News Category
From Date
To Date
Maximum Number of Result

'නැත්ත වෙනුවට ඇත්ත' කතාවේ නඩු තීන්දුව..

Jul 11, 2026 at 06:32 AM
|

ටිල්වින් සිල්වා එදිරිව විමල් වීරවංශ නඩුවේ තීන්දුව ඊයේ ලැබුණා. මේක බුද්ධිමය දේපළ ගැන නඩුවක්. විමල් විසින් ටිල්වින්ට රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට නියම කළ නඩුවක්. ඒ විතරක් නෙවෙයි, පොත්/ ලිපි/ බ්ලොග් ලියන හැම ලේඛකයෙක්ම අනිවාර්යයෙන් කියැවිය යුතු නඩුවක්.

මොකක්ද විමල් වීරවංශගේ බුද්ධිමය දේපළ ප්‍රශ්නය? මොකක් ගැනද? පොතක් ලිවීම වරදක් ද? කාගෙ හෝ ලිපියක් උපුටාගෙන නැවත පළකිරීම වරදක්ද? ඇයි ටිල්වින් සිල්වා නඩු දැම්මෙ? තීන්දුව මොකක්ද?

අපි මේ ලිපියෙන් නඩු තීන්දුව ගැන විස්තර කතා කරමු.

මේ, ඊයේ දිනයේදී (ජූලි 9) ශ්‍රී ලංකා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන්, Tilvin Silva v Wimal Weerawansa බුද්ධිමය දේපළ නඩු තීන්දුව ගැන සවිස්තර සටහනක්.

මොකක්ද මුල?

ප්‍රශ්නය පටන් ගන්නෙ 2005 න්. එවක ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවෙන්. ජවිපෙ හිටියෙ 2005 ජනාධිපතිවරණයට සූදානම් වෙමින්. මේ කාලයේදි ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් තමයි “ටිල්වින් සිල්වා“. එයා, මේ කාලයේදි, ජවිපෙ දේශපාලන ස්ථාවරයන් ගැන ප්‍රධාන “ලේඛන 2ක්“ සකස් කෙරුවා.

ඒ මොනවද?

මේ ලේඛන දෙකේ තිබුණේ, ටිල්වින් සිල්වාගේ දේශපාලන අදහස්. පෞද්ගලික දේශපාලන විස්ලේෂණ. 2005 වසර වෙද්දී ජවිපෙට තිබුණු දේශපාලන අභියෝග ගැන එයා කරපු ලේඛන 2ක්.

පළමු ලේඛනය තමයි, 

- ජවිපෙ විසින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට ජනාධිපතිවරණයේදී සහාය දක්වන්න ඕනි ද?

- එහෙම නැත්නම් මැතිවරණය අවසන් වෙලා පත්වන “නව ආණ්ඩුවට“ සහාය දක්වන්න ඕන ද? ඒ ආණ්ඩුවේ කොටස්කරුවෙක් ලෙස කටයුතු කළ යුතු ද?

මේ තමයි ලේඛන 2. මේ ලේඛන ජවිපෙ අභ්‍යන්තර රහස් ලේඛන. මේ ලේඛනවල බොහෝ කොටස්, ටිල්වින් සිල්වා තමන්ගේ ම අත් අකුරින් ලියපු ලේඛන. මේ ලේඛන 2ම සකස් කෙරුවේ, ජවිපෙ මධ්‍යම කාරක සභාවේදී ඒවා සාකච්ඡාවට ගැනීමේ අරමුණින්. කිසිම තැනක ප්‍රසිද්ධියට පත් කරන්න නෙවෙයි. එළියට දෙන්න නෙවෙයි.

විමල් වීරවංශ සම්බන්ධ වුණේ කොහොමද?

මේ ලේඛන සැකසීමෙන් බොහෝ කාලයකට පසුව, විමල් වීරවංශ විසින් පොතක් ලියලා ප්‍රකාශයට පත් කෙරුවා. ඒ “නැත්ත වෙනුවට ඇත්ත“ නමින්. ඔහුත් හිටපු ජවිපෙ සාමාජිකයෙක්. මේ වෙලාවෙදි ටිල්වින් සිල්වා චෝදනා කෙරුවා, තමන් විසින් සකසන ලද, පෞද්ගලික ලේඛන දෙක, විමල් වීරවංශ විසින් මේ පොතට ඇතුළත් කරලා තිබෙන බව. ඒ වගේම මේ ගැන තමන්ව දැනුවත් කිරීමක් හෝ අවසර ගැනීමක් නොකළ බව.

මේ අනුව, ටිල්වින් සිල්වා අධිකරණයට ගියා. කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කෙරුවා.

ටිල්වින් සිල්වා කිව්වේ, 2003 අංක 36 දරන ලංකාවේ බුද්ධිමය දේපළ පනත යටතේ, මෙම ලේඛන දෙකේ බුද්ධිමය දේපළ අයිතිය සහ ආර්ථික අයිතිය තමන් සතු බවයි. නමුත්, විමල් වීරවංශ විසින් තමන්ගේ මේ අයිතිය කඩ කර ඇති බවයි. ඒ අනුව, බුද්ධිමය දේපළ අයිතිය, ආර්ථික අයිතිය වගේම, ඒවා උල්ලංඝනය හරහා තමන්ගේ “සදාචාරමය අයිතිය“ (මේක මූල්‍යමය අයිතියක් නෙවෙයි) ද, මෙම “නැත්ත වෙනුවට ඇත්ත“ පොත ප්‍රකාශයට පත් කිරීමෙන් උල්ලංඝනය කර ඇති බවයි.

මහාධිකරණයේදි මොකද වුණේ?

මහාධිකරණය විසින් ප්‍රධාන ප්‍රශ්න 6 ක් කෙරෙහි තම අවධානය යොමු කෙරුවා.

- මේ ලේඛන 2, බුද්ධිමය දේපළ පනතේ 6 වැනි පරිච්ඡේදයට අනුව, ආරක්ෂාව ලබන බුද්ධිමය දේපළ ලේඛන යටතට වැටෙනවාද?

- මේ ලේඛන 2 ම, බුද්ධිමය දේපළ ලෙස සැළකීමට තරම්, “සැබෑ මුල්“ (original) ලේඛන ද?

- බුද්ධිමය දේපළ පනතේ 9 සහ 10 පරිච්ඡේදවලට අනුව, ටිල්වින් සිල්වාට මේ ලේඛන ගැන ආර්ථික හෝ සදාචාරමය අයිතිය ලැබෙනවාද?

- මෙම ලේඛන සම්පූර්ණයෙන් ම හෝ, කොටසක් ලෙස උපුටාගැනීමෙන්, විමල් වීරවංශ එම අයිතීන් කඩ කරලා ද?

- මෙම පොත, බුද්ධිමය දේපළ පනතේ 11 වගන්තිය යටතේ එන “සාධාරණ භාවිතය“ (fair use) යටතට වැටෙනවාද?

- ටිල්වින් සිල්වාට මේ අවස්ථාවේදී, වන්දි අයකරගැනීමේ හැකියාවක් තිබෙනවාද?

මේ තමයි, මහාධිකරණය විසින් සිය අවධානය යොමු කරපු ප්‍රධාන ප්‍රශ්න 6. මුල් අවස්ථාවේදී මීට වඩා බොහෝ දේවල් මහාධිකරණය සළකා බැලුවා. නමුත් අවසාන තීන්දුවට අදාල වුණේ වැඩි වශයෙන්ම මේ දේවල්.

මහාධිකරණ තීන්දුව මොකක්ද?

2019 ජනවාරි 11 වැනිදා, කොළඹ මහාධිකරණය විසින් සිය තීන්දුව දුන්නා. ඒ ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපළ මේ පොත හරහා කඩ වූ බව කියමින්. විමල් වීරවංශ විසින් මේ තීරණය ඇපීල් කෙරුවා.

