News Category
From Date
To Date
Maximum Number of Result

මට නන්දා සමග තරහක් නෑ..

Aug 22, 2026 at 05:39 AM
|

නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.                                         

88/89 කාලයෙත් විශ්ව විද්‍යාලය දක්වා ආපු දේශපාලන ජිවිතයේදිත් නන්දා මාලනිගේ පවන 1 සහ 2 කොටස් දෙකම දැවන්ත විප්ලවීය ආශ්වාදයක් ලබා දුන්නා. මගේ වැටහීම මහාචාර්‍ය  සුනිල් ආරියරත්නගේ ගේය සංකල්පනා තමයි ඇයගේ හඬ පෞර්ෂයේ කොඳු නාරටිය. එස්. මහින්ද හාමුදුරුවන්ගෙන් පස්සේ සුනිල්  ආරියරත්න තරම් ඇඟේ හිරිගඩු පිපෙන්න , මවිල් කෙලින් වෙන්න පන්හිඳ හසුරවපු කෙනෙක් නෑ. (සමාවෙන්න මම ලංකාවේ ගීත කලාව ගැන විශේෂ හැදැරීමක් කරලා නෑ. හුදු රසිකයෙක් විතරයි.)   පවනේ එන කිසා ගොතම්ය සිද්ධාර්ථට කියු නිබ්බුත පදමයි මාඅ නුඹට කියන්නෙ ගීතය ඇසුරින් යෙසුස් වහන්සේ තුලින් තාරුණ්‍යයට කල විප්ලවීය ආරාධනය තවමත් ඇඟ කිලිපොලා යනවා.                                                     

ප්‍රේමයේ විරහව තුලත් ගීතයේදි ඇය ව්රාජමානයි. විරහවේ සොවින් කඳුලින්  ගෙවුන බොහෝ රාත්‍රීන් ඇයගෙ හඬින් සුවපත් උනා. ලොවම එපාවි.. ඔබයි රම්‍ය සඳකිරණ... හදවත පසාරු කරගෙන ගියා. ඒ ප්‍රමාණයට මනෝ ගහන්න පුලුවන් ගීත ගයපු අනිත් ගායකයා කපුගේ විතරයි. (ඒකත් මගේ විනිශ්ච්‍යයක්) .                                                             

ඒ විතරක් නෙමේ ඇයගේ හඬින් ගයපු "අම්මාවරුනේ " ඒ චිත්‍රපටයේ රූප ජවනිකාව ඉස්මතු කලා පමණක් නොව , සදාතනිකවම මගේ ප්‍රියතම ගීතය.                                      

 "ලොවම ආදරේ කියා සිතී

මායාවක්වී එහි තනිවූ දා

අම්මා පමණයි ළඟ ඉන්නේ"       

කොහෙන් පටන් ගත්තත් ජිවිතයේ අන්තිමට ආදරේ නතර වෙන තැන අම්මා...                           

මගේ ජිවිතයේ ඊළඟ කාලය, අද හෙට අනාගතය අපේ මවුබිම. දේශානුරාගයේ හඬ ජවය සහ අභිමානය ඇයයි.                                           

"හෙළයින් වී අප හෙළේ උපන්නේ 

හෙළයේ සිව් රියනක සැතපෙන්නයි

ඒ සිව් රියනේ අප සැතපුණු බව 

හෙළ හදවත්වල රඳවන්නයි... 

සිරුර පුරා යන ලේ දහරා 

මව් දෙතනේ සිංහල කිරට පෙරේ

ඒ සිංහල කිරි බී වැඩෙනා උන් 

මව් බිම නාමෙන් සටන් බිමේ... 

යස ඉසුරින් පිරි රටවල් ඇති ලොව 

අපට අපේ රට නිවන ගෙනේ 

රට දැය සමයේ නාමෙන් යුධ වැද 

මරණය සැපතකි රණ දෙරණේ... "       

මේ ගීතය අපේ ජාතික ගීය වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. එහෙම අමාරු නම් උදෙට හවසට දෙවරක් අහලා නැගිටීන්න ඕනේ. අපිට මේ වගේ ගීත රැසක් ඕන කාලයක්.  උඬගු ලියන් ගොතා බඳින.. මේ වගේ ඇය පණදුන් ජාතික අභිමානි ගීත රැසක් දායාද කලා.       

නන්දා මාලනි එංගලන්තයේදි "මේ සිංහල අපගේ රටයි" ගීතය ගයන්න බෑ  කිවුවාලු. මම නම් දන්නේ නෑ.  ඒත් ඒ ගැන මගේ තරහක් නෑ. සමහර විට කාලෙන් කාලෙට ඇගේ අදහස් මතවාද වෙනස් වුනා වෙන්න පුලුවන්.  පහුගිය අවුරුදු 20 දි අතන මෙතන රතන වෙලා නන්නත්තාර වු දේශාපාලඥයෝ කොයිතරම් ඉන්නවාද? අපි එහෙම වුන්ට තවම චන්දේ දෙනවා. අපේ නායකයෝ කියලා සලකනවා. ඉතින් නන්දට වෙනස් වෙන්න ඇකපද?             

සමහර විට සුනිල් ආරියරත්න ලියලා දෙන ඕන සින්දුවක් නන්දා කිවුව වෙන්නත් ඇති. සමහර නිළියෝ පෝයදාට සුදු පාට දිගට ඇඳලා කොන්ඩේ කරලට ගැට ගහලා උපාසක වගේ ඉන්නවා. අනිත් දවස් වලට අමු හෙළුවෙන් රියලටි වල රඟනවා. ඒක ඉතින් අධ්‍යක්ෂකගේ පිටපත මිසක් නිළියගේ ආකල්ප නෙමේ. පෙබරවාරි මාසේ හන්දිවල සිංහ කොඩි විකුණන උන් දේශප්‍රේමින් කියලා හිතන්න්වත් මැයි මාසයේ වෙසක් කුඩු විකුණන වුන් බෞද්ධයන් කියලා හිතන්නවත් අපි ඉක්මන් වෙන්න හොඳ නෑ. මොකද උන් අගෝස්තු වල සරුංගල් විකුණලා දෙසැම්බර් වල නත්තල් ගස් විකුණන බව අපි දැන ගත යුතු නිසා.                                                                                  ඒ

නිසා මට නන්දා සමග තරහක් නෑ. මොකද මම දන්නවා වේදිකාවල කතා කරලා පොර ටෝක් දෙන හුඟක් උන්ට ඒව නිකම්ම කතා විතරයි. උන් ඒවායේ ජිවත් වෙන්නේ නෑ. මට නන්දාගෙන් වියුක්ත කරලා ඒ හඬ විඳින්න පුලුවන්.         

මම ඇයට උතුම් නිවන් සුව පතනවා!

- නීතීඥ නුවන් බැල්ලන්තුඩාව

සම්බන්ධිත පුවත් | Related News

නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ජනාධිපති අනුර ප්‍රසිද්ධ මාධ්‍යයේ පුරසාරම් කියලා, බලහත්කාරයෙන් තමන් තනතුර දුන්නා කියපු සංචාරක සංවර්ධන මණ්ඩලයේ බුද්ධික හේවාවසම් තමන්ගේ අස්වීම දීලා ගෙදර ගියා.
ජනතාව ආන්ඩු මාරු කරන්නේය. ආන්ඩුව ජනතාවට බලය ගැනීමට පෙර නොයෙක් තර්ක ඉදිරිපත් කරන්නේය.
මෙයට සියවසකට පෙර අද එනම් 1926 වසරේ අගෝස්තු මස 11 වැනි දින සවස මරදාන හන්දිය අමුතු සිරියක් ගත්තේය. එවකට කොළඔ නගරාධිපති හියුබර්ට් අර්නස්ට් නිව්න්හැම් මරදාන පාරත් පංචිකාවත්ත පාරත් යා කළ හන්දියේ ඉදිවුණු අලුත්ම ගොඩනැගිල්ල විවෘත කරන්නට පැමිණියේය.
ආහාර පිසීමේදී හෝ නැවත නැවත බැදීමේදී වුවද පොල්තෙල් භාවිත කිරීමෙන් හෘදයාබාධ ඇතිවීමේ කිසිදු අවදානමක් නොමැති බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.
"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.

