News Category
From Date
To Date
Maximum Number of Result

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

Oct 6, 2026 at 10:02 AM
|

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු  මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ  (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

වත්මන් ආණ්ඩුව සිය පාලන කාලයෙන් අඩකට ආසන්න කාලයක් ගෙවා නිම කරමින් සිටින මෙම සන්ධිස්ථානය වන විට ජනතාවට දුන් පොරොන්දු අමතක කරමින් අතිශය භයානක ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන් මාවතකට පවතීර්ණ වෙමින් වෙනිසියුලාවේ “ඩෙල්සි පන්නයේ පාලන පිළිවෙතක්” අනුගමනය කරමින් අන් කවර කලකවත් මේ රටේ නොතිබි අන්දමේ මර්දනයක් මේ රට තුළ නීතිගත කර ඇතැයි වීරවංශ මහතා අනාවරණය කරයි.

වර්තමාන ගෝලීය දේශපාලන ප්‍රවාහය තුළ අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් යටත් විජිතවාදී වහල්බැමිවලින් සම්පූර්ණයෙන්ම නිදහස් වී, ස්වකීය ජාතියේ අභිවෘද්ධිය පිණිස "ගෝලීය දකුණ" ලෙස ශක්තිමත් බල කඳවුරක් ගොඩනගා ගනිමින් සිටියදී, අපේ රටේ වත්මන් පාලකයන් විසින් සිදු කරමින් ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ, බිඳවැටෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදී බලකඳවුරට රට බිලිදීමේ අමනෝඥ ක්‍රියාවලියක් බව වීරවංශ මහතා දැඩි ලෙස පෙන්වා දුන්නේය.

“ඔබ දන්නවා අද ලෝකයේ විශාල වෙනස්කම් සිදු වෙමින් තියෙන ලෝකයක්. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපය අලුතින් නැගී සිටින කලාපයක්. රුසියාවේ සහයෝගය ඇතුව බුර්කිනා ෆාසෝ කියන අප්‍රිකානු රටේ කල් තිස්සේ ඒගොල්ලොන්ගේ තිබිච්ච රත්තරන් නිදිවල අමුද්‍රව්‍ය හැටියට රත්තරන් ටික කොල්ලකාගෙන ගියා යුරෝපයට. පළවෙනි වතාවට ඒවාට අගය එකතු කරලා “නිමි රත්තරන් නිපදවන” කර්මාන්තශාලා හැදෙනවා අප්‍රිකානු කලාපයේ. ඒ ජනාධිපතිවරයා මෑතකදී කතාවක් කරලා කියනවා “යටත් විජිතවාදය තියෙන්නේ අපේ කෑම පිඟානේ” කියලා. අපි කන බත් ටික, අපි ඒකට ගන්න ව්‍යංජන ටික ඒ ඔක්කොම පිටරටින් ගෙනාපුවා නම් ඒ පිඟාන යටත් විජිතභාවයට යටත් කරපු බිමක්. ඔහු රටේ නායකයා හැටියට කියනවා රටවැසියන්ට ස්වදේශික කෑම පිඟානක් අතට ගන්න පුළුවන් රටක් හදමු කියලා. 

අනුර කුමාර දිසානායක එනකොටත් මේ රටේ මිනිස්සු හිතුවේ එහෙම කතා කරයි කියලා. හැමදාම රාජපක්ෂ මුවහමට තඩිබබා ඉඳී කියලා හිතුවේ නැහැ. ඒ විදයට අප්‍රිකාව නැගිටිනවා. බටහිර වහල්භාවයෙන් අත්මිදෙනවා. රුවන්ඩාව ගෝත්‍ර ගෝත්‍ර මරාගත්තු රටක් මීට අවුරුදු 15කට 10කට කලින්. එක රෑක ලක්ෂ ගණන් එකිනෙකා මරාගත්තු රටක්. අද රුවන්ඩාවට කියන්නේ අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය කියලා. වර්ධන වේගය 7.2%යි. ආර්ථික වර්ධන වේගය අපේ කීයද? 3.5%යි IMF පුරෝකථනයට අනුව මේ අවුරුද්දේ. 9.2%ක ආර්ථික වර්ධනයක් ඉතියෝපියාවේ. ඉතියෝපියාවේ 9.2%යි ආර්ථික වර්ධනය. ඉස්සර අපි පල්එකට කියන්නේ “ඉතියෝපියාව” කියලා. ඔය පැල්පත් තියෙන පලාත් කාලෙකට කලින් කිව්වේ කොරියාව වගේ කියලා. ඊට පස්සේ ඒකට ඉතියෝපියාව වගේ කියන්න ගත්තා. දැන් ඉතියෝපියාවට කියන්නේ අප්‍රිකාවේ සිංගප්පූරුව කියලා.” 

එහිදී රටේ සමස්ත දේශපාලන, ආර්ථික, සමාජීය සහ ආගමික ක්ෂේත්‍රයන්හි පිරිහීම පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදු කරමින් විමල් වීරවංශ මහතා විසින් මතු කරන ලද හරවත් කරුණු මෙහිදී පුළුල් ලෙස විග්‍රහ කරනු ලැබේ.

රටේ ආර්ථිකය අගාධයෙන් ගොඩගන්නා බව පවසමින් බලයට පත්වූ වත්මන් පාලකයන්, අද වන විට ලෝක බැංකු වාර්තාවන්ට අනුව දුප්පත්කම 65% ඉක්මවා ගොස්, විරැකියාව සහ තරුණ විරැකියාව පිළිවෙළින් 45% සහ 35% දක්වා ඉහළ ගොස් තිබියදීත්, ඒ සඳහා කිසිදු නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

රට වැටී ඇති මහා අගාධයෙන් මුදාගැනීම වෙනුවට, පිටකොටුව බස් නැවතුම්පොළට සහ මරදාන දුම්රිය ස්ථානයට තීන්ත ගාමින්, මෙට්‍රෝ බස් රථ පාරට දමමින් ජනතාව මුළා කරන "හිඟන්නට පවුඩර් ගෑමේ" බාල බොළද සංදර්ශනවල නිරතව සිටින බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය..

“තමුන්නාන්සේලා අපි කවුරුත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය, ජාතික ප්‍රශ්නය මෙට්‍රෝ බස් එකක් පාරේ යන්න නැති එක කියලා කිව්වද? දැන් අගාධයට වැටිච්ච රට ගොඩට ගන්නවා වෙනුවට පොඩි පොඩි තොරන් බුබුල් පත්තු කරලා පෙන්වනවා. "හොඳයි නේද? එළියයි නේද? ලස්සනයි නේද?" කියලා තොරණේ එක කොටුවක් පෙන්වනවා. අපි ඉතින් ඒක බලලා චූන් වෙන්න ඕන. පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක තීන්ත ගාලා පෙන්වනවා, අපි ඉතින් ඒක බලලා චූන් වෙන්න ඕන. මරදාන ස්ටේෂන් එක තීන්ත ගාලා පෙන්වනවා, අපි ඉතින් ඒක බලලා චූන් වෙන්න ඕන.

දැන් බලන්න අර දිට්ඨා ඇවිල්ලා කොහෙද මම දන්නේ නැහැ පේරාදෙණිය දක්වා කෝච්චියේ ගියා මේ ළඟදී. ඇමැති ගිහිල්ලා සින්දු කිය කිය බජව් දානවා. විමලරත්නායක මේ කෝච්චි පාර මාස ගානක් ගිහිල්ලා හදාගත්තේ. සුනාමියෙන් කෝච්චි පාර ගියා දකුණු මුහුදු තීරයේ, මාස තුනෙන් හැදුවා. දිට්වා ඇවිල්ලා දැන් මාස හය හතකටත් වැඩියි. අනික හදලා තියෙන්නේ නුවරටම නෙමෙයි, පේරාදෙණියට. කමක් නැහැ නුවරට හදපු දවසට චූන් වෙවී ගියා නම්, ඒ කියන්නේ පොඩි මිනිස්සු කියන්නේ ඕකනේ, පොඩි දේකින් ලොකු සතුටක් ලබනවා.”

තවද, බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් පමණක් රටට බිලියන 842ක දැවැන්ත පාඩුවක් සිදුවී ඇති බවත්, කොරියාවේ සහ මැදපෙරදිග රැකියා කරන අපේ දුප්පත් දරුවන් හම්බ කරවන ඩොලර් ටික මෙවැනි දූෂිත ජාවාරම් සඳහා විනාශ කර දමමින්, ඩීසල් මාෆියාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් හෙළිදරව් කරන ලදී.

“අනෙක් පැත්තෙන් තමුන්නාන්සේලා බලන්න කර්මාන්ත පැත්තෙන්. මේ රටේ කර්මාන්ත අද ගලවගෙන යනවා රටෙන් එළියට. පිරිවැය වැඩියි. MAS කියන සමාගමට අයිති ගොඩක් කර්මාන්ත, තව ඒ ක්ෂේත්‍රයේ තියෙන ප්‍රබල ආයතන, සමහර ඒවා මේ තියෙන එකක් දෙකක් ඔහේ තියෙන්න ඇරලා, ඒගොල්ලොන්ගේ අලුතෙන් ඔක්කොම ටික එක්කෝ ඉන්දියාවේ නැත්නම් වියට්නාමයේ, ඔය ඉතියෝපියාවටත් ගෙනියනවා, ඒ තැන්වලට අරන් යනවා. පිරිවැය වැඩියි, විදුලි ගාස්තුව වැඩියි, ප්‍රවාහන ගාස්තුව වැඩියි, පිරිවැය වැඩියි. ඒ නිසා ලෝක වෙළඳපොළත් එක්ක තරඟ කරන්න බැහැ. ඒ මිලට ඒ නිෂ්පාදනය අරගෙන ගිහිල්ලා. පිරිවැය අඩු, බදු අඩු ඒ තැන්වලට යනවා කර්මාන්ත ගලවාගෙන. 

දැන් බලන්න සෝලා. සෝලා පැනල්වලට මොකක්ද මේ කරන්නේ? ප්‍රගතිශීලී ආණ්ඩුව. ගෙදර වහලයේ සෝලා ටිකක් හයි කරගෙන ගෙදර විදුලි බිල ඒකෙන් ආවරණය කරගෙන, ඉතුරු සෝලා ටිකක් තිබ්බොත් මෙගාවොට්ස් ටිකක් කිලෝවොට්ස් හරි මොනවා හරි තිබ්බා නම් ජාතික විදුලි පද්ධතියට ඒක දීලා කීයක් හරි හොයාගත්තා මේ රටේ මිනිස්සු මෙච්චර කාලයක්. ලබන මාසේ පළවෙනිදා ඉඳලා ඒ ක්‍රමය නැහැ. වහලයේ සෝලා තිබ්බත් විදුලි බිල ගෙවන්න ඕන. වහලෙන් උපදවන විදුලිය මණ්ඩලයට දීලා මණ්ඩලය කියන ගාන ගන්න ඕන. මණ්ඩලය කලින් කලට ඒක අඩු කරනවා. විදුලි බිල මණ්ඩලය කියන ගානට වහලයේ සෝලා තිබ්බත් අපි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? වහලවල් මත සෝලා පැනල් හයි කරගෙන “සුනිත්‍ය විදුලිය නිපදවීම” අධෛර්යයට පත් කරනවා, අවසන් කරනවා. ඒ කුමක් සඳහාද? සෝලා විදුලි බලය උත්පාදනය කරනවා නම් කරන ටික මහා පරිමාණ සමාගම්වලට සීමා කරන්නත්, ඩීසල් බලාගාර මාෆියාව, ඩීසල් මාෆියාව, ඩීසල්වලින් විදුලිය නිපදවන ජාවාරම්කාර තන්ත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කරන්නත්. එහෙම කරනවද හත්වලාමේ ප්‍රගතිශීලී ආණ්ඩු? ප්‍රගතිශීලී කියලා ගෑවිච්ච ආණ්ඩු එහෙම කරනවද?”

ගාලු මුවදොර අරගලය නියෝජනය කළ විෂම මනෝභාවය සහ බෞද්ධ විරෝධී මතවාදය අද වන විට රාජ්‍ය යාන්ත්‍රණය තුළ ප්‍රකාශයට පත්වෙමින් තිබෙන බව වීරවංශ මහතා දැඩි ලෙස හෙළා දකින ලදී.

“වීරයෝ බේරලා දීපු රට යටත්විජිතකරණයේ දිශාවටයි මේ ගෙනියන්නේ. ඒකට ප්‍රතිවිරෝධී වෙනවා මේ රටේ බුදු සසුන. ඒ හින්දා තමයි බුදු සසුනට ඔච්චර වෛර කරන්නේ, ගහන්නේ. මේ රටේ බුදුදහම නෙවෙයි මම කියන්නේ, මේ රටේ තියෙන්නේ බුද්ධාගම. අපිට උරුම බුද්ධාගම, තේරවාදී බුදුදහම ඒක ඇතුළේ තියෙනවා. 

ඒ බුදුදහම, බුද්ධාගම හැමදාම යටත්විජිත විරෝධියි. ආක්‍රමණිකයෙක් ආවා නම් අපේ හාමුදුරුවෝ තමයි උපායමාර්ගිකව විශේෂඥයෝ වෙන්නේ සටනට. දුටුගැමුණු මහරජ්ජුරුවෝ මේ දකුණේ ඉඳන් සේනාව අරන් යනකොට පිරිත් කිය කිය ගියේ හාමුදුරුවරු. සමහර භික්ෂූන් වහන්සේලා හිටියා සිවුරු ඇරලා හමුදාවට ගිහිල්ලා ඒ ආක්‍රමණිකයා පරාජය කරලා, යුද්ධය දිනලා ආයේ සිවුරු පෙරවාගෙන මහණ ජීවිතයට ගියා. මේ බුද්ධාගම කියන්නේ යටත්විජිත විරෝධී දෙයක්, ආක්‍රමණ විරෝධී දෙයක්. ඒකනේ පානදුරාවාදය ආවේ, බ්‍රිතාන්‍යයන් අරගෙන ආපු මතවාදයට ගහන්න. ඒක කළේ හාමුදුරුවරු. ඔය මහා වෙහෙර විහාර, චෛත්‍ය හදන දැක්ම තිබුණේ, දැනුම තිබුණේ භික්ෂූන් වහන්සේලාට. ජේතවනය, අරවා මේවා හැදුණේ එහෙම. ඒ නිසා අපේ රටේ තේරවාදී බුද්ධාගම කියන්නේ, අපේ පන්සල කියලා කියන්නේ නිකන් මේ බණ භාවනා කරන තැන විතරක් නෙෙවෙයි, ජාතිය විපතකට වැටෙනකොට ඊට විරුද්ධව ප්‍රතික්‍රියා දක්වන තැනක්.”

පාර්ලිමේන්තුව ආරම්භයේදී මෙරට සම්ප්‍රදායික ජයමංගල ගීත කපා හැරීම, මහාචාර්ය අත්තංගනේ රතනපාල නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ සහ රටේ නීතිඥ සංගම්වල දැඩි අනතුරු ඇඟවීම් තුට්ටුවකටවත් මායිම් නොකර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් සම්මත කරගැනීම මගින් ඔවුන්ගේ අධිකාරීවාදී, බෞද්ධ විරෝධී නරුම මනස මනා ලෙස තහවුරු වන බව උන්වහන්සේ කියා සිටියේය.

ප්‍රතිවාදීන් අභියෝගයෙන් තොරව මර්දනය කිරීම සඳහා 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණය තම කිහිල්ලට ගෙන, දේශපාලන ප්‍රතිවාදීන් හිරගත කොට, 2029 ජනාධිපතිවරණයට තනි තරඟකරුවෙකු ලෙස මුහුණ දීමේ රහසිගත කුමන්ත්‍රණකාරී සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විමල් වීරවංශ මහතා අනාවරණ කළේය.

එහි තවත් එක් පියවරක් ලෙස, උතුරේ සහ නැගෙනහිර පළාත්වල එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ වුවමනාවන් මත බෙදුම්වාදී ක්‍රියාකාරකම් යළි හිස ඔසවමින් පවතින බව වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

පලාලි ඒකාබද්ධ අණදෙන මූලස්ථානය ඉවත් කර ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත්කිරීමට රහසිගතව එකඟ වී ඇති බවත්, අනාගතයේදී පළාත් සභා හරහා ඉඩම්, මුදල්, පොලිස් සහ පුරාවිද්‍යා ප්‍රඥාප්ති ගෙන එමින්, අවසානයේදී උතුර සහ නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලෙස වෙන් කරගැනීමට අඩිතාලම වැටෙමින් තිබෙන බවත් අවධාරණය කළේය.

"ඒකාබද්ධ වෙච්ච උතුර සහ නැගෙනහිරක් ඇතුළත්, ප්‍රභාකරන් යුද්ධ කරලා හදා ගන්න බැරි වෙච්ච, කොටි මරාගෙන මැරෙන සටන් කරලා හදාගන්න බැරි වෙච්ච, අපේ ආරක්ෂක හමුදා රණවිරුවෝ දිවි පුදලා ඒක බැරි කරපු, ඒ 'දෙමළ ඊළම' අපේ ඇස් දෙක ඉදිරිපිට තුවක්කු වෙඩි සද්දයකින් තොරව නිර්මාණය වෙන්න පටන් ගන්නවා." යයි හො අනාවරණය කළේය.

අවසාන වශයෙන්, වෙනිසියුලාවේ හියුගෝ චාවේස්ගේ සහ මධුරෝගේ ප්‍රතිරූප පස්පස තබාගෙන, බලයට පත්වූ පසු ඇමරිකාව සමඟ රහසිගත ගිවිසුම් ගනිමින් රටේ තෙල් නිධි සහ ස්වෛරීභාවය බටහිරට පාවා දුන් "ඩෙල්සි රොඩ්‍රිගෝස්" නම් කාන්තාවගේ මාවතේම අනුර කුමාර දිසානායක මහතාද ගමන් කරමින් සිටින බව විමල් වීරවංශ මහතා ඉතා පැහැදිලිව විග්‍රහ කළේය.

පැල්වත්තේ දෑකැත්තයි මිටියයි ලාංඡනය පෙන්වමින්, මාක්ස්, ලෙනින්, එංගල්ස් සහ ජෝන් විජේවීරගේ නම් දෙඩුවද, ඇමරිකානු සහ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සහ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ වුවමනාවන් ඉටුකරන ඩෙල්සි මාදිලියේ පාවාදීමේ දේශපාලනයක් අද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව උන්වහන්සේ පෙන්වා දෙමින්, රට බේරා ගැනීම සඳහා සියලු ජනතාව එකමුතු වී මේ විනාශකාරී ගමන පරාජයට පත් කළ යුතු බවට කළ දැවැන්ත කැඳවීමත් සමඟ මෙම ඓතිහාසික දේශනය නිමාවට පත් විය.

විමල් වීරවංශ මහතාගේ සම්පූර්ණ දේශනය පහළින්..

"ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායක මාලක සහෝදරයා, ඒ වගේම හිටපු පළාත් සභා මන්ත්‍රී රත්නපුර දිස්ත්‍රික් කමිටු සාමාජික සේන සහෝදරයා, මේ ප්‍රදේශයේ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා ඇතුළු මේ ස්ථානයට පැමිණ සිටින සියලුම අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමියන්ලා සියලු දෙනාගෙන් අවසරයි. සෙසු සියලු ආරාධිත අමුත්තනි, ප්‍රදේශවාසී ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, දරුවනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. 

අපි අද මේ ඇඹිලිපිටියේ ශාලාවේදී මුණගැහෙන්නේ වර්තමාන අනුර කුමාර පාලනයට, ඒ පාලනයේ ආයු කාලය වසර දෙකක් සම්පූර්ණ කරලා තියෙන වෙලාවක. ඒ වසර දෙක පිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා මහජන රැස්වීම් පවත්ව පවත්වා යමින් සිටිය වෙලාවක. මේ සතියන්තයේ නම් මම හිතන්නේ මොකක්වත් රැස්වීමකට ගියේ නැහැ. ඒ කියන්නේ රැස්වීම් යන එක ලෙඩක් කියලා හිතිලා තේරිලා. ඇයි එක එක රැස්වීම කියනවා නිවාස 25,000ක් කියලා, අනෙක් එකේ කියනවා 35,000ක් කියලා, උන්දැට මතක නැහැ. උන්දැ කිව්පු කලින් බොරුව මොකක්ද, පරණ බොරුව මතක නැහැ. ඒ නිසා අලුත් බොරුවක් කියනවා.

කොහොමත් ඕනෑම පාලනයක ගති ලක්ෂණ, ස්වභාවය, එය ගමන් කරමින් ඒ කවර අරමුණක් මුදුන් පත් කර ගැනීම පිණිසද, එය යමින් තිබෙන්නේ මොන ගමනාන්තයක් දක්වාද කියන එක විභාග කරගන්න ඒ ආණ්ඩුවක අවුරුදු දෙකක කාලය බොහෝ දුරට ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් පළවෙනි අවුරුද්දක් පිරෙන වෙලාවේ අපිට ඒ තරම් ගැඹුරු විග්‍රහයකට එන්න ප්‍රමාණවත් කාලයක් නෙවෙයි. නමුත් වසර දෙකක් කියලා කියන්නේ තමන්ට හිමි වෙච්ච පාලන කාලයෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක්. ඒ කාලය ඇති, කියපු ගමනයි යමින් තිබෙන ගමනයි අතර සමපාත වීමක්ද තියෙන්නේ, කියපු ගමනයි යමින් තිබෙන ගමනයි අතර පරස්පර විරෝධයක්ද තියෙන්නේ, නොකියපු ගමන නම් යන්නේ ඒ ගමන වැටිලා තියෙන්නේ කොයි විදියේ ගමනාන්තයක් හරහාද කියන එක විග්‍රහ කරගන්න, නිවැරදිව පුරෝකථනය කරගන්න, විශ්ලේෂණය කරගන්න දෙවසරක ආයු කාලය ප්‍රමාණවත් කාලයක්. 

ඒ නිසා අපිට අවස්ථාව උදා වෙලා තියෙනවා අගතිදායක හැඟීමකින් තොරව සත්‍ය කරුණු මත පදනම්ව මේ ආණ්ඩුවේ ගමන් මග සහ ගමනාන්තය වැටී තිබෙන්නේ කවර අන්තයක් කරාද කියන එක පිළිබඳව නිවැරදි පුරෝකථනයකට එන්න. ජාත්‍යන්තර තලයේ ආණ්ඩුවේ භූමිකාව මොකක්ද? මුලින්ම අපි ඒක සලකලා බලමු. 

ගෝලීය දේශපාලනයේ ආණ්ඩුවේ භූමිකාව. ඔබ දන්නවා අද ලෝකයේ විශාල වෙනස්කම් සිදු වෙමින් තියෙන ලෝකයක්. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපය අලුතින් නැගී සිටින කලාපයක්. රුසියාවේ සහයෝගය ඇතුව බුර්කිනා ෆාසෝ කියන අප්‍රිකානු රටේ කල් තිස්සේ ඒගොල්ලොන්ගේ තිබිච්ච රත්තරන් නිදිවල අමුද්‍රව්‍ය හැටියට රත්තරන් ටික කොල්ලකාගෙන ගියා යුරෝපයට. පළවෙනි වතාවට ඒවාට අගය එකතු කරලා “නිමි රත්තරන් නිපදවන” කර්මාන්තශාලා හැදෙනවා අප්‍රිකානු කලාපයේ. ඒ ජනාධිපතිවරයා මෑතකදී කතාවක් කරලා කියනවා “යටත් විජිතවාදය තියෙන්නේ අපේ කෑම පිඟානේ” කියලා. අපි කන බත් ටික, අපි ඒකට ගන්න ව්‍යංජන ටික ඒ ඔක්කොම පිටරටින් ගෙනාපුවා නම් ඒ පිඟාන යටත් විජිතභාවයට යටත් කරපු බිමක්. ඔහු රටේ නායකයා හැටියට කියනවා රටවැසියන්ට ස්වදේශික කෑම පිඟානක් අතට ගන්න පුළුවන් රටක් හදමු කියලා. 

අනුර කුමාර දිසානායක එනකොටත් මේ රටේ මිනිස්සු හිතුවේ එහෙම කතා කරයි කියලා. හැමදාම රාජපක්ෂ මුවහමට තඩිබබා ඉඳී කියලා හිතුවේ නැහැ. ඒ විදයට අප්‍රිකාව නැගිටිනවා. බටහිර වහල්භාවයෙන් අත්මිදෙනවා. රුවන්ඩාව ගෝත්‍ර ගෝත්‍ර මරාගත්තු රටක් මීට අවුරුදු 15කට 10කට කලින්. එක රෑක ලක්ෂ ගණන් එකිනෙකා මරාගත්තු රටක්. අද රුවන්ඩාවට කියන්නේ අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය කියලා. වර්ධන වේගය 7.2%යි. ආර්ථික වර්ධන වේගය අපේ කීයද? 3.5%යි IMF පුරෝකථනයට අනුව මේ අවුරුද්දේ. 9.2%ක ආර්ථික වර්ධනයක් ඉතියෝපියාවේ. ඉතියෝපියාවේ 9.2%යි ආර්ථික වර්ධනය. ඉස්සර අපි පල්එකට කියන්නේ “ඉතියෝපියාව” කියලා. ඔය පැල්පත් තියෙන පලාත් කාලෙකට කලින් කිව්වේ කොරියාව වගේ කියලා. ඊට පස්සේ ඒකට ඉතියෝපියාව වගේ කියන්න ගත්තා. දැන් ඉතියෝපියාවට කියන්නේ අප්‍රිකාවේ සිංගප්පූරුව කියලා. ඉතා වේගයෙන් දියුණු වෙන රටක්. මගී ප්‍රවාහනයට විදුලි දුම්රිය යොදාගෙන තිබෙන රටක්. ආර්ථිකයේ 9.2ක වේගයකින් වර්ධනය වෙන රටක්. 

මොකක්ද ප්‍රතිපත්තියේ රහස? යටත් විජිත වහල් බැමිවලින් නිදහස් වෙලා ස්වකීය ජාතියේ අභිවෘද්ධිය සඳහා කෙලින් තීරණ ගන්න පුළුවන් නායකත්වයක් යටතට ඒ රටවල් පත්වීම. ඒ රටවල් අද ඉන්නේ ගෝලීය දකුණත් එක්ක. කවුද ගෝලීය දකුණ කියන්නේ? චීනය, ඉන්දියාව ඇතුළු මේ නැගී එන ආසියාව, යුරේසියාව. රුසියාවත් ඒකට අයිතියි. ඒ නිසා අපි කියනකොට යුරේසියාව කියලා. මේක තමයි ලෝකයේ අද නැගෙන කඳවුර, බලසම්පන්න කඳවුර. ඒක තමයි පහුගිය දවස්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයට චීන ජනාධිපති ෂී ජින්පින් ගියාම එයාලගේ ප්ලේන් එකේ පඩිපෙළ දිගේ බැහැගෙන එනකොට පඩිපෙළ අග ඉන්නේ කවුද. ජනාධිපති ට්‍රම්ප් ෂී ජින්පින්ව පිළිගන්න. වෙනදා එහෙම ගියේ නැහැ. වෙන නායකයෙක් ආවට එහෙම යන්නෙත් නැහැ. 

දැන් ඒක තමයි ලෝකයේ යථාර්ථය පෙන්නුම් කරන පින්තූරය තමයි ඒක. එතකොට අපේ වගේ රටවල් අපි ඉන්න ඕනේ කොහෙද, කොයි කඳවුරත් එක්කද? නැගෙන ගෝලීය දකුණත් එක්ක නෙමෙයිද? වමෙන් නම් ඉන්න ඕනේ එහෙම නෙමෙයිද? දැන් මේගොල්ලෝ දෑකැත්තයි මිටියනේ තියෙන්නේ පිටිපස්සෙන්, මාලිමාවක් ගහන් ආවට රතු කොඩියනේ තියෙන්නේ. තාමත් පැලවත්තේ ඔෆිස් එකේ මාක්ස්, එංගල්ස්, ලෙනින් ඉන්නවනේ බැබලී බැබලී. ඉතින් එහෙමනම් ගෝලීය දේශපාලනයේදී ඉන්න ඕනේ ගෝලීය දකුණත් එක්ක. දැන් මොකද වෙලා තියෙන්නේ? අන්න ඉරාන නැව් ටිකක් තියෙනවා මේකට තෙල් ගහලා දීපල්ලා කියලා කියනවා. මුහුදේ ඉඳන් අඬ අඬා වැළපෙනවා. ඇමෙරිකාව කියන හින්දා දෙන්නේ නැහැ, තෙල් ගහන්නේ නැහැ. 

මෙතන තියෙන වරද මේකයි. මැලේසියාව ආශ්‍රිතව තිබිච්ච මේ නැව් ටික, ඉරාන නැව් ටික කොළඹ වරායත් එක්ක සම්බන්ධ වෙලා අහනවා අපි උඹලාගේ මුහුදු සීමාව ආසන්නයට එන්නද, අපිට මේ මේ පහසුකම් ටික සපයන්න ලෑස්තිද කියලා. කොළඹ වරායේ බලධාරීන් ඒකට හා කියනවා. හා කිව්වට පස්සේ ඒ ගැන විශ්වාසය තියලා මැලේසියාව ආසන්නයේ හිටපු නැව් 19ක් විතර එනවා අපේ මුහුදු සීමාව ආසන්නයට. ළඟට ආවම කියනවා බැහැ කියලා. මෙන්න දැන් අඩු ගානේ බැරිනම් මැලේසියාව ආශ්‍රිතව තියෙනකොටනේ කියන්න ඕනේ බැහැ කියලා. කරන්නම් කියලා ගෙන්නගෙන අන්තිමට බැහැ කියනවා. 

ඒ තරම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට හීලෑ වෙච්ච, කීකරු වෙච්ච පූස් පැටියෙක් බවට වර්තමාන ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මම කියන්නේ දෙනවද නැද්ද කියන එක නෙමෙයි. දෙන්නේ නැත්නම් එන්න කිව්වේ ඇයි? එන්න කියලා දෙන්නේ නැත්තේ ඇයි? ඒක ඉතාම තුට්ටු දෙකේ වැඩක්, රාජ්‍යතාන්ත්‍රිකව බලාපොරොත්තු වෙන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා ගෝලීය දකුණ අද නැගෙන කලාපය. යුරේසියාව නැගෙන කලාපය. බ්‍රික්ස් සමුළුව තිබුණා අසල්වැසි ඉන්දියාවේ නවදිල්ලියේ. ජනාධිපති පුටින්, ජනාධිපති ෂී ජින්පින්, කියුබාවේ ජනාධිපතිතුමා, බ්‍රසීලයේ, ඉරානයේ මේ වගේ මේ නැගෙන යුරේසියානු කඳවුරේ බලසම්පන්න නායකයෝ 20කට වැඩිය ආවා. දැන් මේ වමේ කියන අනුර කුමාර දිසානායක ජනාධිපතිට ආරාධනාවක්වත් තියෙනවද? නැහැ. 

මීට කලින් තිබුණේ බ්‍රික්ස් සමුළුව රුසියාවේ. මෙයා ජනාධිපති වෙච්ච ගමන්ම වගේ පුටින් ජනාධිපතිතුමා අත්සන් කරලා ලියුම් එව්වා එන්න බ්‍රික්ස් එකට කියලා. අනේ මට වැඩ තියෙනවා කියලා ගියේ නැහැ. මොකද එයා මෙහේ රැස්වීම් කතා කර කර හිටියා.. ඒ නිසා ඒ කතා අරහේ ගිහින් කරන්න බැරි හින්දා මෙහේ ඒ කතා කර කර හිටියා. ඒ නිසා මේ පාර සත්කාරකකම කරපු ඉන්දියාවේ මෝඩි මැතිතුමා අඩු ගානේ එන්න කියලා ලියුමක්වත් එව්වේ නැහැ. දන්නවනේ පුතයගේ හැටි. මගේ ලියුමට වඩා මෙයාට පොළොන්නරුවේ රැස්වීම ලොකු වෙන්න පුළුවන් කියලා මෝඩි හිතන්න ඇති. සාධාරණයි හිතන එක. අරහේ ඒ නායකයෝ එකතු වෙලා සෑහෙන්න වැදගත් දේවල් කතා කරනවා. මෙයා ඒ වෙලාවේ පොළොන්නරුවට වෙලා ගෙවල් 35,000ක්ද 25,000ද හදනවා කිය කියා අන්දනවා. 4/G ඩිජිටල් මොකක්ද 1000 හදනවලු. ඕවා වගේ එක එක කිය කියා ඉන්නවා. 

අර බුර්කිනා ෆාසෝ ජනාධිපතිවරයා වගේ අද මේ රටට ඕනේ දර්ශනයක් නෙවෙයිද? බත්පතේ තියෙන යටත් විජිතවාදයෙන් පටන්ගෙන මනසේ තියෙන යටත් විජිත වහල් බැමි බිඳින ගමනක් නෙවෙයිද මේ රටට ඕනේ? ඒක බැරි වෙච්ච හින්දා නෙවෙයිද අපේ මේ රට මේ විදියට ඇද වැටිලා තියෙන්නේ? අපේ රටේ තාමත් අපි ප්‍රාංඥයා කියලා වචනයෙන් හඳුන්වන්නේ කාවද? මාටින් වික්‍රමසිංහ. ඉස්කෝලේ ගියාද? ඉස්කෝලේ ගියේ නැහැ. හොඳ වෙලාවට ගියේ නැත්තේ, ගියා නම් මාටින් වික්‍රමසිංහ කෙනෙක් බිහි වෙන්නේ නැහැ. එහෙනම් අර අච්චුවකට දාලා හදපු කොහේ හරි එක විෂයක් විතරක් දන්න මෝඩ ප්‍රාඥයෙක්, මෝඩ බුද්ධිමතෙක් හැදෙන්නේ.

ඔය නිදහස් අධ්‍යාපනයෙන් හදපු වැඩි හරියගෙන් රටකට වැඩක් නැහැ. ගොඩාක් අය හීනමානකාරයෝ. මාටින් වික්‍රමසිංහ විදග්ධයෙක්, ප්‍රාඥයෙක් කියලා අපිට දැනෙන්නේ අර රාමුවට කොටු නොවෙච්ච අධ්‍යාපනයකින් විසල් දැනුමක්, විසල් මනසක් හදාගත්ත නිසා. මේවා නිවැරදි කරන්න නායකත්වයක් නෙවෙයිද මේ රටට ඕනේ? අධ්‍යාපනයේ තියෙන මේ වහල් මනස, දරුවෝ ආචාරධර්මීයව ගොඩනගන, මනුස්සකමින් ගොඩනගන, විවිධ වූ දැනුමෙන් ගොඩනගන, එහෙම මිනිහෙක් නිර්මාණය කරන අධ්‍යාපනයක් ඕනේ. දැන් අපිට දෙන්න යනවා ප්‍රතිසංස්කරණයක් කියලා ඩිජිටල් මොකක් හරි එකක් පිටිපස්සෙන් හිටවලා ඕකෙන් එක එක ඒවා බලා බලා ඉන්න එකක් දෙනවා. 

යුරෝපයේ දැන් ඒක අතහැරලා තියෙන්නේ. ආයේ ආයේ පොත්පත්වලට යනවා, ආයේ සටහන් පොතට යනවා. අපි ආයේ අතහැරපු එකක් බදාගන්නවා. මේවා වෙනස් කරන්න නායකත්වයක් නෙමෙයිද මේ රටට ඕනේ? අලුත් විදියට යමක් දිහා බලන්න පුළුවන් නව චින්තනය උපදවන, නව පර්යේෂණ කරන පරම්පරාවක් නෙමෙයිද මේ රටේ ඉපදවන්න ඕනේ? චීනයේ අද පාරේ යනකොට තියෙන ඩිජිටල් බෝඩ්වල තියෙන්නේ නළුවන්ගේ, ගායකයන්ගේ පින්තූර නෙමෙයි. චීනය වෙනුවෙන් දැවැන්ත සොයාගැනීම් කරපු විද්‍යාඥයන්ගේ ඡායාරූප, ඒ අය පිළිබඳ විස්තර තමයි ඩිජිටල් බෝඩ්වල තියෙන්නේ.

පොඩි පොඩි දරුවන්ට පරමාදර්ශය කියන්නේ මෙන්න මෙතනයි කියලා පෙන්වනවා. ඒ නිසා මෙතන සම්පූර්ණයෙන් මේක කණපිට හරවන්න චින්තනයෙන්, ආර්ථික උපාය මාර්ගයෙන් එහෙම ගමනක් නිර්මාණය වෙයි කියලනේ ගොඩක් අය හිතුවේ. එහෙම මුකුත් වෙලා තියෙනවද? එහෙම වෙන ලකුණක් හරි තියෙනවද? තවමත් පරණ විදියට කරන්නේ කාට හරි බැනලා පච්ච ටිකක් වපුරන එක නෙවෙයිද? අඩුගානේ ගෙදර ගෙනියන්න හිතන්න මොකක් හරි පොයින්ට් එකක් දෙනවද අර බුර්කිනා ෆාසෝ ජනාධිපතිතුමා වගේ? ඒක හිතන්න දෙයක්නේ. ගෙදර යනකොට හිත බත්ලිගාන ගත්ත ගමන් ඒක මතක් වෙනවනේ. එතකොට හිතනවා වෙනස් වෙන්න. එහෙම නැහැ, එහෙම දෙයක් නෙමෙයිද ඕනේ? මේකේ එනවා, පච හලනවා, කාට හරි මේ හොරා හොරා හොරා කියනවා, වෛරය වපුරලා චූන් කරලා යනවා. කැඳත් හම්බවුනොත් ලොකු දෙයක් එහෙම නායකත්වයක් යටතේ, කැඳවත් හම්බවුනොත්. 

ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා ගෝලීය දේශපාලනයේ ස්ථානගත වීම පැත්තෙන් ගත්තොත් මේගොල්ලෝ ඉන්නේ අන්ත දක්ෂිණාංශික බටහිරට ගැති ස්ථාවරයක. ඒක ඕන තරම් උදාහරණ තියෙනවා පෙන්වන්න. නමුත් කිව්වේ අධිරාජ්‍ය විරෝධී, කිව්වේ ඉන්දියානු විරෝධී, ඉන්දියානු ව්‍යාප්තවාදය පරදනවා කිව්වා. දැන් ව්‍යාප්තවාදය ජනිත කරන්න ඔවුන් වෙලා.

ව්‍යාප්තවාදය ප්‍රවර්ධනය කරන්න ඔවුන් වෙලා. මේ වෙලාවේත් ඉන්නේ ටිල්වින් සිල්වා ඇතුළු හතරක් ඉන්දියාවට වෙලා මෝඩිගේ පක්ෂය ගොඩනගපු විදිය ගැන අධ්‍යයනය කරමින්. ඒ නිසා තමුන් නාන්න්සේලා තේරුම් ගන්න ඕනේ අපි ඉතාම පැහැදිලිව, විදේශ ප්‍රතිපත්තියේදී ගෝලීය දේශපාලනයේ ස්ථානගත වීමට අතින් බැලුවම මේ පාලනය සම්පූර්ණයෙන් ස්ථානගත වී තිබෙන්නේ වමට බරව නෙවේ දකුණට. 

දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ කවදාත් අර චීන පර්යේෂණ නැවක් ආවද ලංකාවට සේවා ලබාගන්න? ඒ කාලේ රනිල් වික්‍රමසිංහ ඉන්න කාලෙත් මට මතකයි එක වතාවක් ආවා. ගෝඨාභය ඉන්න කාලෙත් අවුරුද්දට දෙකක් විතර ආවා. සාගර පර්යේෂණ යාත්‍රා. ඉන්දියාව කැමති නැහැ මේවා එනවට. මේ අවුරුදු දෙකටම චීන පර්යේෂණ යාත්‍රා එකක්වත් ආවේ නැහැ. එන්න දෙන්නේ නැහැ. එනවට කැමති නැහැ. ඇයි ඒ? ඉන්දියාව තරහ වෙයි. යුද්ධය තියෙන වෙලාවේ කවුරුත් අපිට උදව් නොකරන වෙලාවේ ගුවන් යානා, ආයුධ ඔක්කොම සපෝට් එක දුන්නේ කවුද? චීනය. ඒ වගේම පාකිස්තානය. යුද්ධය දිනනවා කියන්නේ ඒක මේ රටට දීපු දෙයක්නේ. ඒ තිබුණු ආණ්ඩුවට දීපු දෙයක් නෙමෙයිනේ. ඒවට කෘතවේදීත්වයක් නැහැ. විදේශීය බලතුලනය කියලා කියන්නේ වහල්භාවයට නෙමෙයි, අවනතභාවයට නෙමෙයි.

මහින්ද රාජපක්ෂට මොනවා වුනත් ඒ වෙලාවේ කොන්ද පණ තිබුණා. යුද්ධය නතර කරන්න බලපෑම් කරන්න විදේශ ඇමැතිවරු තුන් දෙනෙක්, ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ, තව කොහෙද රටකයි, කැනඩාවේ තුන්දෙනයි එතකොට ආවා. ඇඹිලිපිටියේ ජනාධිපති මන්දිරයට. ගිනි රශ්නයේ. ඒකෙත් පිලේ තියාගෙන ඒ තුන්දෙනාත් එක්ක කතා කළේ. ඒ තමයි පෞරුෂය, දේශපාලන පෞරුෂය, ගෝලීය දේශපාලනය හසූරුවන විදිය. මෙයා හිටියා නම් යුද්ධයක් කරන වෙලාවේ බුදුඅම්මේ, හොයාගන්න අර සිංහල අලුත් අවුරුද්දට අතුරුදහන් වෙනවා වගේ අතුරුදහන් වෙලා ඉඳී. 

ඒ අනුව පෙනෙනවා අපිට පළවෙනියෙන්ම නිගමනය කරන්න වෙනවා මේගොල්ලෝ නැගෙන ගෝලීය දකුණේ නෙවෙයි පය ගහලා ඉන්නේ. වැහැරෙන, බිඳවැටෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදී බලකේන්ද්‍රයේ. දැන් අපි කවුරුත් දන්නවා මේ 3%ක් වගේ ඡන්ද පදනමක් තියාගෙන කාලයක් තිස්සේ එක තැන පල්වෙවී හිටපු දේශපාලන ව්‍යාපාරයක් බලයට ආවේ නිකන් සාමාන්‍ය තත්වයක් යටතේ නෙවෙයිනේ. ඒක තමුන් නාන්සේලා දන්නවා “ගාලු මුවදොර අරගලය” කියලා එකක් අපි මෑත කාලයේදී අත් වින්දා. ඉතා විශාල බිහිසුණු ප්‍රචණ්ඩත්වයක්, නිවාස ගිනි තැබීම්, ජීවිත මරා දැමීම්, දේපළ හානි ආදී විශාල ප්‍රචණ්ඩත්වයක් ඇති වුණා.

එයින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ බියගැන්නුවා, ආරක්ෂණවාදයට තල්ලු කරනු ලැබුවා. මම ඕක පාර්ලිමේන්තුවේ කිව්වා ඔය කියන ගාලු මුවදොර අරගලය ඇතිවෙන්න කලින් මේ ආර්ථික අර්බුදය පිළිබඳ මුල්ම අවස්ථාවේ කතා කරමින්. ඒක ගැන කතා කරපු හින්දනේ අපිව ඒ ආණ්ඩුවෙන් එළියට දැම්මේ. කතා කරමින් මට මතකයි කිව්වා තමුන් වහන්සේලාට ඕනම් හැන්සාඩ් එකේ බලන්න පුළුවන්: "මේ සිදුවෙන්නේ මෙතෙක් අපි අත්නොවිඳපු අර්බුදයක්. මේ අර්බුදය විසින් මහජනයා විෂම මනසකට තල්ලු කරනවා. කවුරුහරි හිතන්න එපා මේ අර්බුදයෙන් තමන්ගේ ඔළුවට ඔටුන්න පාත් වෙයි කියලා. මේ විෂම මනසට පත්වෙන මහජනයා අර්බුදය විසින් ඔටුන්න හදලා දෙන්නේ කවුරුත් නොහිතන ඔළුවකට." ඉතින් හරිනේ. 

පළවෙනි වටයේ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී රනිල්ගේ ඔළුවට වැටුණා. දෙවෙනි වටයේ 3% හිටපු අනුරගේ ඔළුවට වැටුණා. ඒ තමයි අර විෂම මනසකට සමාජය පත් කරාම ඒ විෂම මනස විසින් නිර්මාණය කරනවා, විෂම තීරණවලට තල්ලු කරනවා. වෛරය කුළුගන්වන ලද මනසකින් ගන්න තීරණ විෂම තීරණ බවට පත් කරනවා. විෂම තීරණවලින් විෂම නායකත්වයන් අතට බලය හිමි වෙනවා. විෂම නායකත්වයන් කොහොමද හැසිරෙන්නේ ඊට පස්සේ? විෂම නායකත්වයන් ඊට පස්සේ කොහොමද හැසිරෙන්නේ? ඒ විෂම නායකයන් නිර්මාණය කර දුන්නු ගාලු මුවදොර අරගලයේ තිබුණු ගති ලක්ෂණ නියෝජනය කරන උන් බවට පත් වෙනවා. 

මොනවාද ගාලු මුවදොර අරගලයේ තිබිච්ච ගති ලක්ෂණ? මතකනේ මෙහි ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ගාලු මුවදොරට ගිහිල්ලා "සිංහල බෞද්ධ රාජ්‍යය දැන් මෙතනින් අවසානයි" කිව්වා. මම දන්නේ නැහැ දානය දෙන්නේ කවුද කියලා. එතකොට උන්වහන්සේ එහෙම කියනවා, එතකොට ඒකට අත්පොළසන් තියෙනවා, ඒකට පිළිගැනීම තියෙනවා. එක වෙලාවක එතන හිටපු තරුණයෙක් කතාව පවත්වලා කියනවා "අපේ ගමේ පන්සලට මුස්ලිම් කොල්ලෙක් ඇවිල්ලා බුදු පිළිමය කැඩුවොත් ඒ කඩපු මුස්ලිම් කොල්ලට ගහන්නේ නැහැ නේද?" එතන ඉන්න කොලුකුරුත්තෝ කියනවා "ඔව් ගහන්නේ නැහැ" කියලා. ඒවට තමයි එතන චියර් එක තිබ්බේ. බුදු දහමට එරෙහි, රණවිරුවන් සම්බන්ධයෙන් තිබුණේ එරෙහියි, විශාල ලෙස නොපෙන්වුවට කොටිවාදයට ලැදියි, බුදු දහමට එරෙහි, කවුද නළුවෙක් කුරුසියක් තියාගෙන ආවේ කොහෙද මම දන්නේ නැහැ ජාඇල පැත්තේ ඉඳන්. දැන් කුරුසේ කොහෙද දන්නේ නැහැ තියෙන්නේ. 

දැන් එතකොට ඒ ඔක්කොම ගති ලක්ෂණ මේ ආණ්ඩුව තුළ නැද්ද? මේ ජනාධිපතිවරයා දිවුරුම් දීපු දවසේ මේක මාධ්‍යවල ගිය එකක් නෙෙවෙයි. දිවුරුම් දීපු දවසේ ජනාධිපතිවරයාගේ පක්ෂයට පක්ෂපාතී මතයක් දරන ගරුතර ස්වාමීන් වහන්සේ නමක් තමයි මහාචාර්ය අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේ. බොහොම ගුණසම්පන්න ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේත් ඉන්නවා මේ සභාවේ ජනාධිපතිවරයා දිවුරුම් දෙනකොට. දිවුරුම් දීලා ඉවර වෙච්ච ගමන් ජනාධිපතිවරයා ටක් ගාලා යන්න හදනවා තවත් මොකක්ද පිළිගැනීමක් තියෙනවා කියලා. අත්තංගනයේ රතනපාල නායක හාමුදුරුවෝ ජනාධිපතිවරයාගේ අතින් අල්ලලා කියනවා "පිරිත් ටිකක් කියන්න ඕනා, ඔහොම ඉන්න." මොකද උන්වහන්සේට තේරෙනවා දිවුරුම් දීලා ඉවර වෙලා පිරිත් ටිකක් නොකිව්වොත් අපේ රටේ අපි දන්න කියන සම්ප්‍රදායට මේක පටහැනියි. 

ඒ ගමන ජනාධිපතිවරයා බොහොම අකමැත්තෙන් කියනවා "අනේ හාමුදුරුවනේ මේ මම එනකන් බලන් ඉන්නවා" කියලා. කවුරු බලන් හිටියත් කමක් නැහැ ඉන්න. ඒ ගමන ජනාධිපතිවරයා අකමැත්තෙන් ඉන්නවා. ජනාධිපතිවරයාගේ ලේකම් කෙනෙක්, තරුණයෙක් කියනවා ආයේ මහාචාර්ය අත්තංගනයේ රතනපාල හාමුදුරුවන්ට කනට කරලා "හාමුදුරුවනේ කෙටියෙන්" කියලා. හාමුදුරුවන්ට කෙටියෙන් කෙටියෙන් කොහොමද පිරිත් කියන්නේ? උගේ උසට පිරිත් කොට කරන්න බැහැ. එතකොට උන්දැ අකමැත්තෙන් ඉන්නවා.

දැන් ඔන්න හාමුදුරුවෝ පිරිත් පටන් ගත්තා. අර මොකාටද පිරිත් ඇහෙනකොට මොකටද වෙන්නේ ඇති. ඒක ඉවර වෙච්ච ගමන් ඩෝන් ගාලා හාමුදුරුවන්ට නැමිලා වැඳලා ගියා. ඒ පළවෙනි අත්දැකීම. දෙවෙනි අත්දැකීම, මේක මෙතෙක් ප්‍රසිද්ධියේ කතා වෙච්ච එකක් නෙමෙයි, මම ගොඩක් දැනගෙන ඉඳලා අද තමයි පළවෙනි වතාවට කියන්නේ. මහාචාර්ය අත්තංගනයේ රතනපාල නායක ස්වාමීන් වහන්සේ අදත් ජීවත් වෙනවා. උන්වහන්සේ "නැහැ" කිව්වොත් මම මේකට සමාව ගන්නවා මොකක් හරි. හැබැයි ඇත්තටම නම් උන්වහන්සේ සමාව නැහැ කියන්නේ නැහැ. 

ඊට පස්සේ තිබුණා පාර්ලිමේන්තු සභාවාරය පටන් ගන්න උත්සවය. මොනවාද අඩු වුණේ? ජයමංගල ගීත ඇලර්ජික්. 76 වසරේම ජයමංගල ගීත තිබ්බා පාර්ලිමේන්තුව ආරම්භ කරන දවසට. මේ බුද්ධාගමේ සිරිතක්, ඒ කෑල්ල කැපුවා. ඊළඟට ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ තිබ්බ නඩුවේදී එතන වෙන සාකච්ඡාවකදී උන්වහන්සේ ආවේගශීලී වෙලා ඒ එක්නැලිගොඩගේ නෝනා කියපු කතාවකට ප්‍රතිකතාවක් කරනවා. සාමාන්‍‍යයෙන් උසාවියේ සම්ප්‍රදාය අපිට හිතිච්ච පළියට නැගිටිලා අදහස් දක්වන්න බැහැ.

ඒ වෙලාවේ ඒ උසාවියේ හිටියේ දැන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ඉන්න අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විනිශ්චයකාරයා හැටියට. ඒ විනිශ්චයකාරතුමාට තිබුණා ඕන නම් ඒ අවස්ථාවේදීම ඊට අදාළව තීරණයක් ගන්න. ඒක වැරදියි නම් සමාව ගන්න කියන්න, මොකක් හරි කරන්න තිබ්බා. එහෙම නොකර ඒක ගියා අභියාචනාධිකරණයට, පැමිණිල්ලක් යැව්වා. අභියාචනාධිකරණයේ ඒ නඩුව ඇහුවේ කවුද? දැන් ඉන්න අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන මැතිතුමා. එතකොට එතුමා අභියාචනාධිකරණ විනිසුරු. ප්‍රීති පද්මන් සූරසේන මහත්තයා ඒ විනිසුරුතුමා ඒ නඩුව අහලා අවුරුදු හතරකටද හයකටද හිරේට දාන තීරණයකට සයින් කළා. 

ඊට පස්සේ මාස නමයක් හිරබත් කෑවාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරයාට තියෙන බලතල ප්‍රකාරව මේ කටින් පිට වෙච්ච වචනයක් අල්ලගෙන උන්වහන්සේව ජනාධිපති සමාව දීලා නිදහස් කළා. ජනාධිපති සමාව දීපු එක වැරදියි කියලා ආයේ ප්‍රදීප් එක්නැලිගොඩගේ නෝනා ජනාධිපතිගේ තීරණය අභියෝගයට ලක් කළා ශ්‍රේෂ්ඨාධිකරණයේදී. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ කවුද ඉන්නේ? අර ඇපීල් උසාවියේදීත් අවුරුදු හතර පහේ තීන්දුව උන්වහන්සේට විරුද්ධව දීපු විනිශ්චයකාරයා, ඒ ඇපීල් කරනකොට ඉන්නවා අග්‍රවිනිශ්චයකාරතුමා වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඉතින් ඒ අනුව ජනාධිපති සමාව දීම වැරදියි කියලා තීරණය වුණා. 

අපි දන්නවා උන්වහන්සේ ගැන මොන විවේචන තිබුණා වුනත් උන්වහන්සේ තමන්ගේ පුද්ගලික කාරණාව වෙනුවෙන් නෙවෙයි හඬ නැගුවේ. ශාසනයට බලපාන කාරණා වෙනුවෙන් හඬ නැගුවේ. ඒ හඬ නැගපු සමහර කරුණු තමයි “පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්” ඔප්පු වෙලා පෙනුණේ. ඒ කියපු දේවල් තමයි ඇත්ත කියලා ඇස් පනාපිට පෙනුණේ. අද ඒ වුණාට මේ ආණ්ඩුවට සම්බන්ධ දායක සභාව, බෞද්ධ විරෝධී දායක සභාව උන්වහන්සේව හිරගත කරන එක අතිශය ප්‍රීතියට පත්වෙච්ච කාරණයක් බවට පත් කරගෙන තියෙනවා. ඒ තමයි මේ අයගේ නරුම මනස, බෞද්ධ විරෝධී මනස. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා අර ගාලු මුවදොර අරගලය නියෝජනය කරපු විෂම මනෝභාවය තමයි මේ පාලනය තුළින් විද්‍යාමාන වෙන්නේ. 

දැන් මෙහෙන් පටන් ගත්ත අරගලය ඊට පස්සේ ගියා බංග්ලාදේශයට, ඊට පස්සේ නේපාලයට, ඊට පස්සේ කැරකිලා කැරපොත්තු ව්‍යාපාරයක් හරහා ඉන්දියාවට ආවා. ඒක කොහොමහරි මෝඩි මැතිතුමා නිවාගත්තා. දැන් ඔන්න ආයේ කැරපොත්තු ටික මේ දවස්වල පාරේ සටන්. දැන් බලන්න නේපාලයේ අරගලයෙන් පස්සේ ආවේ රැප් ගායකයෙක්. ඉතින් ඒ රැප් ගායකයා දිනයි කියලා කවුරුත් හිතුවේ නැහැ. අරගලයට කලින්. අරගලයෙන් කරේ සම්ප්‍රදායික වාම, සියලු ප්‍රගතිශීලී පක්ෂ බිය ගන්වලා පළවා හැරියා. නොනිල භීෂණයක්. ඒ හින්දා කොහෙවත් හිටපු රැප්කාරයෙක්ගේ ඔළුවට ඔටුන්න පාත් වුණා. 

බංග්ලාදේශෙත් පිටරට හිටපු යූනුස් මහත්තයාගේ ඔළුවට පළවෙනි වටයේ ඔටුන්න පාත් වුණා. දෙවෙනි වටයේ දෙන්න සැලසුම් කරලා තිබුණේ ඉස්ලාම් අන්තවාදී “තවුහිද් ජමාතේ ඉස්ලාමී” කියලා පක්ෂයකට. ඉන්දියානු බුද්ධි සේවාව ඒ පක්ෂය යට කරලා යම් යම් කරපු ගත්තු ක්‍රියාමාර්ග හින්දා ඒක කරගන්න බැරි වුණා. දැන් අපි තේරුම් ගන්න ඕනා මෙතන මිනිස්සුන්ට මේ විෂම මනසින් ඒ තීරණය ගන්න බල කෙරුණේ ඇතිවෙච්ච ආර්ථික තත්ත්වය මත නම්, එහෙමනම් ඒ බලය ගත්තු ඕනෑම පාලකයෙකුට පළමු කොටම ආර්ථිකය ගොඩනගන බව පෙනෙන්න ඕනා. වැටුණු වලෙන් එළියට ගන්න බව පෙනෙන්න ඕනා. මේගොල්ලෝ මොකද කරන්නේ? හිඟන්නටත් පවුඩර් ගාලා පෙන්වනවා. 

ලෝක බැංකුව කියනවා දුප්පත්කම ජනගහනයෙන් 65%ට වැඩිවෙලා, විරැකියාව 45%ට වැඩිවෙලා, තරුණ විරැකියාව 35%ට වැඩිවෙලා. කෝ ආණ්ඩුවේ මේවා විසඳන්න සැලැස්මක් දියත් වෙනවයි කියලා පෙනෙන්න තියෙනවද? ඒවා ගැන නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියලා පෙනෙන්න තියෙනවද? කොහෙත්ම නැහැ. ඒවා ගැන වගක් නැහැ. 

ආර්ථිකය වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගන්නවා වෙනුවට තව තවත් අගාධයට ඇදගෙන යාමයි වෙන්නේ. බදු පිට බදු ගහනවා, ඉන්ධන මිළ නගිනවා, සහනාධාරයක් දෙනවයි කියනකොටම නගිනවා, විදුලි බිල නගිනවා. බාල ගල්අඟුරු ගෙනාවා, නියමිත විදුලි ප්‍රමාණය උත්පාදනය කරන්න බැරි වුණා ගල්අඟුරු බාල හින්දා. ඒ නිසා ඩීසල්වලින් විදුලිය නිපදවන්න වුණා, විදුලි පිරිවැය වැඩි වුණා. වැඩි වෙච්ච එකේ බර අපේ කරමත පටවනවා. තව මාස තුනකින් විතර තව ටිකක් පටවනවා. බිලියන 842ක පාඩුවක් ඒ මගින් සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, නැව් 19ක ගල්අඟුරු ගෙනල්ලා බෑවා. තියෙන්නේ නැව් 17ක ගල්අඟුරු ප්‍රමාණය විතරයි. නැව් දෙකක ගල්අඟුරු නැහැ. බාල ගල්අඟුරුත් ගෙනල්ලා තියෙන්නේ ප්‍රමාණාත්මකව අඩුවෙන්. මෙහෙම හොරකම් 70 වසරේ වුණාද? දැන් මේ ඔක්කොම විදේශී විනිමය වැය වෙන්නේ.

කොරියාවේ රස්සාව කරන අපේ දරුවෝ හම්බ කරලා එවන සල්ලි ටික, මැදපෙරදිග රස්සාව කරන, ඊශ්‍රායලයේ රස්සාව කරන අපේ දරුවෝ හම්බ කරලා එවන සල්ලි ටික, ඒවා තමයි වියදම් වෙන්නේ බාල ගල්අඟුරුවලට. අන්තිමට ඒකෙන් ඕන කරන විදුලිය ලබාගන්නත් බැහැ, ඩීසල්වලට සල්ලි වියදම් කරනවා. ඩීසල් කියන්නෙත් ආයේ ඩොලර්. මේ රට ඉල්ලුවේ ඩොලර් ටික හරියට කළමනාකරණය කරන, උවමනාවට යොදවන, නාස්ති නොකරන පාලනයක් නේද? දැන් මොකද වෙන්නේ? මම කිව්වේ හිඟන්නන්ට පවුඩර් දානවා කියලා. දැන් මේ දවස්වල ඒගොල්ලෝ සතුටු වෙන්නේ මොකක්ද? අර මෙට්‍රෝ බස්වලින්. 

