News Category
From Date
To Date
Maximum Number of Result

'නැත්ත වෙනුවට ඇත්ත' කතාවේ නඩු තීන්දුව..

Jul 11, 2026 at 06:32 AM
|

ටිල්වින් සිල්වා එදිරිව විමල් වීරවංශ නඩුවේ තීන්දුව ඊයේ ලැබුණා. මේක බුද්ධිමය දේපළ ගැන නඩුවක්. විමල් විසින් ටිල්වින්ට රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට නියම කළ නඩුවක්. ඒ විතරක් නෙවෙයි, පොත්/ ලිපි/ බ්ලොග් ලියන හැම ලේඛකයෙක්ම අනිවාර්යයෙන් කියැවිය යුතු නඩුවක්.

මොකක්ද විමල් වීරවංශගේ බුද්ධිමය දේපළ ප්‍රශ්නය? මොකක් ගැනද? පොතක් ලිවීම වරදක් ද? කාගෙ හෝ ලිපියක් උපුටාගෙන නැවත පළකිරීම වරදක්ද? ඇයි ටිල්වින් සිල්වා නඩු දැම්මෙ? තීන්දුව මොකක්ද?

අපි මේ ලිපියෙන් නඩු තීන්දුව ගැන විස්තර කතා කරමු.

මේ, ඊයේ දිනයේදී (ජූලි 9) ශ්‍රී ලංකා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන්, Tilvin Silva v Wimal Weerawansa බුද්ධිමය දේපළ නඩු තීන්දුව ගැන සවිස්තර සටහනක්.

මොකක්ද මුල?

ප්‍රශ්නය පටන් ගන්නෙ 2005 න්. එවක ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවෙන්. ජවිපෙ හිටියෙ 2005 ජනාධිපතිවරණයට සූදානම් වෙමින්. මේ කාලයේදි ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් තමයි “ටිල්වින් සිල්වා“. එයා, මේ කාලයේදි, ජවිපෙ දේශපාලන ස්ථාවරයන් ගැන ප්‍රධාන “ලේඛන 2ක්“ සකස් කෙරුවා.

ඒ මොනවද?

මේ ලේඛන දෙකේ තිබුණේ, ටිල්වින් සිල්වාගේ දේශපාලන අදහස්. පෞද්ගලික දේශපාලන විස්ලේෂණ. 2005 වසර වෙද්දී ජවිපෙට තිබුණු දේශපාලන අභියෝග ගැන එයා කරපු ලේඛන 2ක්.

පළමු ලේඛනය තමයි, 

- ජවිපෙ විසින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට ජනාධිපතිවරණයේදී සහාය දක්වන්න ඕනි ද?

- එහෙම නැත්නම් මැතිවරණය අවසන් වෙලා පත්වන “නව ආණ්ඩුවට“ සහාය දක්වන්න ඕන ද? ඒ ආණ්ඩුවේ කොටස්කරුවෙක් ලෙස කටයුතු කළ යුතු ද?

මේ තමයි ලේඛන 2. මේ ලේඛන ජවිපෙ අභ්‍යන්තර රහස් ලේඛන. මේ ලේඛනවල බොහෝ කොටස්, ටිල්වින් සිල්වා තමන්ගේ ම අත් අකුරින් ලියපු ලේඛන. මේ ලේඛන 2ම සකස් කෙරුවේ, ජවිපෙ මධ්‍යම කාරක සභාවේදී ඒවා සාකච්ඡාවට ගැනීමේ අරමුණින්. කිසිම තැනක ප්‍රසිද්ධියට පත් කරන්න නෙවෙයි. එළියට දෙන්න නෙවෙයි.

විමල් වීරවංශ සම්බන්ධ වුණේ කොහොමද?

මේ ලේඛන සැකසීමෙන් බොහෝ කාලයකට පසුව, විමල් වීරවංශ විසින් පොතක් ලියලා ප්‍රකාශයට පත් කෙරුවා. ඒ “නැත්ත වෙනුවට ඇත්ත“ නමින්. ඔහුත් හිටපු ජවිපෙ සාමාජිකයෙක්. මේ වෙලාවෙදි ටිල්වින් සිල්වා චෝදනා කෙරුවා, තමන් විසින් සකසන ලද, පෞද්ගලික ලේඛන දෙක, විමල් වීරවංශ විසින් මේ පොතට ඇතුළත් කරලා තිබෙන බව. ඒ වගේම මේ ගැන තමන්ව දැනුවත් කිරීමක් හෝ අවසර ගැනීමක් නොකළ බව.

මේ අනුව, ටිල්වින් සිල්වා අධිකරණයට ගියා. කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කෙරුවා.

ටිල්වින් සිල්වා කිව්වේ, 2003 අංක 36 දරන ලංකාවේ බුද්ධිමය දේපළ පනත යටතේ, මෙම ලේඛන දෙකේ බුද්ධිමය දේපළ අයිතිය සහ ආර්ථික අයිතිය තමන් සතු බවයි. නමුත්, විමල් වීරවංශ විසින් තමන්ගේ මේ අයිතිය කඩ කර ඇති බවයි. ඒ අනුව, බුද්ධිමය දේපළ අයිතිය, ආර්ථික අයිතිය වගේම, ඒවා උල්ලංඝනය හරහා තමන්ගේ “සදාචාරමය අයිතිය“ (මේක මූල්‍යමය අයිතියක් නෙවෙයි) ද, මෙම “නැත්ත වෙනුවට ඇත්ත“ පොත ප්‍රකාශයට පත් කිරීමෙන් උල්ලංඝනය කර ඇති බවයි.

මහාධිකරණයේදි මොකද වුණේ?

මහාධිකරණය විසින් ප්‍රධාන ප්‍රශ්න 6 ක් කෙරෙහි තම අවධානය යොමු කෙරුවා.

- මේ ලේඛන 2, බුද්ධිමය දේපළ පනතේ 6 වැනි පරිච්ඡේදයට අනුව, ආරක්ෂාව ලබන බුද්ධිමය දේපළ ලේඛන යටතට වැටෙනවාද?

- මේ ලේඛන 2 ම, බුද්ධිමය දේපළ ලෙස සැළකීමට තරම්, “සැබෑ මුල්“ (original) ලේඛන ද?

- බුද්ධිමය දේපළ පනතේ 9 සහ 10 පරිච්ඡේදවලට අනුව, ටිල්වින් සිල්වාට මේ ලේඛන ගැන ආර්ථික හෝ සදාචාරමය අයිතිය ලැබෙනවාද?

- මෙම ලේඛන සම්පූර්ණයෙන් ම හෝ, කොටසක් ලෙස උපුටාගැනීමෙන්, විමල් වීරවංශ එම අයිතීන් කඩ කරලා ද?

- මෙම පොත, බුද්ධිමය දේපළ පනතේ 11 වගන්තිය යටතේ එන “සාධාරණ භාවිතය“ (fair use) යටතට වැටෙනවාද?

- ටිල්වින් සිල්වාට මේ අවස්ථාවේදී, වන්දි අයකරගැනීමේ හැකියාවක් තිබෙනවාද?

මේ තමයි, මහාධිකරණය විසින් සිය අවධානය යොමු කරපු ප්‍රධාන ප්‍රශ්න 6. මුල් අවස්ථාවේදී මීට වඩා බොහෝ දේවල් මහාධිකරණය සළකා බැලුවා. නමුත් අවසාන තීන්දුවට අදාල වුණේ වැඩි වශයෙන්ම මේ දේවල්.

මහාධිකරණ තීන්දුව මොකක්ද?

2019 ජනවාරි 11 වැනිදා, කොළඹ මහාධිකරණය විසින් සිය තීන්දුව දුන්නා. ඒ ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපළ මේ පොත හරහා කඩ වූ බව කියමින්. විමල් වීරවංශ විසින් මේ තීරණය ඇපීල් කෙරුවා.

ඊට පස්සෙ?

ඇපීල් එක නිසා, මේ ප්‍රශ්නය ශ්‍රී ලංකා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ආවා. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය තුළ 2025 ඔක්තෝබර් 7 සහ, 2026 ජූලි 9 (ඊයේ) කියන දවස් දෙකේදි මේ නඩුව කැඳෙව්වා.

ඒ, ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා වන, ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා, සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ.

අපි මෙතැන් සිට විමසා බලමු, ශ්‍රේෂ්ඨාධිකරණ ඇපීල් එකේදී සාකච්ඡා වූ කරුණු.

ටිල්වින් සිල්වාගේ මේ ලේඛන 2, ඇත්ත වශයෙන්ම “බුද්ධිමය දේපළ“ ද?

මෙහිදී බැලුවේ, බුද්ධිමය දේපළ පනතේ 6 වැනි පරිච්ඡේදයෙන් ආවරණය වන, යම් ලේඛනමය සාහිත්‍යයික අගයක් සහිත ලේඛන ද නැද්ද කියන කාරණය. විමල් වීරවංශ මෙහිදී තර්ක කෙරුවා, මේ ලේඛනවල ටිල්වින් සිල්වාගේ නිර්මාණාත්මක මැදිහත්වීමක් නැති බවත්, ඒවා හුදු දේශපාලන අදහස් විතරක් තියෙන ලේඛන බවත්. මේ වගේ “පොදුවේ සමාජය තුළ පවතින“ හුදු දේශපාලන අදහස් ලේඛනගත කිරීමෙන්, ඒවා බුද්ධිමය දේපළ ලෙස පිළිගන්න බැරි බවත් විමල් වීරවංශ කිව්වා.

මෙහිදී අධිකරණය මේ ගැන පූර්ව විනිශ්චිත බ්‍රිතාන්‍ය නඩු තීන්දු කීපයක් උපුටා ගත්තා. 

University of London Press v University Tutorial Press (1916) සහ,

Hollinrake v Truswell (1894) යන නඩු දෙක අනුව,

පැහැදිලිවම තීරණය කරලා තිබුණා, යම් ලිඛිත ලේඛනයක්, එහි සාහිත්‍යමය අගයක් තිබේද නැද්ද යන්න හෝ, එය මුද්‍රිතව ප්‍රකාශයට පත් කළ දෙයක් ද නැද්ද යන්න නොසළකා, බුද්ධිමය දේපළ යටතට ගන්න අවස්ථාව තියෙන බව.

මේ ලේඛන ඊළඟට අධිකරණය තුළ තවත් පරීක්ෂණයකට බඳුන් කරන්න ඕන. මේ “නිවැරදි මුල්“ ලේඛනද කියලා බලන්නෙ originality test එකෙන්.

මෙහිදී අධිකරණය තවත් නඩු තීරණ කීපයක සංකල්ප අදාල කරගත්තා.

Feist Publications Inc. v Rural Telephone Service Co. (1991, US) යන අමෙරිකානු නඩුව,

Infopaq International A/S v Danske Dagblades Forening (2009, EU) යන යුරෝපා සංගම් නඩුව,

CCH Canadian Ltd v Law Society of Upper Canada (2004, Canada) යන කැනඩා නඩුව,

පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබුණා, සැබෑ මුල් ලේඛනයක් කියන්නෙ මොකක්ද කියන එක. මේ ජාත්‍යන්තර නඩුවලට අනුව, සැබෑ මුල් ලේඛනයක් කියන්නෙ (මුල් පිටපතක්) එය ලියපු කෙනාගේ සැබෑ කුසලතාවය පෙන්වන, ඔහුගේම ස්වාධීන විනිශ්චය හැකියාව පෙන්වන දෙයක්. ඊට ප්‍රතිභාව තිබීම අත්‍යවශ්‍ය නෑ. මෙම ලේඛන 2 හරහා ටිල්වින් සිල්වා කරලා තිබුණේ, ඒ වෙලාවේ පැවති දේශපාලනික ප්‍රශ්නයකදී (කුමක් කළ යුතුද යන උභතෝකෝටික අවස්ථාවකදී) ඒ ගැන සැබෑ විස්ලේෂනයක් ඉදිරිපත් කිරීම. ඒ අනුව, මේ ලේඛන 2 සැබෑ මුල් පිටපත් ගණයට වැටුණා.

