියක් ස්ථාපිත කළේය.  2005 සිට මෙම බලකායන් “Henry Reeve International Contingents” යන නාමය යටතේ සංවිධානය කර තිබේ. 2017 වන විට, WHO විසින් හෙන්රි රීව් බලකායන්ට ‘මහජන සෞඛ්‍ය ත්‍යාගයක්’ පිරිනමන විට, ඔවුන් රටවල් විසි එකක මිලියන 3.5 ක ජනතාවකට උපකාර කර තිබුණි. හොඳම උදාහරණ අතරට, 2014 දී ඉබෝලා මර්දනය සඳහා බටහිර අප්‍රිකාවේ බලකායන් සහ 2020 දී COVID-19 වසංගතයට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය බලකායන් ඇතුළත් වේ. වසරක් ඇතුළත, හෙන්රි රීව් බලකායන් බටහිර යුරෝපය ඇතුළුව රටවල් හතළිහක කොරෝනා වයිරස් රෝගීන් මිලියන 1.26 කට ප්‍රතිකාර කර තිබිණි.

2. විදේශයන්හි මහජන සෞඛ්‍ය සේවා ස්ථාපිත කිරීම - 1963 සිට, කියුබානු වෛද්‍යවරු අලුතින් නිදහස් වූ ඇල්ජීරියාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කිරීමට උදව් කළහ. 1970 ගණන් වන විට, ඔවුන් අප්‍රිකාව පුරා විස්තීර්ණ සෞඛ්‍ය වැඩසටහන් පිහිටුවා කාර්ය මණ්ඩලයට ඇතුළත් කර තිබුණි. 2014 වන විට, කියුබානු වෛද්‍ය නිලධාරීන් 76,000 ක් අප්‍රිකානු රටවල් තිස් නවයක සේවය කර තිබුණි. 1998 දී, හයිටි සමඟ කියුබානු සහයෝගීතා ගිවිසුමක් මගින් කියුබාවෙහි හයිටි වෛද්‍යවරුන් පුහුණු කරන අතරතුර, කියුබානු වෛද්‍ය වෘත්තිකයන් 300 - 500 දක්වා සංඛ්‍යාවක් එහි යැවීමට කැපවී සිටියේය. 2021 දෙසැම්බර් වන විට, කියුබානු වෛද්‍ය වෘත්තිකයන් 6,000 කට වැඩි පිරිසක් බටහිර අර්ධගෝලයේ දුප්පත්ම රටේ ජීවිත 429,000 ක් බේරාගෙන ඇති අතර, උපදේශන කටයුතු මිලියන 36 ක් පවත්වා ඇත. දශක දෙකක් තිස්සේ, කියුබාව වෙනිසියුලාවේ වෛද්‍යවරුන් 20,000 කට අධික සංඛ්‍යාවක් පවත්වා ගෙන ගොස් තිබේ. එය 29,000 දක්වා ඉහළ ගොස් ඇත. 2013 දී, ‘පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානය’ කියුබානු වෛද්‍යවරුන් 11,400 ක් බ්‍රසීලයේ අඩු සහ සේවය නොකළ ප්‍රදේශවල සේවය කිරීමට ගිවිසුම් ගත කළේය. 2015 වන විට, කියුබානු ඒකාබද්ධ සෞඛ්‍ය සේවා වැඩසටහන් රටවල් හතළිස් තුනක ක්‍රියාත්මක විණි.

