ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..
ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව රජය පවසයි.
මෙලෙස බරපතළ නීතිමය අර්බුදයකට මුහුණ දී සිටින්නේ අම්පාර - කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 24 හැවිරිදි සිවරාසා අනෝජන් නමැති තරුණයෙකි.
යාපනයේ සිට කතරගම බලා ගමන් කළ පාද යාත්‍රාවකදී සුනඛයෙකුට සිදුවූ පහරදීමක් මුල් කරගනිමින්, සෞදි අරාබියේ සේවය කරමින් සිටි මෙම තරුණයා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා වීඩියෝවක් පළ කර තිබූ අතර, එමඟින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදුවූ බවට චෝදනා කරමින් සෞදි පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව සෞදි අධිකරණය මඟින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කළ අතර, එම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ සෞදි නැගෙනහිර කලාපීය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරිණි.
කෙසේ වෙතත්, එම අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව පෙර පැවති සිරදඬුවම වෙනුවට ඔහුට මරණ දඬුවම නියම කර ඇති බවට නීතිඥවරයා විසින් රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර ඇත.
මෙම තීන්දුවේ නෛතික පදනම පිළිබඳ නිල ලිඛිත තීන්දුව ලබා ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින අතර, කොළඹ පිහිටි සෞදි තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර දඬුවම දැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ සහ පවුලේ කනස්සල්ල පළ කර තිබේ.
සෞදි නීතියට අනුව මෙම තීන්දුවට එරෙහිව දින 30ක් ඇතුළත සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බැවින්, අනෝජන්ගේ ඥාතීන් සමඟ එක්ව ඉදිරි නීතිමය පියවර ගැනීමට තානාපති කාර්යාලය සූදානම් වෙයි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ අදාළ තරුණයා ශ්‍රී ලාංකිකයෙකු බැවින් ඔහුව බේරාගැනීම රජයේ වගකීමක් ලෙස සලකා, සෞදි රජය සමඟ සාකච්ඡා කර සමාව ලබාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක නිරත වන බවයි.
එමෙන්ම, මෙම සිදුවීම පදනම් කරගනිමින් මෙරට තුළ කිසිදු පාර්ශ්වයක් ආගමික හෝ වාර්ගික නොසන්සුන්තාවයක් ඇති කිරීමට උත්සාහ නොකළ යුතු බවත්, ජාතික සමගිය ආරක්ෂා කරගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසන්නේ තරුණයාගේ පවුලේ ඥාතීන් රුපියල් ලක්ෂ 19ක මුදලක් ගෙවා නීතිඥ සහාය ලබාගෙන අභියාචනය ඉදිරිපත් කළද මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවත්, ලබන සතියේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ කරුණු විමසන බවත්ය.
සිය පුතු අතින් වරදක් සිදුව ඇති බව පිළිගන්නා නමුත්, ඔහුට සමාව ලබා දී ජීවිතය බේරා දෙන ලෙස අනෝජන්ගේ මව ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් හඬා වැටෙමින් ආයාචනා කර සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..
ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..
"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්
තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ
චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..
රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio
ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..
2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර
දුම්රිය වර්ජනය ඇරඹෙයි..
බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..