ප්‍රධාන පුවත්

කාදිනල්හිමි ඉල්ලන්නේ අසත්‍ය තොරතුරු මත පදනම්වූ සලේගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීම නම් කාදිනල්හිමිගේ පෙත්සමටත් අත්විය යුත්තේ එම ඉරණම නොවේද?

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමට මැදිහත් වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉදිරිපත් කර ඇති පෙත්සම, සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කරුණු මත පදනම් වූවක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ලිපියක් මගින් කරුණු අනාවරණය කරයි.

22 වන සංශෝධනය පිටුපස දෙමළ ඩයස්පෝරාවේ බලපෑමක් තිබිය හැකියි.. – නීතිඥ ගාමිණී අල්විස්

රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමක් මත සිදුවන්නක් විය හැකි බව නීතිඥ ගාමිණී අල්විස් මහතා පවසයි.

ශිරාණි බණ්ඩාරනායකව තනතුරෙන් ඉවත් කළේ ඒකීය ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල්කරණයට පක්ෂපාතී වූ තීන්දු දුන් නිසයි.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය ලබාදුන් නඩු තීන්දු 5ක් පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසන්නේ එම නඩු තීන්දු ඒකීය රටක් තුළ ෆෙඩරල්කරණයට පක්ෂපාති වූ නඩුතීන්දු ලෙස හැඳින්විය හැකි බවයි.

Meta පැරදුණත් ජනතාව වහලුන්ද?.. - Meta නඩුව පිටුපස ඇති ඇත්ත මෙන්න..

සමාජ මාධ්‍ය වේදිකාවලට පරිශීලකයින් ඇබ්බැහි කරවීම, පරිශීලක දත්ත සඟවා රැස්කිරීම සහ විශේෂයෙන්ම ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදුකිරීම යන චෝදනා පදනම් කරගනිමින් Meta සමාගමට එරෙහිව ඇමරිකානු ෆෙඩරල් අධිකරණයකදී නඩු විභාගයක් ආරම්භ වී තිබේ. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 29ක් එක්ව ගොනුකර ඇති මෙම නඩුව සඳහා කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි යන ප්‍රාන්ත නීතිපතිවරුන් ප්‍රධාන වශයෙන් පෙනී සිටියි.

22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක්..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමරිකාවේ අභ්‍යවකාශ අභිලාෂයන් අවි තරඟයකට මඟ පෑදීමේ අවදානමක් පවතිනවා-ඉරානය අනතුරු අඟවයි

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉරානයේ නිත්‍ය නියෝජිතවරයා අනතුරු අඟවා ඇත්තේ, අභ්‍යවකාශයේදී හමුදාමය හා උපායමාර්ගික ආධිපත්‍යය අත්පත් කර ගැනීමට එක්සත් ජනපදය දරන උත්සාහයන් අභ්‍යවකාශ අවි තරඟයක අවදානම ඉහළ නංවන අතර, එය අභ්‍යවකාශය හමුදාමය ගැටුම් සඳහා භාවිත වන වේදිකාවක් බවට පත් කිරීමේ තර්ජනයක් ඇති කරන බවයි.

දුප්පත්කම සහ කටුක අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ගිය විශාරද නන්දා මාලනීයගේ ජීවිත ගමනින් බිඳක්..

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය ඊයේ(20) දින නුගේගොඩ නාවල පාරේ පිහිටි තම නිවසේදී අභාවප්‍රාප්ත විය.

සුරේෂ් සලේට යුක්තිය ඉල්ලා අරඹුණු "JUSTICE FOR SALLAY" වැඩසටහන..

