ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..
ඉරාන වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකානු හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති බාධකය හේතුවෙන් ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20 ක් පමණ ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා සිටින බව ටෑන්ක්ට්‍රැකර්ස වෙබ් අඩවිය සිදුකළ ජාත්‍යන්තර නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.
ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත එම විශ්ලේෂණය වාර්තා කරමින් ප්‍රකාශ කර සිටියේ ඉරාන ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකා 13 ක් සහ තවත් ඉරාන නෞකා කීපයක් ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා ඇති බවයි.
මෙලෙස ශ්‍රී ලංකා සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ රැඳී සිටින නෞකා බොහොමයක් නැවත ඉරානයට ඇතුළු වී ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් එහි රැඳී සිටින බවට විශ්වාස කළ හැකි බවත් එම නෞකා ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයට පැමිණ ඇති බවත් ටෑන්ක්ට්‍රැකර්ස් සම නිර්මාතෘ සමීර් මදානි ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් මෙම නෞකා සඳහා ශ්‍රී ලංකාව පහසුකම් සපයන්නේ නැති බවද මදානි අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මෙම නෞකා සියල්ල පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් වුවත් නෞකා නැංගුරම් ලා ඇත්තේ මෙරට සුවිශේෂී ආර්ථික කලාප සීමාවට පිටින් බැවින් එම නෞකා සම්බන්ධව ශ්‍රී ලංකාවට කිසිඳු බැඳීමක් නොමැති බවයි.
ඉරානයේ වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකාව යුද නෞකා යොදා ගනිමින් පනවා ඇති බාධකය හේතුවෙන් පසුගියදා ජූලි මස දෙවන සතියෙන් පසුව ඉරානයෙන් කර්ග් දූපතෙන් ගල්ෆ් කලාපයෙන් පිටත ගමනාන්තයක් සඳහා තෙල් පටවා නොමැති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි. එසේම ඇමෙරිකානු නාවික බාධකය ඉරාන නෞකා 20 කට වැඩි ප්‍රමාණයකට පසුගිය මාස හයක කාලය තුළදී පහරදී තිබිණි.
එසේම ඇමෙරිකානු හමුදා බාධකය ඉරාන වරායන් වෙත පැමිණි තවත් වෙළෙඳ නෞකා 75 කට වැඩි ප්‍රමාණයක් ආපසු හරවා තිබෙන බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ නැවත ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට හැකි වනතෙක් ඉරාන නෞකා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසන්න මුහුදු ප්‍රදේශවල ආරක්ෂාව පත රැඳී සිටින බව නාවික වෙළෙඳ දත්ත පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට නාවික වශයෙන් වැදගත් භූගෝලීය පිහිටීමක් ඇති බැවින්, මැදපෙරදිග පවතින ගැටුම් සහ ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක හමුවේ ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශය කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමුවීම විශේෂත්වයකි. ටෑන්ක්ට්‍රැකර්ස යනු නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණ ආයතනයකි.
- විමුක්ති එස් රුද්‍රිගු
ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..