දැන් ආර්ථික අර්බුදයට කලින් තමුන්නාන්සේලා අපි කවුරුත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය, ජාතික ප්‍රශ්නය මෙට්‍රෝ බස් එකක් පාරේ යන්න නැති එක කියලා කිව්වද? දැන් අගාධයට වැටිච්ච රට ගොඩට ගන්නවා වෙනුවට පොඩි පොඩි තොරන් බුබුල් පත්තු කරලා පෙන්වනවා. "හොඳයි නේද? එළියයි නේද? ලස්සනයි නේද?" කියලා තොරණේ එක කොටුවක් පෙන්වනවා. අපි ඉතින් ඒක බලලා චූන් වෙන්න ඕන. පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක තීන්ත ගාලා පෙන්වනවා, අපි ඉතින් ඒක බලලා චූන් වෙන්න ඕන. මරදාන ස්ටේෂන් එක තීන්ත ගාලා පෙන්වනවා, අපි ඉතින් ඒක බලලා චූන් වෙන්න ඕන.

දැන් බලන්න අර දිට්ඨා ඇවිල්ලා කොහෙද මම දන්නේ නැහැ පේරාදෙණිය දක්වා කෝච්චියේ ගියා මේ ළඟදී. ඇමැති ගිහිල්ලා සින්දු කිය කිය බජව් දානවා. විමලරත්නායක මේ කෝච්චි පාර මාස ගානක් ගිහිල්ලා හදාගත්තේ. සුනාමියෙන් කෝච්චි පාර ගියා දකුණු මුහුදු තීරයේ, මාස තුනෙන් හැදුවා. දිට්වා ඇවිල්ලා දැන් මාස හය හතකටත් වැඩියි. අනික හදලා තියෙන්නේ නුවරටම නෙමෙයි, පේරාදෙණියට. කමක් නැහැ නුවරට හදපු දවසට චූන් වෙවී ගියා නම්, ඒ කියන්නේ පොඩි මිනිස්සු කියන්නේ ඕකනේ, පොඩි දේකින් ලොකු සතුටක් ලබනවා. 

දැන් අධිවේගී මාර්ගයක් හැදුවොත්... ඒ කාලේ මට පෙනුණේ නැහැ එහෙම චූන් ගන්න කතන්දරයක්. එහෙනම් අධිවේගී මාර්ගයක් විවෘත කරාම ඒකේ යන්න එපැයි සින්දු නෙවෙයි ඔය තියෙන ඔක්කොම කියා කියා. ඒ කාලේ මහා සංවර්ධන ව්‍යාපෘති හැල්ලු කළා. පෝට් සිටියට කිව්වේ.... පෝට් සිටිය ඕක හදන්න කළුගල් මෙට්‍රික් ටොන් අහවල් ගානක් යනවා, සීගිරි ගලත් කඩන්න වෙනවා කියලා. දැන් කවුද ගණන් හදන්නේ මේ කියපු ගාන හරිද කියලා. අනුර කුමාරට හිතුණා මෙට්‍රික් ටොන් 67,782යි කියලා උන්දැ කියනවා. අපිට වැඩ තියෙනවනේ, අපි යනවා ඕක බලන්න. ඔය කියන ගානද ඇත්තටම යන කළුගල් ටොන් ගාන, නියම ගාන වෙන ගානක්ද කියලා?

ඒවට වෙලාව අපිට නැහැ, අපි ඉන්නවා. එයා දන්නවා අපි එහෙම ඉන්නවයි කියලා. ඊළඟ වේදිකාවට ගිහිල්ලා කියනවා පෝට් සිටිය හදන්න කළුගල් යනවා මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 4500ක් කියලා. දැන් ඒ පෝට් සිටියට ආයෝජකයෝ එනකම් බලන් ඉන්නවා ඩොලර් ආදායම රටකට ළඟා කරගන්න. ඒ නිසා ලොකු සංවර්ධන වැඩ හැල්ලු කළා. ඒ නිසා මේ පොඩි මනසක් තියෙන අය පුංචි දේවල් කරලා මෙට්‍රෝ බස් එකකට චූන් වෙනවා, රේල් පාරේ කොටසක් හදලා ඒකේ යනකොට කෝච්චියේ චූන් වෙනවා. ඒ පොඩි දේවල්වලින් සතුට ලබන පාලනයක් නිර්මාණය වෙලා තියෙනවා. 

මේගොල්ලෝ ලොකු දේවල් කරොත් පපුව පෑරිලා මැරෙනවා. සතුට වැඩි කමට. බය වෙන්න දෙයක් නැහැ එහෙම පපුව පෑරිලා මැරෙන්නේ නැහැ, ලොකු දේවල් කරන්නේ නැහැ. දැන් ඒ නිසා අපිට පෙනෙනවා ආර්ථිකය ගොඩගැනීමේ දිශාවට නෙවෙයි. ගොවියාට දුන්නු බලාපොරොත්තු බුදු අම්මේ, නාමල් කරුනාරත්නලා, ලාල් කාන්තලා... දැන් ලාල් කාන්ත ඇමැතිතුමා කියනවා මේ දේවල් කියන විද්‍යාත්මක කරුණු වලට එනවලු, හිනා වෙන්න විද්‍යාත්මක කරුණු කියනවා වැනි වැනි ගිහිල්ලා. තව එක අඟලක් වී වවන්නේ නැහැලු. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ විතරක් ලංකාවට ගෙනාවා ඉන්දියාවෙන් වී හාල් දවස් 300කට පරිභෝජනයට සෑහෙන හාල් ප්‍රමාණයක් ආවා.

ඔය වෙසක් එකට පොසොන් එකට දුන්නු දන්සල්වල ඔක්කොගේම කෑවේ ඉන්දියන් හාල්. පොළොන්නරුවේ රජරට පැත්තෙත් කඩවල්වල තියෙන්නේ, සමූපකාරවල තියෙනවා ඉන්දියන් හාල්. වසන්ත සමරසිංහ තර වෙනවා බලාගෙන ඉන්දැද්දි. උන්දගේ කල්ලමරේ ගොවියාගේ මිල නැහැ. ගොවියා හඬනවා. නාමල් කරුණාරත්න එන්නේ නැහැ. මේ පොළොන්නරුවේ තිබුණා ගොවි සමුළුව, ලාල් කාන්ත නැහැ, කෘෂිකර්ම ඇමැතිත් නැහැ, නියෝජ්‍ය කෘෂිකර්ම ඇමැතිත් නැහැ. ඇයි? යන්න බැහැ. මෙතනට වැටුණා. ගොවි ජනතාවට දීපු බලාපොරොත්තු ඔක්කොම විනාශ කරලා දැම්මා. ගොවියාට වගාව තිත්ත කරන මට්ටමට වැට්ටුවා. ඒ තමයි තිබුණු තත්ත්වයට වඩා මේ රටේ තත්ත්වය ඉහළට ගෙනෙන්නම් යයි කියලා බලය ලබාගන්න. බලාපොරොත්තු හදලා බලය ගත්තු අය. 

අනෙක් පැත්තෙන් තමුන්නාන්සේලා බලන්න කර්මාන්ත පැත්තෙන්. මේ රටේ කර්මාන්ත අද ගලවගෙන යනවා රටෙන් එළියට. පිරිවැය වැඩියි. MAS කියන සමාගමට අයිති ගොඩක් කර්මාන්ත, තව ඒ ක්ෂේත්‍රයේ තියෙන ප්‍රබල ආයතන, සමහර ඒවා මේ තියෙන එකක් දෙකක් ඔහේ තියෙන්න ඇරලා, ඒගොල්ලොන්ගේ අලුතෙන් ඔක්කොම ටික එක්කෝ ඉන්දියාවේ නැත්නම් වියට්නාමයේ, ඔය ඉතියෝපියාවටත් ගෙනියනවා, ඒ තැන්වලට අරන් යනවා. පිරිවැය වැඩියි, විදුලි ගාස්තුව වැඩියි, ප්‍රවාහන ගාස්තුව වැඩියි, පිරිවැය වැඩියි. ඒ නිසා ලෝක වෙළඳපොළත් එක්ක තරඟ කරන්න බැහැ. ඒ මිලට ඒ නිෂ්පාදනය අරගෙන ගිහිල්ලා. පිරිවැය අඩු, බදු අඩු ඒ තැන්වලට යනවා කර්මාන්ත ගලවාගෙන. 

දැන් බලන්න සෝලා. සෝලා පැනල්වලට මොකක්ද මේ කරන්නේ? ප්‍රගතිශීලී ආණ්ඩුව. ගෙදර වහලයේ සෝලා ටිකක් හයි කරගෙන ගෙදර විදුලි බිල ඒකෙන් ආවරණය කරගෙන, ඉතුරු සෝලා ටිකක් තිබ්බොත් මෙගාවොට්ස් ටිකක් කිලෝවොට්ස් හරි මොනවා හරි තිබ්බා නම් ජාතික විදුලි පද්ධතියට ඒක දීලා කීයක් හරි හොයාගත්තා මේ රටේ මිනිස්සු මෙච්චර කාලයක්. ලබන මාසේ පළවෙනිදා ඉඳලා ඒ ක්‍රමය නැහැ. වහලයේ සෝලා තිබ්බත් විදුලි බිල ගෙවන්න ඕන. වහලෙන් උපදවන විදුලිය මණ්ඩලයට දීලා මණ්ඩලය කියන ගාන ගන්න ඕන. මණ්ඩලය කලින් කලට ඒක අඩු කරනවා. විදුලි බිල මණ්ඩලය කියන ගානට වහලයේ සෝලා තිබ්බත් අපි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? වහලවල් මත සෝලා පැනල් හයි කරගෙන “සුනිත්‍ය විදුලිය නිපදවීම” අධෛර්යයට පත් කරනවා, අවසන් කරනවා. ඒ කුමක් සඳහාද? සෝලා විදුලි බලය උත්පාදනය කරනවා නම් කරන ටික මහා පරිමාණ සමාගම්වලට සීමා කරන්නත්, ඩීසල් බලාගාර මාෆියාව, ඩීසල් මාෆියාව, ඩීසල්වලින් විදුලිය නිපදවන ජාවාරම්කාර තන්ත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කරන්නත්.

එහෙම කරනවද හත්වලාමේ ප්‍රගතිශීලී ආණ්ඩු? ප්‍රගතිශීලී කියලා ගෑවිච්ච ආණ්ඩු එහෙම කරනවද? මේක අර චීන ජනකතාවක තියෙනවා එක මනමාලියකට මනමාලයෙක් හොයනකොට, ඔන්න එක ප්‍රාන්තයකින්, දකුණු පළාතෙන් හිටියලු මනමාලයෙක්. සල්ලි තියෙනවා, කැතයි. බස්නාහිර පළාතෙන් හම්බවුණාලු මනමාලයෙක්. පට්ට ලස්සනයි, අතේ සතේ නැහැ. ඒ ගමන දුවගෙන් ඇහුවලු දෙමාපියෝ: "දැන් දූ කාවද බඳින්නේ?" කියලා. කෙල්ල කිව්වලු "බස්නාහිරින් කාලා දකුණෙන් බුදියගන්න තියෙනවා නම් හොඳයි" කියලා. මේ ආණ්ඩුවත් ඒ වගේ. ප්‍රතිපත්තියක් නැහැ. තමන් අනුගමනය කරන මූලෝපායක්, උපාය මාර්ගයක් නැහැ, දර්ශනයක් නැහැ. උන්ට බස්නාහිරින් කාලා දකුණෙන් බුදියගන්න පුළුවන් නම් ඒක කරනවා. අවස්ථාවාදී තක්කඩි කියලා කියන්නේ ඒ හින්දා. 

ඉතින් ඒ නිසා ඔබ අපි තේරුම් ගන්න ඕන මේ යන්නේ ආර්ථික වශයෙන් මේ රට ගොඩදාන මාවතක නෙවෙයි. මම පළමුව ඔබට හේතු දක්වන්න උත්සාහ කළේ ඒකයි. ඊට පස්සේ බලන්නකෝ දේශපාලන සදාචාරය. දැන් ඒගොල්ලෝ ලොකුවට කියපු එකක්නේ. දැන් ඔය වාහන ගත්තේ නැහැ කියලා මන්ත්‍රීවරු පයින්ද එන්නේ? ගමට එන්නේ නැහැ නේද? දකින්නවත් නැහැනේ. උන්දැලා අම්මපා මම තාම අඳුරන්නේ නැහැ මන්ත්‍රී වෙලා ඉන්නවා නේද එහෙම මන්ත්‍රී වෙලා? 

දැන් මම දැක්කා අර එක වෙලාවක ප්‍රවෘත්තිවලට කියනවා මිනිහෙක්, ගොවි මහත්තයෙක් කේන්ති ගිහිල්ලා. “අර හොරුයි කියලා හිටපු උන් නම් ගමට එනවා, මුන් හොරු නෙවෙයි එහෙනම් මුන්ට ගමට එන්න පුළුවන්නේ. මුන් ගමටවත් එන්නේ නැහැ” කියලා කියනවා. එතකොට දැන් ඒගොල්ලෝ පාර්ලිමේන්තුව හරහා වාහන නොදුන්නත් ඒගොල්ලොන්ට වාහන තියෙනවා, ලැබිලා තියෙනවා. ඒවා පාවිච්චි වෙනවා, ඒවට තෙල් ගහනවා. මේක වැටිච්ච දවසකට තමයි නඩු ටික එන්නේ, ඒක වෙන කතාවක්. එතකන් යනවා. ඊළඟට ජනාධිපති යන්නේ නැහැ කිව්වා චොපර්වල, දැන් යන්නේ නැද්ද? අර දෙකක යන්නේ, එකක් කඩන් වැටුණොත් අනික් එකට පනින්නද? දැන් දෙකක් යනවා. එකක් පස්සෙන්, එකක් ඉස්සරහෙන්. 

අපි කියන්නේ නැහැ රාජ්‍ය නායකයාට චොපර් දෙකක් එපා කියලා, ඒ කූහක කතා අපි කියන්නේ නැහැ. හැබැයි මේ ඔය කූහක කතා කිව්වා උන්දැලාගෙන් අපි මේකයි අහන්නේ. රාජ්‍ය නායකයා මේ පාරෙන් ගිහිල්ලා වේලාව කන්න ඕන මිනිහෙක් නෙවෙයි. උඩින් ගිහිල්ලා පැය භාගයෙන් වැඩේ කරලා ආයේ ඇවිල්ලා තව පැයකින් ඉතුරු වැඩේට අවතීර්ණ වෙන්න ඕන කෙනෙක්. ඒකයි ඒ පහසුකම් රාජ්‍ය නායකයාට දෙන්නේ. නැතුව නිකන් වෙන දේකට නෙමෙයි. 

