බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීම පාදක කරගනිමින් කැනඩාවේ බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් (Patrick Brown) සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ.
අදාළ ප්‍රකාශය හරහා කැනඩාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද නැවත වරක් වාර්ගික නොසන්සුන්තාවයක් සහ මතභේදාත්මක තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවට දේශපාලන නායකයින් සහ සිවිල් සංවිධාන පෙන්වා දෙයි.
නගරාධිපතිවරයා එල්.ටී.ටී.ඊ. හිතවාදී සංවිධානවල මතයන් නියෝජනය කරමින් කටයුතු කිරීම මගින් කැනඩාව සතු ජාත්‍යන්තර කීර්තිනාමයට ද හානි සිදුවන බවට චෝදනා එල්ල වී ඇත.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යනු දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලුම ජනකොටස් ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරත වූ සංවිධානයක් වන අතර, ඔවුන්ගේ ප්‍රහාර හමුවේ අහිංසක සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් විය. එවැනි නීති විරෝධී සංවිධානයක ස්මාරක ඉවත් කිරීම සාමාන්‍ය පරිපාලන ක්‍රියාමාර්ගයක් වුවද, නගරාධිපතිවරයා නීතිමය හා පරිපාලනමය ප්‍රමිතීන් නොසලකා හරිමින් අදාළ සිදුවීම දේශපාලන වාසි තකා වෙනත් අයුරකින් අර්ථකථනය කිරීමට උත්සාහ කරන බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
තවද, කැනඩාවේ පවතින දෙමළ ජනසංහාර අධ්‍යාපන සති පනත (TGEWA) සම්බන්ධයෙන් පැවැති නීතිමය අභියෝගවලදී ද ශ්‍රී ලංකාවේ ජනසංහාරයක් සිදු වූ බවට ඔන්ටේරියෝ ප්‍රාන්ත පාර්ලිමේන්තුව තීන්දු කර නොමැති බව කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ මගින් තහවුරු කර ඇත.
එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර නීති අධිකරණය (ICJ) හෝ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) වැනි කිසිදු බලපත්‍රලාභී ජාත්‍යන්තර ආයතනයක් මගින් ද ශ්‍රී ලංකාවේ ජනසංහාරයක් සිදු වූ බවට පිළිගෙන නොමැත. එවැනි පසුබිමක, මහජන ඡන්දය අරමුණු කරගනිමින් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් සිදුකරන මෙවැනි හෙළාදැකිය යුතු ප්‍රකාශ මගින් ජාතීන් අතර පවතින සමගියට දැඩි තර්ජනයක් එල්ල වන බව සිවිල් සංවිධාන වැඩිදුරටත් අවධාරණය කරයි.
මූලාශ්‍රය: https://policy-research.ca/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්
මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව