අමෙරිකාවේ පරාජය අත ළඟ: අමෙරිකාවට ඉරාන යුද්ධය ජයගත නොහැක්කේ ඇයි?
එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම දෛනික බෝම්බ ප්‍රහාර සහ පළිගැනීමේ ප්‍රහාර මාලාවක් බවට මේ වන විට පත්ව ඇත. මේ තත්වය තුළ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් හිමි රාජ්‍ය පාලකයෝ මෙන්ම සාමාන්‍ය ජනයා හුස්ම හිරකරගෙන, ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බලා සිටිති. නමුත් පෙබරවාරි මාසයේදී "කම්පනය සහ භීතිය" (shock and awe) ව්‍යාපාරයක් ලෙස අමෙරිකාව ආරම්භ කළ යුද්දය අවසානයේ එකතැන පල්වන තත්වයක් දක්වා දක්වා පරිවර්තනය වී ඇති අතර,එමගින් තීරණාත්මක ප්‍රශ්නයක් මතු කරයි. එනම්, ලෝකයේ එකම සුපිරි රාජ්‍යය මෙම තත්වයට පත්වූයේ කෙසේද යන්නයි.
පිළිතුර වන්නේ ව්‍යසනකාරී වැරදි ගණනය කිරීමක් සහ අසාර්ථක උපායමාර්ග මාලාවක්ය යන්නයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනපදයට ජයග්‍රහණය සඳහා කිසිදු ශක්‍ය මාර්ගයක් ඉතිරි නොවී ඇති බවයි. එක්සත් ජනපදය තමන්ගේ සතුරාට එරෙහිව පරාජිත අන්තයක ක්‍රීඩා කරමින් සිටින අතර අමෙරිකාවට අනුව ඔහුගේ දුර්වල සතුරා අවසානය දක්වා සටන් කිරීමට අභිලාශයෙන් සිටිනවා පමණක් නොව, ඒ සඳහා සූදානම්ව සිටින බවත් ඒ අනුව පෙනී යයි.
විකාර අදහස
අමෙරිකාව තමඟේ ආක්‍රමණකාරී යුද්ධය ගොඩනඟා ඇත්තේ දෝෂ සහිත බුද්ධි තොරතුරු සහ අධික ශුභවාදී උපකල්පන මතය. ඊශ්‍රායල නිලධාරීන්, විශේෂයෙන්ම මොසාඩ් ප්‍රධානී ඩේවිඩ් බර්නියා සහ අගමැති නෙතන්යාහු, ඉක්මන් "කම්පනය සහ භීතිය" පදනම් කරගත් ව්‍යාපාරයක් මඟින් ඉරාන පාලන තන්ත්‍රයේ හිස ගසා දැමිය හැකි බවත්, එය ඉරානුවන් සාකච්ඡා මේසයට ගෙන ඒමටත්, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනේ සිට කලාපීය සහචරයින්ට ලබාදෙන සහාය දක්වා කාරණා සම්බන්ධයෙන් ඔවුන්ව අවනත කිරීමටත් බල කරනු ඇතැයි ඇමරිකානු පරිපාලනයට ඒත්තු ගන්වනු ලැබිණි.
ඒ අනුව විකාර අදහසක් මත පදනම් වූ අමෙරිකානු ඊශ්‍රායල මෙහෙයුම ආරම්භයේදීම ජයග්‍රහණය කරනු ඇතැයි සිතීමට කිසිදු හොඳ උපායමාර්ගික හේතුවක් තිබුණේ නැතිවාක් මෙන්ම ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ උපාය උපක්‍රම ක්‍රියාත්මක වූයේද නැත.
ගුවන් ප්‍රහාර අංශයේ ක්ෂණික අසාර්ථකත්වය පිළිබඳ කතාවේ කොටසක් පමණි. ගැටුමේ ගමන්මඟ, පුනරාවර්තන උපායමාර්ගයක අසාර්ථකත්වය සංකේතවත් කරන්නක් පමණි. ඉරාන නායකන් ඉලක්ක කර එල්ල කළ විශාල ආරම්භක උපායමාර්ගික බෝම්බ ප්‍රහාර ව්‍යාපාරය, ඉරානයේ අධිෂ්ඨානය බිඳ දැමිය නොහැකි බව පැහැදිලි වූ විට, දින 40 කට පසුව ප්‍රහාර අතහැර දමන ලදී. ඉන්පසුව තෝරාගත් නාවික අවහිරය ද ඉවත් කරන ලද අතර, එය ජූනි 17 වන දින ජනාධිපති ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද,"යටත් වීමේ ලේඛනය" ලෙස හඳුන්වන අවබෝධතා ගිවිසුමෙන් අවසන් වූ බව පැහැදිළිය.
