ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..
ඉරාන වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකානු හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති බාධකය හේතුවෙන් ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20 ක් පමණ ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා සිටින බව ටෑන්ක්ට්‍රැකර්ස වෙබ් අඩවිය සිදුකළ ජාත්‍යන්තර නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.
ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත එම විශ්ලේෂණය වාර්තා කරමින් ප්‍රකාශ කර සිටියේ ඉරාන ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකා 13 ක් සහ තවත් ඉරාන නෞකා කීපයක් ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා ඇති බවයි.
මෙලෙස ශ්‍රී ලංකා සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ රැඳී සිටින නෞකා බොහොමයක් නැවත ඉරානයට ඇතුළු වී ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් එහි රැඳී සිටින බවට විශ්වාස කළ හැකි බවත් එම නෞකා ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයට පැමිණ ඇති බවත් ටෑන්ක්ට්‍රැකර්ස් සම නිර්මාතෘ සමීර් මදානි ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් මෙම නෞකා සඳහා ශ්‍රී ලංකාව පහසුකම් සපයන්නේ නැති බවද මදානි අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මෙම නෞකා සියල්ල පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් වුවත් නෞකා නැංගුරම් ලා ඇත්තේ මෙරට සුවිශේෂී ආර්ථික කලාප සීමාවට පිටින් බැවින් එම නෞකා සම්බන්ධව ශ්‍රී ලංකාවට කිසිඳු බැඳීමක් නොමැති බවයි.
ඉරානයේ වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකාව යුද නෞකා යොදා ගනිමින් පනවා ඇති බාධකය හේතුවෙන් පසුගියදා ජූලි මස දෙවන සතියෙන් පසුව ඉරානයෙන් කර්ග් දූපතෙන් ගල්ෆ් කලාපයෙන් පිටත ගමනාන්තයක් සඳහා තෙල් පටවා නොමැති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි. එසේම ඇමෙරිකානු නාවික බාධකය ඉරාන නෞකා 20 කට වැඩි ප්‍රමාණයකට පසුගිය මාස හයක කාලය තුළදී පහරදී තිබිණි.
එසේම ඇමෙරිකානු හමුදා බාධකය ඉරාන වරායන් වෙත පැමිණි තවත් වෙළෙඳ නෞකා 75 කට වැඩි ප්‍රමාණයක් ආපසු හරවා තිබෙන බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ නැවත ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට හැකි වනතෙක් ඉරාන නෞකා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසන්න මුහුදු ප්‍රදේශවල ආරක්ෂාව පත රැඳී සිටින බව නාවික වෙළෙඳ දත්ත පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට නාවික වශයෙන් වැදගත් භූගෝලීය පිහිටීමක් ඇති බැවින්, මැදපෙරදිග පවතින ගැටුම් සහ ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක හමුවේ ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශය කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමුවීම විශේෂත්වයකි. ටෑන්ක්ට්‍රැකර්ස යනු නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණ ආයතනයකි.
- විමුක්ති එස් රුද්‍රිගු
ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන් පූර්ණ සහාය දෙයි..
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නෑ.. කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..
සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. - ඤාණසාර හිමි
කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
නේපාලයේ නායයාමෙන් පසු අතුරුදහන් වූ 558 දෙනා සෙවීමේ මෙහෙයුම් වේගවත් කෙරේ.. නායයාමෙන් චීනයේ ටිබෙට් කලාපයටත් බලපෑම්...
22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
එක්සත් රාජධානියේ හමුදා ස්ථාන රුසියාවේ ඉලක්ක බවට පත්විය හැකියි.. – මොස්කව්
ජනාධිපති අනුර කුමාර දිසානායක ජවිපෙ ඓතිහාසික කාර්යභාරයට පිටුපෑවා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
ඉන්දියාව සහ චීනය දේශසීමා ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට එකඟ වෙති
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි..
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 500 පනී..
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි..
අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කරගන්න ශානි අබේසේකර ප්‍රංශ තානාපති කාර්යාලයට ගිහින් නැහැ.. තානාපතිවරයා වෙනුවෙන් ගත්ත නිවසේදී ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ.. - නීතිඥ සංජීව වීරවික්‍රම
ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු