News Category
From Date
To Date
Maximum Number of Result

නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය..

Oct 3, 2026 at 06:09 AM
|

ඉන්දියාවේ 'ක්‍රිෂ් ගෲප්' (Krrish Group) සමාගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර සිදුවූයේ යැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් ගනුදෙනුව පිළිබඳ තොරතුරු රැසක් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතාගේ 'කාරිගේ චානල් එක' යූටියුබ් නාලිකාව ඔස්සේ   අනාවරණය කර තිබේ.

2012 වසරේ සැප්තැම්බර් 03 වනදා ඉන්දියාවේ ක්‍රිෂ් සමාගම කොළඹ කොටුවේ පිහිටි අක්කර 4 ක 'ට්‍රාන්ස්වර්ක්ස්' භූමි භාගය වසර 99 කට බදු ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුම්ගත විය.

කෙසේ වෙතත්, 2015 වසරේ දෙසැම්බර් 26 වනදා දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මෙම ව්‍යාපෘතියේ සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඉන් අනතුරුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ව්‍යාපාරික නිමල් හේමසිරි පෙරේරා මහතාගේ බැංකු ගිණුම්වලට බැරවී ඇති බවයි. 

අදාළ මුදල නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තමන් වෙත ලබාගෙන පසුව ඔහුට භාරදුන් බව නිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළද, නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ එම මුදල 'කාටන් සුපර් සෙවන්ස්' රග්බි තරගාවලිය වෙනුවෙන් ලැබුණු අනුග්‍රාහක මුදලක් බවයි. 

මෙම සිදුවීමට අදාළව 2016 ජූලි 11 වනදා නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදාහැරිණි.

පසුව නැවත ආරම්භ වූ පරීක්ෂණ හමුවේ නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහා අධිකරණයේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා පත්‍ර භාරදුන් අතර, 2026 සැප්තැම්බර් 24 වනදා අල්ලස් කොමිසම මගින් ජානකී සිරිවර්ධන මහත්මියද අත්අඩංගුවට ගෙන තිබේ.

සවිස්තරාත්මක කරුණු විග්‍රහය පහත වීඩියෝවෙන්..


සම්බන්ධිත පුවත් | Related News

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘති ගනුදෙනුවට අදාළ විමර්ශන සඳහා ‘ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස්’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ අදාළ සැකකරුවන්ට වරෙන්තු නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් හා සනාථ කළ හැකි සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සාර්ව ආර්ථික දර්ශක මේ වන විට ධනාත්මක දිශාවකට ගමන් කරමින් පැවතුණද, එම වර්ධනය රටේ සියලුම ව්‍යාපාර ආයතනවලට එකසේ සුබදායී නොවන බව ප්‍රමුඛ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන Frontier Research අනාවරණය කරයි.
කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන අතථ්‍ය සහකරුවන් සහ පෙම්වතුන් භාවිතය සම්බන්ධයෙන් ලොව දක්නට ලැබෙන වඩාත් ම පුළුල් හා දැඩි රෙගුලාසි මාලාවක් පැනවීමට චීන රජය පියවර ගෙන තිබේ.
2018 වසරේදී වනාතවිල්ලුව, ලැස්ටෝස් වත්තේදී නීති විරෝධී ලෙස ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය රැස්කර තැබීමේ සිදුවීමට අදාළව පවරා ඇති නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු තමන්ට එරෙහි චෝදනාවලට වරද පිළිගැනීමට සූදානම් බව අධිකරණයට දැනුම් දී තිබේ.
සිංගප්පූරු වරායෙන් මෙරටට ඉන්ධන ගොඩබාන ආනයනික පිරිවැය සහ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන විකුණුම් මිල අතර පවතින සැබෑ වෙනස පෙන්වා දෙමින්, ඉන්ධන මිල තීරණය වන සූත්‍රය වහාම රටට හෙළි කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රජයට බලකර සිටියි.
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100ක ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට චෝදනා කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙරට පොදු පාරිභෝගික අවශ්‍යතා සඳහා විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, ශ්‍රී ලංකාව මේ වන විට සහලින් සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත තත්ත්වයට පත්ව ඇති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.
ජාතික ජන බලවේග රජය යටතේ ජනතාව කමින් බොමින්, විනෝද ගමන් යමින් ඉතා නිදහසේ සහ සැනසිල්ලේ ජීවත් වන බව අධිවේගී මාර්ගවල ආදායම් වර්ධනය වීමෙන් පැහැදිලි වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

ආර්ථිකය වර්ධනය වුවත් ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සාර්ව ආර්ථික දර්ශක මේ වන විට ධනාත්මක දිශාවකට ගමන් කරමින් පැවතුණද, එම වර්ධනය රටේ සියලුම ව්‍යාපාර ආයතනවලට එකසේ සුබදායී නොවන බව ප්‍රමුඛ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන Frontier Research අනාවරණය කරයි.