"එකිනෙකට ප්‍රතිචාර" උගුල
ජූනි 17 වන දින දෙපාර්ශවය විසින් අත්සන් කරන ලද ගිවිසුමෙන් යුද්ධය අවසන් කිරීමට අවකාශය තිබුණද, ගැටුම් නතර වීම ඉතා කෙටි කාලයක් පමණක් පැවතුනි. හෝර්මුස් සමුද්‍ර සන්ධිය පාලනය සම්බන්ධ වගන්තියක් අර්ථකථනය කිරීමේ ආරවුලක් හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප් අවහිරය නැවත ස්ථාපිත කළ අතර, එයට ප්‍රතිචාර වශයෙන් ඉරානයද තම අවහිරය නැවත ස්ථාපිත කළේය. එහි ප්‍රතිඵලය වන්නේ වර්තමාන "එකිනෙකට ප්‍රතිචාර" සීමිත ප්‍රහාර හුවමාරුව පමණයි.
ඒ අනුව, සීමිත ප්‍රහාර සම්පූර්ණ පරිමාණයේ බෝම්බ ප්‍රහාර ව්‍යාපාරයකට වඩා සාර්ථක වීමට ඇති ඉඩකඩ අඩු බව පෙනී යයි. දැවැන්ත ගුවන් ප්‍රහාර ව්‍යාපාරයකට සහ අවහිරයකට ඉරානය දණගැස්වීමට නොහැකි වූවා නම්, කුඩා පළිගැනීමේ ප්‍රහාර මාලාවක් එසේ කරන්නේ කෙසේද යන පැනය ලෝකය හමුවේ වෙයි.
ඉහත සියළු කාරණා වලට අනුව, ඉරානුවන් මේ වනවිට ජයග්‍රහණය කරමින් සිටියි. එක්සත් ජනපදය ඉරාන වත්කම්වලට සිදුකරන හානියට වඩා ඉරානුවන් එක්සත් ජනපද වත්කම්වලට වැඩි හානියක් සිදුකරමින් සිටින බව පෙනී යයි. ප්‍රහාර එකටෙක කරන සමතුලිත තත්වයක් වුවද, උපායමාර්ගික තත්වය නොවෙනස්ව පවතින බව හොඳින් පෙනෙන්නට තිබේ.
ගොඩබිම් විකල්පයක් නැත
අමෙරිකාව ඉදිරිපත් කරන ගොඩබිම් ආක්‍රමණයක් පිළිබඳ අදහස, බොහෝ විට එවැනි ගැටුම්වලදී ඉදිරිපත් කරනු ලබන, ආරම්භ කළ නොහැකි දෙයක් ලෙස බැහැර කිරීමට සිදු වේ. මැද පෙරදිග කලාපයේ රඳවා ඇති අමෙරිකානු "ට්‍රිගර් පුලර්" හෙවත් සෘජුව සටන් කරන යුද භටයන්ගේ සංඛ්‍යාව 10,000 ට වඩා අඩු වන අතර එම අගය 6,000 ක් පමණ වෙතැයි උපකල්පනය කිරීම වඩාත් යථාර්ථවාදී අගයක් බව පැහැදිළිය. ඒ අනුව ඉරානයේ මිලියන 93 ක ජනගහනය, බලවත් හමුදා හැකියාව සහ දරුණු භූමි ලක්ෂණ අමෙරිකාවට සොල්දාදුවන් 6,000 ක් සමඟ ඉරානය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමම හාස්‍යයක් බව අත දරුවෙකුට පවා වැටහේ.
ආර්ථික දඬුවමේ කඩුව
ගැටුමේ හරය දැන් භ්‍රමණය වන්නේ ආර්ථික බලපෑම් කිරීමේ කේන්ද්‍රයක් වටාය. එක්සත් ජනපදයට කාලයත් සමඟ ඉරාන ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකළ හැකිය යන්න විවාදයක් නොවේ. එසේ වුවද, ගෝලීය සහ ඇමරිකානු ආර්ථිකයටම එම හානිය සිදුකිරීමට ඉරානුවන් වඩා හොඳින් ස්ථානගත වී සිටින බව ඉරානුවන්ගේ ය්ද ආර්ථික උපක්‍රම දෙස හොඳින් බැලීමේදී පෙනී යයි.