මේ ලේඛන 2 හරහා, ටිල්වින් සිල්වාගේ “ආර්ථික අයිතිය උල්ලංඝනය වුණා“ ද?

මීළඟ වැදගත් ප්‍රශ්නය වුණේ මේක. මේවා බුද්ධිමය දේපළ නීතිය යටතේ ආවරණය වන ලේඛන වුවත්, මේ හරහා ටිල්වින් සිල්වාට “ආර්ථික අයිතියක්“ ඉල්ලා සිටින්න බැරි බව විමල් වීරවංශ තර්ක කෙරුවා.

බුද්ධිමය දේපළ පනතේ 9 වැනි පරිච්ඡේදයේ තියෙන ප්‍රතිපාදන අනුව, මුල් පිටපත්වල රචකයාට පුලුවන්, තමන්ගේ ලේඛන “ප්‍රතිනිර්මාණය“ කිරීම හා “බෙදාහැරීම“ට මැදිහත් වෙන්න. 

නමුත් විමල් වීරවංශ කිව්වා, මේ ලේඛන 2 හැදුවෙ, වාණිජමය ලෙස බෙදාහරින්න නොවන නිසා, ඒවා හුදු අභ්‍යන්තර ලේඛන නිසා, ඒ හරහා ටිල්වින් සිල්වාට ආර්ථික අයිතිවාසිකමත් නොතිබූ බව.

මේ වෙලාවෙදි විමල් වීරවංශ විසින්, සාක්ෂි ආඥා පනතේ 115 වගන්තියේ එන “ප්‍රතිබන්ධන මූලධර්මය“ ඉදිරිපත් කෙරුවා.

මොකක්ද මේ ප්‍රතිබන්ධන මූලධර්මය?

මේක ටිකක් සංකීර්ණ සංකල්පයක්. මේක නඩුවට අදාල වුනේ මෙහෙමයි. ටිල්වින් සිල්වා විසින් මේ ලේඛන හදලා, ඒවා අභ්‍යන්තර අරමුණු වෙනුවෙන් බෙදා හරින වෙලාවෙදි, තමන් විසින්ම මේ ලේඛනවල “ආර්ථික අයිතිය“ අත් හැරලයි තිබුණෙ. ඔහු ඒවාට මිළක් නියම කෙරුවෙ හෝ ලාභ ඉල්ලුවෙ නෑ. ඔහුගේ ක්‍රියාව හා හැසිරීම අනුව, මේ ලේඛන ගැන තිබෙන ආර්ථික අයිතිය ටිල්වින් සිල්වා විසින් අත්හැරලා තිබුණෙ. ඒ අනුව, අනෙක් පාර්ශ්වයන්ට (විමල් වීරවංශ ඇතුළු) සාධාරණ ලෙස පෙනී යනවා, මේ ලේඛන ගැන ටිල්වින් සිල්වා ආර්ථික අයිතියක් නොදරන බව. ඒක අත්හැරපු බව. මේ අනුව, වරක් ප්‍රකට ක්‍රියාවකින් අත්හළ අයිතිය, නැවත ඉල්ලා සිටීමෙන් වැළැක්වීමක් තමයි “ප්‍රතිබන්ධන මූලධර්මය“ අදාල කරගැනීමෙන් ඉල්ලුවෙ.

ටිල්වින් සිල්වාගේ “ආචාරධාර්මික අයිතීන්“ (moral rights) මෙහි තිබුණා ද?

