22 සංශෝධනයේ ප්‍රතිලාභ ලබන පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි..- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුවහොත්, එහි ප්‍රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ වත්මන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය 2026 දෙසැම්බර් 01 වැනිදා අවසන් වීමට නියමිතව ඇති බවයි.
එම ධුර කාලය දීර්ඝ කිරීමේ අරමුණින් මෙම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ඉදිරියට ගෙන යන බවට සමාජය තුළ පුළුල් මතයක් පවතින බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
යෝජිත 22 වන සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බරපතල බලපෑමක් එල්ල වන බව නීතිඥ සංගමයේ ස්ථාවරය වී ඇත.
මේ හේතුවෙන් අදාළ සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
මෑත කාලීනව අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණ පද්ධතිය ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තුව තුළ සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවිධ චෝදනා සහ ප්‍රහාර පිළිබඳව ද නීතිඥ සංගමය සිය දැඩි අවධානය යොමු කර ඇත. අධිකරණය යනු නීත්‍යනුකූල විමර්ශනයට සහ වගවීමට යටත් විය යුතු ආයතනයක් වුවද, විනිසුරුවරුන් සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම විශ්වසනීය චෝදනාවක් පවතින ව්‍යවස්ථාපිත ක්‍රියාපටිපාටියට අනුකූලව විමර්ශනය කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.
තහවුරු නොකළ කරුණු මත පදනම්ව විනිසුරුවරුන්ට සහ නීතිඥවරුන්ට එල්ල කරන පුද්ගලික ප්‍රහාර මගින් යුක්තිය පසිඳලීමේ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙන බවත්, එය සමස්ත නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් බවත් නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ජනතාව වෙනුවෙන් පවතින ආරක්ෂණයක් බැවින්, අධිකරණ පද්ධතියට ගරු කරන ලෙසත්, පවතින ගැටලු නීත්‍යනුකූල රාමුව තුළ පමණක් සාකච්ඡා කරන ලෙසත් නීතිඥ සංගමය රජයෙන්, මාධ්‍යවලින් සහ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..