බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ ඇයි?..
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
ඔහු සංචාරක අධිකාරියේ සභාපති වෙලා ඇත්තටම හොරු එක්ක හැප්පුණා.
මම හිතන්නේ මිනිහා විශ්වාස කළා 'රට හදන්න තමන්ගේ කොටස හරියටම කරන්න ඕන' කියලා.
ඔහු හිතුවා මේ මාලිමාව බලයට පත්වීම විශාල පෙරළියක් කියලා.
කොහොමත් මිනිහා මාලිමාවේ හිටියට ජෙප්පෙක් නෙවෙයි.
රෝයල් ගියපු, ශ්‍රී ලංකන් වැඩ කරපු, දැන් අයටා එකේ කන්ට්‍රි මැනේජර්.
මිනිහා අතිශය බුද්ධිමත්.
ඒ වගේම හොරෙක් නෙවෙයි. හොරකමට විරුද්ධව වැඩ කරපු පොරක්.
ඔහු විසි වෙන්නේ මාස ගණනක් ඔහු ඉවත් කරන්න පොඩි හෝ ප්‍රශ්නයක් විජිත , රුවන් රණසිංහ හොයලා හොයලා එහෙම කුඩා හෝ අවුලක් නැති වුණාට පස්සේ.
(ඔය තනතුරට ආපු උන් අඩුම තරමේ හොටල්කාරයොන්ගෙන් කනවා බොනවා හරි.)
මිනිහා SLTDA ඇවිත් සෑහෙන වැරදි ගණනක් හරිගැස්සුවා.
ගෝඨා ආණ්ඩුව කාලේ SLTDA චෙයාමන් වෙච්ච කිමාලි ෆර්නෑන්ඩු , SLTDA වටිනා ඉඩම් ගොඩක් අනීතිකව තමන්ගේ හස්බන්ඩ්ට එනම් ඩිල්මා හිමිකරු මලික් ෆ්‍රනාන්දුට පැවරුවා.
බුද්ධික ඔය ඉඩම් ඔක්කොම යළි පවරාගන්න නඩු පැවරුවා.
ඉදිරියේ දී මලික් ෆ්‍රනාන්දු - SLTDA සම්බන්ධ නඩු පහක් ඇහෙනවා.
1) මාබල් බීච් ඉඩම සම්බන්ධ නඩුව
2) යාල ඉඩමක් සම්බන්ධ නඩුව
3) යාල ඩිල්මා හෝටලය අසල හෝටලයක් ඉදිකිරීමට ඇති ඉඩමක, බොරු දිවියන් ගැන පරීක්ෂන ආයතනයක් නමට අටවලා තරගකාරීත්වය බ්ලොක් කිරීම සම්බන්ධ නඩුව
4) කිමාලි ෆර්නෑන්ඩු SLTDA සභාපතිනි ලෙස අධිකරණ නියෝගයක් නොසලකා හරිමින් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්.
5) පිකො ට්‍රේල් හිමිකාරීත්වය බලහත්කාරයෙන් මලික් පෙරේරා දැරීම සම්බන්ධ නඩුවක්.
මේ නඩු වලට SLTDA චෙයාමන්ගේ අත්සන අතිශය වැදගත්.
මලික් ෆර්නෑන්ඩු විජිත හේරත් සහ රුවන් රණසිංහ ඇල්ලුවා. ඔවුන්ට අල්ලස් දුන්නා. බුවාට යන්න වුණේ ඒ නිසා.
හොඳම වැඩේ මේ නඩු වල මලික් ෆර්නෑන්ඩුගේ නීතිඥයා කවුද දන්නවද ? උපුල් කුමාරප්පෙරුම.
මේ නඩු පහ මලික්ට අතිශය වැදගත්. වයිෆ් හිරේ ගියොත් බුවාගේ ලෙගසිය එතනින් ඉවරයි. බුද්ධික එලවා ගන්න ඔහු ඕනෑම මුදලක් වියදම් කරනවා.
දැන් නඩුවකට උපුල් කුමාරප්පෙරුම අල්ලන්නේ ඔහු දක්ෂතම නීතිඥයා නිසා නෙවෙයි. ඔහු හරහා රජය ශේප් කරගන්න පුළුවන් නිසා.
ඒ විතරක් නෙවෙයි.
මෙච්චර කාලයක් අවුරුද්දට ලක්ෂ විස්සක් දීලා තමයි හේලීස් ධම්මික කොළඹ හදවතේ අක්කර පහ හමාරක කිංග්ස්බරි ඉඩම තියාගත්තේ.
ඒ සම්බන්ධ ගිවිසුම යළි සලකා බැලීම 2025 ආවම බුද්ධික බුවා , ධම්මිකගෙන් අල්ලස් නොගෙන කෙළින්ම රජයේ තක්සේරුකරුගෙන් තක්සේරු කැදෙව්වා.
මිලියන දෙකට මිලියන තුන්සිය ගානක තක්සේරුවක් ආවා.
ඊටපස්සෙ මිනිහා නැවත ධම්මිකට නොනැවි අලුත්ම තක්සේරුව ගෙවන්න කියලා කේස් එක AG එකටත් දැම්මා.
එතනින් හේලීස් හරහා ජනාධිපති කාර්යාලයත් බුවා එක්ක තරහා වුණා.
බුද්ධික හේවාවසම්ට SLTDA දාලා යන්න වුණේ ඇත්තටම ජෙප්පො හොරුන්ට විරුද්ධව ෆයිට් කරාවි කියලා විශ්වාස කරලා හොරුන්ට විරුද්ධද ෆයිට් කරපු නිසා.
ඔහුව කන්ට්‍රෝල් කරන්නම බැරි තැන තමයි විජිත ලා ග්‍රාමසේවක DG ගැහැණියක් ගෙනල්ලා SLTDA එකට දැම්මේ.
නමුත් අවසානයේ නිර් ලුම්පන් නොවන තමන්ට, ලුම්පන් තක්කඩින් සමග එකට වසන්න බැරි බව බුද්ධික හේවාවසම් තේරුම් ගන්නට ඇති.
මේ තමයි බුද්ධිකට SLTDA දාලා යන්න වෙච්ච ඇත්තම කතාව. මිනිහා දක්ෂයෙක්. ඒ වගේම ක්ලීන් මිනිහෙක්.
(තවමත් ඔහු SLTPB - සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති)
( post from Charitha Rathwathte)
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..