ඊට පස්සෙ?

ඇපීල් එක නිසා, මේ ප්‍රශ්නය ශ්‍රී ලංකා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ආවා. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය තුළ 2025 ඔක්තෝබර් 7 සහ, 2026 ජූලි 9 (ඊයේ) කියන දවස් දෙකේදි මේ නඩුව කැඳෙව්වා.

ඒ, ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා වන, ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා, සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ.

අපි මෙතැන් සිට විමසා බලමු, ශ්‍රේෂ්ඨාධිකරණ ඇපීල් එකේදී සාකච්ඡා වූ කරුණු.

ටිල්වින් සිල්වාගේ මේ ලේඛන 2, ඇත්ත වශයෙන්ම “බුද්ධිමය දේපළ“ ද?

මෙහිදී බැලුවේ, බුද්ධිමය දේපළ පනතේ 6 වැනි පරිච්ඡේදයෙන් ආවරණය වන, යම් ලේඛනමය සාහිත්‍යයික අගයක් සහිත ලේඛන ද නැද්ද කියන කාරණය. විමල් වීරවංශ මෙහිදී තර්ක කෙරුවා, මේ ලේඛනවල ටිල්වින් සිල්වාගේ නිර්මාණාත්මක මැදිහත්වීමක් නැති බවත්, ඒවා හුදු දේශපාලන අදහස් විතරක් තියෙන ලේඛන බවත්. මේ වගේ “පොදුවේ සමාජය තුළ පවතින“ හුදු දේශපාලන අදහස් ලේඛනගත කිරීමෙන්, ඒවා බුද්ධිමය දේපළ ලෙස පිළිගන්න බැරි බවත් විමල් වීරවංශ කිව්වා.

මෙහිදී අධිකරණය මේ ගැන පූර්ව විනිශ්චිත බ්‍රිතාන්‍ය නඩු තීන්දු කීපයක් උපුටා ගත්තා. 

University of London Press v University Tutorial Press (1916) සහ,

Hollinrake v Truswell (1894) යන නඩු දෙක අනුව,

පැහැදිලිවම තීරණය කරලා තිබුණා, යම් ලිඛිත ලේඛනයක්, එහි සාහිත්‍යමය අගයක් තිබේද නැද්ද යන්න හෝ, එය මුද්‍රිතව ප්‍රකාශයට පත් කළ දෙයක් ද නැද්ද යන්න නොසළකා, බුද්ධිමය දේපළ යටතට ගන්න අවස්ථාව තියෙන බව.

මේ ලේඛන ඊළඟට අධිකරණය තුළ තවත් පරීක්ෂණයකට බඳුන් කරන්න ඕන. මේ “නිවැරදි මුල්“ ලේඛනද කියලා බලන්නෙ originality test එකෙන්.

මෙහිදී අධිකරණය තවත් නඩු තීරණ කීපයක සංකල්ප අදාල කරගත්තා.

Feist Publications Inc. v Rural Telephone Service Co. (1991, US) යන අමෙරිකානු නඩුව,

Infopaq International A/S v Danske Dagblades Forening (2009, EU) යන යුරෝපා සංගම් නඩුව,

CCH Canadian Ltd v Law Society of Upper Canada (2004, Canada) යන කැනඩා නඩුව,

පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබුණා, සැබෑ මුල් ලේඛනයක් කියන්නෙ මොකක්ද කියන එක. මේ ජාත්‍යන්තර නඩුවලට අනුව, සැබෑ මුල් ලේඛනයක් කියන්නෙ (මුල් පිටපතක්) එය ලියපු කෙනාගේ සැබෑ කුසලතාවය පෙන්වන, ඔහුගේම ස්වාධීන විනිශ්චය හැකියාව පෙන්වන දෙයක්. ඊට ප්‍රතිභාව තිබීම අත්‍යවශ්‍ය නෑ. මෙම ලේඛන 2 හරහා ටිල්වින් සිල්වා කරලා තිබුණේ, ඒ වෙලාවේ පැවති දේශපාලනික ප්‍රශ්නයකදී (කුමක් කළ යුතුද යන උභතෝකෝටික අවස්ථාවකදී) ඒ ගැන සැබෑ විස්ලේෂනයක් ඉදිරිපත් කිරීම. ඒ අනුව, මේ ලේඛන 2 සැබෑ මුල් පිටපත් ගණයට වැටුණා.

මේ ලේඛන 2 හරහා, ටිල්වින් සිල්වාගේ “ආර්ථික අයිතිය උල්ලංඝනය වුණා“ ද?

මීළඟ වැදගත් ප්‍රශ්නය වුණේ මේක. මේවා බුද්ධිමය දේපළ නීතිය යටතේ ආවරණය වන ලේඛන වුවත්, මේ හරහා ටිල්වින් සිල්වාට “ආර්ථික අයිතියක්“ ඉල්ලා සිටින්න බැරි බව විමල් වීරවංශ තර්ක කෙරුවා.

බුද්ධිමය දේපළ පනතේ 9 වැනි පරිච්ඡේදයේ තියෙන ප්‍රතිපාදන අනුව, මුල් පිටපත්වල රචකයාට පුලුවන්, තමන්ගේ ලේඛන “ප්‍රතිනිර්මාණය“ කිරීම හා “බෙදාහැරීම“ට මැදිහත් වෙන්න. 

නමුත් විමල් වීරවංශ කිව්වා, මේ ලේඛන 2 හැදුවෙ, වාණිජමය ලෙස බෙදාහරින්න නොවන නිසා, ඒවා හුදු අභ්‍යන්තර ලේඛන නිසා, ඒ හරහා ටිල්වින් සිල්වාට ආර්ථික අයිතිවාසිකමත් නොතිබූ බව.

මේ වෙලාවෙදි විමල් වීරවංශ විසින්, සාක්ෂි ආඥා පනතේ 115 වගන්තියේ එන “ප්‍රතිබන්ධන මූලධර්මය“ ඉදිරිපත් කෙරුවා.

මොකක්ද මේ ප්‍රතිබන්ධන මූලධර්මය?

මේක ටිකක් සංකීර්ණ සංකල්පයක්. මේක නඩුවට අදාල වුනේ මෙහෙමයි. ටිල්වින් සිල්වා විසින් මේ ලේඛන හදලා, ඒවා අභ්‍යන්තර අරමුණු වෙනුවෙන් බෙදා හරින වෙලාවෙදි, තමන් විසින්ම මේ ලේඛනවල “ආර්ථික අයිතිය“ අත් හැරලයි තිබුණෙ. ඔහු ඒවාට මිළක් නියම කෙරුවෙ හෝ ලාභ ඉල්ලුවෙ නෑ. ඔහුගේ ක්‍රියාව හා හැසිරීම අනුව, මේ ලේඛන ගැන තිබෙන ආර්ථික අයිතිය ටිල්වින් සිල්වා විසින් අත්හැරලා තිබුණෙ. ඒ අනුව, අනෙක් පාර්ශ්වයන්ට (විමල් වීරවංශ ඇතුළු) සාධාරණ ලෙස පෙනී යනවා, මේ ලේඛන ගැන ටිල්වින් සිල්වා ආර්ථික අයිතියක් නොදරන බව. ඒක අත්හැරපු බව. මේ අනුව, වරක් ප්‍රකට ක්‍රියාවකින් අත්හළ අයිතිය, නැවත ඉල්ලා සිටීමෙන් වැළැක්වීමක් තමයි “ප්‍රතිබන්ධන මූලධර්මය“ අදාල කරගැනීමෙන් ඉල්ලුවෙ.

ටිල්වින් සිල්වාගේ “ආචාරධාර්මික අයිතීන්“ (moral rights) මෙහි තිබුණා ද?

බුද්ධිමය දේපළ පනතේ 10 වන පරිච්ඡේදය අනුව, කතුවරයෙකුගේ “කීර්ති නාමය“ සහ, ඔහුගේ “කීර්තිය ආරක්ෂා කිරීම“ ත්, “කෘතියේ අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමත්“ තමයි මේ ආචාරධාර්මික අයිතීන් කියන්නෙ. කොටින්ම නිසි ක්‍රෙඩිට් එක දීම. විමල් වීරවංශ මේ වෙලාවෙදි තර්ක කෙරුවා තමන් විසින්, අදාල ලේඛන 2 ටිල්වින් සිල්වාගේ බව ප්‍රකාශිතව කියා ඇති හෙයින්, එම ආචාරධාර්මික අයිතිය තමන් කඩ කෙරුවෙ නෑ කියලා.

මෙම තර්ක ගැන ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කිව්වෙ?

ඉහත තර්ක 3ම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

යම් ලේඛනයක්, බුද්ධිමය දේපළක් වූ වහාම, අනෙක් සාධක නොසළකා “ආර්ථික අයිතිය“ උද්ගත වෙනවා. කතුවරයා ඒක විකිණීමේ අරමුණින් ලිව්වත් නැතත්, ආර්ථික අයිතිය ඔහුට ලැබෙනවා.

ඒ වගේම, ඉතා කුඩා සීමිත කවයක් තුළ මේ ලේඛනය හුවමාරු වෙන්නට ඉඩ දීම,  කතුවරයා තම අයිතීන් අත්හැරීමක් ලෙස සළකන්න බෑ. 

ඒ වගේම, මේ ලේඛනවල කොටස් පොදු පුවත්පත්වල පළවීමක් වුණා නම්, ඒ සඳහා ටිල්වින් සිල්වා නිසි අවසරය දුන් බවක් නිල වශයෙන් දක්වන්න බැරිනම්, ඒ හරහා හෝ මේ ලේඛන “පොදු පරිහරණයට“ මුදාහළ බවක් උපකල්පනය කරන්න බැරි බව අධිකරණය කිව්වා.

එම මුල් ලේඛන, සම්පූර්ණයෙන් උපුටාගත්තාද? කොටසක් උපුටාගත්තාද?

මීළඟ ප්‍රශ්නය වුණේ, විමල් වීරවංශ විසින්, ටිල්වින් සිල්වාගේ ලේඛනය සම්පූර්ණයෙන්ම උපුටා ගත්තාද? නැතිනම්, එයින් මූලාශ්‍ර ලබාගත්තාද? කියන එක. මෙහිදී විමල් වීරවංශ කිව්වා පිටු 307 කින් සමන්විත තමන්ගේ “නැත්ත වෙනුවට ඇත්ත“ පොත, තමා විසින් ලියූ මුල් ලේඛනයක් බව. සැබෑ පිටපතක් බව. එහිදී ටිල්වින් සිල්වාගේ ලේඛනවලට නිසි ගෞරවය දෙමින්, එක් කොටසක් ලෙස පමණක් ඒවා ඇතුළත් කළ බව. ඒ පිටු ප්‍රමාණය ආසන්න වශයෙන් පිටු 43 ක් පමණක් බව.

මුල් නඩුවේදී මහාධිකරණය මේ ගැන දීර්ඝ ලෙස විමර්ශනය කරලා තිබුනා. එහිදී මහාධිකරණ නිරීක්ෂණය වුණේ, පිටු අංක 134 සිට 156 දක්වාත් (ටිල්වින් සිල්වාගේ එක් මුල් ලේඛනයක් සම්පූර්ණයෙන්ම),

පිටු අංක 190 සිට පිටු අංක 211 දක්වාත් (ටිල්වින් සිල්වාගේ දෙවැනි මුල් ලේඛනය සම්පූර්ණයෙන්ම) මෙම පොතට අන්තර්ගත කර තිබෙන බවයි.