3. කියුබාවේ විදේශීය රෝගීන්ට ප්‍රතිකාර කිරීම -  1961 දී, ප්‍රංශයෙන් නිදහස්වීම සඳහා ඇල්ජීරියාව සිදු කළ අරගලයෙන් ළමුන් සහ තුවාල ලැබූ සටන්කරුවෝ ප්‍රතිකාර සඳහා කියුබාවට ගියහ. ඉන්පසු, මෙය ලොව පුරා දහස් ගණනක් අනුගමනය කළහ. විදේශීය රෝගීන්ට සමූහ වශයෙන් ප්‍රතිකාර කිරීම සඳහා වැඩසටහන් දෙකක් වැඩි දියුණු කරන ලදී: පළමුවැන්න, 1990 දී ආරම්භ වී වසර විසි එකක් පුරා පැවති "චර්නොබිල්හි දරුවන්" වැඩසටහන වේ. එම කාලය තුළ, චර්නොබිල් න්‍යෂ්ටික ව්‍යසනයෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් 26,000 කට කියුබ‍ාවේ නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සේවා ලැබුණි.  ඔවුන්ගෙන් 22,000 කට ආසන්න සංඛ්‍යාවක් ළමයි වූහ. සමාජවාදී කඳවුරේ බිඳවැටීමෙන් පසු විශේෂ කාල පරිච්ඡේදය ලෙස හැඳින්වෙන කියුබාවේ දරුණු ආර්ථික අර්බුදයට සමගාමීව පැවති වැඩපිළිවෙළ නොතකා, මෙහිදී කියුබානුවෝ එම පිරිවැය පියවා ගත්හ. විදේශීය රෝගීන්ට සමූහ වශයෙන් ප්‍රතිකාර කිරීමේ දෙවන වැඩසටහන වූයේ 2004 දී පිහිටුවන ලද Operation Miracle ය. එය වෙනිසියුලානු ජාතිකයින්ට ඔවුන්ගේ ඇස් පෙනීම යථා තත්ත්වයට පත් කරදීම සඳහා කියුබාවේ නොමිලේ අක්ෂි සැත්කම් ලබා ගැනීම පිණිසය. පසුව එය කලාපීය වශයෙන් පුළුල් විණි. 2017 වන විට, කියුබාව, Operation Miracle යටතේ රටවල් පහළොවක අක්ෂි වෛද්‍ය සායන හැට නවයක් පවත්වාගෙන ගියේය. 2019 මුල් භාගය වන විට, රටවල් තිස් හතරක මිලියන හතරකට අධික ජනතාවක් ඉන් ප්‍රතිලාභ ලබා ඇත.

4. කියුබාවේ සහ විදේශයන්හි විදේශිකයන් සඳහා වෛද්‍ය පුහුණුව - කියුබානු රාජ්‍යය කිසි විටෙකත් තමන්ගේ වෛද්‍යවරුන් මත වෙනත් රටවල් යැපීම වර්ධනය කිරීමට උත්සාහ නොකළ බව සැලකිල්ලට ගැනීම අතිශය වැදගත්ය. 1960 ගණන්වලදී, සුදුසු පහසුකම් ඇති විට ඔවුන්ගේම රටවල හෝ ඒවා නොමැති විට කියුබාවේ විදේශිකයන් පුහුණු කිරීම ආරම්භ කළේය. 2016 වන විට, රටවල් අසූපහකින් විදේශීය සිසුන් 73,848 ක් කියුබාවේ උපාධි ලබා ඇත. එසේම, කියුබාව විදේශයන්හි වෛද්‍ය විද්‍යාල දොළහක් පවත්වාගෙන යමින් සිටියේය. මෙහිදී බොහෝ දුරට අප්‍රිකාවේ, සිසුන් 54,000 කට වඩා ඇතුළත් විය. 1999 දී, ලොව විශාලතම වෛද්‍ය විද්‍යාලය වන ලතින් ඇමරිකානු වෛද්‍ය විද්‍යාලය (Latin American School of Medicine) හවානා හි පිහිටුවන ලදී. 2019 වන විට, Latin American School of Medicine විසින් ජනවාර්ගික කණ්ඩායම් 100 ක් නියෝජනය කරමින් රටවල් 105 කින් (ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව) වෛද්‍යවරුන් 29,000 ක් උපාධි ලබා තිබුණි. ඉන් අඩක් කාන්තාවෝ වූහ. සමස්ත පිරිසෙන් 75%  ක් කම්කරු හෝ දිළිඳු පවුල්වල අය වූහ.