ඊළඟට මොකද කිව්වේ? හඳුන්නෙත්ති කිව්වා "ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් අපිට එපා" කිව්වා. දැන් බලන්නකෝ හඳුන්නෙත්ති මහත්තයාගේ බඩ ටික ටික ලොකු වෙන හැටි, පොත්ත පාට වැටෙන හැටි. දැන් ඔය පාරේ එනකොට හම්බවෙනවා නේද වාහන දෙක තුන හතර පහ ෂූස් ගාලා මාරු වෙනවා. සමහර ඒවයේ පොලිස් බාධක රථයකුත් එක්ක. දැන් ඒ සිල්පද ඔක්කොම අවසන්. බොරු සදාචාරයක් ගැන කරපු පූච්ඡානම් කතා ඔක්කොම අවසන්. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දේශපාලන සදාචාරය කියන එක නාමමාත්‍රිකව හරි තිබ්බා නම් ඒකත් අවසන්. 

ගෞරවනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කිව්වා "මේවා දැන් කරන්න එපා, පස්සේ කරනවා නම් කරන්න" කියලා, සත පහකට ගණන් ගත්තේ නැහැ. කතෝලික සභාවේ අගරදගුරුතුමන්ලා කිව්වා "මේක ගැන නැවත සිතා බලන්න" කියලා, තඹයකට ගණන් ගත්තේ නැහැ. පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය කිව්වා මේක නවත්තන්න කියලා, සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිව්වත් ගණන් ගත්තේ නැහැ. අධිකරණ විනිසුරුවන්ගේ සංගමයේ ඉන්න විනිශ්චයකාරතුමන්ලා 65ක් කඩුවෙලට රැස්වෙලා එකමතිකව යෝජනාවක් සම්මත කළා 22 ගේන්න එපා කියලා, ගණන් ගත්තේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති අංශය භාර කෙනා කිව්වා එපා කියලා, ඒත් ගණන් ගත්තේ නැහැ. ඒගොල්ලෝ ඒක කරා. 

එයින් පෙන්වූවා බලය බලහත්කාරයෙන් හරි භුක්ති විඳීමේ ඕනෑකම. මුළු ලොවක් විරුද්ධ වුණත් බලය තියාගන්න උපයෝගී වෙනවා නම්, ඒ අධිකාරීවාදී බලය තවදුරටත් තහවුරු කරගන්න ඕන නම් ඒකට තියෙන කෑදරකම, ඒකට තියෙන ලොල්භාවය, ඒකට තියෙන ඕනෑකම ඉතා මැනවින් හෙළිදරව් වුණා. ඒ නිසා තවදුරටත් අර ප්‍රජාතන්ත්‍රවාදී වැල් බයිලා මුන්දැලාගේ කටවල්වලින් පිට වුණාට දැන් ඒවයේ කිසිම ජීවගුණයක් ඉතුරු වෙන්නේ නැහැ. දේශපාලන සදාචාරය පැත්තෙන් කිසිවක් වර්ධනය වෙලා නැහැ. තිබුණු දේත් නැති වෙලා තියෙනවා මිසක්. මම දැක්කා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමෙක් කියනවා විපක්ෂයේ කෙනෙක්, "ඕගොල්ලෝ සහ අපේ අතර වෙනස, අපි පාර්ලිමේන්තුවේ කැන්ටීන් එකෙන් කනවා යනවා, ඕගොල්ලෝ කනවා මදිවට පැකට් එකකුත් බෙදාගෙන ගෙදරත් ගෙනියනවා" කියලා. 

මේ පහුගිය අවුරුද්දේ තමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කෑම වියදම. එතකොට ඔය සදාචාර වැදි, බණ දැන් අවසන්. ඒවයේ පැවැත්ම දැන් අවසන්. ආර්ථික පැත්තෙන් අපිට බලාපොරොත්තුවක් තියන්න බැහැ, ප්‍රපාතයට තව තව ඇදී යනවා. සදාචාර කතාව ඉවරයි. ඊළඟට අපි බලමු මොකක්ද මේගොල්ලොන්ගේ දේශපාලන ගමන. 

ජනාධිපතිවරයා නිර්මාණය කර ගනිමින් ඉන්නේ අරමුණු දෙකක් සපුරා ගැනීම සඳහා. අරමුණු දෙකක් සපුරා ගැනීම සඳහා. එයින් තම බලය සුරක්ෂිත කරගන්න, ප්‍රතිවාදියෙකු නැති පිටියක් නිර්මාණය කරගන්න. ඒකට ඕනා හොරු අල්ලනවා කියන ආඛ්‍යානය... හොරු අල්ලනවා කියලා කරත් කමක් නැහැ දෙයියනේ ඒකෙන් විදුලි බිලත් බහිනවා නම්... දැන් මහින්ද ජනාධිපතිතුමා යුද්ධ කරන කාලයේ ආර්ථිකය වැටෙන්න දුන්නේ නැහැ, ගොවියන්ගේ වීවලට මිල වැටෙන්න දුන්නේ නැහැ. ඒ කාලයේ ලෝක ආර්ථික අර්බුදයකුත් තිබුණා. 

මේ හොරු අල්ලනවා කියන පාඨය දාලා දේශපාලන බිමේ ඊළඟ ජනාධිපතිවරණය එනකොට අභියෝගය එල්ල වෙන්නේ කවුද කාගෙන්ද කියලා බලලා, මොකක් හරි වරදක් කරන්න තමයි 22න් අධිකරණය තමන්ගේ කිහිල්ලට ගහගෙන, හිරගත කරලා ප්‍රතිවාදියෙකු නැති පිට්ටනියක තනි තරඟකරුවෙක් බවට පත්වෙන්න. ඒ තමයි එක අරමුණක්. 

දැන් මෙහෙම කතාවක් කියලා තියෙනවා, මම කියන්නේ නැහැ කවුරු කාටද කියපු කතාවක්ද කියලා, තමුන් වහන්සේලාට හිතෙයි කවුද කාටද කියලා. ඔය 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එන කාලයේදී කිව්වා "ඔයා කලබල වෙන්න එපා, මේකෙන් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකෙන් අහවල් අහවල් එවුන් ඔක්කොම, මම දානවා හිරේට. මම ඔයාව බලාගන්නවා. ඊළඟ ජනාධිපතිවරණයේ ඉන්නේ ඔය පැත්තෙන් ඔයා, මේ පැත්තෙන් මම. ඔයා දින්නොත් මාව බලාගන්න, මම දින්නොත් කොහොමත් මම ඔයාව දැන් බලාගන්නවනේ" කියලා. 

දැන් ඒ "ඔයා" කියලා ආමන්ත්‍රණය කරපු කෙනා ඉන්නේ, ඒ ආමන්ත්‍රණයට ලක් වෙච්ච කෙනා. අපි හිතමු 'X' කියලා. දැන් X මොකද හිතන්නේ?

“ඒකනේ, මම විතරයි ඉතුරු වෙන්නේ, එතකොට මටනේ මෙයාව එපා වෙච්ච ඔක්කොම... මාව එපා වුණත් ඒක නොසලකා මටනේ ඡන්දය දෙන්නේ. මට වාසියි නේ” කියලා එයා ගරු රඟපෑමක් කරනවා. ගරු රඟපෑමක් කරනවා. හැබැයි X දන්නේ නැහැ අන්තිමටම හිරේට දාන්න ඉන්නේ එයාව කියලා. 

දැන් ඕනෑම පල් මෝඩයෙකුට තේරෙනවා ජනාධිපති අනුර කුමාරට වඩා වාසිසහගත විපක්ෂයේ ප්‍රතිවාදී තරඟකරුවන් තුන හරි හතර හරි වැටෙනකොට. ඇයි? ඒ අනුර විරෝධී ඡන්ද බෙදෙනවා, එතකොට එයාගේ කුට්ටිය අර ඔක්කොම කුට්ටිවලට වඩා එකකින් හරි වැඩි වුණොත් එයා දිනනවා. එතකොට අනුර කුමාර හිතන්න... එතකොට අනුර කුමාරව කියවුණා. හරි, දැන් ඕනෑම ජනාධිපති කෙනෙක් හිතන්නේ එහෙම. දැන් එයාටද එක්කෙනෙකු විතරක් ඉතුරු කරන්නේ, මොළය කොළොප්පන්ද? අර එක්කෙනා ඉතින් මෝඩකමට හිතනවනේ ඒක ඇත්ත වෙයි කියලා.

අන්තිමටම ඇතුළට දාන්න තියෙන්නේ එයාව, මොකද එයාගේ ලිපිගොනුව දැනටමත් අංගසම්පූර්ණයි. එතකොට සිද්ධ වෙන්නේ ප්‍රතිවාදියෙක් නැති තත්ත්වයක්. ඒගොල්ලෝ ඇතුළේ තම තමන් කතා කරනකොට කියන්නේ "ඊළඟ ජනාධිපතිවරණයේ මමයි ප්‍රේමකුමාර ගුණරත්නමුයි විතරයි, වෙන කවුරුත් නැහැ." ඕක තමයි කියන්නේ. අර පාක්ෂිකයාට බලාපොරොත්තුව දෙන්නේ ඒ විදියේ අදහසකින්. දැන් ගමේ පාක්ෂිකයා හිතනවා, ගම නැහැ, ජනමතය බිඳවැටිලා. දැන් පාක්ෂිකයාට පෙන්වන්න ඕනේ බලය නැති වෙන්නේ නැහැ, බය නැතුව හිටපන්, පිට්ටනියේ මම මොකෙක්වත් ඉතුරු කරන්නේ නැහැ, මායි ප්‍රේමකුමාරයි විතරයි ඡන්දය ඉල්ලන්නේ, ඒකෙනුත් මම දිනනවා. 

අන්න ඒක තමයි පළවෙනි වැඩේ. ඒක සරසනවා “හොරු අල්ලනවා” කියන වාක්‍යයෙන්, හොරු අල්ලනවා කියලා. දැන් නිකන් හිතන්නකෝ, රිෂාඩ් බදියුදීන් ඔය තිබ්බ හැම ආණ්ඩුවකම හිටියානේ ඇමැතිකමක. එහෙම හිටපු එකාගෙන් පිගානක්වත් බිම වැටුණේ නැද්ද, රහසින්වත් වරදක් කරලා නැද්ද? කෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දවසකටවත් ගේන්නවද? ඒ නිසා මෙතන තියෙන්නේ, මම ඔය එක උදාහරණයයි කිව්වේ, මලික් සමරවික්‍රම මහ බැංකු හොරකමේ එක චූදිතයෙක්, එක දවසක්වත් ගෙන්නලා තියෙනවද, ප්‍රශ්න කරලා තියෙනවද? නැහැ, එයා ඉන්නේ තමන්ගේ සාක්කුවේ.

ඒ නිසා මේ ආඛ්‍යානය, නැරේටිව් එක, කථිකාව, සැරසිල්ලක් පාවිච්චි කරනවා තමාට අභියෝගයක් වෙන ප්‍රතිවාදී තරඟකරුවා කුමන හෝ වරදකට පටලවලා හිරගත කරලා අභියෝගයක් නැති පිට්ටනියක් හදාගන්න. ඒ වගේම ඒ අතරතුර තව දේවල් ටිකක් වෙනවා. දැන් ඕගොල්ලොන්ට පෙනෙනවා උතුරේ සිදුවෙමින් පවතින දේ ටික ටික ටික ටික පෙනෙන්න පටන් අරන් තියෙනවා. වෙනදා නොතිබිච්ච උද්‍යෝගයකින් නැවත දෙමළ බෙදුම්වාදී ක්‍රියාකාරීත්වය උස්සන්න වෙලා ඇවිල්ලා තියෙනවා. දවස් ගණන් තිලීපන්ගේ ප්‍රතිමා හදාගෙන සමරු උත්සව පවත්වනවා, 'මේජර් ජෙනරාල් තිලීපන්' කියලා ඒකේ ගහලා තියෙනවා. පාසල් දරුවෝ පාසල් නිලඇඳුමෙන්, පාසල් වේලාවේ ගුරුවරුන් අරන් යනවා තිලීපන්ට ප්‍රණාමය පුද කරන්න, මල් තියන්න. චක්‍රලේඛ එතනට අදාළ නැහැ. 

ඒ විතරක් නෙමෙයි, ඒ බෙදුම්වාදී මතය ප්‍රවර්ධනය වෙන තව විශාල ක්‍රියාකාරීත්වයන් වෙනවා. ෂානක්‍යන්ලා මඩකලපුවේ ඉන්න දිවුලපතාන අන්තිම සිංහල ගම්මානයේ ඉන්න මිනිස්සුන්වත් රෑන් පිටින් ගිහිල්ලා එළවලා දාන්න තර්ජනය කරනවා. වගා කරන්න මහවැලි ඉඩම් මහවැලි අධිකාරිය නොදී ඉන්නවා. වැස්ස වැටුණු වෙලාවේ සිංහල මිනිස්සු ටික වගාව කරන්න ගියාම ඇතුළු වෙන්න තහනම් කරනවා.

ෂානක්‍යන්ලා බලනවා ආණ්ඩුවේ උදව් ඇතුව, මහවැලිය භාර කෘෂිකර්ම ලාල්කාන්තගේ, ලාල්කාන්ත කියන හිපාටු ඇමැතියාගේත් අනුග්‍රහය ඇතුව මඩකලපුවේ දිඋල්පතාන ගමේ ඉන්න අන්තිම සිංහල ගම්වැසියෝ ටික එතනින් එළියට දාන්න. වඩුන්නාගල පුරාවිද්‍යා රක්ෂිතය, බෞද්ධ පුරාවිද්‍යා රක්ෂිතය අද හින්දු දේවස්ථානයක් බවට පරිවර්තනය කරගෙන යනවා. තිස්ස රජමහා විහාරයට පෝය දවසට සිල් ගන්න මිනිස්සුන්ට එන්න තහනම් කරලා තියෙනවා, යාපනය තිස්ස රජමහා විහාරයට. අන්තවාදයට වැඩෙන්න ඉඩ දීලා තියෙනවා, හමුදා කඳවුරු එකින් එක එකින් එක ගලවනවා. 

මම දැක්කා ඊයේ ප්‍රවෘත්තියක්, යාපනයේ තියෙනවා මම කර්මාන්ත ඇමැති හැටියට ඒ ස්ථානයටත් ගිහිල්ලා පරීක්ෂා කළා, අපේ සිමෙන්ති සංස්ථාවට අයිති ඉඩම. ඒ ඉඩම යට අඩි හතර පහක් යට තියෙන්නේ සිමෙන්ති හදන්න පාවිච්චි කරන ඛනිජ සම්පත්. ඒ අක්කර ගානක ඉඩමෙන් භාගයකට වඩා දැන් නිදහස් කරන්න යනවා ගෙවල් හදන්න කියලා. ඒවයේ කවදාවත් ගෙවල් තිබුණේ නැහැ, යුද්ධයට කලින් තිබුණෙත් නැහැ, ඒ රජයේ ඉඩම්. ඕකේ සංකල්පය වෙන්නේ පුද්ගලික ඉඩම් රජය අරගෙන තියෙනවා නම් ඒකටනේ දෙන්න කියන්නේ, රජයේ ඉඩම් දෙන්න ඕනේ නැහැනේ. මේකේ ඊළඟ ප්ලෑන් එක මොකක්ද? 