මේ ගැන මහාධිකරණය විසින්, විමල් වීරවංශගෙන් හරස් ප්‍රශ්න ඇසීමක් පවා කරලා තිබුණා.

මේ උපුටාගැනීමේ ප්‍රමාණය සහ පිටු ගණන ගැන අධිකරණය මොකද කිව්වෙ?

ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා, විමල් වීරවංශගේ පොතේ පිටු ප්‍රමාණය හෝ, ඔහු උපුටාගෙන ඇත්තේ කොපමණ අඩු පිටු ප්‍රමාණයක්ද යන්න හෝ නොව, පැමිණිලිකරු වන ටිල්වින් සිල්වාගේ ලේඛනවලින් “සම්පූර්ණයෙන් හෝ සැළකිය යුතු කොටසක්“ උපුටාගත්තේද යන්න මත මෙය තීරණය කළ යුතු බව.

ඒ ඇනුව, ටිල්වින් සිල්වාගේ මුල් ලේඛන 2 සම්පූර්ණයෙන්ම, විමල් වීරවංශ මේ පොත තුළ අන්තර්ගත කර තිබුණා. මෙයින්, ටිල්වින් සිල්වාගේ “ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට ඇති අයිතිය“ අවසරයකින් තොරව විමල් වීරවංශ භාවිත කරලා. මේක බුද්ධිමය දේපළ නීතිය උල්ලංඝනය වීමක්.

මොකක්ද මේ ඊළඟට කතා කළ “සාධාරණ භාවිතය“ (fair use)

බුද්ධිමය දේපළ පනතේ 11 පරිච්ඡේදය ප්‍රකාරව, සාධාරණ භාවිතය සංකල්පය එනවා. ඒ අනුව, යම් මුල් ලේඛනයක් උපුටමින්, ඒ ගැන අදහස් පළකිරීමක්, විවේචනය කිරීමක්, ප්‍රවෘත්ති සැකසීමක්, වාර්තා කිරීමක්, හෝ අධ්‍යයන කටයුත්තක් කරන්න පුලුවන්. ඒක තමයි “සාධාරණ භාවිතය“ කියන්නෙ.

විමල් වීරවංශ මේ “සාධාරණ භාවිතය“ තමන් කරපු බව කිව්වා. ටිල්වින්ගේ ලේඛන ඇතුළත් කොට පොතක් විකිණීම නොව, ඒ ලේඛන ගැන තමන්ගේ දේශපාලන විවේදනය හා අදහස් දැක්වීම තමන් කරපු බව කිව්වා.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, Hyde Park Residence Ltd v Yelland (2001) නඩුවේදී යොදාගෙන තිබුණු පරීක්ෂනයක් මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට යොදාගත්තා.

මොකක්ද ඒ පරීක්ෂණය?

ඒ තමයි, සාධාරණ මනසක් ඇති, අවංක පුද්ගලයෙක් මේ ක්‍රියාව කරයිද? කියන සාධාරණ බවේ පරීක්ෂණය.

Hubbard v Vosper (1972) කියන බ්‍රිතාන්‍ය නඩුවේදී, ඩෙනින් සාමිවරයා පැහැදිලිව තීරණය කරලා තිබුණා, යම් ලේඛනයක් මුලුමනින්ම කොපි කිරීම, සාධාරණ භාවිතයකට අයිති වෙන්නෙ නැති බව. විමල් වීරවංශ මෙහිදී මුලු ලේඛනයම උපුටාගෙන තිබුණා. කොටසක් විතරක් උපුටා ගත්තා වුණත්, එය සැළකිය යුතු තරම් කොටසක් වෙන්න බෑ.

ඊට අමතරව මේ පොත විකිණීමෙන් විමල් වීරවංශ විසින්, රුපියල් මිලියන 1.3 කට ආසන්න “ලාභයක්“ උපයාගෙන තිබුණා.