යුද්ධයට පෙර, ලෝකයේ තෙල්වලින් 20% ක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළේය. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමුද්‍ර සන්ධිය මඟ හැරීමට නළ මාර්ග විවෘත කර ඇති නමුදු, තීරණාත්මක 7% ක් තවමත් ගලා යන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහාය. මේ වන විට ඉරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා වරාය ඵලදායී ලෙස වසා දමා ඇති අතර, යේමනයේ තම සහචරයින් වන හූතිවරුන්ට රතු මුහුදේ බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සූදානම් වන ලෙසද සංඥා කර ඇත. මෙම පියවර නළ මාර්ග මඟින් හරවා යවන ඉතිරි 7% තෙල් ප්‍රමාණයද කපා දැමීමට හේතු වනු ඇත.
ඒ අනුව අතිශය වැදගත් වන බලපෑම් හැකියාව ඉහළ යමින් පවතී. මේ වන විටත් සිදුවෙමින් පවතින දේ ඉතාමත් දරුණු ප්‍රතිවිපාක ඇති කරන දෙයකි. එනම්, සමුද්‍ර සන්ධිය වසා ඇති කාලය වැඩි වන තරමටත්, මැදපෙරදිගින් පිටතට යන තෙල් ප්‍රමාණය අඩු වන තරමටත්, එය ලෝක ආර්ථිකයට මෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ දේශපාලන පැවැත්මට සිදුකරන හානිය වැඩි වීම අහම්බයක් නොව අනිවාර්යකි.
ඉරානය අත්නොහරින්නේ ඇයි?
ඉරානයේ උපායමාර්ගික ඔරොත්තු දීමේ හැකියාවට පාදක වන්නේ සරල නමුත් බලවත් සංකල්පයකි. එනම් ඔවුන් මුහුණ දෙන්නේ ඔවුන්ගේ පැවැත්මටම වන තර්ජනයකටය. එවැනි තර්ජනයකට මුහුණ දෙන ජනතාවක් දැවැන්ත දඬුවම් දරා ගැනීමට කැමති වීම ඉතිහාසය විශ්ලේෂනයේදී පෙනී යයි. දෙවන ලෝක යුද්ධය සලකා බැලුවහොත්, දැවැන්ත උපායමාර්ගික බෝම්බ ප්‍රහාර ජර්මානු සහ ජපන් ජනතාවගේ අධිෂ්ඨානය බිඳ දැමීමට අසමත් වූවාක් මෙන් ඉරානුවන් මෙම සටන අත්හරින්නේ නැති බව මේ වන විට ලෝකයට ඔප්පු කර තිබේ. අයතොල්ලා කොමේනිගේ අවමංගල්‍යය වැනි සිදුවීම්වලදී ප්‍රදර්ශනය වන ජාතික සමගිය ඉරාන ජනයාගේ අධිෂ්ඨානයට සාක්ෂියක් බව අපගේ කියවීමයි.
බලහත්කාර නිගමනයක්
ඒ අනුව වත්මන් අමෙරිකානු පරිපාලනයේ ප්‍රකාශිත අරමුණු සම්බන්ධයෙන් අඳුරු චිත්‍රයක් නිරූපණය වෙයි. එනම්, එක්සත් ජනපදයට යුද්ධය බෝම්බ ප්‍රහාර හරහා ජයගත නොහැකිවා මෙන්ම අවහිරයක් හරහාද ජයගත නොහැකිය. එලෙසම ආක්‍රමණයක් හරහා ජයගත නොහැකිවාක් මෙන්ම එකිනෙකට දක්වන ප්‍රතිචාර ප්‍රහාර හරහාද ජයගත නොහැකි බව මේ වන විට කරුණු පෙල ගැසෙන අයුරින් තේරුම් ගත හැක.
ඒ අනුව ජනාධිපති ට්‍රම්ප්ට නුදුරේදීම සාකච්ඡා මේසයට නැවත පැමිණීමට බල කෙරෙනු ඇත. ට්‍රම්ප්ට ඉරානය සමඟ ගිවිසුමක් ඇති කරගැනීමට සිදුවනු ඇති අතර එය මඟහැර යාමට කිසිදු මාර්ගයක් ඔහුට නැත. ඔහු ආරම්භ කළ යුද්ධය ජයගැනීමට කිසිදු ක්‍රමයක් ඔහුට නැති අතර ඔහු මේ වන විට සම්බන්ධ වී සිටින්නේ කාඩ් කුට්ටමේ පරාජිත අතක් ක්‍රීඩා කිරීමටය. මෙය දිගටම පැවතීම ඇමරිකානු ආර්ථිකයට වැඩි වියදමක් දැරීමට සිදුවනු ඇත.
