නිකිණි පුර පසළොස්වක පොහොය අදයි..
ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසළොස්වක පොහොය අද දිනට යෙදී තිබේ.
ඇසළ පුර පසළොස්වක පෝහෝ දින පෙර වස් එළැඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලාට පසුවස් එළැඹීම පිණිස මෙම නිකිණි පොහොය වෙන් කර ඇති අතර, වස් සීමාවෙන් පිටතට යන භික්ෂූන් වහන්සේලාට සතියක් ඇතුළත යළි පැමිණෙන බවට අදිටන් කර පිටව යාමට අවසර හිමිවූයේ ද මෙම පෝහෝ දිනකය.
මෙම උතුම් දිනය ශාසනික මෙන්ම ඉතිහාසමය වශයෙන් ද අතිශය වැදගත් සිදුවීම් රැසකට හිමිකම් කියයි.
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව, මහා කාශ්‍යප හිමියන්ගේ මූලිකත්වයෙන් සහ අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සිදුවූයේ ද නිකිණි පෝහෝ දිනකය.
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම මෙන්ම අරියවංශ දේශනාව පැවැත්වීම ආරම්භ වීම ද මෙදින සිදුවූ විශේෂ ශාසනික සිදුවීම් වේ. ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කරමින් සේරුවිල මංගල චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ ද අද වැනි නිකිණි පෝහෝ දිනකය.
අතීතයේදී නිකිණි මාසයේ පවතින වියළි කාලගුණය නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේට එල්ල වන වන අලි තර්ජනවලින් බෝධිය ආරක්ෂා කිරීමට ජනතාව ගිනි මැල ගසා රැකවල් ලෑ නිසාත්, ගොවි ජනතාව සිය හේන් වගාවන් සඳහා බිම් සකස් කිරීමට ගිනි තැබීම සිදු කරන නිසාත් අතීත මුතුන් මිත්තන් විසින් මෙම පෝය "දරමිටි පෝය" සහ "හේන් ගිනිලන පෝය" ලෙස ද හඳුන්වා ඇත.
එමෙන්ම ඓතිහාසික මහනුවර ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහැර පැවැත්වීම ද නිකිණි පොහොය මූලික කරගනිමින් සිදු කෙරෙන අතර, මෙදින දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන වෙත පැමිණෙන බෞද්ධ ජනතාව දාන, සීල, භාවනා ඇතුළු ආගමික වතාවත්වල නිරත වෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි..
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 500 පනී..
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි..
අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..
සුරේෂ් සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග..
සමාජය බිදවට්ටවා බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන 'හරිනිලාගේ ව්‍යාපෘතිය' සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් න්‍යායාත්මක විග්‍රහයක්
යුක්රේනය 35 වැනි නිදහස් සංවත්සරයට සැරසෙද්දී දැවැන්ත අර්බුද රැසක: ආර්ථිකය, ජනගහනය සහ ආරක්ෂාව දරුණු ලෙස කඩා වැටේ..
විනිසුරු වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් වෙනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.. - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 22 ගැන දැඩි ස්ථාවරයක
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා..
කැනඩාව 'චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්' දියත් කරයි.. - ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය
වියට්නාමයට 81යි: නිදහස සඳහා වූ අරගලයේ සිට ලෝකය තුළ විශ්වාසයෙන් නැගී සිටින ජාතියක් දක්වා