ඒ අනුව, මේක වාණිජ වැඩක්. කොහෙත්ම ශාස්ත්‍රීය අධ්‍යයන අරමුණක් “පමණක්“ නෙවෙයි.

Independent Television Publications Ltd v Time Out Ltd (1984) කියන නඩුවේදී පැහැදිලිව තීරණය කරලා තිබුණා, මුල් ලේඛනයක් සම්පූර්ණයෙන්ම හෝ, කොටසක් ලෙස හෝ, උපුටාගෙන “සාධාරණ භාවිතය“ යටතේ තර්ක කරන්න ඉතාම අපහසු බව. ඒ වගේ වැඩකට සාධාරණ භාවිතයේ අයිතිය දීමෙන් වෙන්නෙ, මුල් ලේඛකයාට මේ ලේඛන “අනාගතයේදී තමන් කැමති ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ අයිතිය“ සූරාකෑමක් බව.

ඒ අනුව, සාධාරණ භාවිතයේ තර්කය නිෂ්ප්‍රභ වුණා.

අවසන් තීරණ මොකක්ද?

විමල් වීරවංශ විසින් ඉදිරිපත් කළ සියළු තර්ක, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරුවා. නමුත්, මහාධිකරණ තීන්දුවට එහා ගිය විශේෂ නිරීක්ෂණයක්, ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී සිදු කෙරුවා.

ඒ මොකක්ද?

ඒ තමයි, මහාධිකරණය විසින් දරන ස්ථාවරය, පුළුල් වැඩි බව. අසීමාන්තික බව. ඒ කියන්නෙ මහාධිකරණය විසින් මේ “නැත්ත වෙනුවට ඇත්ත“ පොතට දීපු තහනම් නියෝගය ඉතා පුළුල් බව.

මහාධිකරණ නියෝගයට අනුව නම්, උපුටා ගත් කොටස් පමණක් නොව, මුලු පොතම ප්‍රකාශයට පත් කිරීම තහනම් කරලා තිබුණා. මුලු පොතක බෙදාහැරීම හා විකිණීම අවුරලා තිබුණා. හැබැයි මේ පොතේ, ටිල්වින් සිල්වාගේ ලේඛන 2 හැර, ඉතිරි කොටස් විමල් වීරවංශගේ බවට විවාදයක් තිබුණෙ නෑ. එහි ගැටළුවක් පෙනුණෙ නෑ. ටිල්වින් සිල්වා විසින් කොපිරයිට් ඉල්ලුවෙ ඔහුගේ ලේඛන 2ට විතරයි.

ඒ අනුව, සියළු තර්ක ප්‍රතික්ෂේප වූ විටෙකදී පවා, ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, මහාධිකරණ තීරණයේ වෙනස්කම් සිදු කෙරුවා. අධිකරණ නියෝගය වෙනස් කෙරුවා.

ඒ අනුව, ටිල්වින් සිල්වාගේ ලේඛන සහිත කොටස්, නැවත මුද්‍රණය කිරීම, බෙදා හැරීම, අළෙවිය හෝ විකිණීම, තහනම් කෙරුවා. ඊට අයිතිය තිබුණෙ ටිල්වින් සිල්වාට විතරයි.

වන්දි සම්බන්ධයෙන් තත්ත්වය?

මහාධිකරණය විසින් මේ වරද සම්බන්ධයෙන්, විමල් වීරවංශ රුපියල් මිලියන 1ක වන්දියක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙස නියෝග කර තිබුණා. ඒක පනතේ 170 වගන්තියේ දක්වා තිබෙන ව්‍යවස්ථාපිත වන්දියක්. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන්දි මුදලේ කිසිම වෙනසක් කෙරුවෙ නෑ. මොකද විමල් වීරවංශ මේ ලාභය උපයන විට, ටිල්වින් සිල්වාට ඉන් කිසිඳු කොටසක් ලැබී තිබුණෙ නෑ.