බුද්ධිමය දේපළ පනතේ 10 වන පරිච්ඡේදය අනුව, කතුවරයෙකුගේ “කීර්ති නාමය“ සහ, ඔහුගේ “කීර්තිය ආරක්ෂා කිරීම“ ත්, “කෘතියේ අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමත්“ තමයි මේ ආචාරධාර්මික අයිතීන් කියන්නෙ. කොටින්ම නිසි ක්‍රෙඩිට් එක දීම. විමල් වීරවංශ මේ වෙලාවෙදි තර්ක කෙරුවා තමන් විසින්, අදාල ලේඛන 2 ටිල්වින් සිල්වාගේ බව ප්‍රකාශිතව කියා ඇති හෙයින්, එම ආචාරධාර්මික අයිතිය තමන් කඩ කෙරුවෙ නෑ කියලා.

මෙම තර්ක ගැන ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කිව්වෙ?

ඉහත තර්ක 3ම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

යම් ලේඛනයක්, බුද්ධිමය දේපළක් වූ වහාම, අනෙක් සාධක නොසළකා “ආර්ථික අයිතිය“ උද්ගත වෙනවා. කතුවරයා ඒක විකිණීමේ අරමුණින් ලිව්වත් නැතත්, ආර්ථික අයිතිය ඔහුට ලැබෙනවා.

ඒ වගේම, ඉතා කුඩා සීමිත කවයක් තුළ මේ ලේඛනය හුවමාරු වෙන්නට ඉඩ දීම,  කතුවරයා තම අයිතීන් අත්හැරීමක් ලෙස සළකන්න බෑ. 

ඒ වගේම, මේ ලේඛනවල කොටස් පොදු පුවත්පත්වල පළවීමක් වුණා නම්, ඒ සඳහා ටිල්වින් සිල්වා නිසි අවසරය දුන් බවක් නිල වශයෙන් දක්වන්න බැරිනම්, ඒ හරහා හෝ මේ ලේඛන “පොදු පරිහරණයට“ මුදාහළ බවක් උපකල්පනය කරන්න බැරි බව අධිකරණය කිව්වා.

එම මුල් ලේඛන, සම්පූර්ණයෙන් උපුටාගත්තාද? කොටසක් උපුටාගත්තාද?

මීළඟ ප්‍රශ්නය වුණේ, විමල් වීරවංශ විසින්, ටිල්වින් සිල්වාගේ ලේඛනය සම්පූර්ණයෙන්ම උපුටා ගත්තාද? නැතිනම්, එයින් මූලාශ්‍ර ලබාගත්තාද? කියන එක. මෙහිදී විමල් වීරවංශ කිව්වා පිටු 307 කින් සමන්විත තමන්ගේ “නැත්ත වෙනුවට ඇත්ත“ පොත, තමා විසින් ලියූ මුල් ලේඛනයක් බව. සැබෑ පිටපතක් බව. එහිදී ටිල්වින් සිල්වාගේ ලේඛනවලට නිසි ගෞරවය දෙමින්, එක් කොටසක් ලෙස පමණක් ඒවා ඇතුළත් කළ බව. ඒ පිටු ප්‍රමාණය ආසන්න වශයෙන් පිටු 43 ක් පමණක් බව.

මුල් නඩුවේදී මහාධිකරණය මේ ගැන දීර්ඝ ලෙස විමර්ශනය කරලා තිබුනා. එහිදී මහාධිකරණ නිරීක්ෂණය වුණේ, පිටු අංක 134 සිට 156 දක්වාත් (ටිල්වින් සිල්වාගේ එක් මුල් ලේඛනයක් සම්පූර්ණයෙන්ම),

පිටු අංක 190 සිට පිටු අංක 211 දක්වාත් (ටිල්වින් සිල්වාගේ දෙවැනි මුල් ලේඛනය සම්පූර්ණයෙන්ම) මෙම පොතට අන්තර්ගත කර තිබෙන බවයි.