කියුබාවේ දායකත්වයේ මූල්‍යමය පිරිවැය

1960 සිට, කියුබානු වෛද්‍ය වෘත්තිකයන් 600,000 ක් පමණ රටවල් 180 කට අධික සංඛ්‍යාවක නොමිලේ සෞඛ්‍ය සේවා ලබා දී ඇත. කියුබානු රජය එහි වෛද්‍ය ජාත්‍යන්තරවාදයේ පිරිවැයෙන් වැඩි කොටසක් භාරගෙන ඇති අතර, එය ගෝලීය දකුණට විශාල දායකත්වයක් වේ. ඒ, විශේෂයෙන් එක්සත් ජනපද අවහිර කිරීමේ බලපෑම සහ කියුබාවේම සංවර්ධන අභියෝග සැලකිල්ලට ගැනීමේදීය. “සම්පත් ස්වල්පයක් ඇති කුඩා රටකට, අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල මෙතරම් විශාල කාර්යයක් ඉටු කළ හැක්කේ කෙසේදැයි සමහරු කල්පනා කරනු ඇත.” යනුවෙන් ෆිදෙල් කැස්ත්‍රෝ 2008 දී සඳහන් කළේය. කෙසේ වෙතත්, ඔහු ඊට පිළිතුර ලබා දුන්නේ නැත. ඇත්ත වශයෙන්ම, කියුබාව මෙම වැඩසටහන්වල පිරිවැය ගැන එතරම් පවසා නැත.

කෙසේ වෙතත්, ගෝතමාලාවේ පර්යේෂක හෙන්රි මොරාලෙස් කියුබාවේ ජාත්‍යන්තර සහයෝගීතාවය “නිල සංවර්ධන ආධාර” (ODA) ලෙස දක්වා ඇත. මෙහිදී, සාමාන්‍ය ජාත්‍යන්තර වෙ‍ෙළඳපල අනුපාත භාවිත කරමින් සහ ‘ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානයේ’ (OECD) ක්‍රමවේදය අනුගමනය කරමින්, ගෝලීය සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වයේ පරිමාණය ගණනය කිරීමට සහ අනෙකුත් පරිත්‍යාගශීලීන් සමඟ සංසන්දනය කිරීමට පහසුකම් සපයයි. මොරාලෙස්ට අනුව, කියුබාවේ වෛද්‍ය සහ තාක්ෂණික වෘත්තීය සේවාවන්හි මූල්‍යමය වටිනාකම, 1999 සහ 2015 අතර කාලයේදී ඩොලර් බිලියන 71.5 ඉක්මවූ අතර, එය වාර්ෂිකව ඩොලර් බිලියන 4.87 කට සමාන වේ. මෙයින් අදහස් කරන්නේ කියුබාව වාර්ෂිකව එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.6% ක් ලෝකයේ ඉහළම අනුපාතය වන ODA සඳහා කැප කළ බවයි. සාපේක්ෂව, යුරෝපීය සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.39% ක් වූ අතර, ඇමරිකා එක්සත් ජනපදය දායකත්වය වූයේ 0.17% ක් පමණි. මෙම කාලය තුළ ඇමරිකා එක්සත් ජනපද අවහිර කිරීම හේතුවෙන් කියුබාවට වාර්ෂිකව ඩොලර් බිලියන 4 ත් 5 ත් අතර මුදලක් වැය කිරීමට සිදුව තිබිණි. එම බර නොවී නම්, කියුබාවට එහි ODA දායකත්වය දෙගුණ කිරීමට ඉඩ තිබුණි.

මෙම වියදම්, කියුබාවේ අධ්‍යාපනය සහ වෛද්‍ය පුහුණුව සහ යටිතල පහසුකම් සඳහා කියුබානු රාජ්‍ය ආයෝජන බැහැර කරයි. ජාත්‍යන්තර වෙ‍ෙළඳපල අනුපාතවලට වඩා අඩුවෙන් අය කිරීමෙන් හෝ බොහෝ අවස්ථාවලදී ඔවුන්ගෙන් කිසිසේත් අය නොකිරීමෙන් කියුබාවට සැලකිය යුතු පාඩු ද ඇත.

අපනයන ලෙස, වෛද්‍ය සේවා

1990 ගණන්වල "විශේෂ කාල පරිච්ඡේදය" තුළ, කියුබාව එය දැරිය හැකි සේවාව ලබන්නා වූ රටවල් සමඟ වියදම් බෙදා ගැනීම සඳහා අන්‍යෝන්‍ය ගිවිසුම් හඳුන්වා දුන්නේය. 2004 සිට, වෙනිසියුලාව සමඟ සුප්‍රකට "වෛද්‍යවරුන් සඳහා තෙල්" වැඩසටහන සමඟින්, වෛද්‍ය වෘත්තිකයන් අපනයනය කියුබාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්විය. මෙම ආදායම පසුව කියුබාවේ වෛද්‍ය සැපයුම් සඳහා නැවත ආයෝජනය කෙරේ. කෙසේ වෙතත්, කියුබාව අවශ්‍ය රටවලට නොමිලේ වෛද්‍ය ආධාර ලබා දීම දිගටම කරගෙන යයි. අද වන විට, සම්පූර්ණ වියදම් (පරිත්‍යාග සහ නොමිලේ තාක්ෂණික සේවා) ආවරණය කරන කියුබාවේ සිට අන්‍යෝන්‍ය ගිවිසුම් (සත්කාරක රට සමඟ බෙදා ගන්නා පිරිවැය) දක්වා "ත්‍රිකෝණාකාර සහයෝගීතාව" (තෙවන පාර්ශ්වීය හවුල්කාරිත්වයන්) සහ වාණිජ ගිවිසුම් දක්වා විවිධ සහයෝගීතා ගිවිසුම් ඇත. ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව අවහිරකිරීම් පියවර ඒ සියල්ලටම බලපානු ඇත.

2017 දී, කියුබානු වෛද්‍යවරු රටවල් 62ක ක්‍රියාත්මක වූහ. ඉන් රටවල් 27ක සත්කාරක රජය කිසිවක් ගෙවා නැති අතර, ඉතිරි රටවල් 35ක් යම් පරිමාණයකට අනුව වියදම් ගෙවා හෝ බෙදා ගත්හ. සත්කාරක රජය සියලු වියදම් ගෙවන විට, එය එසේ කරන්නේ ජාත්‍යන්තරව අය කරනු ලබන මුදලට වඩා අඩු අනුපාතයකටය. කියුබාවේ ගිණුම් තුලනය කිරීම සඳහා වෙනස් ගෙවීම් භාවිත කරනු ලැබේ. එබැවින් ධනවත් තෙල් රාජ්‍යයන්ට (උදාහරණයක් ලෙස කටාර්) අය කරනු ලබන සේවාවන්, දුප්පත් රටවලට වෛද්‍ය ආධාර සඳහා සහනාධාර ලබා දීමට උපකාරී වේ. වෛද්‍ය සේවා අපනයන සඳහා ගෙවීම කියුබානු රජයට යන අතර, එයින් වෛද්‍යවරුන්ටම සුළු කොටසක් ලබා දෙයි. මෙය සාමාන්‍යයෙන් ඔවුන්ගේ කියුබානු වැටුප්වලට අමතරව වේ.

2018 දී, කියුබාවේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය වෙනම දත්ත ප්‍රකාශයට පත් කළ පළමු වසරේ, “සෞඛ්‍ය සේවා අපනයන” ඩොලර් බිලියන 6.4 ක් උපයා ඇත. කෙසේ වෙතත්, එතැන් සිට ආදායම් පහත වැටී ඇත. කියුබානු වෛද්‍ය ජාත්‍යන්තරවාදය කඩාකප්පල් කිරීමට ඇමරිකා එක්සත් ජනපද උත්සාහයන් සාර්ථක වී ඇත. උදාහරණයක් ලෙස බ්‍රසීලය සම්බන්ධව ගත් විට ඉන් කියුබාවේ ආදායම බිලියන ගණනින් අඩු කිරීමට බලපා ඇත.