මීට අමතරව අදාල තහනම් නියෝගය නිසා තමන්ට වූ අලාභය ලෙස විමල් වීරවංශ විසින් ඉල්ලා සිටි වන්දි පිරිනැමීම, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කෙරුවා. ඊට හේතුව වුණේ, වෙනත් කෙනෙකුගේ අයිතීන් උල්ලංඝනය කළ අයෙක්, එම උල්ලංඝනය වළක්වන අධිකරණ නියෝගයෙන් පාඩු ලැබුවා යැයි සළකන්න බැරි නිසා.

මේ අනුව, විමල් වීරවංශ විසින්, මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ ඇපීල් එක නිෂ්ප්‍රභ වුණා. ඉවත දැම්මා. නමුත්, මහාධිකරණය විසින් පොතට ලබා දුන් පූර්ණ තහනම වෙනුවට, එය සංශෝධනය කොට ඔහුගේම කොටස් පමණක් පළකළ හැකි තත්ත්වයට පත් කෙරුවා. අවසාන තීරණය වුණේ, විමල් වීරවංශ විසින්, “නැත්ත වෙනුවට ඇත්ත“ පොත හරහා, ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපළ අයිතිය කඩ කළ බවයි.

ප්‍රායෝගිකව කුමක් වෙයිද?

විමල් වීරවංශ විසින් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවිය යුතුයි. ටිල්වින් සිල්වාට අයත් ලේඛන නැතිව, පොත නැවත මුද්‍රණය කරනවා නම් කළ යුතුයි.

මේක ලංකාවෙ බුද්ධිමය දේපළ නීතිය සහ “ලේඛන“ ගැන ඉතාම වැදගත් නඩුවක්.

ඒකට ලොකුම හේතුව තමයි, ලංකාවෙ බුද්ධිමය දේපළ නීතිය මඟින්, මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ, මුද්‍රණය නොකළ, පෞද්ගලික ලේඛන පවා ආරක්ෂා කරන බව හෙළි වීම. ඒ ලේඛන ලිව්වෙ විකිණීමේ අරමුණින් ද, නැද්ද යන්න පවා එහිදී වැදගත් නෑ.

ඒ වගේම බොහෝ වෙලාවට මුල් ලේඛන උපුටමින් “සාධාරණ භාවිතය“ යටතේ කටයුතු කළ හැකි සීමාව ගැනත් මේ නඩුවේදී වැදගත් කරුණු සාකච්ඡා වුණා.

ඊටත් අමතරව, සම්පූර්ණ කොටස් උපුටාගැනීමකදී පවා, පොතේ අනෙකුත් කොටස්වල කතෘ අයිතිය වෙන කෙනෙක් සතු නම්, පූර්ණ තහනම් නියෝගයක් වෙනුවට, උපුටා ගත් කොටසට පමණක් තහනමක් ලබා දුන්නා. මුලු පොතම වාරණය වීම නැවතුණා.

ඒ අනුව මේ නඩුව, ලංකාවේ බුද්ධිමය දේපළ නීතියේ අනාගත දිශානතිය පෙන්නුම් කරන අතිශය වැදගත් නඩුවක් වේවි. ⚖️

(නඩු තීන්දුවට පරිබාහිර සටහනක්:

මුද්‍රණයෙන් ප්‍රකාශනය නොකළ සමහර ලිපි, කොටසක් හෝ සම්පූර්ණයෙන් කොපි පේස්ට් කරමින්, වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය පේජ්වල පළ කරන අය, අති විශාල දඩ මුදල්වලට ලක්වෙන්න ඉඩ තිබෙනවා. ඒ සඳහා තව ඉතාම සුළු සංශෝධනයක් හෝ දෙකක් විතරයි පනතට අවශ්‍ය. මේක මගේ පෞද්ගලික නිරීක්ෂණයක්. නඩු තීන්දුවේ ප්‍රකාශයක් නෙවෙයි)

වැඩිදුර කියවන අයට නඩු අංකය:

SC/CHC/Appeal/15/2019

සටහන: ©️Nuwan Ishara Mahagamage 

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.