News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..

Oct 2, 2026 at 07:19 AM
|

ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව නිරිතදිග මුහුදේ ඇති ඉරාන නෞකා 19ට සැපයුම් දුන්නහොත් ද්විතීක සම්බාධක පනවන බව අමෙරිකාව ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරයි.

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කර ඇති බවත්, සැපයුම් ලබාදීම මෙම අවස්ථාවේ උචිත නොවන බව වරාය අධිකාරිය නෞකා කිහිපයකට දන්වා ඇති බවත්, එම වාර්තාවේ සඳහන්.

සැප්තැම්බර් මැද භාගයේදී ශ්‍රී ලාංකික නිලධාරීන් 40කට වැඩි පිරිසක් සහභාගී වූ තෙදින පුහුණු වැඩසටහනක්ද තානාපති කාර්යාලය විසින් පවත්වා තිබේ.

සම්බාධක පනවා ඇති නෞකා සඳහා නාවික නියෝජිතයන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ අනෙකුත් සේවා සපයන සමාගම් “දැනුවත්ව හෝ නොදැනුවත්ව” සහාය ලබාදීම හේතුවෙන් අමෙරිකානු සම්බාධකවලට ලක්වීමේ අවදානම සම්බන්ධයෙන් එහිදී දැනුවත් කර ඇති බවයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ.

සම්බන්ධිත පුවත් | Related News

මෙරට පොදු පාරිභෝගික අවශ්‍යතා සඳහා විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, ශ්‍රී ලංකාව මේ වන විට සහලින් සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත තත්ත්වයට පත්ව ඇති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.
ජාතික ජන බලවේග රජය යටතේ ජනතාව කමින් බොමින්, විනෝද ගමන් යමින් ඉතා නිදහසේ සහ සැනසිල්ලේ ජීවත් වන බව අධිවේගී මාර්ගවල ආදායම් වර්ධනය වීමෙන් පැහැදිලි වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නොතීසි නිකුත් කර තිබේ.
පුද්ගල නායකයන් මත පදනම් වනවාට වඩා ශක්තිමත් පක්ෂ ආයතනික පද්ධතීන් ගොඩනැගීමේ වැදගත්කම පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වුණු “යුරෝපීය ජාත්‍යන්තර වටමේස සාකච්ඡාව” ඇමතීමට එක්වෙමිනි.
ලෝක වෙළඳපොළේ පවතින උග්‍ර ඩීසල් හිඟය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සිදුකරන ඩීසල් අපනයනය තහනම් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති අතර, යුරෝපීය රටවල පවතින හදිසි ඩීසල් සංචිත වෙළඳපොළට නිදහස් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටීමට සූදානම් වන බව බීබීසී පුවත් සේවය පවසයි.
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.
අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබේ.
අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වූ කැමරා ශිල්පියා, ඊයේ දිනයේදී පොලිස් ඇපමත මුදා හැ‍ර තිබිණි.

ප්‍රධාන පුවත්

ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..

ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව නිරිතදිග මුහුදේ ඇති ඉරාන නෞකා 19ට සැපයුම් දුන්නහොත් ද්විතීක සම්බාධක පනවන බව අමෙරිකාව ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

2022 පැවැති දරුණු ආර්ථික කඩාවැටීමෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද, පවතින අනපේක්ෂිත නියාමන ප්‍රතිපත්ති, දැඩි නිලධාරිවාදය සහ ව්‍යාපෘති හදිසියේ අත්හිටුවීම් හේතුවෙන් මෙරට ආයෝජන වාතාවරණය තවමත් බරපතළ අභියෝගාත්මක මට්ටමක පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ සිදුවීම වැරදුණ කුරුමානමක්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ඩුබායි සිට ඊශ්‍රායලයේ තෙල් අවීව් දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි (Flydubai) ගුවන් යානය තුළ ඇති වූ හදිසි නොසන්සුන්කාරී තත්ත්වය සහ එය සෞදි අරාබියට ගොඩබෑම් සිද්ධිය පිටුපස කිසියම් දේශපාලනමය හෝ ඔත්තු සේවා අරමුණක් තිබේදැයි සැක පහළ වන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් මහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමෙන් අවලංගු කරයි..

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.

ගෝලීය AI තරගයේ බලතුලනය වෙනස් කිරීමට චීනයෙන් දැවැන්ත පියවරක්.. ජාත්‍යන්තර සහයෝගීතාව සහ ජාතික ආරක්ෂාව එකට ගෙන තීරණාත්මක උපායමාර්ගය එළිදක්වයි..

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ලෝක ආර්ථිකය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ගෝලීය ආරක්ෂක රටාව ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින පසුබිමක, මෙම තාක්ෂණයේ අනාගත ගමන්මග තීරණය කිරීමේ ප්‍රමුඛ බලවේගයක් බවට පත්වීමට චීනය සමත්ව සිටී.

බ්‍රිතාන්‍යය නැවතත් යුරෝපා සංගමයට එක්වීමේ ඉඩක්.. – අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්ගෙන් පැහැදිලි සංඥාවක්..

Brexit ජනමත විචාරණයෙන් වසර දශකයකට පසුව, එක්සත් රාජධානිය නැවතත් යුරෝපා සංගමය (EU) සමඟ සබඳතා යළි සකස් කිරීමේ විකල්ප පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර සිටී.

"ආණ්ඩුවට 159ක බලයක් තියෙද්දී රාජ්‍ය බලය නෑ කියන්නේ විහිළුවක්" – වෛද්‍ය වසන්ත බණ්ඩාර

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න එනම් 159ක බලයක් හිමි ආණ්ඩුවකට මහජනයා ලබා දී ඇති බලය නිසියාකාරව පාවිච්චි නොකර, තමන්ට 'රාජ්‍ය බලය නැතැයි' පැවසීම විහිළුවක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.