සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.
2026 ජූලි 20 වන දින යොමු කරන ලද මෙම ලිපිය සම්බන්ධයෙන් දින 60ක් ඇතුළත පිළිතුරු ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට දැනුම් දී තිබුණද, අදාළ කාලසීමාව ගෙවී ගොස් තිබියදීත් ජනාධිපතිවරයා හෝ වත්මන් රජය ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මුනිවත රකින බව හෙතෙම පෙන්වා දෙයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන දින 100කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත නොකර, ජනාධිපති රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවාගෙන සිටින සුරේෂ් සලේ මහතාට එරෙහිව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් රැසක් මෙම ලිපියෙන් අවධානයට යොමු කර ඇත.
විශේෂයෙන්ම අඩි 6.5 x 4.4 ප්‍රමාණයේ කුඩා කුටියක අඛණ්ඩව විදුලි බුබුළු දල්වා තබමින් නින්ද අහිමි කිරීම, නිර්වස්ත්‍ර කර මාංචු දමා අවමන් කිරීම සහ බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබා ගැනීමට උත්සාහ කිරීම වැනි අමානුෂික සැලකීම් සහ වධහිංසා පිළිබඳව එහි සඳහන් වන බව ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සඳහන් කරයි.
එමෙන්ම සලේ මහතාගේ පවුලේ අයට මෙන්ම නීතිඥයන්ට හමුවීමට ඇති අවස්ථා සීමා කිරීම සහ අදාළ වධහිංසා හේතුවෙන් ඔහු පශ්චාත් කම්පන ආතති රෝගී තත්ත්වයෙන් (PTSD) මෙන්ම හෘද රෝගවලින් පෙළෙමින් දැඩි ලෙස අසනීප වී සිටින බවටද කරුණු අනාවරණය කර ඇත.
මෙම පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන් දෙදෙනෙකුට 2024 ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම හේතුවෙන් එම පරීක්ෂණවල ස්වාධීනත්වයද බරපතල ලෙස ප්‍රශ්න කෙරේ.
මෙලෙස සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මගින් ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR), ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCR) සහ වධහිංසාවලට එරෙහි අන්තර්ජාතික සම්මුති බරපතල ලෙස කඩවන බව පෙන්වා දෙන ඒ මහතා, ශ්‍රී ලංකා රජය මෙලෙස ජිනීවා නුවරින් අසන ලද ප්‍රශ්න හමුවේ නිහඬව සිටීමෙන් පෙන්නුම් කරන්නේ මෙම චෝදනාවලට සෘජු පිළිතුරු ලබා දීමට ආණ්ඩුවට නොහැකි වී ඇති තත්ත්වය බව වැඩිදුරටත් අවධාරණය කරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්