කියුබානු වෛද්‍ය ජාත්‍යන්තරවාදය, ඇමරිකාව විසින් අපරාධකරණය කිරීම

2006 දී, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පරිපාලනය ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය වෙනුවෙන් වෛද්‍ය මෙහෙයුම් අතහැර දැමීමට කියුබානු වෛද්‍යවරුන් පොළඹවා ගැනීම සඳහා, වැඩසටහනක් දියත් කළේය. ජනාධිපති බැරැක් ඔබාමා 2017 ජනවාරි මාසයේ ඔහුගේ ධුරයේ අවසන් දින දක්වා මෙම වැඩසටහන පවත්වාගෙන ගියේය. 2019 වන විට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රහාරය අලුත් කළේ, කියුබාව එහි වෛද්‍ය ජාත්‍යන්තරවාදයේ පදනම මත “මිනිස් ජාවාරමට” එරෙහිව සටන් කිරීමට අපොහොසත් වන රටවල් ලැයිස්තුවට එක් කරමිනි. USAID  විසින් කියුබානු සෞඛ්‍ය සේවා වැඩසටහන් අපකීර්තියට පත් කිරීමට සහ කඩාකප්පල් කිරීමට ව්‍යාපෘතියක් පවා දියත් කළේය. 2024 දී, විසර්ජන පිළිබඳ එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩල කමිටුවේ පනත් කෙටුම්පතට “කියුබාවෙන් වෛද්‍යවරුන් ජාවාරම් කිරීම” හෙළිදරව් කිරීම, “මෙම ආකාරයේ නූතන වහල්භාවයට සහභාගී වන රටවලින්” ආධාර ඉවත් කිරීම සහ කියුබානු රසායනාගාර සඳහා අරමුදල් තහනම් කිරීම ඇතුළත් විය. 

කියුබානු වෛද්‍යවරුන් විදේශගතවීමට පෙර අත්සන් කරන සේවා කොන්ත්‍රාත්තු ඇත්ත වශයෙන්ම ස්වේච්ඡාවෙන් සිදු වේ. ඔවුන්ට ඔවුන්ගේ නිත්‍ය කියුබානු වැටුප සහ සත්කාරක රටෙන් වේතනය ලැබේ. ස්වේච්ඡා සේවකයින්ට නිවාඩු සහ පවුල් සමඟ සම්බන්ධතා සහතික කෙරේ. සහභාගී වීමට ඔවුන්ගේ අභිප්‍රේරණය කුමක් වුවද, කියුබාවේ වෛද්‍ය වෘත්තිකයන් විදේශයන්හි ස්වේච්ඡාවෙන් සේවය කිරීමට විශාල පෞද්ගලික කැපකිරීම් කරති. පවුල් සහ නිවාස, ඔවුන්ගේ සංස්කෘතිය සහ ප්‍රජාවන් අතහැර මාස හෝ වසර ගණනාවක් අභියෝගාත්මක සහ බොහෝ විට අවදානම් සහිත තත්වයන් යටතේ වැඩ කරති. "කියුබාව සහ COVID-19: මහජන සෞඛ්‍ය, විද්‍යාව සහ සහයෝගීතාවය" නමැති වාර්තා චිත්‍රපටයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වන වෛද්‍ය ජෙසස් රුයිස් ඇලෙමන්, සදාචාරාත්මක බැඳීමක් පිළිබඳ හැඟීමක්, හෙන්රි රීව් බලඇණිය සඳහා ස්වේච්ඡාවෙන් සේවය කිරීමට තමාව පොළඹවා ගත් ආකාරය පැහැදිලි කරයි. ඔහු 2005 දී ග්වාතමාලාවට, 2014 දී ඉබෝලා සඳහා බටහිර අප්‍රිකාවට සහ 2020 දී COVID-19 වසංගතයේ කේන්ද්‍රස්ථානය ඉතාලියටත් ගියේය. "මට කවදාවත් වහලෙකු ලෙස සිතී නැතැ"යි ඔහු අවධාරණය කරයි. වෛද්‍ය බලකාවලට එරෙහි ව්‍යාපාරය කියුබාවට එරෙහි අවහිර කිරීම් පියවර සාධාරණීකරණය කිරීමටත්, කියුබාවේ ආදායම් මාර්ගයකට හානි කිරීමට මාර්ගයක් ලෙස පෙනෙන බවත් ඔහු පවසයි.