මේ ගැන මහාධිකරණය විසින්, විමල් වීරවංශගෙන් හරස් ප්‍රශ්න ඇසීමක් පවා කරලා තිබුණා.

මේ උපුටාගැනීමේ ප්‍රමාණය සහ පිටු ගණන ගැන අධිකරණය මොකද කිව්වෙ?

ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා, විමල් වීරවංශගේ පොතේ පිටු ප්‍රමාණය හෝ, ඔහු උපුටාගෙන ඇත්තේ කොපමණ අඩු පිටු ප්‍රමාණයක්ද යන්න හෝ නොව, පැමිණිලිකරු වන ටිල්වින් සිල්වාගේ ලේඛනවලින් “සම්පූර්ණයෙන් හෝ සැළකිය යුතු කොටසක්“ උපුටාගත්තේද යන්න මත මෙය තීරණය කළ යුතු බව.

ඒ ඇනුව, ටිල්වින් සිල්වාගේ මුල් ලේඛන 2 සම්පූර්ණයෙන්ම, විමල් වීරවංශ මේ පොත තුළ අන්තර්ගත කර තිබුණා. මෙයින්, ටිල්වින් සිල්වාගේ “ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට ඇති අයිතිය“ අවසරයකින් තොරව විමල් වීරවංශ භාවිත කරලා. මේක බුද්ධිමය දේපළ නීතිය උල්ලංඝනය වීමක්.

මොකක්ද මේ ඊළඟට කතා කළ “සාධාරණ භාවිතය“ (fair use)

බුද්ධිමය දේපළ පනතේ 11 පරිච්ඡේදය ප්‍රකාරව, සාධාරණ භාවිතය සංකල්පය එනවා. ඒ අනුව, යම් මුල් ලේඛනයක් උපුටමින්, ඒ ගැන අදහස් පළකිරීමක්, විවේචනය කිරීමක්, ප්‍රවෘත්ති සැකසීමක්, වාර්තා කිරීමක්, හෝ අධ්‍යයන කටයුත්තක් කරන්න පුලුවන්. ඒක තමයි “සාධාරණ භාවිතය“ කියන්නෙ.

විමල් වීරවංශ මේ “සාධාරණ භාවිතය“ තමන් කරපු බව කිව්වා. ටිල්වින්ගේ ලේඛන ඇතුළත් කොට පොතක් විකිණීම නොව, ඒ ලේඛන ගැන තමන්ගේ දේශපාලන විවේදනය හා අදහස් දැක්වීම තමන් කරපු බව කිව්වා.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, Hyde Park Residence Ltd v Yelland (2001) නඩුවේදී යොදාගෙන තිබුණු පරීක්ෂනයක් මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට යොදාගත්තා.

මොකක්ද ඒ පරීක්ෂණය?

ඒ තමයි, සාධාරණ මනසක් ඇති, අවංක පුද්ගලයෙක් මේ ක්‍රියාව කරයිද? කියන සාධාරණ බවේ පරීක්ෂණය.

Hubbard v Vosper (1972) කියන බ්‍රිතාන්‍ය නඩුවේදී, ඩෙනින් සාමිවරයා පැහැදිලිව තීරණය කරලා තිබුණා, යම් ලේඛනයක් මුලුමනින්ම කොපි කිරීම, සාධාරණ භාවිතයකට අයිති වෙන්නෙ නැති බව. විමල් වීරවංශ මෙහිදී මුලු ලේඛනයම උපුටාගෙන තිබුණා. කොටසක් විතරක් උපුටා ගත්තා වුණත්, එය සැළකිය යුතු තරම් කොටසක් වෙන්න බෑ.

ඊට අමතරව මේ පොත විකිණීමෙන් විමල් වීරවංශ විසින්, රුපියල් මිලියන 1.3 කට ආසන්න “ලාභයක්“ උපයාගෙන තිබුණා.