කෘත්‍රිම බුද්ධි පෙම්වතුන් සහ පෙම්වතියන්ට චීනයෙන් දැඩි සීමා..

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන අතථ්‍ය සහකරුවන් සහ පෙම්වතුන් භාවිතය සම්බන්ධයෙන් ලොව දක්නට ලැබෙන වඩාත් ම පුළුල් හා දැඩි රෙගුලාසි මාලාවක් පැනවීමට චීන රජය පියවර ගෙන තිබේ.

නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය..

ඉන්දියාවේ 'ක්‍රිෂ් ගෲප්' (Krrish Group) සමාගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර සිදුවූයේ යැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් ගනුදෙනුව පිළිබඳ තොරතුරු රැසක් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතාගේ 'කාරිගේ චානල් එක' යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කර තිබේ.

පෙට්‍රල් 292ට ගෙනත් විකුණන්නේ 414ට.. ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්.. මිල සූත්‍රය වහා හෙළි කරන්න.. - පාඨලී

සිංගප්පූරු වරායෙන් මෙරටට ඉන්ධන ගොඩබාන ආනයනික පිරිවැය සහ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන විකුණුම් මිල අතර පවතින සැබෑ වෙනස පෙන්වා දෙමින්, ඉන්ධන මිල තීරණය වන සූත්‍රය වහාම රටට හෙළි කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රජයට බලකර සිටියි.

ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..

ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව නිරිතදිග මුහුදේ ඇති ඉරාන නෞකා 19ට සැපයුම් දුන්නහොත් ද්විතීක සම්බාධක පනවන බව අමෙරිකාව ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

2022 පැවැති දරුණු ආර්ථික කඩාවැටීමෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද, පවතින අනපේක්ෂිත නියාමන ප්‍රතිපත්ති, දැඩි නිලධාරිවාදය සහ ව්‍යාපෘති හදිසියේ අත්හිටුවීම් හේතුවෙන් මෙරට ආයෝජන වාතාවරණය තවමත් බරපතළ අභියෝගාත්මක මට්ටමක පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ සිදුවීම වැරදුණ කුරුමානමක්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ඩුබායි සිට ඊශ්‍රායලයේ තෙල් අවීව් දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි (Flydubai) ගුවන් යානය තුළ ඇති වූ හදිසි නොසන්සුන්කාරී තත්ත්වය සහ එය සෞදි අරාබියට ගොඩබෑම් සිද්ධිය පිටුපස කිසියම් දේශපාලනමය හෝ ඔත්තු සේවා අරමුණක් තිබේදැයි සැක පහළ වන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් මහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමෙන් අවලංගු කරයි..

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.

ගෝලීය AI තරගයේ බලතුලනය වෙනස් කිරීමට චීනයෙන් දැවැන්ත පියවරක්.. ජාත්‍යන්තර සහයෝගීතාව සහ ජාතික ආරක්ෂාව එකට ගෙන තීරණාත්මක උපායමාර්ගය එළිදක්වයි..

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ලෝක ආර්ථිකය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ගෝලීය ආරක්ෂක රටාව ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින පසුබිමක, මෙම තාක්ෂණයේ අනාගත ගමන්මග තීරණය කිරීමේ ප්‍රමුඛ බලවේගයක් බවට පත්වීමට චීනය සමත්ව සිටී.

බ්‍රිතාන්‍යය නැවතත් යුරෝපා සංගමයට එක්වීමේ ඉඩක්.. – අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්ගෙන් පැහැදිලි සංඥාවක්..

Brexit ජනමත විචාරණයෙන් වසර දශකයකට පසුව, එක්සත් රාජධානිය නැවතත් යුරෝපා සංගමය (EU) සමඟ සබඳතා යළි සකස් කිරීමේ විකල්ප පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර සිටී.

"ආණ්ඩුවට 159ක බලයක් තියෙද්දී රාජ්‍ය බලය නෑ කියන්නේ විහිළුවක්" – වෛද්‍ය වසන්ත බණ්ඩාර

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න එනම් 159ක බලයක් හිමි ආණ්ඩුවකට මහජනයා ලබා දී ඇති බලය නිසියාකාරව පාවිච්චි නොකර, තමන්ට 'රාජ්‍ය බලය නැතැයි' පැවසීම විහිළුවක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.