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට යුක්තිය ඉල්ලා "JUSTICE FOR SALLAY" නමින් සවිධානය කළ විශේෂ විශේෂ වැඩසටහනක් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

22 සංශෝධනය කළ හැක්කේ ජනතා මතය විමසීමකින් පමණයි.. ආණ්ඩුව යන්නේ ඒකාධිපති ගමනක්.. - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ අධිකරණයත් ඇතුළුව සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණය මාලිමාවේ බලය යටතට ගෙන ඒමට බවත්, මෙය ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගේන්න බෙදුම්වාදීන් යෝජනා කරලා.. උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන අනතුරේ.. 22 වන සංශෝධනයේ ඇත්ත කතාව මෙන්න.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්

ආණ්ඩුව ඉතා නිර්ලජ්ජිත ලෙස දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදීන් සතුටු කිරීමට පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගෙනවිත් උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන මෙම ජාතිවාදීන්ගේ ග්‍රහණයට නතු කිරීමට උත්සාහ දරන බවත්, නැවත වටයකින් රණවිරු දඩයම ආරම්භ කර නාවික හමුදාවේ සිටි උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට පුනුරුත්තාපනය කළ කොටි ත්‍රස්තවාදියෙකුගේ කටඋත්තර බලෙන් ගෙන ඔවුන්ව සිරගත කිරීමට උත්සාහ දරන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බාධක පනවා ඉරානය ජය ගන්න ට්‍රම්ප්ට පුලුවන්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ ගෙන් අනාවරණයක්

එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව නැවතත් දැඩි ආර්ථික සම්බාධක පැනවීමේ සූදානම සහ ඒ හරහා මැදපෙරදිග දේශපාලනික හා ආර්ථික ක්ෂේත්‍රයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගේ සහභාගීත්වයෙන් අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ පවත්වා තිබේ.

මිල සූත්‍රයත් නෑ.. ඉන්ධනවල ප්‍රමිතියත් නෑ.. ලීටරයේ පරිමාවත් නෑ.. - තෙල් සමාගම් සමග එක්ව ආණ්ඩුව ජනතාවගෙන් ගසා කන්නේ මෙහෙමයි.. - ජයන්ත සමරවීරගෙන් අනවාරණයක්

වත්මන් රජය යටතේ මෙරට ඉන්ධන පාරිභෝගික ජනතාව දැඩි අසාධාරණයකට, අයුක්තියකට සහ සූරාකෑමකට ලක්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අද උදේ (20) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ඩොලර් බිලියන 100 ඉක්මවූ වෙළඳ අතිරික්තයක් අඛණ්ඩව මාස තුනක්: චීනය ඇත්තටම ලෝකය “පීඩනයට” ලක් කරනවාද? — Global Times කතුවැකිය

වර්තමානයේ, දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් වඩ වඩාත් සංකීර්ණ වෙමින් පැවතියද, චීන ආර්ථිකය උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා ස්ථාවරව ඉදිරියට ගමන් කරමින් සිටී.

රුසියා-යුක්රේන යුද්ධය තීරණාත්මක අවධියක: යුක්රේනයේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවක්..

රුසියා-යුක්රේන ගැටුම වර්තමානයේ අතිශය තීරණාත්මක සහ සංක්‍රාන්ති සමයකට එළඹ ඇති බවත්, එමගින් යුක්රේනය බරපතළ ආර්ථික හා හමුදාමය අර්බුදයකට මුහුණ දී සිටින බවත් අලුත්ම විග්‍රහයන් මගින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ ඩොලර් බිලියනයක් රටට අහිමි වූ ඛෙදවාචකය..

2021 වසරේ ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ දී ගිනි ගෙන විනාස වූ X - Press Pearl නැවේ හිමිකරුවන් ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අය කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද අමෙරිකානු ඩොලර් බිලියනයක (රුපියල් කෝටි 30,000ක) වන්දි මුදල අහිමි කිරීම පිළිබඳ ව ජනාධිපති අනුර දිසානායකට සහ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට එරෙහි ව එල්ල වී ඇති චෝදනාවක් පිළිබඳව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය අන්තර්ජාල නාලිකාව හරහා කරුණු අනාවරණය කරයි.

රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්..

''මේ ලංකා ඉතිහාසයේ වෙච්ච තවත් වංචාවක්, මේක රේගුව ඇතුළේ අර කන්ටේනර 123ට අමතරව වුණු වංචාවක්'' යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක (19) වැනිදා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.