හොඳ ආදර්ශයක තර්ජනය

ඇමරිකා එක්සත් ජනපදය විසින් පෙන්වා දෙනු ලබන ප්‍රමුඛ ගෝලීය ප්‍රවේශය නම්, සෞඛ්‍ය සේවාව වෙ‍ෙළඳපල යාන්ත්‍රණය හරහා සලාකනය කළ යුතු මිල අධික සම්පතක් හෝ වෙළඳ භාණ්ඩයක් ලෙස සැලකීමයි. වෛද්‍ය සිසුන් තම අධ්‍යාපනය සඳහා "ආයෝජනය" කරන්නේ, ඉහළ පාඨමාලා ගාස්තු ගෙවමින් සහ විශාල ණය සමඟින් උපාධිය ලබා ගනිමිනි. ඉන්පසු ඔවුහු එම ණය ආපසු ගෙවීමට සහ වරප්‍රසාද ලත් ජීවන තත්වයක් අනුගමනය කිරීමට හොඳ වැටුප් සහිත රැකියා සොයති. වෛද්‍යවරුන්ට හොඳ වැටුපක් ලැබෙන බව සහතික කිරීම සඳහා, ඉල්ලුම සැපයුමට වඩා ඉහළින් තබා ගත යුතුය. ලෝක ආර්ථික සංසදය 2030 වන විට ලොව පුරා සෞඛ්‍ය සේවකයින් මිලියන 10ක හිඟයක් ප්‍රක්ෂේපණය කරයි. නමුත් වෛද්‍ය අධ්‍යාපනය සඳහා කියුබානු ආයෝජනය, ගෝලීය වශයෙන් ‍වෛද්‍ය වෘත්තිකයන්ගේ සැපයුම ඉහළ නංවන අතර, එය වෙ‍ෙළඳපල පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වන වෛද්‍යවරුන්ගේ තත්ත්වයට තර්ජනයක් වේ. තීරණාත්මක ලෙස, කියුබානු ප්‍රවේශය වෛද්‍ය වෘත්තියට සම්බන්ධ වීමට මූල්‍ය, පන්ති, ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, ආගමික සහ වෙනත් ඕනෑම බාධකයක් ඉවත් කරන්නකි.

කියුබානු ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණ නම්, මානව අයිතියක් ලෙස සෞඛ්‍ය සේවාව සඳහා කැපවීම, සමාන්තර පෞද්ගලික අංශයක් නොමැති විශ්වීය මහජන සෞඛ්‍ය සේවා පද්ධතියක් සැපයීම සඳහා රාජ්‍ය සැලසුම්කරණයේ සහ ආයෝජනයේ තීරණාත්මක කාර්යභාරය, සෞඛ්‍ය සේවා සැපයීමට වැඩිදියුණු කළ වේගය (පසුගිය සියවසේ අටවන දශකය වන විට කියුබාවෙහි ඉතා දියුණු රටක සෞඛ්‍ය පැතිකඩක් තිබුණි), සුව කිරීමට වඩා වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ ප්‍රජා පාදක ප්‍රාථමික සත්කාර පද්ධතිය වේ. මෙම ක්‍රම මගින්, සමාජවාදී කියුබාව සංවර්ධිත රටවල් හා සැසඳිය හැකි සෞඛ්‍ය ප්‍රතිඵල අත්කර ගෙන ඇත. නමුත් ඒක පුද්ගල වියදම් අඩුය. එනම්, ඇමරිකා එක්සත් ජනපදයේ ඒක පුද්ගල වියදම්වලින් දහයෙන් එකකටත් වඩා අඩු සහ එක්සත් රාජධානියේ හතරෙන් එකකටත් වඩා අඩුය. 2005 වන විට, කියුබාව ලෝකයේ ඒක පුද්ගල වෛද්‍යවරුන්ගේ ඉහළම අනුපාතය අත්කර ගෙන තිබුණි. 2018 වන විට, එය ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ගේ ඝනත්වය මෙන් තුන් ගුණයක් විය.