ඒ අනුව, මේක වාණිජ වැඩක්. කොහෙත්ම ශාස්ත්‍රීය අධ්‍යයන අරමුණක් “පමණක්“ නෙවෙයි.

Independent Television Publications Ltd v Time Out Ltd (1984) කියන නඩුවේදී පැහැදිලිව තීරණය කරලා තිබුණා, මුල් ලේඛනයක් සම්පූර්ණයෙන්ම හෝ, කොටසක් ලෙස හෝ, උපුටාගෙන “සාධාරණ භාවිතය“ යටතේ තර්ක කරන්න ඉතාම අපහසු බව. ඒ වගේ වැඩකට සාධාරණ භාවිතයේ අයිතිය දීමෙන් වෙන්නෙ, මුල් ලේඛකයාට මේ ලේඛන “අනාගතයේදී තමන් කැමති ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ අයිතිය“ සූරාකෑමක් බව.

ඒ අනුව, සාධාරණ භාවිතයේ තර්කය නිෂ්ප්‍රභ වුණා.

අවසන් තීරණ මොකක්ද?

විමල් වීරවංශ විසින් ඉදිරිපත් කළ සියළු තර්ක, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරුවා. නමුත්, මහාධිකරණ තීන්දුවට එහා ගිය විශේෂ නිරීක්ෂණයක්, ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී සිදු කෙරුවා.

ඒ මොකක්ද?

ඒ තමයි, මහාධිකරණය විසින් දරන ස්ථාවරය, පුළුල් වැඩි බව. අසීමාන්තික බව. ඒ කියන්නෙ මහාධිකරණය විසින් මේ “නැත්ත වෙනුවට ඇත්ත“ පොතට දීපු තහනම් නියෝගය ඉතා පුළුල් බව.

මහාධිකරණ නියෝගයට අනුව නම්, උපුටා ගත් කොටස් පමණක් නොව, මුලු පොතම ප්‍රකාශයට පත් කිරීම තහනම් කරලා තිබුණා. මුලු පොතක බෙදාහැරීම හා විකිණීම අවුරලා තිබුණා. හැබැයි මේ පොතේ, ටිල්වින් සිල්වාගේ ලේඛන 2 හැර, ඉතිරි කොටස් විමල් වීරවංශගේ බවට විවාදයක් තිබුණෙ නෑ. එහි ගැටළුවක් පෙනුණෙ නෑ. ටිල්වින් සිල්වා විසින් කොපිරයිට් ඉල්ලුවෙ ඔහුගේ ලේඛන 2ට විතරයි.

ඒ අනුව, සියළු තර්ක ප්‍රතික්ෂේප වූ විටෙකදී පවා, ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, මහාධිකරණ තීරණයේ වෙනස්කම් සිදු කෙරුවා. අධිකරණ නියෝගය වෙනස් කෙරුවා.

ඒ අනුව, ටිල්වින් සිල්වාගේ ලේඛන සහිත කොටස්, නැවත මුද්‍රණය කිරීම, බෙදා හැරීම, අළෙවිය හෝ විකිණීම, තහනම් කෙරුවා. ඊට අයිතිය තිබුණෙ ටිල්වින් සිල්වාට විතරයි.

වන්දි සම්බන්ධයෙන් තත්ත්වය?

මහාධිකරණය විසින් මේ වරද සම්බන්ධයෙන්, විමල් වීරවංශ රුපියල් මිලියන 1ක වන්දියක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙස නියෝග කර තිබුණා. ඒක පනතේ 170 වගන්තියේ දක්වා තිබෙන ව්‍යවස්ථාපිත වන්දියක්. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන්දි මුදලේ කිසිම වෙනසක් කෙරුවෙ නෑ. මොකද විමල් වීරවංශ මේ ලාභය උපයන විට, ටිල්වින් සිල්වාට ඉන් කිසිඳු කොටසක් ලැබී තිබුණෙ නෑ.