දැන් එංගලන්තයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එංගලන්ත පාර්ලිමේන්තුවේ තියෙන තේරීම් කාරක සභාවට ඉල්ලීමක් යොමු කරනවා. ඒ ඉල්ලීම තමයි යුරෝපයේ ඉන්නවා යාපනයට අදාළ “ජැෆ්නා ටැමිල්” ජනතාව මිලියනයක්, ලක්ෂ 10ක්. ඒ අයට උවමනායි තමන්ගේ ඥාතීන් සමඟ සංස්කෘතික සබඳතා, ජීවන සබඳතා තර කරගන්න. ඒගොල්ලොන්ට අද සිද්ධ වෙලා තියෙනවා කොළඹ කටුනායකට ගිහිල්ලා එතැන් සිට කිලෝමීටර් මෙච්චරක් පැය හයකට වඩා වැඩි කාලයක් තිස්සේ ඥාතීන් ඉන්න තැනට ගමන් කරන්න. ඒක වයසක අයට, ආබාධිත අයට, කුඩා දරුවන්ට, දරුවන් හම්බවෙන්න ඉන්න මව්වරුන්ට අතිශය අසීරුදායක දෙයක්. ඒ නිසා එයා ඉල්ලීම කරනවා “බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් යානයක්” කෙලින්ම පලාලි ගුවන් තොටුපලට සතියකට එක බැගින් වාරයක් ගමන් කරන්න. මෙන්න තමයි මුට්ටිය දාලා එන විදිය. 

දැන් ඔන්න හිතන්නකෝ බ්‍රිටිෂ් එයාර්වේස් එකක් එනවා සතියට එක ගානේ. එතකොට ඔන්න ඔය ප්‍රවෘත්ති යනවා මේ පලාලි ගුවන් තොටුපල මේ වැඩේට හරියන්නේ නැහැ, මදි. එතකොට ආණ්ඩුවට ඕන වෙනවා පලාලි ගුවන් තොටුපල පළල් කරලා ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කරන්න. ආන්න එතකොට ඒ කිට්ටුව තියෙන පලාලි ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානය ගලවා ඉවත් කරන්න ඕනේ කියන මතය එනවා. පලාලි ඒකාබද්ධ අණදෙන මූලස්ථානය අන්තිමටම ගලවලා අයින් කරනවා. පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කරන්න දැනටමත් රහසිගතව එකඟ වෙලා තියෙනවා, ඕන කරන ආයෝජනය එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් අරගෙන එන්න. 

ඒගොල්ලන්ගේ කොන්දේසිය තමයි ඒ සල්ලි ගේන්නේ ඒකාබද්ධ අණදෙන මූලස්ථානය පලාලිවලින් අයින් කරොත්. අරක දාලා ඉස්සරහට බ්‍රිටිෂ් එයාර්වේස් ප්ලේන් එකකුත් ගෙනල්ලා ඒක ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වීමේ අවශ්‍යතාවයේ වැදගත්කම හුවා දක්වලා, ඒ පිටින් දාලා තමයි එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට ඕන වැඩේ කරන්නේ, පලාලි ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානය ගලවාගන්න. මේවා කරගෙන යනවා. තමුන් වහන්සේලාට ගොවි ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්නේ නැති වුණාට එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට වෙච්ච පොරොන්දු ටික ඔක්කොම එක එක ඉටු කරනවා ක්‍රමානුකූලව. 

අන්න ඒවා කරලා එයා හිතනවා ප්‍රතිවාදියෝ නැති කරලා 2029 ජනාධිපතිවරණයට තනියෙන් ගියාම උතුරේ සහ නැගෙනහිර දෙමළ, මුස්ලිම් ඡන්ද සියල්ලයි, මේ ප්‍රදේශවල තියෙන ඒ සුළු ජාතික ඡන්ද සියල්ලයි, වතුකරයේ තියෙන සුළු ජාතික ඡන්ද සියල්ලයි, සිංහල කතෝලික ඡන්ද සියල්ලයි තව සිංහල ඡන්ද ටිකකුයි එකතු කරාම 50%ක් නැතත් 20%කින්, 27කින් හරි... ඇයි ඉතින් වෙන ඊට වඩා ගානක් ගන්න පුළුවන් මිනිහෙක් එළියේ ඉතුරු කරලා නැති නිසා, උන්දැට ජනාධිපති වෙන්න පුළුවන් දෙවෙනි වතාවටත් කියලා.

ඔය හිතන විදියටම ඔක්කොම වෙන්නේ නැහැ. ග්‍රහයෝ පිහිටලා තියෙන්නේ ඔය විදියට වැඩේ වෙන්න නෙවෙයි. මම මේ කියන්නේ ඒගොල්ලොන්ගේ සැලැස්ම. ඊළඟට මොකක්ද කරන්නේ? දෙවෙනි වාරයක් ආවොත් එතනදී තමයි දරුණු දේ වෙන්නේ. දෙවෙනි වාරය ආපු ගමන් පළාත් සභා මැතිවරණය තියනවා උතුරේ සහ නැගෙනහිර පමණක්. එතන පත්වෙන මහ ඇමැතිට ඕන කරන මිනිහව ආණ්ඩුකාරයා කරනවා. ඒගොල්ලෝ ගේන ප්‍රඥාප්ති, ඉඩම් ප්‍රඥාප්ති ගේනවා. ඊට කලින් මහවැලිය අහෝසි කරනවා. මහවැලිය යටතේ තියෙන ඉඩම් ටික ප්‍රාදේශීය ලේකම් භාරයට යනවා. එහෙම කරාම ඊට කලින් තව පනතක් දුර්වල කරනවා පුරාවිද්‍යා පනත. පුරාවිද්‍යාව පළාත් විෂයක් බවට පත් කරනවා. උතුරු පළාත් පුරාවිද්‍යා ප්‍රඥාප්තිය, නැගෙනහිර පළාත් පුරාවිද්‍යා ප්‍රඥාප්තිය. එතකොට රටට පුරාවිද්‍යාවක් නැහැ, පළාතට පුරාවිද්‍යාවක්. අන්න ඒ තියෙන සියලුම බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන පවරලා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? විහාර දේවාලගම් පනත එක්කෝ අහෝසි කරනවා, එක්කෝ දියාරු කරනවා.

විහාර දේවාලගම් පනතට වැටෙන ඉඩම් තියෙනවා උතුරේ සහ නැගෙනහිර, ඒවාත් ඒ වැඩේට නිදහස් කරගන්න ඉඩ දෙනවා. ඊට පස්සේ ඡන්දය තියලා සභාවේ බලය පිහිටුවලා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට ඕන කරන විදියට හැසිරෙන මහ ඇමැති දාලා, එයාලට ඕන කරන විදියට හැසිරෙන ආණ්ඩුකාරයා දාලා මුදල් ප්‍රඥාප්ති ගේනවා සම්මතයි, ඉඩම් ප්‍රඥාප්ති ගේනවා සම්මතයි, පොලිස් ප්‍රඥාප්තිය ගේනවා සම්මතයි, පුරාවිද්‍යා ප්‍රඥාප්තිය ගේනවා සම්මතයි. ඔය විදියට ප්‍රඥාප්ති ගෙනල්ලා වෙනම බෙදුණු නීතියක් යටතට ඒ ප්‍රදේශ පත් වෙනවා. 

දැන් තියෙනවා පරිසර ප්‍රඥාප්තියක් ගෙනල්ලා කොහෙද, වයඹ පළාත් සභාවේ. මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නැහැ වයඹ පළාතේ පරිසරය පිළිබඳ තීරණ ගන්න. වයඹ පළාතේ පරිසරය පිළිබඳ තීරණ ගැනීමේ බලය තියෙන්නේ වයඹ පළාත් සභාව ගෙනාපු පරිසර ප්‍රඥාප්තිය මගින් පිහිටුවපු වයඹ පරිසර අධිකාරියට. අන්න ඒ වගේ පොලිස් ප්‍රඥාප්තිය ගෙනල්ලා සම්මත වුණාම පළාත් පොලීසිය, ඉඩම් ප්‍රඥාප්තිය ගෙනල්ලා සම්මත වුණාම පළාත් ඉඩම් කොමිසම, ඊළඟට මුදල් ප්‍රඥාප්තිය ගෙනාවාම ඒගොල්ලොන්ගේ මුදලින් ස්වාධීනත්වයට පත්වීම. ඒ ඔක්කොම ගෙනල්ලා පළාතට නීති හැදුවම මුදුනේ නීතියයි පළාතේ නීතියයි ගැටෙන්න ගන්නවා, ගැටුම තීව්‍ර වෙනවා. එතකොට මොකද වෙන්නේ?

මුදුන ටික ටික අකුලා ගන්නවා. එක වෙලාවක් එනවා, ජාත්‍යන්තර පීඩනය එනවා. ඒ අතරතුර අපේ සල්ලිවලින්ම මිනීවලවල් හාරලා පෙන්වනවා අපේ හමුදාව යුධ අපරාධ කළා කියලා. තව මිනීවලවල් දෙකක් හාරන්න නියමිතව තියෙනවා. ඒ මතවාදය ගොඩනගන්න අපිම සල්ලි වියදම් කරලා ඒක කරලා දෙනවා නොමිලේ. ඒ ඔක්කොම කරලා ඉවර වුණාම අර ගැටුම එනකොට ජාත්‍යන්තර පීඩනය යටතේ තීන්දුවක් ගන්නවා උතුර සහ නැගෙනහිර පළාත් දෙකේ පමණක් ජනමත විචාරණයක් තියන්න. 

ඕක කරා ඉතියෝපියාවෙන් එරිත්‍රියාව කඩනකොට. අන්තිමට තිබ්බා ජනමත විචාරණයක් එරිත්‍රියාව කියලා කැඩිච්ච කොටසේ පමණක්, අපි ඉතියෝපියාව සමග සිටිනවද, වෙන් වෙනවද කියලා. වෙන් වෙනවා කියන තීන්දුවට මහජනයා පක්ෂව ඡන්දය දුන්නා, වෙන් වුණා. අන්න ඒ ජනමත විචාරණය එන්නේ. ඒ ජනමත විචාරණයෙන් අහනවා ප්‍රශ්න දෙකක්. නැගෙනහිර පළාතේ අයගෙන් අහනවා "උඹලා උතුරු පළාතත් එක්ක එකතු වෙන්න කැමතිද?", උතුරු පළාතේ අයගෙන් අහනවා "උඹලා නැගෙනහිර පළාතත් එක්ක එකතු වෙන්න කැමතිද?" ඒ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය "ශ්‍රී ලංකා රජයෙන් වෙන් වෙන්න උඹලා කැමතිද?"

ඔය ප්‍රශ්න දෙකට උත්තරය ආවම, අතිබහුතර ඡන්දයෙන් ඒ ප්‍රශ්න දෙකට "ඕව්" කියලා කිව්වම, ඒකාබද්ධ වෙච්ච උතුර සහ නැගෙනහිරක් ඇතුළත්, ප්‍රභාකරන් යුද්ධ කරලා හදාගන්න බැරි වෙච්ච, කොටි මරාගෙන මැරෙන සටන් කරලා හදාගන්න බැරි වෙච්ච, අපේ ආරක්ෂක හමුදා රණවිරුවෝ දිවි පුදලා ඒක බැරි කරපු, ඒ “දෙමළ ඊළම” අපේ ඇස් දෙක ඉදිරිපිට තුවක්කු වෙඩි සද්දයකින් තොරව නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ කෑල්ල එක එක රටවල්වලින් වෙනම රාජ්‍යයක් හැටියට පිළිගන්නවා. ඇමෙරිකාව කියයි "අපි පිළිගන්නවා", කැනඩාව කියයි "පිළිගන්නවා", බ්‍රිතාන්‍‍යය කියයි "අපි පිළිගන්නවා". ඒකට වෙනම කොඩියක් එනවා, වෙනම ජාතික ගීයක් එනවා, ඔක්කොම ටික ඒක හැදෙනවා. මෙන්න මෙතනටයි මේ රට මෙහෙයවන්නේ. මැරුණු, මරා දැමුණු ප්‍රභාකරන් වෙනම භූතයෙක් විදියට වෙස්වලාගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ උවමනාවන් ඉටු කිරීම සඳහා. 

වෙනිසියුලාවේ හිටියා හියුගෝ චාවේස් කියලා නායකයෙක්. එයා එනකොට වෙනිසියුලාවේ තෙල් සම්පත තිබුණේ ඇමෙරිකානු සමාගම් අතේ. එයා ඔක්කොම ඒවා ජනසතු කළා, ඉන්ධන බලශක්තිය රජයේ දෙයක් බවට පත් කළා. එයා ඊට අවුරුදු කීපයකින් පිළිකා රෝගය හැදිලා මිය ගියා. ඊට පස්සේ මැතිවරණය දිනලා ආවා මධුරෝ කියලා ජනාධිපති කෙනෙක්.

ඔහු චාවේස්ගේ ප්‍රතිපත්තිය ඒ විදියටම ඉදිරියට ගෙන ගියා. එක දවසක් රෑ මධුරෝව ඇවිල්ලා ඇමෙරිකානු බලකාය උස්සන් ගියා. දැන් මධුරෝ ඉන්නේ ඇමෙරිකාවේ හිරගෙදරක. ඊට පස්සේ අනුප්‍රාප්තික, වැඩබලන ජනාධිපති වුණා ඩෙල්සි රොඩ්‍රිගෝස්. ඩෙල්සි රොඩ්‍රිගෝස් ආවා විතරයි ට්‍රම්ප් මහත්තයත් එක්ක ගැහුවා ගිවිසුමක්. තෙල් නිදි 92ක් අවුරුදු 100ක් යනකන් පාලනය කරන්නේ ඇමෙරිකානු සමාගම්. ඉතිරි තෙල් නිදිවලින් 20%ක තෙල් පිරිවැය පමණක් අය කරමින් වෙනිසියුලාව දෙන්න ඕනේ ඇමෙරිකාවට, ඉතිරි 80% විකුණද්දී ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ඇමෙරිකාවට. ට්‍රම්ප් මහත්තයා කිව්වා ඉතිහාසයේ ගහපු ලොකුම තෙල් ගිවිසුම ගැහුවයි කියලා. 

ඒ විතරක් නෙමෙයි, වෙනිසියුලාවේ තිබුණා ලොකු රත්තරන් සංචිතයක්. මේ ඔක්කොම අරගෙන ඩෙල්සි නෝනා ඇමෙරිකන් ෆෙඩරල් බැංකුවේ ගිහිල්ලා තැන්පත් කරා. එහෙම කරලා උජාරුවෙන් ගියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමට. ගිහිල්ලා ජනාධිපති ට්‍රම්ප්වත් වෙනම මුණගැසුණා. මුණගැසුණා විතරක් නෙමෙයි, අර කිලෝමීටර් 26ක් විතර ඈතින් තමයි මධුරෝ ඉන්නේ හිරකූඩුවක, බලන්නවත් ගියේ නැහැ. මේ අනුර ජනාධිපතිත් එහෙමනේ.