අද කියුබාව දැඩි ආර්ථික අර්බුදයක මධ්‍යයේ සිටින අතර, එය බොහෝ දුරට ඇමරිකා එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් ඇති විය. 2021 සිට දැවැන්ත සංක්‍රමණයෙන් පසු සම්පත් හා පිරිස් හිඟයක් සමඟ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය පෙර නොවූ විරූ පීඩනයකට ලක්ව ඇත. කෙසේ වෙතත්, රජය සෞඛ්‍ය සේවා සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් ඉහළ ප්‍රතිශතයක් (2023 දී 14% කට ආසන්න) කැප කිරීම දිගටම කරගෙන යයි. නොමිලේ විශ්වීය වෛද්‍ය සැපයුම් පවත්වා ගෙන යන අතර, දැනට රටවල් 56ක වෛද්‍ය වෘත්තිකයෝ 24,180 ක් සිටිති.

විප්ලවවාදී කියුබාව කිසි විටෙකත් තමන්ගේම අවශ්‍යතා සපුරාලීම ගැන පමණක් සැලකිලිමත් වූයේ නැත. 1999 - 2015 අතර කාලය තුළ පමණක්, විදේශීය කියුබානු වෛද්‍ය වෘත්තිකයන් ජීවිත මිලියන 6 ක් බේරා ගත් අතර, වෛද්‍ය උපදේශන බිලියන 1.39 ක් සහ ශල්‍යකර්ම මිලියන 10 ක් සිදු කර ඇත. උපත් මිලියන 2.67 ක් සඳහා සහභාගී වී ඇත. විදේශීය සිසුන් 73,848 ක් කියුබාවේ වෘත්තිකයන් ලෙස උපාධිය ලබා ගත් අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වෛද්‍යවරු වූහ. 

කියුබානු වෛද්‍ය ජාත්‍යන්තරවාදයේ ප්‍රතිලාභ ලබන ජාතීන් ගෝලීය වශයෙන් දුප්පත්ම සහ අඩුම බලපෑමක් ඇති රටවල් වී ඇත; ලෝක දේශපාලන වේදිකාවේ යම් බලයක් සහිත ආණ්ඩු ඇත්තේ ස්වල්ප රටවල් ගණනකට පමණි. ප්‍රතිලාභී ජනගහනය බොහෝ විට එම රටවල් තුළ වඩාත්ම අවාසි සහගත සහ ආන්තිකකරණයට ලක් වූවන් වේ. කියුබානු වෛද්‍යවරුන් එම රටවල් අතැර ගියහොත්, ඔවුන්ට විකල්පයක් නොලැබෙනු ඇත. ඇමරිකා එක්සත් ජනපදය සාර්ථක වුවහොත්, දුක් විඳින්නේ කියුබානුවන් පමණක් නොවේ. කියුබානු වෛද්‍ය ජාත්‍යන්තරවාදය මගින් දැනට ජීවිත බේරාගෙන වැඩිදියුණු කරනු ලබන ගෝලීය ප්‍රතිලාභී ජනයා මිලියන ගණනක්ද වනු ඇත. 

- අරුණ ඕවිටිගල

සම්බන්ධිත පුවත් | Related News

උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.
කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,
කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ජිනීවා නුවරදී ඊයේ පස්වරුවේ ආරම්භ විය.
නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.