මීට අමතරව අදාල තහනම් නියෝගය නිසා තමන්ට වූ අලාභය ලෙස විමල් වීරවංශ විසින් ඉල්ලා සිටි වන්දි පිරිනැමීම, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කෙරුවා. ඊට හේතුව වුණේ, වෙනත් කෙනෙකුගේ අයිතීන් උල්ලංඝනය කළ අයෙක්, එම උල්ලංඝනය වළක්වන අධිකරණ නියෝගයෙන් පාඩු ලැබුවා යැයි සළකන්න බැරි නිසා.

මේ අනුව, විමල් වීරවංශ විසින්, මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ ඇපීල් එක නිෂ්ප්‍රභ වුණා. ඉවත දැම්මා. නමුත්, මහාධිකරණය විසින් පොතට ලබා දුන් පූර්ණ තහනම වෙනුවට, එය සංශෝධනය කොට ඔහුගේම කොටස් පමණක් පළකළ හැකි තත්ත්වයට පත් කෙරුවා. අවසාන තීරණය වුණේ, විමල් වීරවංශ විසින්, “නැත්ත වෙනුවට ඇත්ත“ පොත හරහා, ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපළ අයිතිය කඩ කළ බවයි.

ප්‍රායෝගිකව කුමක් වෙයිද?

විමල් වීරවංශ විසින් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවිය යුතුයි. ටිල්වින් සිල්වාට අයත් ලේඛන නැතිව, පොත නැවත මුද්‍රණය කරනවා නම් කළ යුතුයි.

මේක ලංකාවෙ බුද්ධිමය දේපළ නීතිය සහ “ලේඛන“ ගැන ඉතාම වැදගත් නඩුවක්.

ඒකට ලොකුම හේතුව තමයි, ලංකාවෙ බුද්ධිමය දේපළ නීතිය මඟින්, මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ, මුද්‍රණය නොකළ, පෞද්ගලික ලේඛන පවා ආරක්ෂා කරන බව හෙළි වීම. ඒ ලේඛන ලිව්වෙ විකිණීමේ අරමුණින් ද, නැද්ද යන්න පවා එහිදී වැදගත් නෑ.

ඒ වගේම බොහෝ වෙලාවට මුල් ලේඛන උපුටමින් “සාධාරණ භාවිතය“ යටතේ කටයුතු කළ හැකි සීමාව ගැනත් මේ නඩුවේදී වැදගත් කරුණු සාකච්ඡා වුණා.

ඊටත් අමතරව, සම්පූර්ණ කොටස් උපුටාගැනීමකදී පවා, පොතේ අනෙකුත් කොටස්වල කතෘ අයිතිය වෙන කෙනෙක් සතු නම්, පූර්ණ තහනම් නියෝගයක් වෙනුවට, උපුටා ගත් කොටසට පමණක් තහනමක් ලබා දුන්නා. මුලු පොතම වාරණය වීම නැවතුණා.

ඒ අනුව මේ නඩුව, ලංකාවේ බුද්ධිමය දේපළ නීතියේ අනාගත දිශානතිය පෙන්නුම් කරන අතිශය වැදගත් නඩුවක් වේවි. ⚖️

(නඩු තීන්දුවට පරිබාහිර සටහනක්:

මුද්‍රණයෙන් ප්‍රකාශනය නොකළ සමහර ලිපි, කොටසක් හෝ සම්පූර්ණයෙන් කොපි පේස්ට් කරමින්, වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය පේජ්වල පළ කරන අය, අති විශාල දඩ මුදල්වලට ලක්වෙන්න ඉඩ තිබෙනවා. ඒ සඳහා තව ඉතාම සුළු සංශෝධනයක් හෝ දෙකක් විතරයි පනතට අවශ්‍ය. මේක මගේ පෞද්ගලික නිරීක්ෂණයක්. නඩු තීන්දුවේ ප්‍රකාශයක් නෙවෙයි)

වැඩිදුර කියවන අයට නඩු අංකය:

SC/CHC/Appeal/15/2019

සටහන: ©️Nuwan Ishara Mahagamage 

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.