දැන් මේ ඩෙල්සි මේ ඔක්කොම පාවාදීම් කරන්නේ චාවේස්ගෙත් පින්තූරය පිටිපස්සේ තියාගෙන, මධුරෝගේ පින්තූරයත් පිටිපස්සේ තියාගෙන, සීමොන් බොලිවාර් කියන ස්පාඤ්ඤ අධිරාජ්‍ය විරෝධී වීරයාගේ පින්තූරයත් පිටිපස්සේ තියාගෙන. දැන් මෙතනත් මේ ඔක්කොම වෙන්නේ විජේවීරගේ පින්තූරයත් තියාගෙන, මාක්ස්ගේ පින්තූරයත් තියාගෙන, ලෙනින්ගේ පින්තූරයත් තියාගෙන. 

ඉරාන නැව් ටිකට ඇමෙරිකාව කියපු ගමන් "තෙල් දෙන්න එපා" කියලා, අපි දෙන්නේ නැහැ. පිටිපස්සේ ඉන්නවා මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ විජේවීර. ඉන්දියාවත් එක්ක ගිවිසුම් හතක් අත්සන් කරා, අපිට පෙන්වූයේ නැහැ. පිටිපස්සේ ඉන්නවා විජේවීර, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට කියා දීපු මිනිහා. 

ඒ ඩෙල්සි වගේ නෙවෙයිද මේ අනුර? මොකක්ද මේ, මේ දෑකැත්තයි මිටියයි තිබ්බට, මාක්ස්, එංගල්ස්, ලෙනින් හිටියට, විජේවීරගේ පින්තූරය තිබ්බට පැලවත්තේ, ටිල්වින් මහත්තයා හිටියට එයාට රැවුල තිබ්බට දැන් මේ යන්නේ අර ඩෙල්සිගේ මාවතේ. ඩෙල්සි වෙනිසියුලාවට කරපු වැඩේ තමයි අනුර ලංකාවට අද කරමින් ඉන්නේ. ඒ නිසා මේක තේරුම් ගන්න ඕන තමුන් නාන්සේලා, මොකද මේකේ අවාසනාව තියෙන්නේ, දැන් ඇමෙරිකාව කියනවා... ඇමෙරිකාව එතෙක් නඩත්තු කළේ විපක්ෂ නායකයා, එයා රටින් පැනලා තමයි දේශපාලනය කළේ. එයා හිතුවා දැන් ඉතින් ගෙඩිය පිටින් මට අරන් දෙයි කියලා.

ඇමෙරිකාව බැලුවා එයාව විපක්ෂ නායකකමෙන් ආණ්ඩුව, රජය අරන් දුන්නොත් චාවේස්ගේ පක්ෂය විපක්ෂයට වැටෙනවා, එතකොට එයාගෙන් මේ වැඩේ කරගන්න ගියොත් මුන් පාරේ පෙළපාලි යනවා, වීථි සටන් යනවා, උද්ඝෝෂණ වෙනවා, එතකොට වැඩේ ලෙඩේ වෙනවා, හිතපු විදිහට කරගන්න බැරි වෙනවා. ඇමෙරිකාව ඒක කළේ නැහැ, ඩෙල්සිව තියාගෙන චාවේස්ගේ පක්ෂයේ ආණ්ඩුවත් පවතින්න ඉඩ හැරලා අර විපක්ෂ නායකගෙන් කරගන්න බැරි වෙච්ච තරමේ ඕන කරන වැඩ ටික ඩෙල්සිගෙන් කරගන්න එක. එතකොට පාරේ පෙළපාලි නැහැ, ඇයි පෙළපාලි යන උන් ඉන්නේ ආණ්ඩුව ඇතුළේනේ.

 දැන් මෙහෙත් පෙළපාලි නැහැනේ. ඔය පහුවදා පෙරටුගාමීන් කළා, ඒ ඇරෙන්න එහෙම ලොකුවට පෙළපාලි නැහැ. ඒ පෙළපාලි වෘත්තීය වශයෙන් පෙළපාලි කරන උන්දැලා දැන් ආණුඩුවේනේ. එතකොට මේ පෙනෙන්නේ මොකක්ද? විරෝධතාවයකින් තොරව ඉන්දියාවත් එක්ක අත්සන් කරනවා ගිවිසුම් හතක්, පෙන්වන්නෙත් නැහැ, විරෝධතාවයක් නැහැ. අන්න ඌරාගේ මාළු ඌරාගේ පිටේම තියලා කපාගන්නවයි කියලා කියන්නේ මේකට. දැන් මේ රටේ මිනිස්සුන්ට වුණෙත් මෙන්න මේ වගේ වැඩක්. ඒකත් චීන ජනකතාවක තියෙන කතන්දරයක්. 

ෂිංවාද ඔහොම කියලා ප්‍රාන්තයක් තියෙනවා චීනයේ, ඒ ප්‍රාන්තයේ බූරුවෝ නැහැ, මිනිස්සු බූරුවෝ දැකලා නැහැ. කැලේ ඇත්තෙත් නැහැ. එක දවසක් එක මිනිහෙක් ගෙනාවා බූරුවෙක්, ගෙනල්ලා ගැටගහලා තිබ්බා එළියේ. කැලෙන් එළියට ආවා ව්‍යාඝ්‍රයා. එයා බැලුවා දැකලා නැති සතෙක්, ව්‍යාඝ්‍රයා හිතුවා මට වඩා වැඩ්ඩෙක් වෙන්න ඇති., වැඩිය කලබල කරන්න නරකයි. ව්‍යාඝ්‍රයා දැක්කා අර බූරුවා දැකපු වෙලේ ඉඳන් කෑගහනවා, කකුල් දෙක පිටිපස්සට උස්ස උස්ස කෑගහනවා. මුලදී ව්‍යාඝ්‍රයා හිතුවේ බූරුවා වැඩකාරයෙක් කියලා. අවුරුදු දෙකක් යනකොට තේරෙනවා කෑගහනවා, කකුල් දෙක උස්සනවා, කෑගහනවා, කකුල් දෙක උස්සනවා එච්චරයි. 

ඊට පස්සේ ව්‍යාඝ්‍රයා පැනලා අරෑව අල්ලන් මරන් කෑවා, මූ වැඩ්ඩෙක් නෙවෙයි, මූට තේරෙන්නේ මෙච්චරයි, මොන වැඩෙක්ද කියලා බූරුවා මරන් කෑවා. දැන් ඉතින් බූරුවා වැඩකාරයෙක් කියලා හිතුපු අයට තියෙන්නේ මරන් කන එක තමයි. දේශපාලන වශයෙන් ඒ බූරුවයි මේ බූරුවයි වෙනසක් නැහැ, කෑගහන්නයි කකුල් දෙක උස්සන්නයි විතරයි පුළුවන්. 

ඒ නිසා අපිට තියෙනවා වගකීමක්, මෙන්න මෙතනටයි මේගොල්ල රට ගෙනියන්නේ. වීරයෝ බේරලා දීපු රට යටත්විජිතකරණයේ දිශාවටයි මේ ගෙනියන්නේ. ඒකට ප්‍රතිවිරෝධී වෙනවා මේ රටේ බුදු සසුන. ඒ හින්දා තමයි බුදු සසුනට ඔච්චර වෛර කරන්නේ, ගහන්නේ. මේ රටේ බුදුදහම නෙවෙයි මම කියන්නේ, මේ රටේ තියෙන්නේ බුද්ධාගම. අපිට උරුම බුද්ධාගම, තේරවාදී බුදුදහම ඒක ඇතුළේ තියෙනවා. 

ඒ බුදුදහම, බුද්ධාගම හැමදාම යටත්විජිත විරෝධියි. ආක්‍රමණිකයෙක් ආවා නම් අපේ හාමුදුරුවෝ තමයි උපායමාර්ගිකව විශේෂඥයෝ වෙන්නේ සටනට. දුටුගැමුණු මහරජ්ජුරුවෝ මේ දකුණේ ඉඳන් සේනාව අරන් යනකොට පිරිත් කිය කිය ගියේ හාමුදුරුවරු. සමහර භික්ෂූන් වහන්සේලා හිටියා සිවුරු ඇරලා හමුදාවට ගිහිල්ලා ඒ ආක්‍රමණිකයා පරාජය කරලා, යුද්ධය දිනලා ආයේ සිවුරු පෙරවාගෙන මහණ ජීවිතයට ගියා. මේ බුද්ධාගම කියන්නේ යටත්විජිත විරෝධී දෙයක්, ආක්‍රමණ විරෝධී දෙයක්. ඒකනේ පානදුරාවාදය ආවේ, බ්‍රිතාන්‍යයන් අරගෙන ආපු මතවාදයට ගහන්න. ඒක කළේ හාමුදුරුවරු. ඔය මහා වෙහෙර විහාර, චෛත්‍ය හදන දැක්ම තිබුණේ, දැනුම තිබුණේ භික්ෂූන් වහන්සේලාට. ජේතවනය, අරවා මේවා හැදුණේ එහෙම. ඒ නිසා අපේ රටේ තේරවාදී බුද්ධාගම කියන්නේ, අපේ පන්සල කියලා කියන්නේ නිකන් මේ බණ භාවනා කරන තැන විතරක් නෙෙවෙයි, ජාතිය විපතකට වැටෙනකොට ඊට විරුද්ධව ප්‍රතික්‍රියා දක්වන තැනක්. 

දැන් බලනවා ඒකේ ප්‍රතිරූපයට ගහලා හීන කරලා තියාගන්න, වට්ටලා තියාගන්න. 

මම දැක්කා අර මොකක්ද වීඩියෝ එකක, ස්වාමීන් වහන්සේ නමක්, වයසක ස්වාමීන් වහන්සේ නමක් බොහොම අමාරුවෙන් කෝච්චියේ හිටගෙන යනවා. කට්ටිය වාඩි වෙලා ඉන්නවා, ආසනයක් දෙන්නේ නැහැ. මේ ගහන්නේ වෙන මොකටවත් නෙවෙයි, අන්න අර යටත්විජිත විරෝධී උරුමයක් තියෙන, ආක්‍රමණ විරෝධී උරුමයක් තියෙන... ඒකනේ අපේ රටේ අපි කිව්වේ, දළදා හාමුදුරුවෝ අයිති කෙනා තමයි රජු, රාජ්‍යත්වයේ සංකේතය වුණේ ඒක. ඒ උරුමයට ගහනවා, ඒ උරුමයේ බලය සිඳදමන්න හදනවා. ඇයි? මේ පාවාදීම් කරනකොට මේ රටේ තියෙන පන්සල් 14,000 ගානම ඊට ප්‍රතිවිරෝධී බල මධ්‍යස්ථාන බවට පත් වෙනවා, ඒක නවත්තගන්න ඕනා. 

සිංහල දේශප්‍රේමී නායකයෝ ඉන්නවා නම් උන්ව හිරේ දාන්න ඕන මොනවා හරි චෝදනා දාලා, උන්ගේ කටවල් වහන්න ඕන. ඒ නිසා මේ යන්නේ තමුන්නාන්සේලා ඡන්දය දීපු මිනිස්සු හිතපු පාරේ නෙවෙයි, ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවටයි, මේ රටේ බුද්ධ ශාසනයටයි හතුරු කල්ලි කණ්ඩායම්, දෙස් විදෙස් කල්ලි කණ්ඩායම් ඉල්ලා සිටින ගමන. ඒක පරාජයට පත් කළ යුතුයි. ඒ ලැබෙන පළවෙනි අවස්ථාවේදීම බිඳ දැමිය යුතුයි, ඒ ලැබෙන පළවෙනි අවස්ථාවේදීම පරාජයට පත් කිරීම සඳහා සංවිධානය විය යුතුයි, එකමුතු විය යුතුයි, සමගි විය යුතුයි. ඒ අරමුණ වෙනුවෙන් නිකරුණේ නැතුව කැපවිය යුතුයි, උදාසීන භාවය පළවා හැරිය යුතුයි, උද්‍යෝගයට ආරාධනා කළ යුතුයි. සක්‍රීය උනන්දුවෙන් සපිරුණු, ජවසම්පන්න මිනිහෙක් වගේ මොන අර්බුද මැද්දේ වුණත් මේ අභියෝගය සියලු දෙවුරට ගත යුතුයි. 

ඒ නිසා ඉතිහාසයේ ඒ මහා වගකීම අමාරුකම් මැද්දේ සිටින අප මත පටවලා තියෙනවා. මොන දුර්භික්ෂය ආවත්, මොන විපත්තිය ආවත්, මොන ආක්‍රමණය ආවත් අපේ මිනිස්සු තමන්ගේ රට, ජාතිය වෙනුවෙන් කැපවීම අත්හැරියේ නැහැ. ඒ නිසා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, නැවතත් අපට ඒ ඓතිහාසික බලකිරීම අප ඉදිරිපිට තිබෙනවා. ඊට පක්ෂපාතී වෙමු, එය පිළිගනිමු. "ඒක භාරගත්තවුන් කියන, භාරගත්තා කියන ඒ පහන් සිතිවිල්ලෙන්, එඩිතර හැඟීමෙන් යුතුව අපි මේ සභාවෙන් නික්ම යමු. මාතෘභූමියට ජය වේවා! ඔබ සැමට ජය වේවා! ජයෙන් ජයම වේවායි කියා පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි!"


සම්බන්ධිත පුවත් | Related News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.
මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සංස්කෘතික හා අධ්‍යාත්මික පදනම ද මේ වන විට බරපතළ තර්ජනයකට ලක්ව ඇති බවට සමාජය තුළ දැඩි බියක් සහ සැකයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට නැවතත් දිගු පෝලිම් නිර්මාණය වී තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම යනු තනිවෙන් වෙන්කර හඳුනාගත හැකි සිදුවීමක් නොව, පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සිට ක්‍රියාත්මක වන සිංහල බෞද්ධ විරෝධී සහ ජාතික ආරක්ෂාව අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාලව රැදවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අද (06) පස්වරුවේ ජාතික රෝහලෙන් මුදා හැර නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයට පත් කිරීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද (06) දන්වා සිටියේය.
උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය විසින් පක්ෂයේ ක්‍රියාකාරීන් සඳහා ගමන් බිමන් යාමට ලක්ෂ 250ක් වන ඩබල් කැබ් රථ 1000ක් ආනයනය කිරීමට සුදානම් වන බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි.
බටලන්ද වධකාගාරයට සම්බන්ධ බවට පැවසෙන ඝාතන පිළිබඳව නැවත මුල සිට විමර්ශන පැවැත්විය යුතු බවට නීතිපතිවරයා නිගමනය කර තිබේ.

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..

මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්

රට ඇතුලේ ප්‍රධාන දේවල් කිහිපයක් සිදුවෙමින් පවතින බවත් ඒ වෙන දේ රටට හානිකර බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව

කොට්ටාව - ගාල්ල මාර්ගය කිලෝමිටර් 95 සඳහා මහින්ද රාජපක්ෂට ගිය වියදම රුලියල් බිලියන 70ක් බවත්, කොළඹ - කටුනායක කිලෝමීටර් 25.8 සඳහා මහින්දට ගිය වියදම රුපියල් බිලියන 45ක් බවත් මේ දෙකේම එකතුව වන කිලෝමීටර් 120ක් සඳහා සම්පූර්ණ වියදම රුපියල් බිලියන 115ක් බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.