අමෙරිකාව ඉරානයේ කරන යුද්ධය, පෙනෙන පරිදි, නව අවධියකට පිවිස ඇති අතර, එහිදී ජයග්‍රහණය තවදුරටත් විකල්පයක් නොවන අතර, අමෙරිකාවට ඉතිරි වන්නේ බොහෝ විට අවාසිදායක අනිවාර්ය ගිවිසුමකට එළඹීමට පෙර, කොපමණ ප්‍රමාණයක් අහිමි කරග්න්නේද යන ප්‍රශ්නය පමණි.
දේශපාලන විශ්ලේෂක මහාචාර්ය මියර්ෂයිමර්මහතා විසින් යූ ටියුබ් නාලිකාවට එක්කළ "Washington Just Took a Massive Shock — Iran Just Did the Impossible "වීඩියෝව ඇසුරින් සැකසුනි...
සැකසීම ජීවන්ත ජයතිස්ස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අමෙරිකාවේ පරාජය අත ළඟ: අමෙරිකාවට ඉරාන යුද්ධය ජයගත නොහැක්කේ ඇයි?
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 21ට අඩු දරුවන් 8500ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනවා.. ඔවුන් වැටෙන්නේ පාතාලයන් ළඟට.. - සිරගෙවල්වල ආතතියට හේතුව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි.
"කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ" - අධිකරණ ඇමති කියයි
කාදිනල්හිමි ඉල්ලන්නේ අසත්‍ය තොරතුරු මත පදනම්වූ සලේගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීම නම් කාදිනල්හිමිගේ පෙත්සමටත් අත්විය යුත්තේ එම ඉරණම නොවේද?
22 වන සංශෝධනය පිටුපස දෙමළ ඩයස්පෝරාවේ බලපෑමක් තිබිය හැකියි.. – නීතිඥ ගාමිණී අල්විස්
ශිරාණි බණ්ඩාරනායකව තනතුරෙන් ඉවත් කළේ ඒකීය ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල්කරණයට පක්ෂපාතී වූ තීන්දු දුන් නිසයි.. - නීතිඥ සංජීව වීරවික්‍රම
Meta පැරදුණත් ජනතාව වහලුන්ද?.. - Meta නඩුව පිටුපස ඇති ඇත්ත මෙන්න..
22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක්..
ඇමරිකාවේ අභ්‍යවකාශ අභිලාෂයන් අවි තරඟයකට මඟ පෑදීමේ අවදානමක් පවතිනවා-ඉරානය අනතුරු අඟවයි
දුප්පත්කම සහ කටුක අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ගිය විශාරද නන්දා මාලනීයගේ ජීවිත ගමනින් බිඳක්..
සුරේෂ් සලේට යුක්තිය ඉල්ලා අරඹුණු "JUSTICE FOR SALLAY" වැඩසටහන..
22 සංශෝධනය කළ හැක්කේ ජනතා මතය විමසීමකින් පමණයි.. ආණ්ඩුව යන්නේ ඒකාධිපති ගමනක්.. - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගේන්න බෙදුම්වාදීන් යෝජනා කරලා.. උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන අනතුරේ.. 22 වන සංශෝධනයේ ඇත්ත කතාව මෙන්න.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
සම්බාධක පනවා ඉරානය ජය ගන්න ට්‍රම්ප්ට පුලුවන්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ ගෙන් අනාවරණයක්
මිල සූත්‍රයත් නෑ.. ඉන්ධනවල ප්‍රමිතියත් නෑ.. ලීටරයේ පරිමාවත් නෑ.. - තෙල් සමාගම් සමග එක්ව ආණ්ඩුව ජනතාවගෙන් ගසා කන්නේ මෙහෙමයි.. - ජයන්ත සමරවීරගෙන් අනවාරණයක්
ඩොලර් බිලියන 100 ඉක්මවූ වෙළඳ අතිරික්තයක් අඛණ්ඩව මාස තුනක්: චීනය ඇත්තටම ලෝකය “පීඩනයට” ලක් කරනවාද? — Global Times කතුවැකිය